Internet Money - 01 කොටස

මම දන්න දේ මම හැමෝටම කියල දෙනවා.මාත් හිතනවා ඔයාලත් එහෙම කරනවා ඇති කියලා.අපි එහෙනම් කතාව පටන් ගමු.

Internet Money කියන්නේ තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්.කෙටියෙන්ම තේරෙන විදිහට පැහැදිලි කරොත් ඉතින් මං දන්න විදිහට ඔච්චර තමයි.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.එහෙනම් ඔන්න හැදින්වීමක් ඉවරයි.දැන් මාතෘකාවකට බහිමු.


Internet Jobs කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.
 01. දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
   02.    ආකෘති පත්‍ර පිරවීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job)

අපි ඉස්සෙල්ලාම Ads clicking jobs ගැන බලමු.


Ads clicking jobs වලට නියමිත කාලයක් නෑ.මේ වෙලාවේ ඉදන් මේ වෙලාව වෙකම් වැඩ කරන්න ඕන කියල වෙලාවක් නියම කරල නෑ.තමන්ට ලෙහෙසි පහසු වෙලාවක මේ රැකියාව කරන්න පුලුවන්.Ads clicking jobs හොයාගන්න ලේසිම තැන තමයි 
workshoplk කියන බ්ලොග් සයිට් එක.ඒකේ දැනට අන්තර්ජාලයේ පවතින හොදම ඇඩ්ස් ක්ලිකින් ජොබ්ස් ලබා දෙන ආයතන සීයට සීයක් නීත්යානුකූලව ලබා දෙනවා.අපි පලමුවෙන්ම එහි තිබෙන bux.to යන වෙබ් අඩවියෙන් මුදල් උපයන ආකාරය පිළිබද දැනුවත් වෙමු.


Workshoplk.blogspot.com --> Bux.to --> Register --> එහි ඇති ෆෝම් එක නිවැරදිව පිරිවිය යුතුය.(එහි ඇති Alertpay account එකක් සාදාගන්නා අයුරැ දෙවෙනි කොටසින් බලාපොරොත්තු වන්න)(දෙවැනි කොටසට මෙතනින් යන්න)--> Finish register --> Log in


ඔබ ඔබේ Bux.to එකවුන්ට් එකට ලොග් වනාට පස්සේ ,
            Surf ads කියන ටැග් එක උඩ click කරපුවාහම ඔබට පෙන්වන පේජ් එකේ තනිකරම තියෙන්නේ ඇඩ්ස්.ඊට පස්සේ add එක උඩ click කරලා තත්පර 30ක් ඉදලා       

 Done කියල වැටුනාම ඒක Close කරල වෙන Add එකක් Click කරනවා.ඒ විදිහට ඔක්කොම ඇඩ්ස් ක්ලික් කරල බැලුවට පස්සේ අයෙමත් ඇඩ්ස් ඔයාගේ එකවුන්ට් එකට ඇඩ් වෙන්නේ පැය 24කට පස්සේ.ඊට පස්සේ ඔයා හොයපු මුදල් ප්‍රමාණය හොයා ගන්න ඕනනම් ඒකට කරන්න තියෙන්නේ My stats කියන tab එක උඩ click කරන එක විතරයි.


එහෙනම් අපි දෙවන කොටසින් හම්බවෙමුකෝ!   
   www.bux.to


ඉක්මනින් තමන්ගේ මුදල් ඉතිරිකර ගනිමින් අන්තර්ජාලයේ සැරි සරන්න.

පළමුවෙන්ම මම මගේ බ්ලොග් එකේ පල කරන්න යන්නේ ඔය ගොල්ලන්ට උවමනාම සොෆ්ට්වෙයාර් එකක් ගැන.සමහර විට මේක ඔය ගොල්ලෝ දන්නවත් ඇති.හරි වැඩි කතා බහවල් ඕන නෑ.අපි කෙලින්ම මාතෘකාවට බහිමුකෝ.

සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Opera 11.0 මෘද්‍රකාංගය.මේකත් Internet Explorer, Google Chrome වගේම තවත් Web Browser එකක්.මේ දාලා තියෙන්නේ ඒකෙ අලුත්ම සංස්කරණය.මම ඉතිං දැම්මොත් දාන්නෙ අලුත්ම
version තමා.එක්කෝ අලුත්ම Updates. මේ Web Browser එකෙන් සිදුවන විශේෂම කාර්යය වෙන්නේ අඩු මුදලකින් වැඩි කාලයක් අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්.ඒ එහි ඇති වේගයෙන් තොරතුරැ සම්ප්‍රේෂණය කරන නවතම පද්ධතිය හින්දා.ඔපෙරා වෙබ් බ්රවුසර් එකෙන් තවත් අපට වැඩ ලේසි කරගන්නා ආකාරයේ සිස්ටම් එකක් හදල දීලා තියෙනවා.තමන්ටම කියලා නොමිලේ වෙබ් අඩවියක් නොමිලේ බ්ලොග් එකක් මේ ඔපෙරා 11.0 සොෆ්ට්වෙයාර් එකෙන් අපට දී ල තියෙනවා.ඒ වගේම තමුන් වැඩි පුර යන එන තැන් වල ෂෝර්ට් කට්ස් මේ අලුත්ම ඔපෙරා වෙබ් බ්රවුසර් එකේ සදහන් කරගන්න පුලුවන්.එකෙන් තමන්ට ඉක්මනින් තමන් කැමති පේජ් එකකට යන්න පුලුවන්.
           උදාහරණයක් විදිහට ගත්තොත් මම හැමදාම ෆේස්බුක් යනවා.මට එතකොට හැමදාම සර්ච් බාර් එකේ ෆේස්බුක් ඇඩ්රස් එක ටයිප් කරන්න ඕන.හැබැයි ඔපෙරා එකේ ෂෝර්ට් කට් එකක් හැදුවට පස්සේ එහෙම කරන්න ඕන වෙන්නෙ නෑ.ඒ මොකද එක ක්ලික් එකෙන් අපිට ෆේස්බුක් යන්න පුලුවන්.

තව දෙයක්.ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නම් ඔපෙරා ටර්බු පාවිච්චි කරලා අන්තර්ජාලයේ හැසිරීම වේගවත් කරගන්න පුලුවන්.ඒ කියන්නේ ස්ලෝ කනෙක්ෂන් එක වෙනුවට ස්පීඩ් කනෙක්ෂන් එකක් ලැබෙනවා.
   

මෙන්න ඒ සොෆ්ට්වෙයාර් එක.නොමිලේම කිසි ගේමක් නැතිව ආතල් එකේ බබා වගේ ඩවුන්ලෝඩ් වෙයි.ක්රැක් කිරිලි පැච් කිරිලි මොනවත් නෑ.

                                        

දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගෙන ආතල් එකේ ඉක්මනින් වෙබ් එකේ සැරි සරමු.


About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement