විශ්වාසවන්ත පාස්වර්ඩ් තනා දෙන සහ ඒවා පවත්වා ගන්නා සයිට් එකක්


ඔන්න තවත් ගැජට් එකක් දානවා.හොදද බලලා කමෙන්ට් කරන්නකෝ.මේ සයිට් එකේ නම ලාස්ට්පාස්(lastpass). මේකෙ ක්‍රම 2ක් තියෙනවා.ඕනනම් අපිට ලාස්ට්පාස් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් වැඩ ගන්න පුලුවන්.නැත්නම් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නේ නැතිව සයිට් එකේදීම පාස්වර්ඩ් හදාගන්න එක අනිත් ක්‍රෙම්.මේ ඕන එකක් කරන්න පුලුවන්.ඕනනම් ක්‍රම දෙකම උනත්.මේ ගැජට් එකේ විශේෂත්වය වෙන්නේ එක්කෙනුකට විතරක් මතක තියාගන්න පුලුවන් වෙන විදිහට ඔහු හෝ ඇයගෙන් තොරතුරැ අරගෙන පාස්වර්ඩ් හදල දෙන එකයි.ඊට අමතරව ඒ පාස්වර්ඩ් දත්ත ගබඩාවක් විදිහට තියාගන්න අතර මේ සොෆ්ට්වෙයාර් එක හරහා අදාළ වෙබ් සයිට් එකට පිවිසෙන්න පුලුවන්.
අපි දැන් මාතෘකාවකට බහිමු.මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඒක ලේසි වෙනවා.මේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙන සොෆ්ට්වෙයාර් එකෙත් bit වර්ග දෙකටම එම සොෆ්ට්වෙයාර් එක හදල තියෙනවා. සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න.
32 bit
64 bit

ඩවුන්ලෝඩ් කරල ඉවර උනාට පස්සේ ලාස්ට් පාස් සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.(රෙජිස්ටර් වෙන්න මෙතන ක්ලික් කරන්න) . ඊට පස්සෙ කරන එව්ව ඔයාලට මම ඉස්සෙල්ලම කියලා දුන්නනේ.ඉතින් ඔන්න මේකෙ හොද නරක කමෙන්ට් කරන්නකෝ.




පරිගණක තිරයේ දිස්වෙන ඕනම දෙයක් ඉමේජ් එකක් බවට හරවන්න පුලුවන් අලුත්ම ගැජට් එක

පින්තූරය පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
කොහොමැයි ඉතින්.ඔන්න අලුත් ගැජට් එකක් ගෙනාවා.ඒකෙ නම තමයි සොලිඩ් කැප්චර්(Solid Capture).මේකෙන් වෙන්නේ පරිගණක තිරයේ පෙන්නන යම් දෙයක් පින්තූරයක් හැටියට ගන්න ඕන උනාම අපි සාමාන්නියෙන් කරන්නේ කී බෝඩ් එකේ තියෙන ප්රින්ට් ස්ක්‍රීන් බට්න් එක ප්රෙස් කරලා ඒ ඉමේජ් එක ගන්න එකනේ.අන්න ඒ කාර්යයම වඩා දියුණු පහසු ක්‍රමයකට කරගන්න තමා මේ සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නේ.
කම්පිටර් තිරයේ පෙන්නන ඕනෙ දෙයක පින්තූරයක් මේ ගැජට් එකෙන් ගන්න පුලුවන් අතර ඒ ගන්න පින්තූරේ සංස්කරනය කිරීම හා තවත් ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්.පරිගනක තිරයේ දිස්වෙන ෆෝල්ඩර්ස්, ටෙක්ස්ට් ෆයිල්ස්, පින්තූර ආදී ඕනෙ දෙයක් ඉමේජ් එකක් බවට පත් කරගන්න ඕන හැම දෙයක්ම මේ සොෆ්ට්වෙයා එකේ තියෙනවා.මේකෙන් වෙබ් අඩවියක තිබෙන තමන්ට අවශ්‍ය ඕනෙම දෙයක් ඉමේජයක් කරල සේව් කරගන්න පුලුවන් පහසුකමකුත් දීල තියෙනවා.මොනිටර් එකේ පේන ඕනම පින්තූරයක් වෙබ් අඩවියක පෙන්නන විට ඒකෙ වර්ණ පිටපත් කරගැනීම සදහා ඒ කියන්නේ පාට කොපි කර ගැනීම සදහා විශේෂ ටූල් එකක්ද මේකෙ අඩංගු කරල තියෙනවා.වෙබ් අඩවිවලින් හෝ වෙනත් තිරයේ දිස්වෙන ඉමේජයකින් කලර් කැප්චර් කිරීමේදී එහි ඇති කුඩාම පික්සලයේ තියෙන වර්ණ පවා තෝරා ගන්න පුලුවන්.
මේකෙ විශේෂත්වය වෙන්නේ මේ ටූල් එක ක්‍රියාත්මක කරමින් යම් තැනක් තෝරපුවහම ඒ තෝරපු තැන පාටත්,ඒකට ගැලපෙන වෙබ් අඩවිවලදී භානිතා වන අපි කවුරැත් දන්න HTML සංකේත අංකයයි පෙන්නුම් කරනවා.මේ පහසුකම වෙබ් අඩවි නිර්මානය කරන අයට හොද පහසුවක් ලබා දෙනවා.සොෆ්ට්වෙයාර් එකෙන් ගන්න පින්තූරෙ ඕනනම් ඇක්රොබැට් පීඩීඑෆ් ෆයිල් ආකාරයටත් පරිවර්තනය කරන්න පුලුවන් විදිහේ ටූල් එකකුත් දීල තියෙනවා.එතකොට තව ලබා ගන්නා ඉමේජ් හරි පීඩීඑෆ් ෆයිල්ස් ඊමේල් කරන්න පුලුවන් ටූල් එකකුත් මේකෙ දීල තියෙනවා.මේකෙ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ කම්පියුටර් ස්ක්‍රීන් එක මතට මිනුම් කෝදුවක් ලබාදී ඒ මගින් පරිගණක ඩෙස්ක්ටොප් තිරයේ තියෙන දේ මෙන්ම වෙබ් අඩවි වල තියෙන යම් යම් කොටස් වල පරිමාණ පික්සල් විදිහට මැනගන්න පුලුවන් පහසුකමත් දීල තියෙනවා.ඔන්න පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කර ගන්න.
හසිස්සියේ බැරි වෙලාවක්වත් සීරියල් කී එකක් ඉල්ලුවොත් මේක දෙන්න
මේක ටොරන්ට් ලින්ක් එකක්.ඒ හින්දා සීරියල් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ ටොරන්ට් වලින්.
(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න)





Mount & Blade ගේම් එක

පින්තූරෙ පැහැදිලි නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න
ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා.මේකෙ නම මවුන්ට් ඇන්ඩ් බ්ලේඩ්(Mount & Blade).මේ ගේම් එක ගැන කෙටියෙන්ම හදුන්වනවනම් මධ්‍යකාලීන යුගයේ ජීවත්වෙලා හිටපු විවිධ ජාතීන්ට අයත් සේනාංක පහක භට පිරිස් අතර ඇතිවෙන සටන් ගැන තමයි මේ ගේම් එකේ කෙටිම හැදින්වීම.හරි අපි දැනි ලොකු කතාවට බහිමු.

මේ සේනාංක ඉන්නේ ක්ලැරීඩා කියන පළාතේ.මොවුන්ගේ මේ සටන් වලට විවිධ කාරණා හේතු වෙනවා.බදු එකතු කිරීම්, භූමිය ආක්‍රමණය කිරීම්, කුඩා කණ්ඩායම් වලට පහර දීම් යන එව්වා ඒ සටන් වලට හේතු වෙන කාරණා කීපයක්.මේකෙදී ක්‍රීඩකයා තෝර ගන්න සේනාංකය අනුව අවසාන ඉලක්කය වෙනස් වෙනවා.මේ ගේම් එකේ සටන් සේනාධිනායකයින් පස් දෙනෙක් අතර සිදුවෙනවා.එහිදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියාකරන්න වෙන්නේ ඒ එක සේනාධිනායකයෙක් විදිහටයි.
පරිගනක ක්‍රීඩකයා තමන් කැමති සේනාංකයක් තෝරගත්තට පස්සේ අවශ්‍ය භට පරිස නිර්මාණය කරගන්න ඕන.මේකෙදී අනිවාරයෙන්ම තමන් තෝරගන්නා කන්ඩායමට ගැලපෙන විවිධ සෙබළ කණ්ඩායම් වගේම ඒවාට ගැලපෙන කන්ඩායම් නායකයින් පත් කල යුතු අතර ඔවුන්ට ගැලපෙන ආයුධද තෝරා ගන්න වෙනවා.මේ ගේම් එකේ වැඩි ලකුණු ගන්න කරන්න ඕනේ සතුරන් එක්ක ඇතිවෙන සටන් මග හරිමින් තම භූමි ප්‍රෙද්ශයේ බලය තහවුරැ කරගන්න එකයි.තම භූමි ප්‍රෙද්ශය ආකුමණය වෙන විට එය ආරක්සා කරගන්නට උපක්‍රමශීලීව සේනාව හැසිරවීමට පරිගනක ක්‍රීඩකයා වග බලා ගන්න ඕන.මේකට අමතරව තමන්ගේ කදවුරැ ශක්තිමක් කරගැනීම, සතුරැ ප්‍රහාර වලින් ආරක්ෂා වීමට කදවුරැ වටේට ආරක්ෂිත අගල්,වැටවල් ආදිය සකස් කරන්නත් සෙම්පතියා විදිහට පරිගනක ක්‍රීඩකයා වග බලා ගන්න ඕන.එතකොට තමන්ගේ ආරක්ෂාව තහවුරැ කර ගැනීම වෙනුවෙන් ලකුණු ලැබෙනවා.
ඔන්න පල්ලහොයින් ඩවුන්ලෝඩ් කරගන්න.




Torrent Download කරගෙන පාවිච්චි කරන විදිහ සිංහල වීඩියෝ එකකින්

ඔන්න ටොරන්ට් ගැන දන්නෙ නැත්නම් මේක බලල ඉගෙන ගන්න.





About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement