Exodus from the Earth

මෙන්න නියම ගේම් එකක් බිලොකා ගෙනාවා.නියමයි කියන්නේ සුපිරිම සුපිරි.හරි හරි.වැඩි කතා බහ නැතිව කෙලින්ම කතාවට එන්ටර් වෙමු.

මේ පරිගණක ක්‍රීඩාවේ නම තමා සෝඩස් ෆ්රෝම් දී අර්ත් (Exodus from the Earth). මේකෙ කෙටිම හැදින්වීම තමයි පෘථිවියෙන් පිටත විශ්වයේ පිහිටි ඕනෑම ග්‍රහලෝකයක පිහිටි පරිසරයක ජීවත් වීමට හැකි වන ලෙස මිනිසාගේ සිරැර සකස් කරනු ලබන එන්නතක් ගැන සහ ඒ ගැන තොරතුරැ හොයාගෙන යන ඇමරිකානු රහස් ඔත්තු මේවයේ රහස් පරීක්ෂකයෙකු ගැනයි තමා මේකෙන් කියවෙන්නේ.
2016දී විද්‍යාඥයින් පිරිසක් කරන පරීක්ෂණයකින් හෙලි වෙනවා ඒ වන විට සූර්යයාගේ රස්නය වැඩිවෙලා තියෙන හින්දා තව වසර විස්සකින් සූර්යයාගේ ආසන්නයේ තියෙන ග්‍රහ ලෝක හැම එකක්ම පාහේ විනාශ වෙලා යනවා කියලා.මේ විනාශයෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය සූර්යයාගෙන් ඈතින් පිහිටි වෙනත් ග්‍රහ ලෝකයක් දෙවන පෘථිවිය විදිහට භාවිතා කරන එක කියලා ලෝකවාසීන් පිළිගන්නවා.ඊට පස්සේ එතන ඉදන් පරීක්ෂකයෝ වෙහෙසෙන්නේ ඒකට ගැලපෙන විදිහේ නොයෙක් යෙදුම් හොයා ගන්නයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකානු ආයතනයක් විසින් විශේෂ එන්නතක් හොයා ගන්නවා.ඒ එන්නත මිනිස් සිරැරට ඇතුලු කරාට පස්සේ ඒ මිනිසාට විශ්වයේ තියෙන ඕනම කටුක ග්‍රහ ලෝකෙක ජීවත්වෙන්න පුලුවන්.ඒ අනුව ඉස්සරහට තීරණය කරන ග්‍රහ ලෝකයේ හොදින් ජීවත්වීම සදහා ඒ එන්නත මිනිස්සුන්ට විකුණන්න ඒ ආයතනය සූදානම් වෙනවා.මේක ගැන දැන ගන්න ඇමරිකානු රහස් ඔත්තු සේවය මේ එන්නත ගැන සියලුම තොරතුරැ හොයන්න විශේෂ මෙහෙයුමක් පටන් ගන්නවා.මේ මෙහෙයුම සදහා ඔවුන් තෝරාගනු ලබන්නේ ෆ්‍රැන්සිස් රික්සෝන් කියන දක්ෂ රහස් පරීක්ෂකයාවයි.
මේ ගේම් එකේදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියා කිරීමට සිදුවන්නේ ඇමරිකානු රහස් පරීක්ෂක ෆ්‍රැන්සිස් රික්සොන් විදිහටයි.ෆ්‍රැන්සිස් ඉතාමත් රහසිගතව එන්නත හදපු ආයතනයේ මූලස්ථානයට රිංග ගන්නවා.එතන ඉදන් එන්නත ගැන විස්තර හොයන්න පටන් ගන්නවා.එහිදී එම මෙහෙයුම සූක්ෂමව කරන විදිහ සහ සිදුවන ගැටුම් කාරී තත්වය මේ ගේම් එකේදී අත්විදින්න පුලුවන්.මෙහිදී එන්නත හදපු මූලස්ථානයේ සිතියමක්ද ෆ්‍රැන්සිස්ට ලැබෙන අතර ඒක උපයෝගී කරගෙන ගොඩනැගිල්ලේ ආරක්ෂාව සලසා ඇති විදිහ, විශේෂ ස්ථානවලට ඇතුලු වෙන්න තියෙන ලෙහෙසි පහසු ආරක්ෂාකාරී මාර්ග ගැන අධ්‍යනය කරමින් මේ මෙහෙයුම රහසිගතව සිදු කරන්න ඕන.විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලේ කිසිම කෙනෙක්ට දැනෙන්නේ නැති විදිහට තොරතුරැ හොයාගන්න ඕන වගකීම ද භාරවෙන්නේ පරිගණක ක්‍රීඩකයා වන ඔබටයි.මේ ගොඩනැගිල්ල අතිනවීව තාක්ෂණික උපකරණ සහ දක්ෂ ආරක්ෂකයින් යොදාගෙන ආරක්ෂ කර ඇති තැනකි.මෙහිදී ෆ්‍රැන්සිස්ව මෙහෙයවන පරිගණක ක්‍රීඩකයා විදිහට ඒ සියලු ආරක්ෂක උපක්‍රම මග හරිමින්, එන්නත හදන තැන, ඒක හදන වට්ටෝරැව, එන්නත අත්හදා බලන ආකාරය,ඒකෙන් ඇතිවෙන අහිතකර ප්‍රථිඵල සහ තවත් ගොඩක් දේවල් පරිගණක ක්‍රීඩකයාට හොයාගන්න සිදුවෙනවා.මේ සදහා ෆ්‍රැන්සිස් ඉවසීමෙන් , බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා.ෆ්‍රැන්සිස් ගාව යම් තාක්ෂණික උපකරණ සහ දියුණු අවි ආයුධ තිබුනට ඒවා සුදුසු තැන්වලදී භාවිතා කරන්න වෙන වගකීමත් පැවරෙන්නේ පරිගණක ක්‍රීඩකයාටයි.
එහෙන්ම් ඔන්න හැදින්වීම ඉවරයි.ගේම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එකෙන්.හැබැයි ඒක ටොරන්ට් ෆයිල් එකක්.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ටොරන්ට් වලින් වැඩ කරන හැටි දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).ආ තවත් එකක්.ඔන්න වීඩියෝ එකකුත් දැම්මා.









නිදහස් හා විවෘත මුදෘකාංග

දැන් තිබෙන පරිගණක වැඩසටහන් නැත්නම් සොෆ්ට්වෙයාර් මහජනයාට ඉදිරිපත් කරන ආකාර දෙකක් තියෙනවා.එව්වගෙන් එක ක්‍රමයක් තමයි සොෆ්ටිවෙයාර් එක හදල තියෙන ප්‍රධාන කේත සටහන එහෙද නැත්නම සෝස් කෝඩ් (source code) එකද මහජනයාට ලබා දෙන එකයි.ඒත් එක්ක තවත් අයිතිවාසිකම් ගොඩක් මහජනතාවට ඒ කියන්නේ අපිට ලැබෙනවා.
එව්ව තමයි,
 *. සොෆ්ට්වෙයාර් එක ඕනෑම අරමුණක් සදහා යොදා ගැනීම
 *. සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නෙ කොහොමද කියලා දිගින් දිගටම අධ්‍යනය කරන්න පුලුවන් වීම
 *. ඒ විදිහට අධ්‍යනය කරල ලබා ගත්ත දැනුමෙන් ඒ සොෆ්ට්වෙයාර් එකේ කේත සටහන වෙනස් කොට ඒක වැඩි දියුණු කිරීම හෝ අලුත් තාලයකට වෙනස් කරන්න පුලුවන් වීම
 *. ඒ විදිහට වෙනස් කල සොෆ්ට්වෙයාර් එකේ පිටපත් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එකේ කොපි වෙනත් අයට බෙදා දීම

මේ අයිතිවාසිකම් ලබා දෙන්නේ ය කියන අදහසින් මෙහි නම නිදහස් මෘද්‍රකාංග (free software) කියල හදුන්වනවා.කොහොම හරි ගොඩක්ම නිදහස් සොෆ්ට්වෙයාර් පැකේජ් නොමිලේ ලබා දෙනවා.1980 වසරේ ආරම්භ කරපු නිදහස් මෘද්‍රකාංග පදනම (FSF - Free Software Foundation) කියන පාරේ එන හැම සොෆ්ට්වෙයාර් එකක්ම හදුන්වන්නේ ෆ්රී සොෆ්ට්වෙයාර් කියල තමයි.ෆ්‍රී (free) කියන ඉංග්‍රීසි වචනේ තේරැම් දෙකක් තියෙනවා.එකක් නිදහස.අනෙක් එක තමයි නොමිලේ කියන එක.free software කියන්නේ තනිකරම නොමිලේ දෙන එව්ව කියල ගොඩක් අය හිතන්නේ ඒ හින්දා තමා.මේ පටලවිල්ලෙන් අපිව ගලවන්න 1998 දී අලුත් කණ්ඩායමක් එකතු වුනා.ඒ වගේම ඕපන්සෝස් මූලිකය  (OSI - Open Source Initiative) කියල හදුන්වන්නේ ඒකටයි.




උපුටා ගැනීම 'විජය පරිගණක' සගරාව

ඕනෑම උපාංගයක ඩ්ර්යිවර් සොෆ්ට්වෙයාර්ස් ඉක්මනින් හොයා ගමු

ඔන්න තවත් අලුත්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක්.සමහර විට මේක ඔයාලා පාවිච්චි කරනවා වෙන්නත් පුලුවන්.හැබැයි මේක තමයි 2011 අලුත් සොෆ්ට්වෙයාර් එක.හරි එහෙනම් කතාව පටන් ගමු.

පරිගණකයට සම්භන්ධ කරන හැම උපාංග වලට ගැලපෙන ඩ්‍රයිවර්ස් මුද්‍රකාංග සකසා දෙන වැඩසටහනක් ඩ්‍රයිවර්කියෝ  (DriverCure) නමින් පැරෙටොලොජික් නම් මුද්‍රකාංග සමාගම විසින් හදුන්වලා දුන්නා.මේකෙ විශේෂත්වය තමයි මේ සොෆ්ට්වෙයාර් එක කම්පියුටරේ ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ කොම්පියුටරේට ඩුයිවර්ස් සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් නොකර ඊට සම්භන්ධව ඕනෑම උපාංගයක් ක්‍රියා කරවන්න පුලුවන්.කම්පියුටරේට පිටතින් සම්භන්ධ කරන ප්‍රින්ටර්ස්, ස්කෑනර්ස්, මීඩියා ප්ලේයර්ස්, ඩිජිටල් කැමරා හෝ පරිගණකයට සවිකරන වෙනත් විවිධ උපාංග වන මවුස්, සවුන්ඩ් කාඩ්, ග්‍රැෆික් කාඩ් ආදිය පරිගණක මෙහෙයුම් පද්ධතියට හදුනා ගැනීමට විශේෂ මුද්‍රකාංග අවශ්‍ය වෙනවා.ඩ්‍රයිවර්ස් කියල හදුන්වන්නේ එව්වට තමා.

පරිගණකයට යම් උපාංගයක් සම්භන්ධ කොට ක්‍රියාත්මක කරන්න ඒත් එක්ක දෙන සොෆ්ට්වෙයාර් සීඩී එක කම්පියුටරේට ඉන්ස්ටෝල් කරන්න ඕන වෙනවා.එහෙම කලේ නැත්නම් ඒ උපාංගය කම්පියුටරේට සම්භන්ධ කරපු ගමන් ඒ ඕන කරන සොෆ්ට්වෙයාර්ස් ඉල්ලනවා.තවත් එකක් තමයි ඒ උපාංගයත් එක්ක හම්බවෙන සොෆ්ට්වෙයාර් සීඩී එක නැති උනොත් හරි සීරිලා හරි කොහොම හරි පාවිච්චියට ගන්න බැරි තත්වයක තියෙනවනම් ඒ උපාංගය භාවිතා කරන්න බැරිවෙනවා. හැබැයි කම්පියුටරේ ඩ්‍රයිවර් කියෝ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරල තියෙනවනම් ඒ ගැන කිසිම ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නෑ.ඒ ඩ්‍රයිවර් කියෝ ඉක්මණින් මෙහෙයුම් පද්ධතිය හා අදාල උපාංගය එක්ක සම්භන්ධතා ගොඩ නගා ගන්නවා.ඩ්‍රයිවර් කියෝ කම්පියුටරේ ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ පරිගනකයට පිටතින් සම්භන්ධ කරන හෝ සම්භන්ධ කරන ඕනෑම උපාංගයක් මෙවලමක් සම්භන්ධ කරපු ගමන් ඒකට අදාල සොෆ්ට්වෙයාර් එක හොයල දීල විනාඩියක් වගේ පොඩි කාලයකින් ඒ උපාංගයත් එක්ක වැඩ කරන්න පුලුවන් තත්වෙට හදල දෙනවා.දැනට ඒ කියන්නේ 2011 වනකොට ඩ්‍රයිවර් කියෝ සොෆ්ට්වෙයාර් එකට සොෆ්ට්වෙයාර් 59780 ක් ඇතුලත් කරල තියෙනවා.තවත් කියනවනම් අලුතින් නිශ්පාදනය කෙරෙන ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර්ස් ඉන්ටර්නෙට් එක හරහා අප්ඩේට් කරගන්නත් පුලුවන්.ඒ වගේම කම්පියුටරේ තියෙන වයිරස් හොයාගෙන ඩිලිට් කරන්නත් මේ ගැජට් එකෙන් පුලුවන්.තව එතකොට හාර්ඩ්  එකේ තියෙන අනවශ්‍ය ෆයිල්ස් මකා දමමින් හාඩ් එකේ ස්පේස් එක ඉතුරැ කරගන්න පුලුවන් වන විදිහේ ගැජට් එකකුත් මේකෙ ඇතුලත් වෙලා තියෙනවා.තව එතකොට සීඩී හෝ ඩීවීඩී හෝ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් හරි කම්පියුටරේට සම්භන්ධ වුන ගමන් එකෙ වයිරස් තියෙනවද කියල ඉබේම ඒ කියන්නේ ඔටෝමැටිකලි සිද්ධවෙනවා.මේක ක්‍රියාත්මක වෙන්න ඉන්ටර්නෙට් පහසුකම් නම් තියෙන්නම ඕන.දැනට මේක ක්‍රියාත්මක වෙන්නේ XP වලයි Vista වලයි  Windows 7 වලයි විතරයි.
ඔන්න සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න.ලින්ක් එක උඩ ක්ලික් කරන්න.





කැමති විදිහට සර්ච් එන්ජින් වෙල්කම් තිරය සකසන අලුත්ම The Page

සමහර විට මේක ඔයාල දන්නවත් වෙන්න පුලුවන්.දන්නෙ නැතිව මේක කොහොමද කරන්නේ කියලා හොය හොයා හිටියා වෙන්න පුලුවන්.එහෙනම් කතාවට බහිමු.

මේක ඇවිල්ලා වෙබ් අඩවියක්.සර්ච් එන්ජිමේ ප්‍රධාන නම වෙනුවට තමන් කැමති ඕනෑම නමක් යොදමින් එය සකසා ගැනීමට පුලුවන්කම මේ වෙබ් සයිට් එකෙන් සපයනවා.එහෙනම් අපි ක්‍රියා පටිපාටිය බලමු.

ඉස්සෙල්ලම මේක ක්ලික් කරලා සයිට් එකට යන්න.ඊට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ උඩ තියෙනවා My Settings කියලා.ඒ ලින්ක් එක ක්ලික් කරන්න.ක්ලික් කරාට පස්සේ please click here to sign up කියන ලින්ක් එක ක්ලික් කරලා ඒකෙදී අහන තොරතුරැ හරියට පුරවලා send කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකවුන්ට් එකට එවල තියෙන ලින්ක් එක ක්ලික් කරලා එකවුන්ට් එක ඇක්ටිව් කරගන්න.ඊට පස්සෙ ඔයාට පෙන්වනවා ඔයා කැමතිම ලින්ක් හයක්.ඒකට හයම දාන්න ඕන නෑ.ඕනනම් නොදා ඉන්නත් පුලුවන්.දානවනම් Name කියන එකට ඔයා කැමති සයිට් එකේ නම දාලා Link කියන එකේ ඒ ඔයා කැමති සයිට් එකේ ඇඩ්රස් එක දාන්න.
   උදා- Name  - Google
           Link  -  www.google.com
ඊට පස්සේ ඔයාගෙ දකුණු අත පැත්තේ තවත් වැඩ කෑලි ටිකක් තියෙනවා.ඒවනම් ඔයාට බලපු ගමන් තේරෙනවනේ.ඔයා ඒ වෙනස් කරපු එව්වා preview button එක ක්ලික් කරලා බලන්න පුලුවන්.ඔයා ඔයාට ඕන විදිහට හදල ඉවරනම් Save and exit කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාට දැකගන්න පුලුවන් ඔයා හදපු ඒ ටෙම්පලේට් එක.ඒකෙ තියෙන පින්තූරෙ වෙනස් කරන්න පුලුවන් දකුණු අත පැත්තෙ උඩින් තියෙන පොප් අප් මෙනු එකෙන්.ඒකෙන් කැමති එකක් සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ.අර ඔයා දුන්නු ලින්ක් ඔයාගේ වම් පැත්තේ උඩින් තියෙනවා ඔයාට බලාගන්න පුලුවන්.ඔන්න එහෙනම් මගෙ සර්ච් එන්ජින් එකේ පින්තූරෙකුත් දානවා.

පැහැදිලිව පේන්නෙ නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න


The Green Hornet නවතම චිත්‍රපටිය

ඔන්න මම ඔයාලට ගෙනාවා ටිකක් විතර වෙනස් කතා තේමාවක් ඇතුලත් වු චිත්‍රපටියක්. හාස්‍යජනක මෙන්ම ත්‍රාසය හා කුතුහලය ඇතිකරමින් ලොව පුරා සාර්ථක අන්දමින් තිරගතවු මෙම ක්‍රියාදාම චිත්‍රපටිය පසුගිය දිනවල ලංකාව තුලද තිරගතවුනා. එක නිසා මේ ෆිල්ම් එක බලන්න ඔයාලා හැමෝම ආසවෙන් ඉන්නවා ඇති.

මයිකල් ගොන්ඩ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද ග්‍රීන් හෝනෙට් නම් වු මෙම චිත්‍රපටිය, සති කිහිපයක්ම බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහල ස්ථානයක රැදි සිටින්න හැකිවුනා. එයට හේතුව විධියට මම හිතන්නේ, මේ චිත්‍රපටියේ ඇති විචිත්‍රබව කියලා. කොහොමහරි මේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම ඇ.ඩො. මිලියන 120 ක් වනවා. විනාඩි 119 පුරා දිවයන මෙම චිත්‍රපටිය තිරගතවු පලමු දිනයේදිම ඇ.ඩො. මිලියන 11 මුදලක් උපයාගැනිමට හැකිවුනා. එමෙන්ම එම සති අන්තය තුලදි එම ආදායම ඇ.ඩො. මිලියන 33 දක්වා ඉහල ගියා. මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 223 ක ආදායමක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වි ඇත්තේ, හොලිවුඩයේ දක්ෂ කොමඩි නළුවෙක් වන සෙත් රෝගන් (Seth Rogen), ජේ චවු (Jay Chou), හොලිවුඩයේ සිටින රූමත් නිළියන් අතර තවත් සුරුපී නිළියක් වන කැමරන් ඩියැස් (Cameron Diaz),  ටොම් විල්කින්සන් (Tom Wilkinson), ඩේවිඩ් හාබර් (David Harbour), ක්‍රිස්ටෆර් වොල්ට්ස් (Christoph Waltz) යන නළුනිළි පිරිස විසිනි.දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 14 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Crime යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.4/10 (17,907 votes) අරන් තියනවා.මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රියාදාම හා කොමඩි කැලි තියන නිසා එල ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.බ්‍රීට් රීඩ් කියන්නේ, "ද ඩේලි සෙන්ටිනල්" නම් වු පුවත්පතේ කතුවරයාගේ එනම්, ජේම්ස් රීඩ්ගේ පුත්‍රයායි. බ්‍රීට් රීඩ් ගැන වෙන විධියකට කිව්වොත් මහ කම්මැලි කිසිම වගකිමක් නැති සෙල්ලක්කාර ජිවිතයක් ගතකරන තරුණයෙක්. නමුත් මේ සියළුම හති පැවැතුම් වෙනස් වන්නේ, තම පියාගේ අභිරහස් මරණයත් සමගයි. මේ සිදුවිමෙන් පස්සේ ඔහු තම පියාගේ සේවකයෙකු වන කැටෝ සමග එක්වි ලොස් ඇන්ජලිස් නුවර සිදුවන අපරාධ මර්ධනය කිරිමට උත්සහ කරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ?ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්න.ඔන්න පල්ලෙහායින් ලින්ක් එක දැම්මා.හැබැයි මේක torrent file එකක්. torrent වලින් වැඩ කරන්න ඔයාලා දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).මේකේ තියෙන්නේ 346.72MB විතරයි.නියම කොලිටියි.ඔයාලම බලන්නකෝ.


                         










About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement