ත්‍රිමාණ අනුරූ හදමු

පින්තූරෙ පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
(New version download link attached)

කොහොමද ඉතින් කස්ටිය ඈ? ඕං තවත් ගැජට් එකක් ගෙනාවා .මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩයි.නියම ගැජට් එක.සුපිරියි.හරි අපි කතාවට බහිමු.
මේ සොෆ්ට්වෙයාර් එකේ නම ඇලිබ්‍රි ඩිසයින් එක්ස්ප්‍රස් (Alibra design xpress). මේකෙන් ගොඩක් උදව් ගන්න පුලුවන් වෙන්නේ යාන්ත්‍රණික නිශ්පාදන වලට. ඒ කියන්නේ යාන්ත්‍රික හෝ කාර්මික වර්ගයේ ඕනෑම නිෂ්පාදනයක අනුරැවක් කම්පියුටර් එකෙන් නිර්මාණය කරගන්න පුලුවන් මේ සොෆ්ට්වෙයාර් එකෙන්.එහෙම කම්පියුටර් එක හරහා නිර්මාණය කරන එකේ වැදගත් කම වෙන්නේ පරිගණකය හරහා නියමිත ප්‍රමිතියට සෑදූ පසු එය හොදතත්වයෙන් හදන්න පුලුවන්.
පොඩි ඇණයක ඉදලා මෝටර් රථ, යන්ත්‍ර සූත්‍ර දක්වා අනුරෑ හදන්න මේ ගැජට් එකට පුලුවන්.අපි උදාහරණයක් ගමුකෝ.යම් මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න එකෙ සැලසුම නිර්මාණය කරා නම් මෝටර් රථයේ තියෙන සියලුම අංගෝපාංග වෙ වෙනම නිර්මාණය කරගන්න මේ ගැජට් එකෙන් පුලුවන්.මේ විදිහට හදන නිර්මාණයේ ත්‍රිමාණ අනුරැව කම්පියුටර් තිරයේ පෙනුනත් අවශ්‍ය ඕනම වෙලාවක තමන්ට ඕනම දෘෂ්ඨි කෝණයකින් ,ද්විමාන සැලසුමක් බවට පත් කරලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුලුවන්.එහෙම ගන්න ප්‍රින්ට් අවුට් එකේ ඒ නිෂ්පාදනයට ඔන කරන සියලුම පරිමාණයන්, අවශ්‍ය උපාංග වගේ හැම තොරතුරක්ම ඇතුලත් වෙනවා.හැබැයි ඕනනම් තමන්ට ඕන තොරතුරැ විතරක් සිලෙක්ට් කරලා ඒ තොරතුරැ විතරක් ගන්නත් පුලුවන්.කාර්මික නිර්මාණයන් සැලසුම් කරද්දී වැදගත් වෙන දිග, පළල, ගැඹුර ආදී මිනුම් කොටසින් කොටස නිවැරදිව සොෆ්ට්වෙයාර් එක විසින්ම ස්ක්‍රීන් එකේ විශේෂ පැනලයකින් පෙන්වනවා.ඒක උපකාර කරගෙන තමන්ගේ නිර්මාණය තවත් හොදට කරන්න පුලුවන්.අවශ්‍ය කොටස උඩට මවුස් පොයින්ට් එක අරන්ගියාම ඒකට ගැලපෙන පරිමාන, ඒ කොටස ගැන පොඩි හැදින්වීමක් වශයෙන් දැක බලා ගන්නත් මේකෙ වෙනම පැනල් එකක් තියෙනවා.මෝටර් රථ වගේ ඒවගෙ සැලසුම් නිර්මාණය කිරීමට යොදාගන්න පුලුවන් අමතර උපාංග බොහොමයක් සොෆ්ට්වෙයාර් එකේ තියෙන සාම්පල් ගබඩාවේ සේව් කරල තියෙනවා.අවශ්‍ය වෙන්නේ තමන්ගේ නිර්මාණයට ගැලපෙන විදිහට ඒවගෙන් කොටස් තොර ගන්න එකද විතරයි.ඕනෑම වෙලාවක ඒවා වැඩි දියුණු කරන්නත් පුලුවන්.(මේක අලුත්ම සංස්කරණය හින්දා මේකෙ දැනට පාවිච්චි වෙන වාහන විතරක් නෙවේ ඔනෑම අමතර කොටස් 93%ක් ඇතුලත් කරලා තියෙනවා.) මේ ගැජට් එකේ තියෙන තවත් විශේෂයක් වෙන්නේ සංකීර්ණ නිර්මාණයක් කරද්දී ඒකියෙන් පොඩ්ඩ මිස් උනොත් කට බිම උලා ගන්න විදිහේ නිර්මාණ කරද්දී ඒවා නිර්මාණය කරන්න මේකෙන් ස්වංක්‍රීයව මග පෙන්වනවා.ඒ කියන්නේ ටිප්ස් ලබා දෙනවා.එකෙනුත් ප්‍රින්ට් අවුට් ගන්න පුලවන් වගේම තොරතුරැ ලබා ගන්නත් පුලුවන්.
ඔන්න පලුලෙහායින් සොෆ්ට්වෙයාර් එක දැම්මා.කොහොම ද ගැජට් එක.කමෙන්ට් කරන්නකෝ.




About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement