එක්ස්කොම් එනිමි අන්නෝන් (XCOM Enemy Unknown) පරිගණක ක්‍රීඩාව



එක්ස්කොම් එනිමි අන්නෝන් යනු පිටසක්වල ජීවි විශේෂයක් සමඟ කරන සටන් පිළිබඳ කතාවක් පාදක කොටගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි.

තාක්ෂණය අතින් ඉතා දියුණු පිටසක්වල ජීවීන් කොට්ඨාෂයක් පෘථිවිය ආක්‍රමණය කිරීමේ උත්සාහයක යෙදී සිටියි. මේ පිළිබඳව දැන ගන්නා අභ්‍යාවකාශ සහ ආරක්ෂක විශේෂඥයින් විසින් මෙම ආක්‍රමණවලට මුහුණ දීම සඳහා විශේෂ රහස් සංවිධානයක් පිහිටුවා ගනු ලබයි. මෙය එක්ස්කොම්ය. එක්ස්කොම්හි වැඩට බඳවා ගනු ලබන්නේ ලෝකයේ නොයක් රටවල් වල සිටින අතිදක්ෂ හමුදා සෙබලුන්ය. ඔවුහු විශේෂ වෙති. ඒ විද්‍යා තාක්ෂණ භාවිතාවන් ගැන හසළ දැනුමක් ඔවුන් සතු වෙන බැවිනි. ඒ අනුව මෙම කණ්ඩායම හඳුන්වා දෙන්නේ මිනිස් ඉතිහාසය තුල බිහිවූ විශිෂ්ටතම හමුදා ඛණ්ඩය වශයෙනි.



මෙම පරිගණක ක්‍රීඩාවේදී පරිගනක ක්‍රීඩකයාට ක්‍රියාත්මකවීමට තිබෙන්නේ මෙම එක්ස්කොම් කණ්ඩායමේ අණ දෙන්නා ලෙසිනි. පිටසක්වළ ජීවී ආක්‍රමණකින් පෘථිවිය බේරා ගැනීමට තම කණ්ඩායම මෙහෙවීම ඔහුට පැවරෙන ප්‍රධානම වගකීමයි. මෙම කණ්ඩායමට පැවරෙන රාජකාරි ගණනාවකි. පිටසක්වළ ජීවීන් පිළිබඳ විමර්ශනය කිරීම, ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම අධ්‍යයනය කිරීම, ඔවුන් සොයා ගොස් ප්‍රහාර එල්ල කිරීම, ඔවුන්ගේ තාක්ෂණයට මුහුණ දීමට හැකි ලෙස තමන්ගේ යුධ තාක්ෂණය දියුණු කිරීම වැනි දේ ඊට අයත්ය. මෙම පරිගණක ක්‍රීඩාවේ තිබෙන විශේෂත්වය වෙන්නේ පරිගණක ක්‍රීඩකයාට එම විවිධ අංශවල අත්දැකීම් ලබා ගනිමින් ක්‍රීඩාවේ යෙදීමට හැකිවීමයි.

ක්‍රීඩාවේ යෙදීමේදී අභ්‍යාවකාශ සිතියම් භාවිතා කරමින්, පිටසක්වළ ජීවින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කල යුතුය. පිටසක්වල ජීවීන්ට එරෙහි සටන් වලදී කණ්ඩායමේ සාමාජිකයන් එක්ව හෝ තනි තනිව හෝ ප්‍රහාරක යානාවලින් ගොස් ප්‍රහාර එල්ල කිරීම සිදුකල යුතුය. එහිදී ගැලපෙන අවස්ථාවට ගැලපෙන සටන් ක්‍රම හා අවි ආයුධ භාවිතා කිරීම, අවස්ථාවට ගැලපෙන සෙබළු ඒ සඳහා යෙදවීම යනාදී වැඩ ඥානාන්විතව කල යුතුය. තම කණ්ඩායමේ සාමාජිකයන්ට අනතුරු ඇතිවීමට තිබෙන අවස්ථා පුළුවන් තරම් අඩු කොට ගත යුතුය.
පිටසක්වළ ජීවීන් ඔවුන්ගේ අධි තාක්ෂණික යානා උපයෝගී කරගෙන පෘථිවියට පැමිණ නොයෙකුත් රහසිගත ක්‍රියාකාරකම් වල යෙදේ. ඒවා පිළිබඳව විමසිලිමත් වෙමින් ඔවුන්ට ප්‍රහාර එල්ල කල යුතුය. එසේම විවිධ වර්ග වල අභ්‍යවකාශ යානා, අභ්‍යවාකාශයේදී පහර එල්ල කල හැකි නවීණ ලේසර් අවි ආයුධ බොහෝමයක් ක්‍රීඩාවේ මෙවලම් වශයෙන් ලබාදී තිබේ. ඒවා තෝරා බේරාගෙන සුදුසු අවස්ථාවේදී භාවිතා කල යුතුය.

XCOM Enemy Unknown පරිගණක ක්‍රීඩාවේ නිළ වෙබ් අඩවියට යන්න මෙතන ක්ලික් කරන්න.





Minimum System Requirements:Recommended System Requirements:
CPU:2 GHz Dual Core
CPU:2 GHz Dual Core (Intel Core 2 Duo 2.4 GHz or Athlon X2 2.7 GHz)
RAM:2 GB RAM
RAM:4 GB RAM
VGA:256 MB, NVIDIA GeForce 8600 GT / ATI Radeon HD 2600 XT or greater
VGA:512+ MB, NVIDIA GeForce 9000 series / ATI Radeon HD 3000 series or greater
OS:Windows Vista
OS:Windows 7
HDD:20 GB free
HDD:20 GB free
Sound:DirectX Compatible
Sound:DirectX Compatible



XCOM: Enemy Unknown generates stories like few other games. These are player-made stories, forged in turn-based battle, that you’ll relay breathlessly to the unwitting stars you’ve created the next day. You might tell your girlfriend that she shot your boss in the chest after her best friend was eaten by a four-legged monster from beyond the stars. Or you’ll find yourself informing your co-workers that, sadly, they’ve tested negative for the kind of latent psychic powers that would let them control someone’s mind.




















1 comment:

  1. https://www.timely.lk
    Please do a tutorial on this website

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement