පරණ Blogger Dashboard එක අලුත් විදිහේ ලස්සන Dashboard එකක් කරමු! නියමයි..

ඔන්න අද ආවේ Blog ලියන එයට වටිනා ලිපියක් අරගෙන. සමහර අයනම් මේ ගැන මේ වෙනකොටත් දැනගෙන ඉන්න පුලුවන්. ඒත් මේ දෙන්නේ නොදන්නා අයටයි. මොකද සමහරක් අය දැනගෙනත් දන්නෙ නැති කෙනෙක් අහපුවහම දන්නෙ නෑ කියල කියනවනේ. හරි එහෙනමම් වැඩි කතා බහක් නැතිව අපි වැඩේ කරන හැටි බලමු.
ඔයාල දන්නවනේ මේ අවුරැද්දේ Blogger වල ගොඩක් වෙනස් කම් උනා. ඉතිං ඒ අතරින් මේකත් සුවිශේෂි තැනක් ගන්නවා. මොකද මේක ඔයාලගේ පරණ Dashboard එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. හසුරවන්නත් ලේසියි. හැබැයි ටිකක් පුරැදු වෙන්න ඕනි. ඕනිම දෙයක් හරියටම කරගන්න පුලුවන් වෙන්නේ අපි ඒක නිතර නිතර භාවිතා කරද්දිනේ. ඉතිං මේකත් ඒ වගේ ඉක්මනට ඔයාලට පුරැදු වෙන්න පුලුවන්. ඉතිං එහෙනම් මම කියන්නම් කොහොමද ඔයාල ඒක Active කරගන්නේ කියලා.
කියල දෙන්න ඉස්සෙල්ලා කෝකටත් කියලා පින්තූර දෙකකින් වෙනස පෙන්නලා ඉන්නම්කෝ. මේ මගේ බ්ලොග් එකේ විදිහ. (පින්තූර පැහැදිලි නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරන්න)
පරණ Blogger Dashboard එක

අලුත් Blogger Dashboard එක


ඉස්සෙල්ලම ඔයාලගේ Blogger Account එකට Log වෙන්න. Log උනාට පේයි නිල්පාටට හුරැ දම්පාටට තියෙන ඔයාලගේ පරණ Dashboard එක. දැන් ඔයාල මෙතන Click කරන්න. දැං ඔයාලට පේයි අලුත්ම Blogger Dashboard එක. දැං ඔයාල ඒ එන අලුත් Dashboard එක තියෙන වින්ඩෝ එකේ ඔයාලගේ දකුණු පැත්තේ උඩ තියෙනවා  කියලා ඔය විදිහේ එකක්. ඔතන Make Blogger in Draft my default කියන එක ඉස්රහා තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරියක් වැටෙයි. දැං ඔයාල ඕපන් කරගෙන ඉන්න Blogger Dashboard සියල්ලම close කරලා අලුතෙන් එකක් open කරන්න. 
කොහොමද වැඩේ.. නියමයි නේ.....ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනා කියල හිතනවනම් Follow කරන්න. මේ පෝස්ටුව ගැන ගුණ දොස් , විවේචන කරන්න තියෙනවනම් සහ මේ ගැන යමක් දැනගන්න අවශ්‍යනම් Comment කරන්න. මොකද ඔයාල හින්දයි අපි මෙහෙම දේවල් දෙන්නේ.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement