ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය එබේ අතේ..

 ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.
01. තිරයේ දීප්තිමත් බව සකසන්න (Screen Brightness)

තිරයේ එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එකේ දීප්තිමත් බවට ගොඩක් වෙලාවට චාර්ජ් එක වැයවෙනවා වැඩියි. ඉතිං ඔයාට පුලුවන් ඉර එළිය හෝ වැඩි දීප්තිමත් තැනක් ඇති තැනක ඔයා වැඩ කරනවනම් දීප්තතාව නැත්නම් Brightness එක 10% වගේ සකසන්න. ඒ වගේම තමයි ඔයා වෙන වැඩක් කරන්නෙ නැතිව සිංදු විතරක් අහනවනම් ඔයාට පුලුවන් Screen එක වහලා දාන්න. ඒ කියන්නේ අපි desktop පරිගණක පාවිච්චි කරද්දී ඔය සිංදු දාල කොහාට හරි යද්දී Monitor එක off කරලා යන්නේ. අන්න ඒ වගේ ලැප්ටොප් පාවිච්චි කරන අයටත් පුලුවන් Screen එක off කරන්න. ඒකට තියෙන්නේ පොඩිම පොඩි ගැජට් එකක්. මෙතන click කරලා ගැජට් එක බාගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයා වැඩක් කරන්නෙ නැති වෙලාවට ඒ software එක open කරන්න විතරයි. එතකොට Display එක off වෙනවා. මවුස් එක හරි යතුරු පුවරුවේ අකුරක් හරි එබුවනම් ආයෙත් screen එක on වෙනවා. මේ වැඩේ power saver දාලත් පුලුවනි. නමුත් මේකෙන් මුලු screen එකට එන මුලු power එකම නවත්වනවා. 


02. වැඩකට නැති පරිගණකයේ ඉබේම ක්‍රියාත්මක වන වැඩසටහන් නවත්වන්න

සමහරක් software තියෙනවා windows ආරම්භ වෙනවාත් සමඟම ආරම්භ වෙන වැඩසටහන්. ඉතිං මේවාගෙන් බොහොමයක් දේවල් වැඩකට නැති දේවල්. ඒ කියන්නේ එතරම් අවශ්‍ය නැති දේවල්. අවශ්‍ය උනාම විවෘත කරගන්න පුලුවන් දේවල්. මොකද මේ වැඩකට නැති දේවල් මඟින් ප්‍රොසසර් එකේ වේගය සහ රැම් එකේ ධාරිතාවය වැඩි වෙනවනේ. එතකොට ඒවාට බොරුවට වැයවෙන charge එක රැකගන්න පුලුවන් ආරම්භයේදීම ඒ වැඩසටහන් ඉවත් කිරීම මඟින්.


03. අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති වෙලාවට කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න

සමහරක් වෙලාවට මේ අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්භන්ථය හේතුවෙන් පරිගණකයේ චාර්ජ් එක අඩුවෙන්න පුලුවන්. ඒ වගේම ගොඩක් දුරට මේ හේතුව වෙන්නෙනම් Wireless අන්තර්ජාල සම්භන්ධතාවය පාවිච්චි කරන අයටයි. මොකද Wi-Fi  හේතුවෙන් මේ කනෙක්ෂන් එකට වැඩි බලයක් ලැබෙනවා. ඒ මොකද කියල දන්නවනේ. කනෙක්ෂන් එක search වෙද්දී වැඩි බලයක් ලබා ගන්නවනේ. ඉතිං කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා වෙන වැඩක යෙදිල ඉන්නවනම් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.


04. CD/DVD Drivers සහ USB Ports නවතා දමන්න

මේක කියන්නේ Touch pad පාවිච්චි කරන අයට. ඔයත් ටච් පෑඩ් පාවිච්චි කරන කෙනෙක්නෙම් වෙනත් මවුස් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ Wireless mouse පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගෙ පරිගණකයේ ආරෝපණය අඩුවෙනවා. ඒ වගේම මේකනම් හැමෝටම වැදගත්. ඔයා ඔයාගෙ පරිගණකය පෞද්ගලිකව සාමාණ්‍ය වැඩ කටයුතු සඳහා යොදාගන්නවානම් එක CD/DVD Drive එකක් හැර වෙන එකක් සම්භන්ධ කරන්න එපා. මොකද ඒකටත් චාර්ජ් එක ගොඩක් වැයවන නිසා. හැබැයි ඉතිං ඒක කිව්වේ සාමාණ්‍ය පාවිච්චි කරන අයට හොඳේ. මොකද CD SHOP කරන අයටනම් ඒ කියමන හරිනෑ. අනික CD SHOP කරන අය ලැප් වලින් CD/DVD Write කොරන්නෙත් නෑනේ. :D ඉතිං කොහොම හරි මේ වැඩුපුර තියෙන ports,, drivers කොහොමද Disable කරන්නේ කියලත් කියල දෙන්න ඕනිනේ. පශළ පින්තූරෙ විදිහට Device Manager වලට ගිහින් පෙන්නලා තියෙන විදිහට වැඩේ කරගන්න. Device manager එකට යන්නේ Computer ---> Right Click ---> Manage ඔන්න ඔහොමයි.




05. Power Plans සකසා ගන්න
වින්ඩෝස් වල Control Panel වල තියෙන Power Saving Plans කියන එක පාවිච්චි කරලා ඔයාගෙ ලැප්ටොප් පරිගණකයේ චාර්ජ් එක ඉතුරු කරගන්න පුලුවන්.


ඒ වගේම Advanced Power Setting පාවිච්චි කරලා ඔයාට පරිගණකයේ යම් යම් දේවල් පවතින්න අවශ්‍ය වේලාවන් සකසා ගන්න පුලුවන්. මේ වේලාවන් සකසද්දී පුලුවන් අඩුම ඒ කියන්නේ අවම උපරිමය වෙලාව දාන්න උත්සාහ කරන්න.



06. Battery Optamizer Software එක පාවිච්චි කරන්න

Battery Optamizer කියන්නේ බැටරියේ ආයුෂ කාලය සහ පැවැත්ම සකසලා දෙන තවත් හොඳ මෘදුකාංගයක්. මේකෙන් ඔයාගෙ බැටරිය හොඳට පාවිච්චි කරන්න පුලුවන්. මේකෙ තියෙන Analyze කිරීම මඟින් ඔයාගෙ බැටරිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, ඔයා බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයට යොමුවෙන්නත් ඉඩ සලසලා දෙනවා. සාමාන්නියෙන් මේ ඇනිලයිස් වීමට විනාඩි දහයක් විතර වැයවෙනවා. ගැජට් එක මෙතන ක්ලික් කරලා බාගන්න.


එහෙනම් ඉතිං හොඳට ලැප් එක පාවිච්චි කරන්න හොඳේ.. මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement