iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන Games 15ක්! නියමයි

ඔන්න අද දෙන්න යන්නේ iPhone, iPod touch සහ iPad වලට ගැලපෙන ගේම්ස් 15ක්. වැඩි කතා බතා මොකටද .. බාගෙනම බලන්න. Screenshot එකත් එක්කම game එක download කරගන්න තියෙයි.


Adrenaline Pool Lite – Play pool online with multiplayer support.
Adrenaline Pool Lite


Checkers – Checkers Game
Checkers
Cops & Robbers – Rob banks and escape the police.
Cops & Robbers
Doodle Kart Lite – kart game that looks simple, but very fun.
Doodle Kart Lite
Dungeon Quest – RPG game with multiple game modes.
Dungeon Quest
Free Tic Tac Toe – Tic Tac Toe
Tic Tac Toe Free
iBowl – Fun bowling game.
iBowl
iFight Lite – shooter game that recalls classics like 1941, Aero Fighters, etc.
iFight Lite
iSniper 3D Free – game first person shooter with multiple weapons and missions.
iSniper 3D Free
Original Gangstaz – Gangster style game
Original Gangstaz
Pac-Man Lite – version of the classic arcade game Pac Man.
Pac-Man Lite
Rock Band Free – limited version of the popular game Rock Band.
Rock Band Free
Tap Defense – Defend your tower by using bombs, storms, earthquakes, magic, etc.
Tap Defense
Traffic Rush – Control the cars to avoid accidents
Traffic Rush
Zombie Farm – Build and maintain your farm with the help of Zombies.
Zombie Farm
Note: Most of the above games are only available in U.S. iTunes Store.

තව දෙයක් කියන්න තියෙනවා. මේ ගේම්ස් ටික ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නේ U.S. iTunes Store එකේ විතරයි.

එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. Follow පාරක්, Comment පාරක් දාගෙනම යන්න

• Pirates of the Caribbean පිස්සන්ට පමණයි •


අද දෙන්න යන්නේ Pirates of the Caribbean Film සෙට් එකට ආස කරන අයට වැදගත් වන දෙයක්. මොකද ඒ films වලට මාත් ආසයි. කෙලින්ම කියන්නම්කෝ. මීට ඉස්සෙල්ලා පෝස්ට් එකේ දී Pirates of the Caribbean 2011 චිත්‍රපටිය දැම්මනේ. කියන්න සතුටුයි ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. අද දෙන්න යන්නේ Pirates of the Caribbean  එකේ Windows 7 Theme එකයි, Google Chrome Theme එකයි.

 මේක Windows 7 theme එකේ සවුන්ඩ්ස් නම් නියමයි. ඒ මදිවට Computer, Recycle Bin කියන ඒවගේ icons වෙනස් වෙනවා. නියම පින්තූර ටිකකුත් ඒ තීම් එකේ තියෙනවා. ඒ මදිවට Chrome browser එකේ තීම් එක. ඒකත් නියමයි. 

වැඩි කතා බහක් මොකටද... ඔන්න එහෙනම් පල්ලෙහායින් download කරගන්න.


Screen Shots කෙ බලාගන්නකෝ වින්ඩෝස් 7 තීම් එකේ..

Pirates Wallpaper 02 - © VikiTech
Pirates Wallpaper 05 - © VikiTech
Pirates Wallpaper 04 - © VikiTech
Pirates Wallpaper 01 - © VikiTech
Pirates Wallpaper 10 - © VikiTech
Pirates Wallpaper 03 - © VikiTech
Pirates Wallpaper 06 - © VikiTech
Pirates Wallpaper 13 - © VikiTech
Pirates Wallpaper 16 - © VikiTech
Pirates Wallpaper 21 - © VikiTech
Pirates Icons - © VikiTech

Windows 7 Theme
Windows 7 Theme of P.O.T.C.2011



Google Chrome Browser Theme
pirates of the caribbean 4 chrome theme Pirates of the caribbean 4 chrome theme




එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.....



Pirates of the Caribbean 2011 - කෑලි අහුලගන්නෙ නැතිව එකපාරින්ම Download කරගන්න!

ඔන්න අද දෙන්න යන්නේ Film එකක්. මේක Pirates of the Caribbean කියන Film එකේ අලුත්ම කොටස. මේක නම් කරලා තියෙන්නේ Pirates of the Caribbean ON STRANGER TIDES කියලා. ඉතිං මම ගොඩක් තැන් වල දැක්කා මේක Direct Link එක දීල තියෙනවා Download කරගන්න. ඒත් ඒවගේ කොටස් කොටස් තමයි බාගන්න තිබ්බේ. ඉතිං ඕක එපා වෙනවනේ. බාගෙන කොටස් එකතු කරන්නත් එපායැ. ඒ හින්දා ඔන්න මම කෙලින්ම මුලු Film එකම එක කොටසකින් දෙන්න යන්නේ.

Crush Bites - යාලුවාගේ පෙම්වතා හරි පෙම්වතිය හරි හොයාගන්න පට්ට වැඩේ!! මාරයි



ඔන්න අද දෙන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක්. මේක web site එකක්. හැබැයි මේකෙන් කරන්න පුලුවන් වැඩේනම් නියමයි. කෙලින්ම කතාවට බහිමුකෝ. ගොඩක් අය ආසයිනේ තමන්ගේ යාලුවා යාලුවෙලා ඉන්න කෙල්ල කවුද, කොල්ලා කවුද කියලා දැනග්නන. සමහරක් විට සමහර අය තමන්ගේ කොල්ලා නැත්නම් කෙල්ල කොච්චර තමන්ට ආදරෙයිද? වෙන කෙල්ලොත්, කොල්ලොත් එක්කත් යාලුද කියලා දැනගන්න කැමතිනේ.

ලස්සන Contact Me Width එකක් ඉක්මනින් හදාගමු! නියමයි..


ඔන්න අද දෙන්න යන්නේ Blog ලියන අයට වැදගත් වන දෙයක්. ඒක තමයි Contact Me ෆෝම් එකක් කිසිම ගේමක් නැතිව ලස්සන විදිහට හදාගන්න හැටියි කියල දෙන්න යන්නේ.  ඉතිං මේ වැඩේ සිඳුකරන්නේ Contact Me කියන වෙබ් අඩවියෙන්. ඔයාලට මේකෙ Register වෙන්නෙ නැතිව මේ වැඩේ කරගන්න පුලුවන්. 
එහෙනම් අපි මේ වැඩේ කරන හැටි බලමු.

ඉස්සෙල්ලම මෙතන click කරලා අදාල සයිට් එකට යන්න. ඔයාල අදාල සයිට් එකට ගියපුවාහ බලාගන්න පුලුවන් එක පැත්තකින් form එක සකසන්න කොටසක් තියෙනවා. අනිත් පැත්තේ ඒ අපි වෙනස් කරන ඒවගේ Preview එක බලාගන්න පුලුවන්. ඔයාල මේකෙදී කරන්න ඕනි වෙනස් කම් කියල දෙන්නම්.
  • Business Name - මෙතනට ඔයාලගේ blog site එකේ නම ලබා දෙන්න. කෙටියෙන්ම කිව්වොත් මෙතනට දාන්නේ Title එකයි.
  • Business Logo - මෙතනට ඔයාලගේ blog එකේ හෝ නැතිනම් web site එකේ logo එක ලබා දෙන්න. ඒ සඳහා upload කියන බොත්තම ඔබන්න.
  • Email form results to*: - මෙතනට ලබා දෙන්න ඕනි ඔයාලගේ Email ලිපිනය. හේතුව තමයි කවුරැ හරි ඔයාලගේ Contact Form එකෙන් ඔයාලට පණිවිඩයක් එව්වොත් ඒ එවන පණිවිඩිය එන්න ඕනි තැන තමයි මෙතනින් කියන්නේ. ඔයාලට ඔයාලගේ Email Address එක පෙන්වන්න ඕනිනම් Hide my email කියන එක ඉස්සරහින් වැටිලා තියෙන ටික් එක අයින් කරන්න. පෙන්වීමට අවශ්‍ය නැත්නම් Hide my email කියන එක ඉස්සරහින් තියෙන කොටුවේ ටික් එක සඳහන් වෙලා නැත්නම් සඳහන් කරන්න.
  • My Contact Information - මෙතනින් ඔයාලට පුලුවන් ඔයාලගේ ඇඩ්රස් එක දෙන්න, එතකොට ඔයාලගේ Phone නොම්බර් එක දෙන්න. නමුත් මේවා එතරම් වැදගත් වෙන්නේ නෑ. හැබැයි මෙතනදී ඔයාල යම් කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඒ අදාල තීරැව මුලින් තියෙන ටික් එක අයින් කරන්න. ඔයාලට මෙතනදී වැදගත් වෙනවා Add Social Profiles කියන එක. ඒ හින්දා Add Social Profiles කියන එකට මුලින් තියෙන ටික් එක සඳහන් කරන්න. එතනදී ඔයාලට ඔයාලගේ එම අදාල එකවුන්ට් වල අදාල URL එක අදාල කොටුව නැතිනම් හිස්තැන මත ලබා දෙන්න. 
  • Form Settings - මෙහි ඇති Add Captcha Spam Protection කියන එක ක්ලික් කරන්න. මොකද මෙය යොදපුවහම Spam වීම වලක්වන්න පුලුවන්.  
  • Manage Form Fields - මේවා අදාල ලෙස වෙනස් කරගන්න. වෙනස් කරන ඒවා Preview ලෙස බලාගන්න පුලුවන් වෙනවා. මෙයට තවත් ෆීල්ඩ් එක ඇඩ් කරන්න උවමනානම් Add another field කියන එක ක්ලික් කරන්න.
  • එතනින් යට තියෙන ඒවා අපිට කරන්න බෑ. මොකද එතනින් පහල තියෙන ඒවා කරාට අපේ බ්ලොග් එකට හරි මොකේට හරි ඇඩ් කරද්දී ඒක එහෙම්ම තියෙනවා. හේතුව තමයි අපි මේ වැඩේ කරන්නේ නොමිලේ. ඒක නිසා අනිත් සෙට් එකේ තියෙන ඒවා කරගන්නනම් අපිට සල්ලි දෙන්න වෙනවා.
  • ඊට පස්සේ Save Form කියන එක click කරන්න.
  • ඉන්පසු ලැබෙන කොටුවේ Free කියන එක යටතේ පහලින් ඇති Select කියන එක click කරන්න.
  • ඉන්පසු එහිදී Embed Code එකක් ලබා දෙන අතර එය copy කරගෙන ගිහිල්ලා ඔයාලගේ Site එකේ Add Width කියන එකේ තියෙන Java Script එකකට මේක දාල සේව් කරන්න.
  • ඊට පස්සේ ඔයාලට පහළ රෑපයේ තියෙනවා වගේ ඔයාලගේ Site එකේ පැත්තකින් Contact Me කියලා බට්න් එකක් තියෙනවා.

ලේසි වෙන්න ඔන්න මම Video එකකුත් දැම්මා. මේකෙන් උඩ පින්තූරේ වගේ සයිඩ් එකට ෆෝම් එක දාන හැටි බලාගන්න.


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලය මේක වැදගත් උනානම් Follow පාරක් දාගෙනම යන්න.


සිංදු Album එකම එක PDF එකකින් බාගන්න!


කොහොමද ඉතිං. ඔන්න අද ආවේ Software, Games, Films, Tricks හෝ වෙනත් දෙයක් ගැන කියන්නනම් නෙමේ. අද ආවේ Music Album එකක් ඔයාලට දෙන්නයි. හැබැයි මේක PDF විදිහටයි දෙන්නේ. ඉතිං මේක 'අජිත් මුතුකුමාරණ' කියන ගායකයාගේ ගීත ඇල්බම් එකක් තමයි මේක.
මේ ඇල්බම් එකේ නම විදිහට සටහන් කරලා තියෙන්නේ 'හිත ඇතුලේ නුබ' කියලයි.
ඉතිං මේකෙ සින්දු 16ක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ සිංදු වල නම් පහලින් බලාගන්න. ඕනිනම් ඒ සිංදු Download කරගන්නත් පුලුවන්.

ඉතිං මේවා තමයි සිංදු ටික. ඉතිං තව දෙයක් කියන්නම්. මේ සිංදු කොඩක් දුරට ගැලපෙන්නේ අපේ වචනයෙන් කිව්වොත් බූට් කාපු අයට තමා. නියම ලස්සන සිංදු ටිකක්. එහෙනම් වැඩි විස්තර කියන්න ඕනි නෑනේ. එහෙනම් බාගෙනම බලන්න. මේකෙ 612KB විතරයි තියෙන්නේ. 

Password එකක් ඉල්ලුවොත් BlogShan කියලා දෙන්න.
තව දෙයක්. ඔයාලට මේ සිංදු වල ඔයාට කැමති සිංදුවක් MP3 විදිහට ඕනිනම් කියන්න. මම දෙන්නම්.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු... 

පරණ Blogger Dashboard එක අලුත් විදිහේ ලස්සන Dashboard එකක් කරමු! නියමයි..

ඔන්න අද ආවේ Blog ලියන එයට වටිනා ලිපියක් අරගෙන. සමහර අයනම් මේ ගැන මේ වෙනකොටත් දැනගෙන ඉන්න පුලුවන්. ඒත් මේ දෙන්නේ නොදන්නා අයටයි. මොකද සමහරක් අය දැනගෙනත් දන්නෙ නැති කෙනෙක් අහපුවහම දන්නෙ නෑ කියල කියනවනේ. හරි එහෙනමම් වැඩි කතා බහක් නැතිව අපි වැඩේ කරන හැටි බලමු.
ඔයාල දන්නවනේ මේ අවුරැද්දේ Blogger වල ගොඩක් වෙනස් කම් උනා. ඉතිං ඒ අතරින් මේකත් සුවිශේෂි තැනක් ගන්නවා. මොකද මේක ඔයාලගේ පරණ Dashboard එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. හසුරවන්නත් ලේසියි. හැබැයි ටිකක් පුරැදු වෙන්න ඕනි. ඕනිම දෙයක් හරියටම කරගන්න පුලුවන් වෙන්නේ අපි ඒක නිතර නිතර භාවිතා කරද්දිනේ. ඉතිං මේකත් ඒ වගේ ඉක්මනට ඔයාලට පුරැදු වෙන්න පුලුවන්. ඉතිං එහෙනම් මම කියන්නම් කොහොමද ඔයාල ඒක Active කරගන්නේ කියලා.
කියල දෙන්න ඉස්සෙල්ලා කෝකටත් කියලා පින්තූර දෙකකින් වෙනස පෙන්නලා ඉන්නම්කෝ. මේ මගේ බ්ලොග් එකේ විදිහ. (පින්තූර පැහැදිලි නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරන්න)
පරණ Blogger Dashboard එක

අලුත් Blogger Dashboard එක


ඉස්සෙල්ලම ඔයාලගේ Blogger Account එකට Log වෙන්න. Log උනාට පේයි නිල්පාටට හුරැ දම්පාටට තියෙන ඔයාලගේ පරණ Dashboard එක. දැන් ඔයාල මෙතන Click කරන්න. දැං ඔයාලට පේයි අලුත්ම Blogger Dashboard එක. දැං ඔයාල ඒ එන අලුත් Dashboard එක තියෙන වින්ඩෝ එකේ ඔයාලගේ දකුණු පැත්තේ උඩ තියෙනවා  කියලා ඔය විදිහේ එකක්. ඔතන Make Blogger in Draft my default කියන එක ඉස්රහා තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරියක් වැටෙයි. දැං ඔයාල ඕපන් කරගෙන ඉන්න Blogger Dashboard සියල්ලම close කරලා අලුතෙන් එකක් open කරන්න. 
කොහොමද වැඩේ.. නියමයි නේ.....ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනා කියල හිතනවනම් Follow කරන්න. මේ පෝස්ටුව ගැන ගුණ දොස් , විවේචන කරන්න තියෙනවනම් සහ මේ ගැන යමක් දැනගන්න අවශ්‍යනම් Comment කරන්න. මොකද ඔයාල හින්දයි අපි මෙහෙම දේවල් දෙන්නේ.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.

Facebook Photo Zooming ගැජට් ඒක ඔයාලත් දාගන්න!

ඔන්න අද දෙන්න යන ගැජට් එක තමයි Facebook Photo Zooming කියන එක. මේකෙන් වෙන්නේ facebook එකේ තියෙන ෆොටෝස් අපිට විශාල කරල පෙන්වන එකයි.

! Sony Ericsson, Nokia Phones වල GPS වැඩ නැත්නම් වැඩ කරවමු!


කවුරැත් දන්න දෙයක්නේ Nokia Phones වලට GPS තාක්ෂණය තියෙනවා කියලා. ඉතිං සමහරක් විට ඒ තාක්ෂණය වැඩ කරන්නෙ නෑ. මොකද මම එහෙම කියන්නේ මම අලුතෙන් ෆෝන් එකක් ගත්තා. ඒක Nokia E7 එකක්. ඉතිං මම ඕක රට ඉන්න යාලුවෙක්ට කියලයි ගෙන්ව ගත්තේ. ඉතිං මම ඕක ඇරගෙන වැඩ දදා ඉද්දී දැක්කා GPS ඇප්ලිකේෂන් එකත් තියෙනවා. ඔන්න ඉතිං ඕපන් කොරල බලද්දී එලම තමා. නියමෙට වැඩ. පොඩ්ඩක් ඉතිං ලංකාවෙයි , ලෝකෙ වටෙයි රවුමක් ගහ ගහ ඉද්දී චාර්ජ් එක බැස්සා. පස්සෙනෙ මතක් උනේ මේක චාර්ජ් එක හොඳටම බැහැල තිබ්බෙ කියලා. ඔන්න ඉතිං චාර්ජ් එකට ගහලා ආයෙත් ෆෝන් එක ඔන් කරලා GPS යන්න බැලුවා. ඕපන් වෙනවා විතරයි. මෙලෝ දෙයක් වැඩ නෑ. ඉතිං මාර අවුලනේ. මම Internet එකේ ඔය සීන් එක ගැන හොයලා බැලුවා.ඉතිං ඔන්න කෑලි කෑලි තැන් තැන් වලින් හොයාන කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. දැං මගේ එකනම් නියමෙට වැඩ. අනික දැන් සැටලයිට් හතක් විතර එකපාරටම අහුවෙනවා. ඉතිං මට හිතුනා ඔයාලටත් මේ ප්‍රශ්නේ තිබුනොත් කියලා ඔන්න ඒ ප්‍රහ්නේ විසඳගන්න හැටි කියල දෙන්නයි යන්නේ. අනික මේ ක්‍රමයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ වගේ ජීපීස් ස්පීඩ් වීමකුත් වෙනවා. 

1. ඉස්සෙල්ලම phone එකේ Main Menu එකට යන්න.
2. ඊට පස්සේ Application වලට යන්න.
3. එතනින් GPS Data කියන එක තෝරන්න. 
4. ඒකෙ Option වලින් Positioning Settings වලට යන්න.
5. ඒකෙ තියෙන Positioning Methods කියන එකට ගිහින් පහළ සඳහන් කරල තියෙන වෙනස් කම් කරන්න.

  • Assisted GPS - 
  • Integrated GPS - √
  • Network Based - √
6. දැන් ආපහු Back යන්න.
7. එතනින්  Positioning Server යන්න. 
8. ඒකෙ Server Address කියන තැනට supl.nokia.com වෙනුවට supl.google.com ලබා දෙන්න.

මේකෙ තියෙන Access Point වලට ඔයාගේ Internet Access එක ලබාදීමද කල යුතුය.දැන් Phone එක Restart කර බලන්න කොහොමද GPS Load වීම කියලා. 



sony Ericsson  නම්  කරගන්නෙ මෙහෙමයි.


 * මුලින්ම Phone එකේ Main Menu එකට යන්න.
   
 * ඊට පස්සෙ Location යන්න.
   
 * ආයෙත් එක ඇතුලේ තියන Location යන්න.

 * එතනින් තෝරන්න  Positioning කියන එක.
    
* එහි තියෙන Positioning Method තුලට ගිහින් පහත් වෙනස්කම් කරන්න.


 Integrated GPS - √
 Network Based - √


    
* දැන් ආපහු බැක් යන්න.
    

* එතනින් Positioning Server යන්න.
    
* එහි Server Address කියන තැනට supl.sonyericsson.com වෙනුවට supl.google.com යන්න ලබාදෙන්න.

මේකෙ තියෙන  Access Point වලට ඔබගේ Internet Access එක ලබාදීමද කරන්න ඕනි. දැන් Phone එකRestart කර බලන්න කොහොමද GPS Load වීම කියලා..

එහෙනම් ඔන්න ආයෙත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනානම් ෆලෝ පාරක් එහෙම දාන්න. තව දෙයක්. මේ ගැන ප්‍රශ්ණයක් හරි කියන්න හරි දෙයක් තියෙනවනම් කමෙන්ට් කරලම යන්න.




Powered By Thilina Rathnasekara and Harsha Prabath

චිත්‍රපටි ටොරන්ට් විදිහට බාලම එපා වෙලාද? - 02 කොටස


ඔන්න අදත් ඉස්සෙල්ලා දුන්නා වගේම ඩිරෙක්ට් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකක් ගැනයි කියන්න යන්නේ..

MP3 එක අපේ යටතට ගමු!

හරි එහෙනම් අද දෙන්න යන්නේ MP3 ෆයිල්ස් ඉඩිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් MP3 ෆයිල් එකට ඉමේජ් එකක් පවා ඇඩ් කරන්න පුලුවන්.

Jumper Movie - හිතපු ගමන් ඕන තැනකට යන්න පුලුවන් කෙනෙක්!!

ගොඩක් දවසකින් පෝස්ටුවක් දාන්නත් බැරිඋනා. ඔන්න ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් වගේම ෆිල්ම් එකක් ගැන කිව්වෙ නෑනේ. ඔන්න අද දෙන්න යන්නේ Jumper කියන ෆිල්ම් එක ගැන..

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement