යාලුවන්ව රවට්ටන්න ලේසියෙන්ම වයිරස් එකක් හදමු.(ඉදිරිපත් කිරීම සිංහල බසින් වීඩියෝ එකක ආධාරයෙන්)

ඔන්න පොරොන්දු උන විදිහටම Fake virus එකක් හදන හැටි සිංහලෙන්ම කියල දෙන්න යන්නේ.

*. යම් කිසි අත් වැරදීමකින් ඔබගේ පරිගණකයට හානි වුවහොත් එහි වගකීම අප භාරගන්නේ නැත.*

මේකෙ තියෙන අයිකන් එක වෙනස් කරනවා.ඒ ඒක පාවිච්චි කරන එක්කනා රවට්ටන්න.ඒකයි මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් විදිහට පාවිච්චි කලේ.ඕනනම් රී නේම් කරල ඒකට ගැලපෙන විදිහට අයිකන් වෙනස් කලා නම් හරි.ඔන්න එහෙනම් බලන්න.


ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවනම් video එක දාල තියෙනවා.ඒක ඩවුන්ලෝඩ් කර ගන්න.

                         



මටත් නිකන් ඉන්න බැරි කමට කරපු වැඩක්

ටිකක් කම්මැලි හිතුනා. ඊට පස්සේ ඉතින් ඔය නිකන් නෙට් එකේ සර්ච් කර කර ඉද්දී පට්ට සොෆ්ට්වෙයාර් එකක් හම්බ වුනා.නියමයි.ෆොටෝෂොප් වගේමයි.ඔන්න ඉතින් ඒකෙන් කරපු පොඩි වෝල් පේපර් එකක් දානවා.

ඔන්න මෙතනිනa Download කරගන්න



Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 02 කොටස

ඔන්න ඉතින් පොරොන්දු උන විදිහටම දෙවෙනි කොටස අරන් ආවා.වැඩය වං හුං නැතිව කතාවට බහිමු.

1981 වර්ෂයේදී බිහිවූ මේ මෘද්‍රකාංගය මේ වන කොට අති දැවැන්ත පිම්මක් පැනල තියෙනවා.ඒ පැමිණීමෙන් චිත්‍රක සහ ඡායාරෑප ප්‍රතිරෑප සංස්කරණයේ ලොව ඉදිරියෙන්ම ඉන්න සොෆ්ට්වෙයා එක තමා ෆොටෝෂොප්.මෙහි අන්තිම සංස්කරණය එලි දක්වලා තියෙන්නේ CS5 නමිනි.මෙහිදී CS4 වෙනි සංස්කරණයට වඩා දියුණු තාක්ෂණයෙන් යුතු නිර්මාණ කරන්න CS5හි පහසුකම් ලබා දීල තියෙනවා.CS4 එකට වඩා තව ටිකක් අංග CS5 එකට එකතු කරල තියෙනවා.අනික මේ CS5 එක ඇඩෝබි සමාගමේ අනික් නිර්මාණ එක්ක නියමෙට වැඩ කරනවා.මෙහි විශේෂයෙන් ඡායාරෑප ශිල්පයට අවශ්‍ය ආකාරයට එහිදී සිදුවන දුර්වලතා සකසා ගැනීමට විවිධ වූ පහසුකම් ලබා දීල තියෙනවා.විවිධ ආලෝක තත්වයන් යටතේ විකෘති වූ ඡායාරෑප නැවත සකසා ගැනීමට , විවිධ photo filter භාවිතා කිරීමේ නම්‍යතාවය, photo merge එහෙමත් නැත්නම් ඡායාරෑප කිහිපයක් ස්වංක්‍රීයව එක් කිරීම, නවතම ඩිජිටල් කැමරා ආදිය සම්භන්ධ කර වැඩකිරීමේ හැකියාව මේ අතර විශේෂ වෙනවා.ඒ වගේම Graphic නිර්මාණ සදහාහ නව සංස්කරණයේ පහසුකම් රාශියක් තියෙනවා. ඒ අතර 300 000 x 300 000 pixel ප්‍රමාණයක් භාවිතා කිරීමේ හැකියාව අවශ්‍ය ආකාරයට ටෙක්ස්ට් රටාවන් සැකසීම ආදිය වැදගත් වෙනවා.තව කියනවනම් DVD වීඩියෝ සහ චිත්‍රපටි සදහා වර්ණ බීට් 16 - 32 යුතුව පහසුකම් සපයා ඇත.විශෙෂයෙන් වෙබ් නිර්මාණකරනයට විශාල පහසුකම් සපයා ඇති අතර ඒ තුල ෆයිල්ස් එක්ස්පෝට් කිරීමේ හැකියාව HTML හා XHTML සදහා වූ පහසුව සහ වෙබ් ෆොටෝ ගැලරි සදහා විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා.

*. එහෙනම් අපි ෆොටෝෂොප් ආරම්භ කරමු

මේ සොෆ්ට්වෙයාර් එකද අනිත් සොෆ්ට්වෙයා වගේම ෂෝර්ට් කට් මගින් ඕපන් කරගන්න පුලුවන්.
Start --> Programmes --> Adobe Photoshop CS5(CS5/CS4)
යන විධානය භාවිතා කල යුතු අතර එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ තියෙන ෂෝර්ට්කට් එකෙනුත් ඔපන් කරගන්න පුලුවන්.සාමාන්‍යෙයන් ෆොටෝෂොප් තුල වැඩ කිරීමට යෝග්‍ය තත්වයේ ඩෙස්ක්ටොප් එකක් මෙහි දක්වා ඇති අතර එය කොටස් වශයෙන් නම් කර ඇත.
01. Property Bar -: සාමාන්නියෙන් වැඩ කරන ඕනෑම මුද්‍රකාංගයක මුදුනේ මෙම property bar පිහිටනවාත එහි වම් කෙලවර  Adobe photoshop ලෙස මෘද්‍රකාංගය හදුනවා ඇති අතර සම්මත තත්වයේදී නිල් පාටින් පෙන්වනු ලබයි.

02. Menu Bar -: මෙය photoshop සමග වැඩ කිරීමේදී බොහෝ සෙයින් උපකාරි වන අංගයකි. එනම් මෙහි යම් යම් කාර්්‍යයන්ට අදාලව Menu විස්තර අඩංගු වේ. යම් Menu නමක කෙලවරේ ඊ හිසක් ඇත්නම් එයින් හැගවෙන්නේ උප මෙනුවක් ඇති බවයි. එමෙන්ම තිත් තුනක් (...) ඇත්නම් එය Click කලවිට Dialog Box එකක් මතු වෙනවා.


03. Option Bar -: මෙයද photoshop තුල අතිශයින් වැදගත් කමක් උසුලයි. එම අවස්ථාව වන විට සක්‍රීයව පවතින මූලයට අදාලව option මෙහි අඩංගු වේ. එක් එක් මූලය වෙනස් කරන විට මෙම option bar එකද ක්ෂණිකව වෙනස් වේ.

04. Tool Box -: මෙය ෆොටෝෂොප් සමග වැඩ කිරීමේදී ප්‍රධාන වශයෙන් යොදාගන්නා අංගයන්ගේ එකතුවයි. මෙහි අඩංගු වන්නේ ෆොටෝෂොප් සදහාම ආවේණික වූ tools සමූහයකි. මේ පිළිබපදව සවිස්තරාත්මකව පස්සෙ ලියන ලිපි වල සටහන් කරනවා.

05. Canvas -: කිසියම් image එකක් විවෘත කල විට එය පිහිටන්නේ මෙම canvas තුලය. image ලොකු කුඩා කරන විට මෙයද ලොකු කුඩා වෙනවා.

06. Title Bar -: ෆොටෝෂොප් තුල සෑම  file එකකටම අදාලව  title bar එකක් පිහිටයි. මෙය තුල  file name,color mode, layer name සහ විශාලනය වී ඇති ප්‍රමාණය ආදිය සදහන් වෙනවා.

07. Ruler -: file එකක වම් පැත්තෙන් සහ ඉහලින් එහි දිග සහ පලල දැක්වෙන ආකාරයට මෙම ruler පිහිටා ඇත. එය අවශ්‍යතාවය අනුව ලබා ගැනීමටත් ඉවත්කර ගැනීමටත් පුලුවන්. ඒ සදහා  view මෙනුව භාවිතා කරන්න ඕන.

08. Window Palate -: මෙම window plate මගින් image editing කාර්යයේදී විශාල මෙහෙවරක් ඉටුකරනු ලබයි. photoshop තුල මේ ආකාරයේ අවශ්‍යතාවය අනුව ඒවා විවෘත කර ගත යුතුය. එමෙන්ම මෙම  window plate එකම  title bar එකක්  drag කර ගාල් කර තබා ගත හැකිය.

09. Gray Screen -: මෙම photoshop තිරය එයට ආවේණක වූ අලු පැහැයෙන් පෙන්නුම් කෙරේ. මේ තුල  double click කල විට  open dialog box මතු වේ.
                                                 (file ------------> open)

10. Task Bar -: මෙය windows මෙහෙයුම් පද්ධතියට අයත් අංගයක්. එක්වර මෘද්‍රකාංග කිහිපයක් විවෘත කර ඇති විට දී අවශ්‍ය ඒවා සක්‍රීය කර ගැනීමටත් අනෙක් ඒවා මේ තුල තබා ගැනීමටත් හැකිය.
ඉහත දැක්වූ ආකාරයෙන්  photoshop open කරගත්තට පස්සේ එහි පින්තූරයක් (image) edit කිරීම සදහා අලුතින් ගොනුවක් විවෘත කරගන්න ඕන.ඒ සදහා  Main menu barහි,
                        File----------- --> new යන්න භාවිතා කල යුතු වේ.


අප්පෝ හිතුවට වඩා දික් උනා.හෙනම් තුන් වෙනි කොටසින් ඉතුරැ ටික බලමු.අමතක නොකර කමෙන්ට් පාරකුත් දාන්න හොදේ!

Internet Money - 04 කොටස (Data Entry Jobs)

කොහොමද ඉතින්?ඔන්න ගෙනාවා හතරවැනි කොටසත් ගෙනාවා.මේ ඩේටා එන්ට්රි ජොබ්ස් ගැන විස්තරය.ඔන්න එහෙනම් පටන් ගමු.
ඩේටා එන්ට්රි ජොබ්ස් ගැන කතා කරද්දී මේ ගැන කොටස් දෙකකින් කතා කරන්න වෙනවා.එහෙම කිව්වම බය වෙන්න එපා.අද එකක් හෙට එකක් නෙමේ.ඒ දෙකම අද මේ ලිපියෙන් කියනවා.තව දෙයක්.මේ දැන් මම කියන එව්වා oDesk සයිට් එකට ගැලපෙන විදිහට.මොකද මම දන්න විදිහට දැනට මේ ක්‍රම වලට හොදම පහසුකම් හම්බවෙන්නේ මේ සයිට් එකෙන් තමා.හරි ආයෙත් කතාවට බහිමු.
කොටස් දෙක තමයි ,
   01.1st company
   02.2nd company

*.අපි ඉස්සෙල්ලම කතා කරමු 1st company ගැන.මේකත් කොටස් දෙකකට බෙදනවා.
 01. hourly rate
 02. fixed price
මේකෙ පලවෙනි එක අපි ගත්තොත් hourly rate ඒ කියන්නේ පැය ගානට තමා වැඩ කරන්න තියෙන්නේ.සාමාන්නියෙන් මේ පැය ගානට වැඩ කරන ජොබ් එකට 2$ - 5$ අතර සල්ලි හම්බවෙනවා.සාමාන්නියෙන් මේ ජොබ්ස් වලට වැඩ කරද්දී අපි වගේ අයට ඒ කියන්නේ ලංකාවේ අයට වැඩ කරන්න වෙන්නේ රෑ 11ත් උදේ 9ත් අතර තමා.මේ ජොබ් කරන්න ඕනනම් අනිවාරයෙන්ම ඉන්ටර්නෙට් පහසුකම තියෙන්න ඕන.තව වර්ඩ්/එක්ස්.එල් ගැන හොද දැනුමක් තියෙන්නත් ඕන.මේකෙදීසතියකට පැය 10 ඉදල ඉදිරියට තමයි වැඩ කරන්න තියෙන පැය ගාණ තීරණය වෙන්නනේ.මේක ලේසියෙන් කරන්න පුලුවන්.ඒ කියන්නේ නිදි මරන්නෙ නැතිව දවසට පැය දෙකක් තුනක් වැඩ කානම් දවස් හතරකින් විතර ඒ වැඩේ ඉවර කරන්න පුලුවන්.
දැන් අපි fixed price ඒ කියන්නේ කොන්ත්‍රාක් විදිහට වැඩ අරගෙන කරන්න පුලුවන් ජොබ්ස් ගැන බලමු.මේකෙදී තමන් භාරගන්න වැඩේ අනිවාරයෙන්ම ඒ අදාල දිනේට දීම අත්‍යවශය වෙනවා.මාසයකට සාමාන්නියෙන් කන්ට්‍රක්ට් 7ක් තමයි ගන්න පුලුවන්.හැබැයි මේ ජොබ් එක දෙන සයිට් එකේ තියෙන විභාග කරල දින්නොත් ඔයාට කෙලින්ම මාසෙට කන්ට්‍රක්ට් 80ක් විතර ගන්න පුලුවන්.මේකේ 5$-1500$ ත් අතර නිෂ්චිත මුදලක් තියෙනවා.තවත් දෙයක්.අපි කන්ට්‍රක්ට් එකක් කරල යවනවා.ඒකෙ පිටු 3ක් වැරදියි.ඒක ආපහු අපේ ඉන්බොක්ස් එකට එනවා.ඒ ඒක ආපහු හදල යවන්න.හැබැයි ඒකට දෙන්නේ දවස් 2-3ත් අතර කාලය විතරයි.මේකෙදී වැඩක් කරන්න ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්.ඇඩ්වාන්ස් ගන්න පුලුවන් උපරිමය 30%ක්.උදාහරණයක් විදිහට ගත්තොත් 100$ක කන්ට්‍රක්ට් එකක් ගත්තොත් අපිට 30$ක් ඇඩ්වාන්ස් එකක් විදිහට ගන්න පුලුවන්.නියමයි නේ.
මේකෙන් ලැබෙන මුදල් ගන්න වෙන්නේ ඩෙබිට් කාඩ් එකකින් තමයි.ඒකත් නොමිලේ එවනවා.හැබැයි ඉතින් ඒක එන්න සති දෙකක් තුනක් විතර යනවා.මේ 1වෙනි කම්පනි එකේ මුදල් ඕනෑම තැනකින් ලබා ගන්නත් ඕනෑම තැනකට මුදල් ගෙවන්නත් යොදාගන්න පුලුවන්.

*.දැන් බලමු 2nd company එක ගැන

මේකෙදී අනිවාර්යයෙන්ම profile එකක් හදන්න ඕන.මේකෙ අඩංගු වෙනවා ඔයාගේ qualifications.එව්වා පුරවලා ප්රොෆයිල් ෆිට්නස් එක වැඩි කරගන්න ඕන.හැබැයි ඉතින් ඒ පුරවන එවිවා බොරැද ඇත්තද කියලනම් ඒ කට්ටිය බලන්නෙ නෑ.ඊට පස්සේ ඔයා‍ගේ ප්රොෆයිල් කොලිෆිකේෂන්ස් වලට ගැලපෙන විදිහේ ජොබ්ස් අපේ ඊමේල් එකට එවනවා.මේකත් කන්ට්‍රක්ට් විදිහට තමයි කරන්න තියෙන්නේ.නිශ්චිත කාල සීමාවක් නෑ.මේකෙත් ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්.ඒකත් 30$ ක් විතරයි.ඉස්සෙල්ලා කියපු විදිහටම ඔයා කරපු වැඩේ වැරදි තියෙනවනම් වැරදි හදන්න එවනවා.කාලය මදිනම් ඉන්බොක්ස් එකේ තියෙන බට්න් එකක් ක්ලික් කරලා කාලය ඉල්ල ගන්න පුලුවන්.පැය 14කින් පස්සේ ලංකාවේ බැංකු ගිණුමකින් මුදල් ලබා ගන්න පුලුවන්.

ඔන්න ඉතින් ඒකත් ඉවරයි.මේකෙ තියෙන oDesk එකවුන්ට් එක හදා ගන්න විදිහ ඊලග ලිපියෙන් ඒ කියන්නේ 05 වෙනි කොටසින් බලමු.

Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු.

කොහොමද කස්ටිය? ඔන්න අද මම ගෙනාවා ෆොටෝෂොප්.කිසිම ගේමක් නැතිව ඉගෙන ගන්න පුලුවන්.මේක කොටස් වශයෙන් තමයි මම පල කරන්න හිතාගෙන ඉන්නේ.එහෙනම් ඔන්න පටන් ගමු.පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න ඕන මේ ලිපිත් එක්ක දිගටම හිටියොත් ඔයාට හොද දැනුමක් ෆොටෝෂොප් ගැන අවබෝධ කරගන්න පුලුවන්.ඉස්සෙල්ලා පොඩි වැඩකෑල්ලක් දාලා ෆොටෝෂොප් හදුන්වලා දෙන්නම්කෝ.

කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ ගෝලීයකරණයට මූලික උනේ පරිගණකය.පරිගනකයේ මූලික සිද්ධාන්ත එකමුතුවෙන් ලෝකයේ වේගයෙන් තාක්ෂණික දියුණුවක් ඇති උනා.ගෘහ ජීවිතයේ සරල උපකරණයේ ඉදලා ගුවන් ගත වන අධිවේගී ගුවන් යානය තෙක් තාක්ෂණික දියුණුවට ඉවහල් වෙන්නේ ඒ කියන්නේ උපකාරී වෙන්නේ පරිගණකයයි. කම්පියුටරය එහෙමත් නැත්නම් පරිගණකය විවිධ ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵලයක් විදිහට දක්වන්න පුලුවන්.ඒ ජයග්‍රහණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ කතා කරන්න යන ෆොටෝෂොප් මුද්‍රකාංගයත් අපි අතරට ඇවිල්ලා ඉන්නේ.ෆොටෝෂොප් ගැන කතා කරද්දී ගොඩක්ම ඉස්මතු වෙන්නේ ඡායාරෑපකරණය.මේ වෙන කොට ඡාරෑපකරණයට නැතිවම බැරි අංගයක් බවට පරිගණකය සහ ෆොටෝෂොප් පත්වෙලා ඉවරයි.ඡායාරෑපකරණය වෘත්තියක් වශයෙන් කරණ අයටත් ආධුණිකයන්ටත් කොටින්ම කියනවනම් අපි හැමොටම Adobe Photoshop CS ඉතා හොද මෘද්‍රකාංගයක්.මේ වන විට මේකෙ අලුත්ම සංස්කරණය වන Adobe Photoshop CS5 නිකුත් වෙලා තියෙනවා.

හරි ඔන්න එහෙනම් හැදින්වීමනම් ඉවරයි.දෙවන ලිපියේ ඉදල ෆොටෝෂොප් පටන් ගමු.මොකද හිතුවට වඩා ටිකක් මේ හැදින්වීම දික්වුනා.දිගටම BlogShan blog එකත් ඉන්න.මේ ෆොටෝෂොප් ලිපි ඉවරවෙනකම් හැම දවසකම එක කොටස ගානේ ප්‍රකාශයට පත් කරනවා.එහෙනම් අපි දෙවෙනි කොටසින් හම්බවෙමු.ඔයාලට මගෙන් මොනව හරි මේ ගැන දැනගන්න තියෙනවනම් කමෙන්ට් කරන්න.නැත්නම් ෆෝම් එක පුරවලා එවන්න.(contact Me)

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement