සිංදු Album එකම එක PDF එකකින් බාගන්න!


කොහොමද ඉතිං. ඔන්න අද ආවේ Software, Games, Films, Tricks හෝ වෙනත් දෙයක් ගැන කියන්නනම් නෙමේ. අද ආවේ Music Album එකක් ඔයාලට දෙන්නයි. හැබැයි මේක PDF විදිහටයි දෙන්නේ. ඉතිං මේක 'අජිත් මුතුකුමාරණ' කියන ගායකයාගේ ගීත ඇල්බම් එකක් තමයි මේක.
මේ ඇල්බම් එකේ නම විදිහට සටහන් කරලා තියෙන්නේ 'හිත ඇතුලේ නුබ' කියලයි.
ඉතිං මේකෙ සින්දු 16ක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ සිංදු වල නම් පහලින් බලාගන්න. ඕනිනම් ඒ සිංදු Download කරගන්නත් පුලුවන්.

ඉතිං මේවා තමයි සිංදු ටික. ඉතිං තව දෙයක් කියන්නම්. මේ සිංදු කොඩක් දුරට ගැලපෙන්නේ අපේ වචනයෙන් කිව්වොත් බූට් කාපු අයට තමා. නියම ලස්සන සිංදු ටිකක්. එහෙනම් වැඩි විස්තර කියන්න ඕනි නෑනේ. එහෙනම් බාගෙනම බලන්න. මේකෙ 612KB විතරයි තියෙන්නේ. 

Password එකක් ඉල්ලුවොත් BlogShan කියලා දෙන්න.
තව දෙයක්. ඔයාලට මේ සිංදු වල ඔයාට කැමති සිංදුවක් MP3 විදිහට ඕනිනම් කියන්න. මම දෙන්නම්.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු... 

පරණ Blogger Dashboard එක අලුත් විදිහේ ලස්සන Dashboard එකක් කරමු! නියමයි..

ඔන්න අද ආවේ Blog ලියන එයට වටිනා ලිපියක් අරගෙන. සමහර අයනම් මේ ගැන මේ වෙනකොටත් දැනගෙන ඉන්න පුලුවන්. ඒත් මේ දෙන්නේ නොදන්නා අයටයි. මොකද සමහරක් අය දැනගෙනත් දන්නෙ නැති කෙනෙක් අහපුවහම දන්නෙ නෑ කියල කියනවනේ. හරි එහෙනමම් වැඩි කතා බහක් නැතිව අපි වැඩේ කරන හැටි බලමු.
ඔයාල දන්නවනේ මේ අවුරැද්දේ Blogger වල ගොඩක් වෙනස් කම් උනා. ඉතිං ඒ අතරින් මේකත් සුවිශේෂි තැනක් ගන්නවා. මොකද මේක ඔයාලගේ පරණ Dashboard එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. හසුරවන්නත් ලේසියි. හැබැයි ටිකක් පුරැදු වෙන්න ඕනි. ඕනිම දෙයක් හරියටම කරගන්න පුලුවන් වෙන්නේ අපි ඒක නිතර නිතර භාවිතා කරද්දිනේ. ඉතිං මේකත් ඒ වගේ ඉක්මනට ඔයාලට පුරැදු වෙන්න පුලුවන්. ඉතිං එහෙනම් මම කියන්නම් කොහොමද ඔයාල ඒක Active කරගන්නේ කියලා.
කියල දෙන්න ඉස්සෙල්ලා කෝකටත් කියලා පින්තූර දෙකකින් වෙනස පෙන්නලා ඉන්නම්කෝ. මේ මගේ බ්ලොග් එකේ විදිහ. (පින්තූර පැහැදිලි නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරන්න)
පරණ Blogger Dashboard එක

අලුත් Blogger Dashboard එක


ඉස්සෙල්ලම ඔයාලගේ Blogger Account එකට Log වෙන්න. Log උනාට පේයි නිල්පාටට හුරැ දම්පාටට තියෙන ඔයාලගේ පරණ Dashboard එක. දැන් ඔයාල මෙතන Click කරන්න. දැං ඔයාලට පේයි අලුත්ම Blogger Dashboard එක. දැං ඔයාල ඒ එන අලුත් Dashboard එක තියෙන වින්ඩෝ එකේ ඔයාලගේ දකුණු පැත්තේ උඩ තියෙනවා  කියලා ඔය විදිහේ එකක්. ඔතන Make Blogger in Draft my default කියන එක ඉස්රහා තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරියක් වැටෙයි. දැං ඔයාල ඕපන් කරගෙන ඉන්න Blogger Dashboard සියල්ලම close කරලා අලුතෙන් එකක් open කරන්න. 
කොහොමද වැඩේ.. නියමයි නේ.....ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනා කියල හිතනවනම් Follow කරන්න. මේ පෝස්ටුව ගැන ගුණ දොස් , විවේචන කරන්න තියෙනවනම් සහ මේ ගැන යමක් දැනගන්න අවශ්‍යනම් Comment කරන්න. මොකද ඔයාල හින්දයි අපි මෙහෙම දේවල් දෙන්නේ.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.

Facebook Photo Zooming ගැජට් ඒක ඔයාලත් දාගන්න!

ඔන්න අද දෙන්න යන ගැජට් එක තමයි Facebook Photo Zooming කියන එක. මේකෙන් වෙන්නේ facebook එකේ තියෙන ෆොටෝස් අපිට විශාල කරල පෙන්වන එකයි.

! Sony Ericsson, Nokia Phones වල GPS වැඩ නැත්නම් වැඩ කරවමු!


කවුරැත් දන්න දෙයක්නේ Nokia Phones වලට GPS තාක්ෂණය තියෙනවා කියලා. ඉතිං සමහරක් විට ඒ තාක්ෂණය වැඩ කරන්නෙ නෑ. මොකද මම එහෙම කියන්නේ මම අලුතෙන් ෆෝන් එකක් ගත්තා. ඒක Nokia E7 එකක්. ඉතිං මම ඕක රට ඉන්න යාලුවෙක්ට කියලයි ගෙන්ව ගත්තේ. ඉතිං මම ඕක ඇරගෙන වැඩ දදා ඉද්දී දැක්කා GPS ඇප්ලිකේෂන් එකත් තියෙනවා. ඔන්න ඉතිං ඕපන් කොරල බලද්දී එලම තමා. නියමෙට වැඩ. පොඩ්ඩක් ඉතිං ලංකාවෙයි , ලෝකෙ වටෙයි රවුමක් ගහ ගහ ඉද්දී චාර්ජ් එක බැස්සා. පස්සෙනෙ මතක් උනේ මේක චාර්ජ් එක හොඳටම බැහැල තිබ්බෙ කියලා. ඔන්න ඉතිං චාර්ජ් එකට ගහලා ආයෙත් ෆෝන් එක ඔන් කරලා GPS යන්න බැලුවා. ඕපන් වෙනවා විතරයි. මෙලෝ දෙයක් වැඩ නෑ. ඉතිං මාර අවුලනේ. මම Internet එකේ ඔය සීන් එක ගැන හොයලා බැලුවා.ඉතිං ඔන්න කෑලි කෑලි තැන් තැන් වලින් හොයාන කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. දැං මගේ එකනම් නියමෙට වැඩ. අනික දැන් සැටලයිට් හතක් විතර එකපාරටම අහුවෙනවා. ඉතිං මට හිතුනා ඔයාලටත් මේ ප්‍රශ්නේ තිබුනොත් කියලා ඔන්න ඒ ප්‍රහ්නේ විසඳගන්න හැටි කියල දෙන්නයි යන්නේ. අනික මේ ක්‍රමයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ වගේ ජීපීස් ස්පීඩ් වීමකුත් වෙනවා. 

1. ඉස්සෙල්ලම phone එකේ Main Menu එකට යන්න.
2. ඊට පස්සේ Application වලට යන්න.
3. එතනින් GPS Data කියන එක තෝරන්න. 
4. ඒකෙ Option වලින් Positioning Settings වලට යන්න.
5. ඒකෙ තියෙන Positioning Methods කියන එකට ගිහින් පහළ සඳහන් කරල තියෙන වෙනස් කම් කරන්න.

  • Assisted GPS - 
  • Integrated GPS - √
  • Network Based - √
6. දැන් ආපහු Back යන්න.
7. එතනින්  Positioning Server යන්න. 
8. ඒකෙ Server Address කියන තැනට supl.nokia.com වෙනුවට supl.google.com ලබා දෙන්න.

මේකෙ තියෙන Access Point වලට ඔයාගේ Internet Access එක ලබාදීමද කල යුතුය.දැන් Phone එක Restart කර බලන්න කොහොමද GPS Load වීම කියලා. 



sony Ericsson  නම්  කරගන්නෙ මෙහෙමයි.


 * මුලින්ම Phone එකේ Main Menu එකට යන්න.
   
 * ඊට පස්සෙ Location යන්න.
   
 * ආයෙත් එක ඇතුලේ තියන Location යන්න.

 * එතනින් තෝරන්න  Positioning කියන එක.
    
* එහි තියෙන Positioning Method තුලට ගිහින් පහත් වෙනස්කම් කරන්න.


 Integrated GPS - √
 Network Based - √


    
* දැන් ආපහු බැක් යන්න.
    

* එතනින් Positioning Server යන්න.
    
* එහි Server Address කියන තැනට supl.sonyericsson.com වෙනුවට supl.google.com යන්න ලබාදෙන්න.

මේකෙ තියෙන  Access Point වලට ඔබගේ Internet Access එක ලබාදීමද කරන්න ඕනි. දැන් Phone එකRestart කර බලන්න කොහොමද GPS Load වීම කියලා..

එහෙනම් ඔන්න ආයෙත් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනානම් ෆලෝ පාරක් එහෙම දාන්න. තව දෙයක්. මේ ගැන ප්‍රශ්ණයක් හරි කියන්න හරි දෙයක් තියෙනවනම් කමෙන්ට් කරලම යන්න.




Powered By Thilina Rathnasekara and Harsha Prabath

චිත්‍රපටි ටොරන්ට් විදිහට බාලම එපා වෙලාද? - 02 කොටස


ඔන්න අදත් ඉස්සෙල්ලා දුන්නා වගේම ඩිරෙක්ට් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකක් ගැනයි කියන්න යන්නේ..

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement