හැම ලින්ක් එකක්ම අලුත් වින්ඩෝ එකකින් ඕපන් කරගමු!

ඔයාලට දැන් මම මේ කියන්න යන්නේ ලේසි පහසු ක්‍රමයක්.මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොග් එකේ හරි වෙබ් සයිට් එකේ හරි තියෙන හැම ලින්ක් එකක්ම අලුත් වින්ඩෝ එකකින් නැත්නම් අලුත් ටැබ් එකකින් ඕපන් වෙන එක.හරිම ලේසියි.සංකීර්ණ කියල කරන්න මොනවත්ම නෑ.

ඉස්සෙල්ලම Dashboard --> Design --> Edit HTML යන්න.මතක ඇතිව Expand Widget Templates කියන එක සිලෙක්ට් කරල ඉන්න. දැන්  ctrl+F ඔබලා <head> කියන එක සර්ච් කරන්න.ඊට පස්සේ <head> එකට යටින් <base target='_blank' /> කියන එක පේස්ට් කරන්න. දැන් SAVE TEMPLATE කියන එක ඔබන්න.


දැන් ඉතින් වැඩේ ගොඩ.ඔයාලම බලන්නකෝ. 



Adsense ව්‍යාකරණ විග්‍රහය බ්ලොගයට දාගමු!

කොහොමද ඉතින්? මෙන්න අලුත්ම වැඩක්.මේක ගොඩක්ම උවමනා වෙන්නේ ඇඩ්සෙන්ස් කරන අයට.කතාවට බහිමු.ඇඩිසෙන්ස් වලදී ව්‍යාකරණ විග්‍රහය ඔබ විසින් ගොඩනැගිය යුතුය.ඒ මොකද ඔයාට බෑ කෙලින්ම ඇඩ්සෙන්ස් වල ව්‍යාකරණ විග්‍රහය xml විදිහට දෙන්න.ඉතින් එතකොය ව්‍යාකරණ විග්‍රහයේදී ඇඩ්සෙන්ස් ව්‍යාකරණ විග්‍රහ කරනය පාවිච්චි කරන්න වෙනවා.මේ ගැජට් එකෙන් ඔයාගේ බ්ලොග් එකට එන අයට ඔයාගේ ඇඩ්සෙන්ස් කෝඩ්ස් පහසුවෙන් හදුනාගැනීමට උදව් වෙනවා.ඔන්න එහෙනම් කරණ විදිහ.

ඉස්සෙල්ලම dashboard-->Design- ->Page Elements යන්න.ඊලගට 'Add a Gadget' ක්ලික් කරන්න.ඊට පස්සේ HTML/Javascript කියන එක තෝරලා මම මේ පහලින් දීල තියෙන කෝඩ් එක කොපි කරලා ඒකට පේස්ට් කරන්න.ඊට පස්සේ ඊතින් වැඩේ ගොඩ.



<iframe src ="http://tools.bloggerplugins.org/parser.php"width="100%" style="border: none" height="300"</iframe>


Internet Money - 03 කොටස



ඔන්න ආයෙත් ඉන්ටර්නෙට් මනි තුන්වෙනි කොටස අරගෙන ආවා.අද කියල දෙන්න යන්නේ ෆෝම් ෆිලින්ග් ජොබ්(Form filling Job) ගැන.මේකෙනම් පින්තූරත් එක්කම විස්තර කරල තියෙන හින්දා ඔයාලට වැඩි වදයක් විදින්න වෙන්නේ නැතිවෙයි.

ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕනේ ඒ සයිට් එකට යන එක.(සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න).ඔයාලා සයිට් එකට ගියාට පස්සේ ඔයාට පේයි උඩම තියෙනවා Create a account කියලා.

ඒ බට්න් එක ක්ලික් කරලා ඇතුලට යන්න.දැන් ඔයාගේ හරි විස්තර දාලා පුරවන්න තියෙන ඔක්කොම තැන් පුරවන්න.පුරවලා ඉවරවෙලා Create account කියන බට්න් එක ඔබන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

දැන් ඔයාලා ඉන්නේ ඔයාගේ එකවුන්ට් එක ඇතුලේ.ඔයා දැන් පේජ් එකේ ටිකක් පල්ලෙහාට එන්න.එතකොට පේයි The following service are available කියලා කහ පාටින් හයිලයිග්ට් උන තීරැවක්.ඒතනින් පල්ලහායින් තමා ජොබ්ස් ටික තියෙන්නේ.ඊට පස්සෙ ඔයා අර මම ඉස්සෙල්ලා කියපු කහ පාට හයිලයිග්ට් කරල තියෙනවා කියපු තීරැවට යටින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

දැන් ඔයාට පේයි Start survey now කියලා බට්න් එකක්.ඔයා ඒක ක්ලික් කරන්න.

දැන් ඔයාලට පේයි වෙබ් සයිට් දෙකක් ලින්ක් කරල තියෙනවා.ඒ දෙකෙන් එකක් ඔයා කැමති එකක් තෝරලා ඔයා තෝරගත්තේ වෙබ් සයිට් එක නම් Click here for website 1 කියන ලින්ක් එක ක්ලික් කරන්න.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

ඒක ක්ලික් කරපුවාහම වෙනම ටැබ් එකක ඒ ක්ලික් කරපු සයිට් එක ඕපන් වෙනවා.


**විශේෂයි- ඔබ තෝරන ඕනෑම වෙබ් සයිට් එකක රෙජිස්ටර් වීම අත්‍යවශ්‍යයයි.**

ඊට පස්සේ ඔයා ඒ වෙනම ටැබ් එකක ඕපන් වෙන සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.
රෙජිස්ටර් වෙලා ඒකෙ ඇතුලට ගියාට පස්සෙ ඒ කියන්නෙ ඔයාගෙ එකවුන්ට් එකට ගියාට පස්සෙ ඔයාට මොනවත් කරන්න නෑ.ඔයා කෙලින්ම ලොග් අවුට් කියන බට්න් එක ක්ලික් කරන්න.දැන් ඒ ටැබ් එක ක්ලෝස කරල හරි ඔයාට කැමති විදිහකට ඔයාගේ සර්වේ එකවුන්ට් එකට යන්න.ඊට පස්සේ ඔයා අර කලින් වෙන ටැබ් එකකට යන්න ක්ලික් කරපු ලින්ක් එකට පහලින් තියෙනවා Short Evaluation - Please evaluate and give your general impressions of the above website කියලා.ඊට පහලින් තියෙනවා පොඩි කමෙන්ට් තීරැවක්.ඒ කමෙන්ට් තීරැවේ ඔයාට අර වෙන ටැබ් එකක ඕපන් උන සයිට් එක ගැන හිතන දේ ලියන්න ඕන.
උදා - Thats social networking site කියලා ඒ තියෙන කමෙන්ට් බාර් එකේ දාන්න පුලුවන්.
ලොකුවට බලාගන්න පින්තූරේ උඩ ක්ලික් කරන්න

ඊට පස්සේ දෙවෙනි එකත් පලවෙනි එක වගේම කරන්න ඕන.ඊට පස්සේ දෙවෙනි එකෙත් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ යටම තියෙනවා Click Here to Submit BOTH Reviews කියල ටැබ් එකක්.ඒක ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ.


දැන් අපි බලමු කොහොමද අපේ awsurveys account එකේ balance එක චෙක් කරන්නේ කොහොමද කියලා.ඔයා දැන් හෝම් කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ටිකක් පල්ලෙහාට පේජ් කේ යන්න.පල්ලෙහාට යද්දි පේයි My A.W.Survey Stats කියල වගුවක් තියෙනවා.


ඒකෙ තමා ඔයා හොයන ගාණ තියෙන්නේ.මේකෙන් ඕන්නම් ඇලර්ට්පේ එකවුන්ට් එකට හරි පේපල් එකවුන්ට් එකට හරි සල්ලි මාරැ කරන්න පුලුවන්.හැබැයි ඒකට උපරිමය ඩොලර් 80ක්වත් තියෙන්න ඕන.අපි සල්ලි මාරැ කරන හැටිත් බලමු.වගුවට යටින් තියෙනවා Redeem Money කියලා ලින්ක් එකක්.ඒක ක්ලික් කරන්න.


ක්ලික් කරාට පස්සෙත් එන්නෙ වගුවක්.ඒකෙ තියෙන විදිහට එතන පුරවලා redeem now කියන බට්න් එක ක්ලික් කරන්න.එතකොට කිසි ගින්නක් නැතිව ඔයා තෝරපු ඔයාගේ එකවුන්ට් එකට සල්ලි ගිහිල්ල තියෙයි.




දැන් බලමු අපි කොහොමද අමතර ආදායමක් මේ සයිට් එකෙන් හොයන්නේ කියලා.Refer friends කියන තැන ඒක උඩ ක්ලික් කරන්න.එතනින් කරන්නේ ලින්ක් ට්කක් දෙනවා.ඒවායින් ඇවිල්ලා කවුරැහරි මේ සයිට් එකේ රෙජිස්ටර් උනොත් 1.75$ක් ඔයාගේ එකවුන්ට් එකට බැර වෙනවා.ඕන්නම් ෆේස් බුක් එකේ මේ ලින්ක් දාන්න පුලුවන්.නැත්නම් තමන්ට වෙබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවනම් ඒත් දාන්න පුලුවන් විදිහේ ලින්ක සහ බැනර් ලින්ක හිටන් දීල තියෙනවා.ඔයාලට කරන්න තියෙන්නේ ඒ දීල තියෙන ලින්ක් පාර්ට් එක කොපි කරගෙන ගිහිල්ලා පේස්ට කරන එක විතරයි.


(හැබැයි හිතන්න එපා මම ඒ වාගේ බලු වැඩක් මගෙ මේ බ්ලොග් එකේ කරයි කියලා.මම මේ බ්ලොග් එක පටන් ගත්දිම පටන් ගත්තේ මේ බ්ලොග් එක පටන් ගත්තේ සල්ලි හොයන්න නෙමේ මම දන්න දේ අනිත් අයට කියල දෙන්න කියලා.වැඩි බජනෙට ගියොත් හිතයි දැන් මුගෙ ලොකුකං කියනව කියලා.ඒ හින්දා ඒක නවත්තමු).


හරි එහෙනම් ඔන්න සර්වේත් ඉවරයි.4වෙනි කොටසින් හමුබවෙමුකෝ.මේක ඔයාට වැදගත් උනානම් කමෙන්ට් පාරකුත් කරගෙනම යන්නකෝ.


About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement