කැමති විදිහට සර්ච් එන්ජින් වෙල්කම් තිරය සකසන අලුත්ම The Page

සමහර විට මේක ඔයාල දන්නවත් වෙන්න පුලුවන්.දන්නෙ නැතිව මේක කොහොමද කරන්නේ කියලා හොය හොයා හිටියා වෙන්න පුලුවන්.එහෙනම් කතාවට බහිමු.

මේක ඇවිල්ලා වෙබ් අඩවියක්.සර්ච් එන්ජිමේ ප්‍රධාන නම වෙනුවට තමන් කැමති ඕනෑම නමක් යොදමින් එය සකසා ගැනීමට පුලුවන්කම මේ වෙබ් සයිට් එකෙන් සපයනවා.එහෙනම් අපි ක්‍රියා පටිපාටිය බලමු.

ඉස්සෙල්ලම මේක ක්ලික් කරලා සයිට් එකට යන්න.ඊට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ උඩ තියෙනවා My Settings කියලා.ඒ ලින්ක් එක ක්ලික් කරන්න.ක්ලික් කරාට පස්සේ please click here to sign up කියන ලින්ක් එක ක්ලික් කරලා ඒකෙදී අහන තොරතුරැ හරියට පුරවලා send කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකවුන්ට් එකට එවල තියෙන ලින්ක් එක ක්ලික් කරලා එකවුන්ට් එක ඇක්ටිව් කරගන්න.ඊට පස්සෙ ඔයාට පෙන්වනවා ඔයා කැමතිම ලින්ක් හයක්.ඒකට හයම දාන්න ඕන නෑ.ඕනනම් නොදා ඉන්නත් පුලුවන්.දානවනම් Name කියන එකට ඔයා කැමති සයිට් එකේ නම දාලා Link කියන එකේ ඒ ඔයා කැමති සයිට් එකේ ඇඩ්රස් එක දාන්න.
   උදා- Name  - Google
           Link  -  www.google.com
ඊට පස්සේ ඔයාගෙ දකුණු අත පැත්තේ තවත් වැඩ කෑලි ටිකක් තියෙනවා.ඒවනම් ඔයාට බලපු ගමන් තේරෙනවනේ.ඔයා ඒ වෙනස් කරපු එව්වා preview button එක ක්ලික් කරලා බලන්න පුලුවන්.ඔයා ඔයාට ඕන විදිහට හදල ඉවරනම් Save and exit කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාට දැකගන්න පුලුවන් ඔයා හදපු ඒ ටෙම්පලේට් එක.ඒකෙ තියෙන පින්තූරෙ වෙනස් කරන්න පුලුවන් දකුණු අත පැත්තෙ උඩින් තියෙන පොප් අප් මෙනු එකෙන්.ඒකෙන් කැමති එකක් සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ.අර ඔයා දුන්නු ලින්ක් ඔයාගේ වම් පැත්තේ උඩින් තියෙනවා ඔයාට බලාගන්න පුලුවන්.ඔන්න එහෙනම් මගෙ සර්ච් එන්ජින් එකේ පින්තූරෙකුත් දානවා.

පැහැදිලිව පේන්නෙ නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න


The Green Hornet නවතම චිත්‍රපටිය

ඔන්න මම ඔයාලට ගෙනාවා ටිකක් විතර වෙනස් කතා තේමාවක් ඇතුලත් වු චිත්‍රපටියක්. හාස්‍යජනක මෙන්ම ත්‍රාසය හා කුතුහලය ඇතිකරමින් ලොව පුරා සාර්ථක අන්දමින් තිරගතවු මෙම ක්‍රියාදාම චිත්‍රපටිය පසුගිය දිනවල ලංකාව තුලද තිරගතවුනා. එක නිසා මේ ෆිල්ම් එක බලන්න ඔයාලා හැමෝම ආසවෙන් ඉන්නවා ඇති.

මයිකල් ගොන්ඩ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද ග්‍රීන් හෝනෙට් නම් වු මෙම චිත්‍රපටිය, සති කිහිපයක්ම බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහල ස්ථානයක රැදි සිටින්න හැකිවුනා. එයට හේතුව විධියට මම හිතන්නේ, මේ චිත්‍රපටියේ ඇති විචිත්‍රබව කියලා. කොහොමහරි මේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම ඇ.ඩො. මිලියන 120 ක් වනවා. විනාඩි 119 පුරා දිවයන මෙම චිත්‍රපටිය තිරගතවු පලමු දිනයේදිම ඇ.ඩො. මිලියන 11 මුදලක් උපයාගැනිමට හැකිවුනා. එමෙන්ම එම සති අන්තය තුලදි එම ආදායම ඇ.ඩො. මිලියන 33 දක්වා ඉහල ගියා. මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 223 ක ආදායමක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වි ඇත්තේ, හොලිවුඩයේ දක්ෂ කොමඩි නළුවෙක් වන සෙත් රෝගන් (Seth Rogen), ජේ චවු (Jay Chou), හොලිවුඩයේ සිටින රූමත් නිළියන් අතර තවත් සුරුපී නිළියක් වන කැමරන් ඩියැස් (Cameron Diaz),  ටොම් විල්කින්සන් (Tom Wilkinson), ඩේවිඩ් හාබර් (David Harbour), ක්‍රිස්ටෆර් වොල්ට්ස් (Christoph Waltz) යන නළුනිළි පිරිස විසිනි.දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 14 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Crime යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.4/10 (17,907 votes) අරන් තියනවා.මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රියාදාම හා කොමඩි කැලි තියන නිසා එල ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.බ්‍රීට් රීඩ් කියන්නේ, "ද ඩේලි සෙන්ටිනල්" නම් වු පුවත්පතේ කතුවරයාගේ එනම්, ජේම්ස් රීඩ්ගේ පුත්‍රයායි. බ්‍රීට් රීඩ් ගැන වෙන විධියකට කිව්වොත් මහ කම්මැලි කිසිම වගකිමක් නැති සෙල්ලක්කාර ජිවිතයක් ගතකරන තරුණයෙක්. නමුත් මේ සියළුම හති පැවැතුම් වෙනස් වන්නේ, තම පියාගේ අභිරහස් මරණයත් සමගයි. මේ සිදුවිමෙන් පස්සේ ඔහු තම පියාගේ සේවකයෙකු වන කැටෝ සමග එක්වි ලොස් ඇන්ජලිස් නුවර සිදුවන අපරාධ මර්ධනය කිරිමට උත්සහ කරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ?ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්න.ඔන්න පල්ලෙහායින් ලින්ක් එක දැම්මා.හැබැයි මේක torrent file එකක්. torrent වලින් වැඩ කරන්න ඔයාලා දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).මේකේ තියෙන්නේ 346.72MB විතරයි.නියම කොලිටියි.ඔයාලම බලන්නකෝ.


                         










තමන්ගෙ පින්තූරේ කිසිම software එකක් නැතිව ලස්සන කරගන්න




කවුද අකමැති තමන්ගේ පින්තූරේ ලස්සන Edit කරලා අනිත් අයට පෙන්වන්න.සමහර විට මේ කියන්න යන දේ සමහරක් අය දන්නවත් ඇති.හැබැයි මේක කියන්නේ ඒ ගැන දන්නැති අයට.මොකද ෆේස්බුක් යන අය ගොඩක් කැමතියි තමන්ගෙ පින්තූරෙට පට්ට වැඩ කෑල්ලක් දාලා profile picture එකට හරි photo album එකක් හදල හරි තමන්ගේ පට්ට ෆොටෝ ටික අනිත් අයට පෙන්වන්න.මෙන්න ඒකට ගැලපෙන නියම සොෆ්ට්වෙයාර් එක.හරි එහෙනම් අපි කතාවට බහිමු.

ඇත්තම කිව්වොත් මේක සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි.මේක යම් කිසි වෙබ් සයිට් එකකනි කරන දෙයක්.හැබැයි මේකට කිසි මුදලක් වැය වෙන්නෙ නෑ.ඒ ගැන තඹ දොයිතුවක සැකයක් තියාගන්න එපා.ඉස්සෙල්ලම මේක කරන විදිහ මම කියල දීල පල්ලෙහායින් ලින්ක් එක දාන්නම්.ඒකට කමක් නෑනේ.ඉස්සෙල්ලාම මම පල්ලෙහායින් දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ වෙබ් සයිට් එකට යන්න.ඊට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ ඒ ඒ පින්තූර ස්ටයිල්ස් ඒ සයිට් එකට අප්ලෝඩ් කරපු දවස් දාල තියෙනවා.ඒව ලින්ක් විදිහට තියෙන්නේ.ඒකක් ක්ලික් කරපුවහාම වෙනම පහර ස්ටයිල්ස් වගයක් එනවා.ඔයා කැමති ස්ටයිල් එකක් උඩ ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාගේ හරි වෙන මොකක් හරි ඔයාට කැමති පින්තූරයක් choose file කියන බට්න් එක ක්ලික් කරලා තෝරගන්න.ඊට පස්සේ create your picture කියන බට්න් එක ක්ලික් කරපුවහාම ඔයාගේ ෆොටෝ එක ඔයා තෝරපු ස්ටයිල් එකේ විදිහට හැදෙන්න පටන් ගන්නවා.ඔයාගේ කොම්පියුටරෙන් තෝරපු ෆයිල් එකේ සයිස් එක අනුව ඒ පින්තූරේ හැදෙන්න යන වෙලාව වෙනස් වෙනවා.කොහොම හරි ඔයාගේ පින්තූරේ හැදිලා ඒ සයිට් එකේම ලොකුවට ඔයාගේ ඒ හැදුනු පින්තූරේ පෙන්නනවා.ඊට පස්සේ ඕනනම් ඔයාගේ කම්පියුටරේ සේව් කරගන්න පුලුවන්.මේක විශේෂ දෙයක් කියන්නේ ඔයාගේ වෙබ් සයිට් එකේ ඔයා හදපු පින්තූරේ අප්ලෝඩ් කරන්න URL එකක් ලබා දෙනවා.තවත් ඕනනම් ඒ පින්තූරේ ෆේස්බුක් හරි ටුවිටර් යන සයිට් වලට ෂෙයාර් කරන්නත් පුලුවන්.
ඔන්න එහෙනම් ඒ ලින්ක් එක.



Internet Money - 02 කොටස

හොදයි එහෙනම්.අපි දෙවෙනි කොටස පටන් ගමු.ඉස්සෙල්ලා පාඩමෙන් අපි ඉගෙන ගත්තා බක්ස්.ටූ එකෙන් ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන හැටි.අපි අද බලමු Aleartpay Account එකක් හදාගන්නේ කොහොමද කියලා.


මම මුලින්ම පැහැදිලි කරන්න ඕන විදිහ පැහැදිලි කරල දීලා ඊට පස්සේ යටින් ලින්ක් එකක් දාන්නම්.ඒකෙන් ගිහිල්ලා ඔයාට රෙජිස්ටර් වෙන්න පුලුවන්.එක්කො මෙතනත් එකක් දාන්නම්කෝ.කුතුහලය අවුස්සන්නේ මොකටද නේද?
                                                  Signup to AlertPay today
මුලින්ම ඔයා මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එක හරි උඩින් දීල තියෙන ලින්ක් එක හරි ක්ලික් කරලා ඇලර්ට්පේ එකවුන්ට් එකට යන්න ඕන.ඊට පස්සේ Sign up button එක click කරන්න.ඊට පස්සේ ඔයාගේ screen එකට එනවා Select your account type කියල එකක්.එතනදී ඔයා සිලෙක්ට් කරන්න ඕන Personal starter කියන button එක.එක තෝරලා ඊට පස්සේ යට තියෙන Next step කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඒකෙ එන ෆෝම් එක හරියටම පුරවන්න.එතනදී ඔයාට පේයි Region හා Post code කියලා පුරවන්න තියෙන හිස් තැන් දෙකක්.ඒකේ   Region  කියන්නේ ඔයා අයත් වන පළාත. Post code කියන එකට 0094 දෙන්න.ඊට පස්සේ ඔක්කොම හරියට පුරවලාද කියල බලලා Next step ලබා දෙන්න.ඊට පස්සේ එනවා Fill the account information කියලා.Transaction pin එකෙන් කෙරෙන්නේ ඔයාගේ එකවුන්ට් එක ඔයාගේ පාස්වර්ඩ් එකට අමතරව තවත් හොදට ආරක්ෂා කර ගන්න පුලුවන්.ඒක හින්දා ඒකට ලබා දෙන කෝඩ් එක හොදට මතක තියාගන්න.මෙහි Third party information කියන තැන No කියල දෙන්න.ඊට පස්සේ Final step කියන බට්න් එක ප්රෙස් කරන්න.




මෙන්න ඇලර්ට්පේ ලින්ක් එක.ගිහිල්ලා කියල දීල තියෙන විදිහට රෙජිස්ටර් වෙන්න.

දැන් අපි බලමු ඇලර්ට්පේ එකෙන් සල්ලි ගෙන්න ගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාගේ Alertpay account එකේ තියෙන Withdraw කියන tab එක click කරන්න.එතනදී ඔයාට ක්‍රම තුනකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.
 01. බෑන්ක් එකවුන්ට් එකකට
 02. චෙක් එකකින්
 03. ක්රෙඩ්ට් කාර්ඩ් එකට

අපි පළමුවෙන්ම බෑන්ක් එකවුන්ට් එකට ගෙන්න ගන්න විදිහ බලමු.
Bank account --> Electronic F.P --> Bank Transfer 

අපි දෙවනියට බලමු චෙක් එකකින් සල්ලි ගෙන්න ගන්න විදිහ.
Bank account --> Check 
(මෙහිදී චෙක් ආකාරයෙන් ගෙන්න ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ඇලර්ට්පේ එකවුන්ට් එකේ අවම වශයෙන් $20ක් තිබිය යුතුය).

දැන් අපි බලමු ක්රෙඩිට් කාර්ඩ් එකකට සල්ලි ගෙන්ව ගන්න හැටි.
Bank account --> Check --> Credit Card 



හොදයි එහෙනම්.අපි ආයෙත් ඉන්ටර්නෙට් මනී 03 වෙනි කොටසත් එක්ක හම්බෙමුකෝ.ඔයාල කියවලා කමෙන්ට් පාරකුත් දාන්නකෝ.


වීඩියෝ ක්ලිප් ඩවුන්ලෝඩ් කරදෙන “කීප්ටියුබ්

විවිධ වෙබ් අඩවිවල තිබෙන වීඩියෝ ක්ලිප් ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑනම් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන සර්ච් බොක්ස් එක තුල වීඩියෝ ක්ලිප් ඇති වෙබ් අඩවියේ සම්පූර්ණ වෙබ් ලිපිනය ලියන්න ඕන.එතකොට ඉක්මනින්ම වීඩියෝ ක්ලිප් පරිගණකයට ඩවුන්ලෝර්ඩ් කරගන්න පුලුවන්.ඔන්න මම පල්ලෙහායින් ලින්ක් එකක් දාලා තියෙනවා.ඒක ක්ලික් කරලා ඩවුන්ලෝර්ඩ් කර ගන්න.


Download Videos now in Keep Tube

සොෆ්ට්වෙයාර් එක කොහොමද කියල කමෙන්ට් එකක් දාන්නකෝ.


About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement