Windows register එක hack කරමු | නියමයි..

ඔයාලට මම කලිනුත් මේ වගේ පෝස්ට් එකක් දුන්නනේ. හැබැයි ඉතිං ඒක කොටස් දෙකකට තමා දෙන්න උනේ. ඒව බැලුවෙ නැත්නම් පළවෙනි කොටස බලන්න මෙතන click කරන්න. දෙවෙනි එක බලන්න මෙතන click කරන්න. ඉතිං මට හිතුනා තවත් ඒ වගේම පොඩි tricks ටිකක් ඔයාලට කියල දෙන්න. ඔයාල සමහර විට දන්නෙ නැති වෙන්නත් පුලුවන් windows registry එක අපිට ඕනි විදිහට වෙනස් කිරීම මඟින් අපේ මෙහෙයුම් පද්ධතිය අපිට ඕනි විදිහට සකසා ගන්න පුලුවන් කියලා. 'හැකිං ද රෙජිස්ට්‍රි (hacking the registry)' කියල තමයි මේක සාමාන්නියෙන් සුද්දො එහෙම හදුන්වන්නේ. සුද්දෝ කීවට ඔය computer පිළිබඳ උගත් අය එහෙමත් කියන්නේ ඕක තමයි. ඉතිං මේක කරා කියල මේක නීති විරෝධී වැඩක් නෙමේ. ඉතිං මම මේ post එකෙන් ඔයාලට පොඩි trick එකක කියල දෙන්නම්. (වෙලාව තියෙන විදිහටනේ ඕව කියල දෙන්නත් වෙන්නේ)

එහෙනම් මුලින්ම ඔයා registry එකට යන්න. registry එකට යන හැටිනම් මම පළවෙනි post එකෙන් කියල දීල තියෙන නිසා මේකෙ අමුතුවෙන් සඳහන් කරන්න ඕනි නෑනේ.

Windows Media Player එකේ title bar එක වෙනස් කරන හැටි..
මුලින්ම රෙජිස්ට්‍රියට ගිහිල්ලා ඒ අදාල වින්ඩෝ එක ලබා ගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනි වෙන්නේ, ඒකෙ HKEY_CURRENT_USER කියන ලයිස්තුවට පිවිසෙන එකයි. ඒකට HKEY_CURENT_USER කියන එක ඉස්සරහින් ඇති ධන (+) ලකුණ click කරන්න.  windows seven වලනම් තියෙන්නේ ඊතලයක්. ඒ අය ඒක click කරන්න. මම මෙතනදී ඊතලය කියන එක භාවිතා කරන්නම්. මොකද රෑප සටහන් වල පෙන්නුම් කරන්න වෙන්නේ ඊතලය සහිත රෑපට සටහන් නිසා.

එතකොට අනිත් 'keys' (folders ආකාරයට දිස්වෙන ඒවා) දිස්වෙන අතර, එයින් software ඉදිරියේ ඇති ඊතල ලකුණ clcik කරන්න. එවිට එහි ඉදිරියේ ඇති ඊතල ලකුණ ඉවත් වේ. ඒ තුළ ඇති කීස් වලින් Policies කියන එක ඉදිරියේ ඇති ඊතල ලකුණද, click කර පහළින් ඇති Microsoft කියන කී එක select කරන්න.

ඊලඟට කරන්න ඕනි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකට අලුත් key එකක් හදාගැනීම. ඒකට registry editor window එකේ දකුණු පස දැක්වෙන ස්ථානයේ හිස් තැනක් තුල Right click කරලා ලැබෙන menu එකෙන් New කියන එක click කරන්න. ඊට පස්සේ Key කියන එක තෝරන්න.
එතකොට කලින් select කරපු Microsoft කියන key එකට යටින් New Key #1 ලෙස අලුත් key එකක් ලැබෙයි.

දැන් ඒකෙ Right click කරලා ලැබෙන menu එකෙන් Rename තොරලා WindowsMediaPlayer කියන එක හිස්තැනක් ගහන්නෙ නැතිව type කරන්න. හැබැයි වින්ඩොස් සෙවන් වලනම් ඕක කරන්න ඕනි නෑ. ඒකට කෙලින්ම අදාල WindowsMediaPlayer කියලා එතන type කරානම් හරි.

ඒ විදිහට හදාගත්තු WindowsMediaPlayer කියන key එක select කරලා, Registry Editor window එකේ දකුණු පැත්තේ හිස්තැනක් උඩ right click කරලා ලැබෙන menu එකෙන් New ---> Staring value කියන එක click කරන්න.
එතකොට New Value #1 ලෙස අලුත් කොටසක් ලැබෙයි.

ඒක උඩ right click කරලා ලැබෙන menu එකෙන් rename කියන එක තෝරලා දීලා TitleBar කියල type කරන්න.
ඒ විදිහට ඔයා ඇතුලත් කරපු value එක double click කරන්න. ඊට පස්සේ ඔයාට Edit String කියලා ඩයලොග් බොක්ස් එකක් ලැබෙනවා. ඊට පස්සේ ඒ ඩයලොග් බොක්ස් එකේ තියෙන Value data කියන තැනට ඔයාට කැමති නමක්, දෙයක් type කරන්න. ඊට පස්සේ OK බොත්තම click කරන්න.

දැන් ඔයාගෙ computer එක restart කරල windows media player එක open කරලා බලන්න.ඔයා හරියටම කරානම්  title bar එකේ ඔයා ඇතුලත් කරපු නම තියෙනවා දකින්න පුලුවන් වෙයි.

Photoshop භාවිතයෙන් GIF විදිහේ නිර්මාණයක් කරමු

ඔයාලට අද කියල දෙන්න යන්නේ කොහොමද photoshop භාවිතා කරලා Animation එකක් එහෙමත් නැත්නම් GIF file එකක් හදාගන්නේ කියලා. මේ වැඩේ කරන්න හරිම ලේසියි. උවමනා කරන්නේ ඔයාට ඕනි පින්තූර හෝ Animation කරන්න අවශ්‍ය දේවල් සහ Photoshop ඔයාගෙ පරිගණකයේ තිබීම විතරයි. එහෙනම්

Facebook web browser Beta එක බාගන්න

මේ වන විට Facebook Developer විසින් Facebook වෙබ් බ්‍රව්සරයක් ඉදිරිපත් කරල තියෙනවා. හැබැයි තාමත් මේක Beta version එක තමයි ඉදිරිපත් කරල තියෙන්නේ.

මුලු Posts ගානයි comments ගානයි blog එකේ එකම තැනකින් පෙන්වමු

මේකෙන් වෙන්නේ ඔයාලට පින්තූරේ පේන විදිහට කොහොමද ඔයාගෙ blog එකේ එක තැනක ඔයා ලියපු මුලු post ගානයි සහ ඔයාගෙ blog එකේ තියන මුලු comments වල එකතුවයි පෙන්වන හැටි.

Two Columns Widget එකක් post එකට යටින් දාගමු

ඔයාට මේ කියල දෙන්න යන්නේ අපි ලියන post එකට යටින් කොහොමද columns දෙකක් තියෙන widget එකක් දාගන්නේ කියලා. එහෙනං පල්ලෙහා තියෙන විදිහට හරියටම බලාන කරන්න.

Read More Button එක ලස්සන කරගමු

කෙනෙක් comment එකක දාල තිබුනා කොහොමද read more කියන එක වෙනුවට පින්තූරයක් දාන්නේ කියලා. එයා try කරාට ඒක හරිගියේ නෑ කියලත් කිව්වා. ඉතින් මේක එයාට උපකාරි වෙයි කියලා හිතනවා... සහ මේ ගැන දන්නෙ නැති අයටත් උපකාරි වෙයි කියල හිතනවා. මම කියල දෙන්න යන්නේ අපිම හදාගත්තු read more button එකක් අපේ blog එකට දාගන්න විදිහයි. net එකෙන් search කරලා ගත්ත එකක් වුනත් මේ ක්‍රමයෙන් දාගන්න පුලුවන්. ඉතින් එහෙනං කියවලාම බලන්න.

මුලින්ම Layout වල තියෙන Edit HTML වලට යන්න.  ඊට පස්සේ Expend widget template කියන එක click කරන්න.  ඒක කරාට පස්සේ පහළ තියෙන code එක හොයාගන්න.

b:if cond='data:post.hasJumpLink'>
Read More
</b:if >
ඒහෙම code එකක් හම්බවුනේ නැත්නම් පහළ තියෙන code එක හොයාගන්න බලන්න.
Read More
ඔය දෙකෙන් එකක් තියෙන්නම ඕනි. එහෙම එකකුත් නැත්නම් පහළ කෝඩ් එක බලන්න. හැබැයි ඒක තිබුනොත් ඒක ස්ලෙක්ට් කරලා පළවෙනි කෝඩ් එක කොපි කරං ගිහිං රීප්ලේස් කරන්න
<data:post.jumpText/>

ඔය වගේ codes ඔයාගෙ Blog එකේ නැත්නම් ඔයාට එහෙම code එකක් ඇතුලු කරගන්න වෙනවා. ඒකට මුලින්ම <data:post.body/> කියන code එක හොයා ගන්න. ඒක හොයාගත්තට පස්සේ පහළ දීල තියෙන code එක ඒ ඔයා හොයාගත්ත code එකට පස්සේ copy කරගෙන ගිහින් paste කරන්න.

<b:if cond='data:post.hasJumpLink'>

Read More

</b:if >
දැන් හරි. දැන් ඔයා  කියන එක හොයාගන්න. දැන් එතින්න ඔයාට පහළ තියෙනවා වගේ code එකක් දැකගන්න පුලුවන් වෙයි.

Read More
</b:if >
ඔය උඩ තියෙනවා වගේ පේන code එක දැන් select කරන්න. දැන් මම මේ පහලින් දෙන code එක ඒක උඩට paste කරන්න.

</b:if >

දැන් Save Template කරන්න.  වැඩේ හරියට කරානම් ඔයා වෙනස් කරපු සියල්ලම save වෙනවා.

දැන් Page Elements වලට යන්න. ඒකේ blog post යටතේ තියෙන Edit කියන එක click කරන්න. ඒකේ post page link text: කියන  එක ඉස්සරහින් තියෙන එක delete කරන්න. ඊට පස්සේ තිතක්(.) ටයිප් කරලා save ලබා දෙන්න. ඊට පස්සේ වැඩ හරි.

Demo එක බලන්න.

දැං කියන්නම් අපි හදාගත්තු පින්තූරයක් කොහොමද දාන්නේ කියලා. ඒකට ඔයා Picasa කියන site එකට යන්න. ඊට පස්සේ ඔයා gmail නම් පාවිච්චි කරන්නේ, එහෙමත් නැත්නම් gmail account එකක් තියෙනවනම් ඒක පාවිච්චි කරලා sign in වෙන්න. නැත්නම් ඉතිං Sign Up වෙන්න වෙනවා. කොහොම හරි ඔයා picasa එකේ ඇතුලට යන්න.  දැන් Upload කියල උඩම තීරැවක link එකක් තියෙනවා. අන්න ඒක click කරපුවහම ඔයාගෙ file එක තෝරලා දෙන්න හරි Drag and Drop කරන්න හරි කියනවා. කැමති විදිහකට කරන්න. ඊට පස්සේ ඔයාගෙ පින්තූරෙ upload වුනාට පස්සේ save කරන්න. ඊට පස්සේ ඒ පින්තූරේ open කරගන්න. open උනාට පස්සේ right click කරලා Copy image URL දෙන්න. දැන් අර අදාල තැනට copy කරගත්තු එක paste කරන්න.

එහෙනං ඔන්න මම ගියා.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement