Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු.

කොහොමද කස්ටිය? ඔන්න අද මම ගෙනාවා ෆොටෝෂොප්.කිසිම ගේමක් නැතිව ඉගෙන ගන්න පුලුවන්.මේක කොටස් වශයෙන් තමයි මම පල කරන්න හිතාගෙන ඉන්නේ.එහෙනම් ඔන්න පටන් ගමු.පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕන මේ ලිපිත් එක්ක දිගටම හිටියොත් ඔයාට හොද දැනුමක් ෆොටෝෂොප් ගැන අවබෝධ කරගන්න පුලුවන්.ඉස්සෙල්ලා පොඩි වැඩකෑල්ලක් දාලා ෆොටෝෂොප් හදුන්වලා දෙන්නම්කෝ.

කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ ගෝලීයකරණයට මූලික උනේ පරිගණකය.පරිගනකයේ මූලික සිද්ධාන්ත එකමුතුවෙන් ලෝකයේ වේගයෙන් තාක්ෂණික දියුණුවක් ඇති උනා.ගෘහ ජීවිතයේ සරල උපකරණයේ ඉදලා ගුවන් ගත වන අධිවේගී ගුවන් යානය තෙක් තාක්ෂණික දියුණුවට ඉවහල් වෙන්නේ ඒ කියන්නේ උපකාරී වෙන්නේ පරිගණකයයි. කම්පියුටරය එහෙමත් නැත්නම් පරිගණකය විවිධ ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵලයක් විදිහට දක්වන්න පුලුවන්.ඒ ජයග්‍රහණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ කතා කරන්න යන ෆොටෝෂොප් මුද්‍රකාංගයත් අපි අතරට ඇවිල්ලා ඉන්නේ.ෆොටෝෂොප් ගැන කතා කරද්දී ගොඩක්ම ඉස්මතු වෙන්නේ ඡායාරෑපකරණය.මේ වෙන කොට ඡාරෑපකරණයට නැතිවම බැරි අංගයක් බවට පරිගණකය සහ ෆොටෝෂොප් පත්වෙලා ඉවරයි.ඡායාරෑපකරණය වෘත්තියක් වශයෙන් කරණ අයටත් ආධුණිකයන්ටත් කොටින්ම කියනවනම් අපි හැමොටම Adobe Photoshop CS ඉතා හොද මෘද්‍රකාංගයක්.මේ වන විට මේකෙ අලුත්ම සංස්කරණය වන Adobe Photoshop CS5 නිකුත් වෙලා තියෙනවා.

හරි ඔන්න එහෙනම් හැදින්වීමනම් ඉවරයි.දෙවන ලිපියේ ඉදල ෆොටෝෂොප් පටන් ගමු.මොකද හිතුවට වඩා ටිකක් මේ හැදින්වීම දික්වුනා.දිගටම BlogShan blog එකත් ඉන්න.මේ ෆොටෝෂොප් ලිපි ඉවරවෙනකම් හැම දවසකම එක කොටස ගානේ ප්‍රකාශයට පත් කරනවා.එහෙනම් අපි දෙවෙනි කොටසින් හම්බවෙමු.ඔයාලට මගෙන් මොනව හරි මේ ගැන දැනගන්න තියෙනවනම් කමෙන්ට් කරන්න.නැත්නම් ෆෝම් එක පුරවලා එවන්න.(contact Me)

ත්‍රිමාණ අනුරූ හදමු

පින්තූරෙ පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
(New version download link attached)

කොහොමද ඉතින් කස්ටිය ඈ? ඕං තවත් ගැජට් එකක් ගෙනාවා .මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩයි.නියම ගැජට් එක.සුපිරියි.හරි අපි කතාවට බහිමු.
මේ සොෆ්ට්වෙයාර් එකේ නම ඇලිබ්‍රි ඩිසයින් එක්ස්ප්‍රස් (Alibra design xpress). මේකෙන් ගොඩක් උදව් ගන්න පුලුවන් වෙන්නේ යාන්ත්‍රණික නිශ්පාදන වලට. ඒ කියන්නේ යාන්ත්‍රික හෝ කාර්මික වර්ගයේ ඕනෑම නිෂ්පාදනයක අනුරැවක් කම්පියුටර් එකෙන් නිර්මාණය කරගන්න පුලුවන් මේ සොෆ්ට්වෙයාර් එකෙන්.එහෙම කම්පියුටර් එක හරහා නිර්මාණය කරන එකේ වැදගත් කම වෙන්නේ පරිගණකය හරහා නියමිත ප්‍රමිතියට සෑදූ පසු එය හොදතත්වයෙන් හදන්න පුලුවන්.
පොඩි ඇණයක ඉදලා මෝටර් රථ, යන්ත්‍ර සූත්‍ර දක්වා අනුරෑ හදන්න මේ ගැජට් එකට පුලුවන්.අපි උදාහරණයක් ගමුකෝ.යම් මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න එකෙ සැලසුම නිර්මාණය කරා නම් මෝටර් රථයේ තියෙන සියලුම අංගෝපාංග වෙ වෙනම නිර්මාණය කරගන්න මේ ගැජට් එකෙන් පුලුවන්.මේ විදිහට හදන නිර්මාණයේ ත්‍රිමාණ අනුරැව කම්පියුටර් තිරයේ පෙනුනත් අවශ්‍ය ඕනම වෙලාවක තමන්ට ඕනම දෘෂ්ඨි කෝණයකින් ,ද්විමාන සැලසුමක් බවට පත් කරලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුලුවන්.එහෙම ගන්න ප්‍රින්ට් අවුට් එකේ ඒ නිෂ්පාදනයට ඔන කරන සියලුම පරිමාණයන්, අවශ්‍ය උපාංග වගේ හැම තොරතුරක්ම ඇතුලත් වෙනවා.හැබැයි ඕනනම් තමන්ට ඕන තොරතුරැ විතරක් සිලෙක්ට් කරලා ඒ තොරතුරැ විතරක් ගන්නත් පුලුවන්.කාර්මික නිර්මාණයන් සැලසුම් කරද්දී වැදගත් වෙන දිග, පළල, ගැඹුර ආදී මිනුම් කොටසින් කොටස නිවැරදිව සොෆ්ට්වෙයාර් එක විසින්ම ස්ක්‍රීන් එකේ විශේෂ පැනලයකින් පෙන්වනවා.ඒක උපකාර කරගෙන තමන්ගේ නිර්මාණය තවත් හොදට කරන්න පුලුවන්.අවශ්‍ය කොටස උඩට මවුස් පොයින්ට් එක අරන්ගියාම ඒකට ගැලපෙන පරිමාන, ඒ කොටස ගැන පොඩි හැදින්වීමක් වශයෙන් දැක බලා ගන්නත් මේකෙ වෙනම පැනල් එකක් තියෙනවා.මෝටර් රථ වගේ ඒවගෙ සැලසුම් නිර්මාණය කිරීමට යොදාගන්න පුලුවන් අමතර උපාංග බොහොමයක් සොෆ්ට්වෙයාර් එකේ තියෙන සාම්පල් ගබඩාවේ සේව් කරල තියෙනවා.අවශ්‍ය වෙන්නේ තමන්ගේ නිර්මාණයට ගැලපෙන විදිහට ඒවගෙන් කොටස් තොර ගන්න එකද විතරයි.ඕනෑම වෙලාවක ඒවා වැඩි දියුණු කරන්නත් පුලුවන්.(මේක අලුත්ම සංස්කරණය හින්දා මේකෙ දැනට පාවිච්චි වෙන වාහන විතරක් නෙවේ ඔනෑම අමතර කොටස් 93%ක් ඇතුලත් කරලා තියෙනවා.) මේ ගැජට් එකේ තියෙන තවත් විශේෂයක් වෙන්නේ සංකීර්ණ නිර්මාණයක් කරද්දී ඒකියෙන් පොඩ්ඩ මිස් උනොත් කට බිම උලා ගන්න විදිහේ නිර්මාණ කරද්දී ඒවා නිර්මාණය කරන්න මේකෙන් ස්වංක්‍රීයව මග පෙන්වනවා.ඒ කියන්නේ ටිප්ස් ලබා දෙනවා.එකෙනුත් ප්‍රින්ට් අවුට් ගන්න පුලවන් වගේම තොරතුරැ ලබා ගන්නත් පුලුවන්.
ඔන්න පලුලෙහායින් සොෆ්ට්වෙයාර් එක දැම්මා.කොහොම ද ගැජට් එක.කමෙන්ට් කරන්නකෝ.




හැම ලින්ක් එකක්ම අලුත් වින්ඩෝ එකකින් ඕපන් කරගමු!

ඔයාලට දැන් මම මේ කියන්න යන්නේ ලේසි පහසු ක්‍රමයක්.මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොග් එකේ හරි වෙබ් සයිට් එකේ හරි තියෙන හැම ලින්ක් එකක්ම අලුත් වින්ඩෝ එකකින් නැත්නම් අලුත් ටැබ් එකකින් ඕපන් වෙන එක.හරිම ලේසියි.සංකීර්ණ කියල කරන්න මොනවත්ම නෑ.

ඉස්සෙල්ලම Dashboard --> Design --> Edit HTML යන්න.මතක ඇතිව Expand Widget Templates කියන එක සිලෙක්ට් කරල ඉන්න. දැන්  ctrl+F ඔබලා <head> කියන එක සර්ච් කරන්න.ඊට පස්සේ <head> එකට යටින් <base target='_blank' /> කියන එක පේස්ට් කරන්න. දැන් SAVE TEMPLATE කියන එක ඔබන්න.


දැන් ඉතින් වැඩේ ගොඩ.ඔයාලම බලන්නකෝ. 



Adsense ව්‍යාකරණ විග්‍රහය බ්ලොගයට දාගමු!

කොහොමද ඉතින්? මෙන්න අලුත්ම වැඩක්.මේක ගොඩක්ම උවමනා වෙන්නේ ඇඩ්සෙන්ස් කරන අයට.කතාවට බහිමු.ඇඩිසෙන්ස් වලදී ව්‍යාකරණ විග්‍රහය ඔබ විසින් ගොඩනැගිය යුතුය.ඒ මොකද ඔයාට බෑ කෙලින්ම ඇඩ්සෙන්ස් වල ව්‍යාකරණ විග්‍රහය xml විදිහට දෙන්න.ඉතින් එතකොය ව්‍යාකරණ විග්‍රහයේදී ඇඩ්සෙන්ස් ව්‍යාකරණ විග්‍රහ කරනය පාවිච්චි කරන්න වෙනවා.මේ ගැජට් එකෙන් ඔයාගේ බ්ලොග් එකට එන අයට ඔයාගේ ඇඩ්සෙන්ස් කෝඩ්ස් පහසුවෙන් හදුනාගැනීමට උදව් වෙනවා.ඔන්න එහෙනම් කරණ විදිහ.

ඉස්සෙල්ලම dashboard-->Design- ->Page Elements යන්න.ඊලගට 'Add a Gadget' ක්ලික් කරන්න.ඊට පස්සේ HTML/Javascript කියන එක තෝරලා මම මේ පහලින් දීල තියෙන කෝඩ් එක කොපි කරලා ඒකට පේස්ට් කරන්න.ඊට පස්සේ ඊතින් වැඩේ ගොඩ.



<iframe src ="http://tools.bloggerplugins.org/parser.php"width="100%" style="border: none" height="300"</iframe>


Internet Money - 03 කොටස



ඔන්න ආයෙත් ඉන්ටර්නෙට් මනි තුන්වෙනි කොටස අරගෙන ආවා.අද කියල දෙන්න යන්නේ ෆෝම් ෆිලින්ග් ජොබ්(Form filling Job) ගැන.මේකෙනම් පින්තූරත් එක්කම විස්තර කරල තියෙන හින්දා ඔයාලට වැඩි වදයක් විදින්න වෙන්නේ නැතිවෙයි.

ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕනේ ඒ සයිට් එකට යන එක.(සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න).ඔයාලා සයිට් එකට ගියාට පස්සේ ඔයාට පේයි උඩම තියෙනවා Create a account කියලා.

ඒ බට්න් එක ක්ලික් කරලා ඇතුලට යන්න.දැන් ඔයාගේ හරි විස්තර දාලා පුරවන්න තියෙන ඔක්කොම තැන් පුරවන්න.පුරවලා ඉවරවෙලා Create account කියන බට්න් එක ඔබන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

දැන් ඔයාලා ඉන්නේ ඔයාගේ එකවුන්ට් එක ඇතුලේ.ඔයා දැන් පේජ් එකේ ටිකක් පල්ලෙහාට එන්න.එතකොට පේයි The following service are available කියලා කහ පාටින් හයිලයිග්ට් උන තීරැවක්.ඒතනින් පල්ලහායින් තමා ජොබ්ස් ටික තියෙන්නේ.ඊට පස්සෙ ඔයා අර මම ඉස්සෙල්ලා කියපු කහ පාට හයිලයිග්ට් කරල තියෙනවා කියපු තීරැවට යටින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

දැන් ඔයාට පේයි Start survey now කියලා බට්න් එකක්.ඔයා ඒක ක්ලික් කරන්න.

දැන් ඔයාලට පේයි වෙබ් සයිට් දෙකක් ලින්ක් කරල තියෙනවා.ඒ දෙකෙන් එකක් ඔයා කැමති එකක් තෝරලා ඔයා තෝරගත්තේ වෙබ් සයිට් එක නම් Click here for website 1 කියන ලින්ක් එක ක්ලික් කරන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

ඒක ක්ලික් කරපුවාහම වෙනම ටැබ් එකක ඒ ක්ලික් කරපු සයිට් එක ඕපන් වෙනවා.


**විශේෂයි- ඔබ තෝරන ඕනෑම වෙබ් සයිට් එකක රෙජිස්ටර් වීම අත්‍යවශ්‍යයයි.**

ඊට පස්සේ ඔයා ඒ වෙනම ටැබ් එකක ඕපන් වෙන සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.
රෙජිස්ටර් වෙලා ඒකෙ ඇතුලට ගියාට පස්සෙ ඒ කියන්නෙ ඔයාගෙ එකවුන්ට් එකට ගියාට පස්සෙ ඔයාට මොනවත් කරන්න නෑ.ඔයා කෙලින්ම ලොග් අවුට් කියන බට්න් එක ක්ලික් කරන්න.දැන් ඒ ටැබ් එක ක්ලෝස කරල හරි ඔයාට කැමති විදිහකට ඔයාගේ සර්වේ එකවුන්ට් එකට යන්න.ඊට පස්සේ ඔයා අර කලින් වෙන ටැබ් එකකට යන්න ක්ලික් කරපු ලින්ක් එකට පහලින් තියෙනවා Short Evaluation - Please evaluate and give your general impressions of the above website කියලා.ඊට පහලින් තියෙනවා පොඩි කමෙන්ට් තීරැවක්.ඒ කමෙන්ට් තීරැවේ ඔයාට අර වෙන ටැබ් එකක ඕපන් උන සයිට් එක ගැන හිතන දේ ලියන්න ඕන.
උදා - Thats social networking site කියලා ඒ තියෙන කමෙන්ට් බාර් එකේ දාන්න පුලුවන්.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

ඊට පස්සේ දෙවෙනි එකත් පලවෙනි එක වගේම කරන්න ඕන.ඊට පස්සේ දෙවෙනි එකෙත් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ යටම තියෙනවා Click Here to Submit BOTH Reviews කියල ටැබ් එකක්.ඒක ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ.


දැන් අපි බලමු කොහොමද අපේ awsurveys account එකේ balance එක චෙක් කරන්නේ කොහොමද කියලා.ඔයා දැන් හෝම් කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ටිකක් පල්ලෙහාට පේජ් කේ යන්න.පල්ලෙහාට යද්දි පේයි My A.W.Survey Stats කියල වගුවක් තියෙනවා.


ඒකෙ තමා ඔයා හොයන ගාණ තියෙන්නේ.මේකෙන් ඕන්නම් ඇලර්ට්පේ එකවුන්ට් එකට හරි පේපල් එකවුන්ට් එකට හරි සල්ලි මාරැ කරන්න පුලුවන්.හැබැයි ඒකට උපරිමය ඩොලර් 80ක්වත් තියෙන්න ඕන.අපි සල්ලි මාරැ කරන හැටිත් බලමු.වගුවට යටින් තියෙනවා Redeem Money කියලා ලින්ක් එකක්.ඒක ක්ලික් කරන්න.


ක්ලික් කරාට පස්සෙත් එන්නෙ වගුවක්.ඒකෙ තියෙන විදිහට එතන පුරවලා redeem now කියන බට්න් එක ක්ලික් කරන්න.එතකොට කිසි ගින්නක් නැතිව ඔයා තෝරපු ඔයාගේ එකවුන්ට් එකට සල්ලි ගිහිල්ල තියෙයි.




දැන් බලමු අපි කොහොමද අමතර ආදායමක් මේ සයිට් එකෙන් හොයන්නේ කියලා.Refer friends කියන තැන ඒක උඩ ක්ලික් කරන්න.එතනින් කරන්නේ ලින්ක් ට්කක් දෙනවා.ඒවායින් ඇවිල්ලා කවුරැහරි මේ සයිට් එකේ රෙජිස්ටර් උනොත් 1.75$ක් ඔයාගේ එකවුන්ට් එකට බැර වෙනවා.ඕන්නම් ෆේස් බුක් එකේ මේ ලින්ක් දාන්න පුලුවන්.නැත්නම් තමන්ට වෙබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවනම් ඒත් දාන්න පුලුවන් විදිහේ ලින්ක සහ බැනර් ලින්ක හිටන් දීල තියෙනවා.ඔයාලට කරන්න තියෙන්නේ ඒ දීල තියෙන ලින්ක් පාර්ට් එක කොපි කරගෙන ගිහිල්ලා පේස්ට කරන එක විතරයි.


(හැබැයි හිතන්න එපා මම ඒ වාගේ බලු වැඩක් මගෙ මේ බ්ලොග් එකේ කරයි කියලා.මම මේ බ්ලොග් එක පටන් ගත්දිම පටන් ගත්තේ මේ බ්ලොග් එක පටන් ගත්තේ සල්ලි හොයන්න නෙමේ මම දන්න දේ අනිත් අයට කියල දෙන්න කියලා.වැඩි බජනෙට ගියොත් හිතයි දැන් මුගෙ ලොකුකං කියනව කියලා.ඒ හින්දා ඒක නවත්තමු).


හරි එහෙනම් ඔන්න සර්වේත් ඉවරයි.4වෙනි කොටසින් හමුබවෙමුකෝ.මේක ඔයාට වැදගත් උනානම් කමෙන්ට් පාරකුත් කරගෙනම යන්නකෝ.


About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement