එක ක්ලික් එකෙන් බුකියෙ පින්තූර, වීඩියෝ ඇල්බම් පිටින්ම බාමු.

ඔයාට කවදාක හරි Facebook එකේ තියෙන ඔයාගෙ කාගෙ හරි යාලුවෙක්ගෙ පින්තූර Album එකක් Download කරගන්න ඕනි උනාද? ඒත් ඒක කරන්න ගොඩක් අමාරුයි. මොකද අපිට බෑ බුකියේ තියෙන කිසිම ඇල්බම් එකක් එහෙම් පිටින්ම බාගන්න. අපිට ඒ ඇල්බම් එක ඕනිනම් අපිට කරන්න තියෙන්නෙ එක එක පින්තූරය ගානෙ open කරගෙන ඒ එක එක පින්තූරෙ තමයි Download කරගන්න වෙන්නෙ. ඕක ඉතිං හෙනට කම්මැලි වැඩක්නේ. ඉතිං ඕය ප්‍රශ්ණෙට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මේ කියල දෙන්න යන එකෙන් ඔයාට පුලුවන් බුකියෙ තියෙන වීඩියෝස් පවා බාගන්න. අද කියල දෙන්න යන්නේ ඒ ගැන.

PICK&ZIP කියන්නේ මෙන්න මේ වැඩේ ඒ කියන්නේ බුකියෙ තියෙන පොටෝස් ඇල්බම් පිටින් බාගන්න පුලුවන් සයිට් එකක්. මේකෙන් පුලුවන් ඔයාගෙ තියෙන ඕන පින්තූරයක්, ඇල්බම් එකක් බාගන්න. ඒ වගේම වෙන කාගෙ හරි profile picture සෙට් එකම, එතකොට කාගෙ හරි සේරම පින්තූර වගේම Facebook page වල තියෙන පින්තූර පවා මේකෙන් Download කරගන්න හැකියාව ලබා දීල තියෙනවා. ඉතිං මේ පහසුකම ඔයාටත් භාවිතා කරන්න ඕනිනම් ඔයාට තියෙන්නේ මේ Site එකට ගිහින් ඔයාගෙ facebook account එකෙන් log වෙන එක විතරයි. කිසි දේකට බයවෙන්න එපා.. මේකෙන් ඔයාගෙ එකවුන්ට් එකට කිසිම හානියක් වෙන්නෙ නෑ.


PICK&ZIP එකේ විශේෂතා ටිකක් කියන්නම්කෝ.

  1. Profile Pictures Download කරගන්න පුලුවන්.
  2. ඔයාව Tag කරපු Photos Download කරගන්න පුලුවන්.
  3. Facebook ඒකේ තියෙන Photos Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ හැම Photo එකක්ම)
  4. Facebook එකේ තියෙන හැම Photo Album එකක්ම Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ තියෙන Album වලින් තෝරාගත් ඒවා)
  5. Facebook Group වල තියෙන Photos Download කරගන්න පුලුවන්. (මේකෙදිනම් පුලුවන් ඔයාගෙ යාලුවන් දාපු Photos විතරයි Download කරගන්න)
  6. Facebook Page වල තියෙන Photos Download කරගන්න පුලුවන්.
  7. ඔයාල Download කරගන්න Photos Save වෙන්න ඕනි ආකාර දෙකකින් ලබා දෙනවා. ඒ කියන්නේ ඔයා Download කරන Photos 'ZIP' ආකාරයෙන් හෝ 'PDF' ආකාරයෙන් Save කරගන්න පුලුවන් ඔයාගෙ PC එකේ.

දැන් බලමු කොහොමද මේ පින්තූර බාගන්නේ කියලා.

01. ඉස්සෙල්ලම PICK&ZIP සයිට් එකට යන්න. සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ "Login With Facabook" කියන එක උඩ click කරන්න.


02. ඊට පස්සේ හැම Permission එකක්ම එයාල ලබා දෙන Application එකට ලබා දෙන්න.

03. දැන් ඔයාට පුලුවන් වම් පැත්තේ තියෙන තීරුවේ තියෙන ඔයාගෙ යාලුවන්ගේ නමක් උඩ ක්ලික් කරාම දකුණු පැත්තෙ තියන තීරුවේ ඒ යාලුවාගේ තියෙන පින්තූර පෙන්නනවා. ඉතිං මේකෙ 'TAGGED' කියල තියෙන කොටසේ පෙන්වන්නේ ඔයාව ඒ යාලුවා විසින් Tag කරපු පින්තූරයි.



04. 'ALBUM' කියන කොටසෙන් පෙන්නන්නේ 'FRIENDS' කොටසින් අපි තෝරලා තියෙන යාලුවාගේ සියලුම Photo Album ටික. ඔයාට Download කරගන්න ඕවි පින්තූර නැත්නම් ඇල්බම් Select කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුලුවන් ඔයාට ඒ අදාල පින්තූරය උඩ click කරන්න. නැත්නම් කෙලින්ම පින්තූරය උඩට mouse එක අරන් ගියාම ඒ පින්තූරයේ යටම දකුනු පැත්තේ අයින්නේ පෙන්වන Download Button එක උඩ Click කරන්න.



05. ඔයාට ඕනි කරන පින්තූර select කරාට පස්සේ 'DOWNLOAD' කියන එක උඩ click කරන්න. දැන් ඔයාට පේයි කොටස් දෙකකින් Download කරගන්න විදි තියෙනවා කියලා. 'Download my selection' කියන එක Click කිරීම මඟින් වෙන්නේ ඔයා select කරපු පින්තූර විතරක් Download වෙන එකයි. අනිත් එක ඒ කියන්නේ 'Download all photos' කියන එක click කරොත් හැම පින්තූරයක්ම Download කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා Select කරපු නැති ඒවත් එක්කම.

06. ඔය දෙකෙන් මොන ක්‍රමය ඔයා තෝරගත්තත් ඔයාට Download වෙන්න ඕනි Format එක අහනවා. මමනං කියන්නේ ZIP ක්‍රමයට Download කරගන්න කියලයි. කොහොම හරි ඔයාට ඕනි Format එක උඩ click කරන්න.

07. ඊට පස්සේ Application එක ඒ ඔයා තෝරපු හෝ ඒ අවශ්‍ය සියලුම පින්තූර එක තැනකට එකතු කරගන්නවා. ඒකට ටික වෙලාවක් ගත වෙනවා. ඔයා තෝරන පින්තූර අනුව වෙලාව වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාට පින්තූර ටික Save කරගන්න කියලා වැටෙයි. ඊට පස්සේ ඉතින් Save කරගන්න තමා තියෙන්නෙ.

එහෙනම් වැඩේ හරියට කරානම් ගානකට තිතට නූලට පින්තූර ටික බෑවෙනවා. එහෙනං මම ගියා. මොකුත් අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ. වැඩක් උනා කියල හිතෙනවනං කමෙන්ට් පාරක් දාලම යන්න.

RAR file එකකට පාස්වර්ඩ් එකක් දාන හැටි.



















මාතෘකාව දැක්ක ගමන් සමහර අයනම් කියවන්නෙත් නැතිවෙයි. අපෝ මේවා මොනාද කියලා. ඒත් මේක හරියට කරගන්න බැරි ගොඩක් අය ඉන්නව කියලත් ඒ අය දැනගන්න ඕනි. අන්න ඒක නිසයි මම මේක ලියන්නෙ. ඉතිං මේ වැඩේ කරන්න එච්චර ගේමක් දෙන්න ඕනි නෑ. කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක්. ටිකක් කීවට ටිකෙනුත් ටිකයි හොඳේ. එහෙනම් කතා නවත්තලා වැඩේට බහිමු.

මුලින්ම ඔයාගෙ පරිගණකයේ WinRAR install කරල තියෙන්න ඕනි. ඔයාගෙ පරිගණකයේ WinRAR නැත්නම් මෙතන click කරලා අලුත්ම 4.20 version එක Crack එකත් එක්කම Download කරගන්න. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.  ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න.  ඊට පස්සේ වැඩේ හරි. 

දැන් ඔයාට Password එක දාන්න ඕනි Folder එක උඩ Right click කරන්න. ඊට පස්සේ 'Add to Archive...' කියන එක උඩ click කරන්න. 



දැන් පහත තියෙන පින්තූරෙ වගේ window එකක් ඔයාට පේයි. ඉස්සෙල්ලම 'Advanced' කියන tab එක උඩ click කරන්න. මොකද එතනින් තමයි Password එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙන 'Set Password...' කියන එක උඩ click කරන්න.



දැන් ආයෙත් Pop-up window එකක් එයි. අන්න ඒ එන එකේ “Encrypt file names” කියන එක ඉස්සහ කොටුව click කරන්න. එතකොට ඒ කොටුව ඇතුලෙ හරි සලකුණක් වැටෙයි. දැන් ඔයාට අවශ්‍ය කරන password ලබා දෙන්න. තැන් දෙකටම එකම password එක ලබා දෙන්න. 



දැන් OK ලබා දෙන්න. ඊට පස්සේ වැඩේ හරි.



අලුත් Post එකකින් හම්බවෙමු එහෙනම්. ජයවේවා..

IDM එකෙන් බෑවත් ස්පීඩ් එක මඳි වගේද.. එහෙනම් තවත් වේගෙ වැඩිකරගන්න


ගොඩක් අයට තියෙන අමාරුවක්නේ කොච්චර speed එකකින් download උනත් ඒ download වෙන්න ගිය කාලය වැඩියි කියන එක. මටත් තියෙනවා ඔය සීන් එකනම්. ඒක නිසා ඔන්න අද දෙන්න යනවා කලින් internet speed කරගන්න හැටි කියල දුන්න වගේ IDM එහෙමත් නැත්නම් Internet Download Manager වල download speed එක වැඩි කරගන්න පොඩි ගැජට් එකක්.  මේ වැඩෙන් අඩු කනෙක්ෂන් එකක් තියෙද්දි උනත් සාමාන්‍යය download වේගයට වඩා වේගයක් එකතු වෙනවා. 

ජනෙල් හත ඇපල් සිංහයෙක් කරගන්න



ගොඩක් අයට තියෙන අවුලක්නේ කොහොමද තමන්ගේ Desktop එක, Computer එක ලස්සන කරන්නේ කියලා. තවත් සමහරුන්ට ඕනි දැනට තියෙන හොඳම OS එකෙන් වැඩ කරන්න. ඒ වගේම මට තිබුනු ප්‍රශ්ණයක් තමයි Apple Mac OS එකට ඇපල් පරිගණකයක් නැතිව වෙන එකකට දාගන්න බැරිද කියලා. ඔහොම ඉද්දී ඉතිං පොඩ්ඩක් නෙට් එකේ දගලද්දී හම්බවුනා Windows 7ට මේ වැඩේ දෙන්න පුලුවන් එකක්. ඒ කියන්නේ Windows 7 වලට අලුතෙන් ආපු Mac OSX OS දාන්න පුලුවන්.

ඇත්තම කීවොත් මමත් දාගෙන බලපු නිසයි කියන්නේ. සිරාවටම මරුයි හොඳේ. ඔන්න යටින් දානවා මගෙ Desktop එකේ screen shot එකක්.

පින්තූරය විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න

කොහොම හරි ඉතිං මේකෙ රොකඩ් ඩොක්ස් සහ ගැජට් ගොඩකින් පිරිල තියෙනවා. 

මේක ගැන ඉතිං කියන්නනම් ගොඩක් දේවල් නෑ. මොකද මේක Install කරන්න උනත් ලේසයි. Install කරල ඉවර වුනාට පස්සේ Reboot කරන්න අහයි. ඊට පස්සේ OK දීලා Reboot කරන්න. එතකොට හරි. 

එහෙනම් ඔන්න පහලින් බාගන්න හොඳේ.




අන්තර්ජාලයේ ලොල්ලෙකු වෙන්න. 20%කින් වේගෙ වැඩිකරගන්න.



ගොඩක් අයට එන ප්‍රශ්ණයක්නේ මේ ඉන්ටනෙට් එකේ වේගෙ මදි එක. හැබැයි ඉතිං ඒකට තමන්ගෙ පරිගණකයෙත් හොඳ හැකියාවන් තියෙන්න ඕනි. නැත්නම් මෙලෝ රහක් නැති කම්පියුටරයක් තියාගෙන නෙට් ස්ලෝ කිය කිය හිටියට වැඩ හරියන්නෙ නෑ. කොහොම හරි අද කියල දෙන්න යන්නේ පොඩිම පොඩි දෙයකින් 20%ක් අපේ ඉන්ටනෙට් එකේ වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ.

ලැප් එකේ බැටරියේ චාර්ජ් එක වැඩිපුර තියාගන්නවද; නැත්නම් බැටරිය ගොඩක් කල් තියාගන්නවද; තීරණය එබේ අතේ..

 ගොඩක් වෙලාවට ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අය හිතනවනේ කොහොමද බැටරිය ආරක්ෂා කරගන්නේ, කොහොමද වැඩිපුර කාලයක් භාවිතා කරන්නේ කියලා. බැටරියේ ආරෝපිතාව එහෙමත් නැත්නම් චාර්ජ් එක ජංගම දුරකථන වලට වගේම ලැප්ටොප් පරිගණක වලටත් උවමනාම දෙයක්. ඉතිං ඒකට පොඩි පොඩි ක්‍රම ටිකක් තියෙනවා. ඉතිං වැදගත්ම වන ක්‍රම ටික තමයි ඔයාලට අද කියන්න යන්නේ. ගොඩක් අය මම දැක්කා බුකියේ කියල තිබුනා ලැප් එකේ බැටරිය ආරක්ෂා කරගන්න හැටි. හැබැයි ඒවගෙන් සමහරක් තියෙන විදිහට කරොත් බැටරියක් අලුතෙන් ගන්න එක හොඳයි කියල හිතෙයි. හරි ඉතිං වැඩි කතා බතා ඕනි නෑනේ. මාතෘකාවට බහිමුකෝ.
01. තිරයේ දීප්තිමත් බව සකසන්න (Screen Brightness)

තිරයේ එහෙමත් නැත්නම් ස්ක්‍රීන් එකේ දීප්තිමත් බවට ගොඩක් වෙලාවට චාර්ජ් එක වැයවෙනවා වැඩියි. ඉතිං ඔයාට පුලුවන් ඉර එළිය හෝ වැඩි දීප්තිමත් තැනක් ඇති තැනක ඔයා වැඩ කරනවනම් දීප්තතාව නැත්නම් Brightness එක 10% වගේ සකසන්න. ඒ වගේම තමයි ඔයා වෙන වැඩක් කරන්නෙ නැතිව සිංදු විතරක් අහනවනම් ඔයාට පුලුවන් Screen එක වහලා දාන්න. ඒ කියන්නේ අපි desktop පරිගණක පාවිච්චි කරද්දී ඔය සිංදු දාල කොහාට හරි යද්දී Monitor එක off කරලා යන්නේ. අන්න ඒ වගේ ලැප්ටොප් පාවිච්චි කරන අයටත් පුලුවන් Screen එක off කරන්න. ඒකට තියෙන්නේ පොඩිම පොඩි ගැජට් එකක්. මෙතන click කරලා ගැජට් එක බාගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයා වැඩක් කරන්නෙ නැති වෙලාවට ඒ software එක open කරන්න විතරයි. එතකොට Display එක off වෙනවා. මවුස් එක හරි යතුරු පුවරුවේ අකුරක් හරි එබුවනම් ආයෙත් screen එක on වෙනවා. මේ වැඩේ power saver දාලත් පුලුවනි. නමුත් මේකෙන් මුලු screen එකට එන මුලු power එකම නවත්වනවා. 


02. වැඩකට නැති පරිගණකයේ ඉබේම ක්‍රියාත්මක වන වැඩසටහන් නවත්වන්න

සමහරක් software තියෙනවා windows ආරම්භ වෙනවාත් සමඟම ආරම්භ වෙන වැඩසටහන්. ඉතිං මේවාගෙන් බොහොමයක් දේවල් වැඩකට නැති දේවල්. ඒ කියන්නේ එතරම් අවශ්‍ය නැති දේවල්. අවශ්‍ය උනාම විවෘත කරගන්න පුලුවන් දේවල්. මොකද මේ වැඩකට නැති දේවල් මඟින් ප්‍රොසසර් එකේ වේගය සහ රැම් එකේ ධාරිතාවය වැඩි වෙනවනේ. එතකොට ඒවාට බොරුවට වැයවෙන charge එක රැකගන්න පුලුවන් ආරම්භයේදීම ඒ වැඩසටහන් ඉවත් කිරීම මඟින්.


03. අන්තර්ජාලය භාවිතා කරන්නෙ නැති වෙලාවට කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න

සමහරක් වෙලාවට මේ අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්භන්ථය හේතුවෙන් පරිගණකයේ චාර්ජ් එක අඩුවෙන්න පුලුවන්. ඒ වගේම ගොඩක් දුරට මේ හේතුව වෙන්නෙනම් Wireless අන්තර්ජාල සම්භන්ධතාවය පාවිච්චි කරන අයටයි. මොකද Wi-Fi  හේතුවෙන් මේ කනෙක්ෂන් එකට වැඩි බලයක් ලැබෙනවා. ඒ මොකද කියල දන්නවනේ. කනෙක්ෂන් එක search වෙද්දී වැඩි බලයක් ලබා ගන්නවනේ. ඉතිං කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා වෙන වැඩක යෙදිල ඉන්නවනම් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න.


04. CD/DVD Drivers සහ USB Ports නවතා දමන්න

මේක කියන්නේ Touch pad පාවිච්චි කරන අයට. ඔයත් ටච් පෑඩ් පාවිච්චි කරන කෙනෙක්නෙම් වෙනත් මවුස් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ Wireless mouse පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගෙ පරිගණකයේ ආරෝපණය අඩුවෙනවා. ඒ වගේම මේකනම් හැමෝටම වැදගත්. ඔයා ඔයාගෙ පරිගණකය පෞද්ගලිකව සාමාණ්‍ය වැඩ කටයුතු සඳහා යොදාගන්නවානම් එක CD/DVD Drive එකක් හැර වෙන එකක් සම්භන්ධ කරන්න එපා. මොකද ඒකටත් චාර්ජ් එක ගොඩක් වැයවන නිසා. හැබැයි ඉතිං ඒක කිව්වේ සාමාණ්‍ය පාවිච්චි කරන අයට හොඳේ. මොකද CD SHOP කරන අයටනම් ඒ කියමන හරිනෑ. අනික CD SHOP කරන අය ලැප් වලින් CD/DVD Write කොරන්නෙත් නෑනේ. :D ඉතිං කොහොම හරි මේ වැඩුපුර තියෙන ports,, drivers කොහොමද Disable කරන්නේ කියලත් කියල දෙන්න ඕනිනේ. පශළ පින්තූරෙ විදිහට Device Manager වලට ගිහින් පෙන්නලා තියෙන විදිහට වැඩේ කරගන්න. Device manager එකට යන්නේ Computer ---> Right Click ---> Manage ඔන්න ඔහොමයි.




05. Power Plans සකසා ගන්න
වින්ඩෝස් වල Control Panel වල තියෙන Power Saving Plans කියන එක පාවිච්චි කරලා ඔයාගෙ ලැප්ටොප් පරිගණකයේ චාර්ජ් එක ඉතුරු කරගන්න පුලුවන්.


ඒ වගේම Advanced Power Setting පාවිච්චි කරලා ඔයාට පරිගණකයේ යම් යම් දේවල් පවතින්න අවශ්‍ය වේලාවන් සකසා ගන්න පුලුවන්. මේ වේලාවන් සකසද්දී පුලුවන් අඩුම ඒ කියන්නේ අවම උපරිමය වෙලාව දාන්න උත්සාහ කරන්න.



06. Battery Optamizer Software එක පාවිච්චි කරන්න

Battery Optamizer කියන්නේ බැටරියේ ආයුෂ කාලය සහ පැවැත්ම සකසලා දෙන තවත් හොඳ මෘදුකාංගයක්. මේකෙන් ඔයාගෙ බැටරිය හොඳට පාවිච්චි කරන්න පුලුවන්. මේකෙ තියෙන Analyze කිරීම මඟින් ඔයාගෙ බැටරිය හොඳින් ක්‍රියාත්මක වීමටත්, ඔයා බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයට යොමුවෙන්නත් ඉඩ සලසලා දෙනවා. සාමාන්නියෙන් මේ ඇනිලයිස් වීමට විනාඩි දහයක් විතර වැයවෙනවා. ගැජට් එක මෙතන ක්ලික් කරලා බාගන්න.


එහෙනම් ඉතිං හොඳට ලැප් එක පාවිච්චි කරන්න හොඳේ.. මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු.

ගේමක් නැතිව 2012 oDesk readiness test එකෙන් පාස්වෙන්න...



කොහොමද යාලුවනේ, ගොඩක් මගේ Internet Money ලිපි කියවපු අයට ආපු ප්‍රශ්ණයක් තමයි මේ oDesk වල 2012ට ආපු රෙඩීනස් ටෙස් එකේ උත්තර මොනවද කියලා. මම කලිනුත් දුන්නනේ 2011 උත්තර ටික. හැබැයි ඉතිං 2012ට කියලා අමුතුවෙන්නම් වෙනස් කරලා නෑ මේ ප්‍රශ්ණ. කලින් ඒවගේම ටිකකුයි අලුත් ඒව වගේකුයි තමා දාල තියෙන්නේ.. ඉතිං ඒ ගොල්ලොන්ට මේක පාස් වෙන්න උත්තර ඕනි කියලා කමෙන්ට් කරල තිබුනා. අනික තමයි අලුතෙන් oDesk

Adobe CS6 මුලු කලෙක්ෂන් එකම බාගන්න. 1.10GB විතරමයි.




ගොඩක් අය මේ වෙන කොට දන්නවනේ ඇඩෝබි සමාගම විසින් අලුතින්ම CS කලෙක්ෂන් එකක් එලියට දාල තියෙනවා කියලා. ඇත්තටම මේ ආපු අලුත් සංස්කරණයේ ඒ කියන්නේ 6වන සංස්කරණයේදී ගොඩක් ලේසි කරල තියෙනවා අපේ වැඩ. ඒ අතරන් Photoshop, Illustrator සහ Premiere Pro කියන වැඩසටහන් වල ගොඩක් දේවල් ලේසි කරල දීල තියෙනවා. 

Photoshop වල හොඳින් පින්තූරය හසුරවන්නත්, ලේසියෙන් සිලෙක්ට්

Log On Screen එකේ තියෙන පින්තූරෙ හැක් කරමු. {මාර ආතල්}



ඔන්න ඉතිං සති දෙකකට විතර පස්සේ ආයෙත් post එකක් දෙන්න හිතුවා. ගොඩක් දවසකින් windows වලට වැඩ කෑල්ලක් දුන්නු නැති නිසා අද දෙන්න යන්නේ පොඩි tool එකක්. මේකෙන් කරන්නේනම් ඉතිං ඔයාලගෙ Windows Log On Screen එකේ තියෙන පින්තූරෙ වෙනස් වෙන එක තමයි. තව දෙයක් කියන්න ඕනි. මේක වැඩ කරන්නේ Windows 7 වලට විතරයි. හරි එහෙනම් අපි දැන් බලමුකෝ මේකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා...

Photoshop CS6 දැන්ම බාගන්න.. {905MB විතරයි} portable



Photoshop කියන දේ අපි දන්නවනේ. Internet එනවා කියන්නේ Facebook ගැන දන්නවා වගේම ඡායාරූප කරනයේ හා නොයෙකුත් Photo Editing කටයුතු වල නිරත වෙලා ඉන්න අය මේ ගැන නොදන්න කෙනෙක් නෑ. ඉතිං ඔන්න අලුතෙන් Adobe සමාගමෙන් නිකුත් කරානේ Photoshop CS6. ඉතිං මේකෙ ටිකක් ලොකු Size එකක්නේ තියෙන්නේ. ඒක නිසා ඔන්න ලොකු Size බාන්න බැරි අයට පොඩි Size එකක් දුන්නා. හැබැයි Portable හොඳේ. portable උනත් මොකද ඇතුලෙ තියෙන්නේ PS CS6නම්.

කාලය කාගන්නෙ නැතිව හිතුන ගමන් වචන දාන්න {Photoshop Text effects 10ක්ම psd විදිහට බාගන්න}



කොහොමද කස්ටිය ඉතිං... ඔන්න ඉතිං දවස් කීපයකට පස්සේ ආයෙත් ආවා ඔයාලට අලුත් දෙයක් දෙන්න. කොතනින්ද පටං ගන්නෙ කියල මේ කල්පනා කරන්නේ.... ආ.. හරි හරි... :D... Photoshop වලින් වැඩ කරන අයට ගොඩක් වැදගත් වෙන කොටස් කීපයක් තියෙනවනේ. ඒ අතරින් ඒ හදන image එකට දාන text එකටත් ඉතිං කවුරු උනත් කැමතිනේ නිකම්ම Text එකක් විදිහට නොදා අලුත් විදිහට පොඩි වැඩකෑල්ලක් දාල ටිකක් ලස්සන කරගන්න. මීට කලිනුත් මම දුන්නා

Daemon Tools PRO මරාගෙනම කෑම! {පට්ට ඈ}



Daemon Tools කියන එක ඕනි කෙනෙක් දන්නවනේ. දන්නෙ නැති අයට එහෙනම් පොඩ්ඩක් කියල දෙන්නම්කෝ. Damon Tools කියන්නේ ISO හෝ ඕනිම ක්‍රිමයක තියෙන Image එකක් අපි CD/DVD එකකට Burn කරන්නේ නැතිව කෙලින්ම අපේ PC එකෙන්ම අදාල File එක open කරන්න කියාපු බඩුවක්. ඉතිං අපිට මේ Daemon Tools software එක නිකම් ලබා දෙනවා. හැබැයි ඒකෙන් පුලුවන් Image mount කරන්න පමණයි. කොහොමත් ගොඩක් අය ඒක පාවිච්චි කරල තියෙන නිසා දන්නවනේ. හැබැයි Daemon Tools PRO එකෙන් කරන්න පුලුවන් වැඩනම් ගොඩයි. මේක මට ගොඩක්ම දෙන්න හිතුනේ ගොඩක් අයට මම ඉස්සෙල්ලා දීල තියෙන post එකේ තියෙන Image එක Mount කරන එක ගැන එච්චර දැනීමක් තිබුනෙ නෑ. අන්න ඒකයි දෙන්න හිතුවේ.

Windows XP Professional Black Edition (2012 පෙබරවාරි)





මේ වන විට Windows සංස්කරණ වල අලුත්ම සංස්කරණය Windows 8 (Windows Eight) නමින් මහජනතාවට නොමිලේ හඳුන්වා දීමේ මාදිලිය ඉදිරිපත් කරල තියෙනවා. නමුත් මේ Windows 8 එන්න කලින් Windows XP හි අලුත්ම Pack එකක් Microsoft විසින් ලබා දුන්නා. ඒක Windows XP SP3. මුලින් තිබුනේ XP Service Pack 1හා 2 විතරයි. නමුත් ඒවා වැඩිදියුණු කරමින් XP වලට කැමති අයට Service Pack 3වෙනි සංස්කරණයද ලබා දුන්නා. ඉතිං මේ සංස්කරණයේත්, ඒ කියන්නේ XP SP3නෙත් එක එක මාදිලි එලියට ආවා. ඉතිං Windows XP Professional Black Edition එක තමයි මෙයාලගෙන් අලුතින්ම ආපු XP මාදිලිය. ඉතිං මේක නිකුත් වුනේනම් 2012 පෙබරවාරි මාසයේ. පොඩි කාලයක්. මාස තුනකට විතර කලින්. ඉතිං කොහොම කොහොම හරි ඔන්න මම අද ඔයාලට මේක තමයි දෙන්න යන්නේ. Torrent වලින් බාගන්න නෑ. සේරම දෙන්නේ Direct links. 

මැරුණු CD වලට පණදෙන්න | වැඩකරන්නේ නැති CD/DVD වල තියෙන තොරතුරු නැවත ලබා ගන්න





සංයුක්ත තැටියක ගබඩා කරල ගොඩක් කාලයක් තියාගන්න කියලා write කරපු CD/DVD අවාසනාවන්ත විදිහට ක්‍රියාත්මක කරන්නේ නැතිව යාමේ පාඩුව ගොඩක් අය විදවලා තියෙනවනේ. කොටින්ම කීවොත් මාත් ඔය දුක විදලා තියෙනවා. වැදගත් ලියකියවිලි, ගීත හා video clips වගේම සැමරුම් ඡායාරූප යනාදිය තොග පිටින් වැනසෙන්නට හේතුවෙන් 'සීඩී ට්රෑෂ් (CD Trash)' එකකින් වැළකෙන්නට පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.

CD තැටියක් අකර්මන්‍ය වී තියෙනකොට ඒක යතා තත්වයට ගෙන එන්න කරන්න පුලුවන් අපේ වචනෙන් කීවොත් 'ගොඩ වෙදකම්' මුලින්ම කරන එක තමයි හොඳ. CD තැටියේ දිලිසෙන

සුපිරියටම Skype calls රෙකෝඩ් කරන්න.. ලොවෙත් ඈ...



ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්ණයක්නේ අපි Skype එකේදී යාලුවොත් එක්ක ගන්න සැප හරි වෙන කාගෙත් එක්ක හරි කතා කරන දෙයක් Record කරගන්න බැරි කම. අන්න ඒ ප්‍රශ්ණෙට නියම උත්තරයක් තමයි අද මේ දෙන්න යන්නේ. කොටින්ම කීවොත් Software රාජයෙක්. මේක මාත් අත්හදා බැලුවා. අනික මේකෙන් Video පවා record කරන්න පුලුවන්. ආය බොරු කියන්න ඕනි නෑනේ. ගින්දර වගේ වැඩ කරා. මේකේ නම Evaer. ඉතිං නමනම් ටිකක් අහල පුරුදු නැති වුනාට වැඩනම් එලය. මෙතනින් ගිහින් එයාලගෙ Website එකෙනුත් ඕනිනම් මේ ගැන විස්තර දැනගන්න පුලුවන්.

කොලිටියටම film බලන්න පට්ට ඈ.. Splash PRO EX අලුත්ම එක යතුරත් එක්කම!



ගොඩක් අය හදන්නෙම හොඳ කොලිටි film එකක් හම්බුනාම ඒ film එක හොඳට බලන්න පුලුවන් හොඳ player එකක්. ඉතිං BlueRay , HD එව්වා එහෙම බලන්න මේක කියාපු බාන්ඩෙ. කොහොම උනත් ඉතිං මේකෙ ගුණ දොස් ටිකකුත් කියන්නම එපායැ. නැත්නම් post එක සම්පූර්ණ වෙන්නෙ නෑනේ. 

මේක ඇත්තටම ඔයාට එහෙමත් නැත්නම් මේක පාවිච්චි කරන කෙනාට ගොඩක්ම මිත්‍රශීලි විදිහට තමයි හදල තියෙන්නේ. ගොඩක් සුපැහැදිලි දසුන් මවන්න මේකෙන් පුලුවන්. කිසිම තිතක්වත් නැතිවම ඔයාට හොඳට ඔයාගෙ film එක හෝ video එක බලාගන්න පුලුවන්. 

අලුතෙන් ආපු මේ සංස්කරණයේ ඒ කියන්නේ Splash Pro EX 1.12.1 ගොඩක් අලුත් දේවල් ඇතුලත් වෙලා තියෙනවා. අලුතෙන්ම ලෝකෙට ආපු FLC කියන Video format එකට මේ player එක හොඳ support කරනවා. දත්ත අනුව කතාව ගොඩනැගීම් හඳුනා ගැනීමද මෙහිදී විශේෂ ලක්ෂණයක් වෙනවා. සමහර විට ඒ කියපු දේ තේරෙන්න නැතිව ඇති. මම කිව්වේ දැන් අපි වෙලාවකට film එකක් බලද්දී ඔන්න රූපෙට ඉස්සෙල්ලා කතාව යනවා. අපිට ඉතිං පුල් මළනේ. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ player එක විසින් ඒ errors තැන් නිවැරදි කරලා ඔයාට හොඳට film එක හෝ Video එක බලන්න ඉඩ සලසලා දෙනවා. ඒ වගේම ඔයා Disk එකක තියෙන දෙයක් බලනවනම් ඒ කියන්නේ DVD, CD  වලින් බලනවනම් හෙන ලෙඩ ගොඩක් වෙනවා අනිත් players  වලින් බලද්දී, ඒත් මේකෙන් එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑ.

ඉතිං ඔය කිව්වේ කියන්නම ඕනි කියලා තියෙන ටික. එහෙනම් ඔන්න පහළින් Screen shot ටිකක් බලන්නකෝ.






ඔන්න පල්ලෙහායින් එහෙනම් කැත නැතිව Download කරගන්න.



Norton 360 2012 v6.0.1.2 Full | තියෙන එක Upgrade කරගන්න. නැත්නම් අලුතෙන්ම දාගන්න.

Norton 360 2012 v6.0.1.2 Full Upgrade Installer With BOX NTR Mediafire Hotfile UploadOrb| Full software

Norton 360 ගැන කවුරුත් දන්නවනේ. ඉතිං මේකෙත් ඔන්න අලුත් සංස්කරණ කිහිපයක්ම නිකුත් උනානේ. ඒ අතරින් මේ Norton 360 V6.0.1.2 මෘද්‍රකාංගය යම් යම් විශේෂතා ඇතුලත් වෙලා තියෙනවා කියල මේ මෘද්‍රකාංගය සාදපු ආයතනය විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. මේක ඉතිං එයාලගෙන් ගන්න ගියොත්නම් නොමිලේ ඔයාට ගන්න වෙන්නේ දනස් 30ක Trail එකක් විතරයි. මේක Upgrade එකක් උනත්, මොකක් උනත් ඕනිම සමාගමක් ඒ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ සමාගම් සමහරක් දෙන්නේ සල්ලි වලටයි. කොහොම නමුත් මම ඉතිං මේ blog එකේ කවමදාකවත්ම එයාලට සල්ලි වලට කිසිම දෙයක් දීල නෑනේ. ඉතිං ඔන්න එහෙනම් මේ පාරත් මේක ඔයාලට නොමිලේ Download කරගන්න දෙනවා. 

මේ අද මම ලබා දෙන්න යන Upgrade එකෙන් Norton Trails සියල්ලක්ම පාහේ නැතිකරගෙන තමන්ගේම කරගන්න පුලුවන්. Norton Internet Security 2011, Norton Antivirus 2011, Norton 360 v5.0යන ඒවාගේ Trails නැවත සකසලා අපේ කැමැත්ත අනුව භාවිතයට යොදාගන්න පුලුවන්. ඒ වගේම Norton 360 v6.0 මෘද්‍රකාංගයටද මේක හොඳටම වැඩ කරනවා. 

මේක Download කරලා ඉවර උනාට පස්සේ සමහරක් විට මේක Virus එකක් කියලා Virus guard වලින් detect කරන්න පුලුවන්. හැබැයි Norton guard එකෙන්නම් එහෙම වෙන්නෙ නෑ. මොකද මම test කරලා බලපු නිසා. කොහොම උනත් මේක Detect කරත්, නොකරත් හොඳම දේ තමයි මේක Install කරන විට ඔයාගේ guard එක පොඩ්ඩකට නවත්වන එක. මොකද නැත්නම් මේක install කරද්දී එක එක පණිවිඩ එනවනේ. එතකොට මේ සේරම වැඩ කෙලවෙන්න පුලුවන්. :D..

දැන් බලමු අපි කොහොමද මේ Upgrade එක සිඳු කරන්නේ කියලා. මුලින්ම බලමු Norton 2011 products වලට මේක භාවිතා කරන්නේ කොහොමද කියලා.


Norton 2011 (Norton Internet Security12, Norton Anti Virus 12, Norton 360 v5.0 කියන ඒවාට මේක භාවිතා කරන්න පුලුවන්.)

01. ඔබගේ ඉහත සඳහන් වර්ග අතුරින් භාවිතා කරන Norton වැඩසටහන කල් ඉකුත් වෙලානම් ඒ කියන්නේ Trail එක Expire වෙලානම් මුලින්ම ඒක Uninstall කරගන්න. ඔබ දැනටමත් Norton Install කරලා තිබෙනවනම් තවමත් ඒක expire වෙලා නැත්නම් කිසි බයක් නැතිව 4වෙනි පියවරේ ඉදලා ඔයා මේ වැඩේ කරන්න පටන් ගන්න.

02. ඊට පස්සේ පරිගණකය Restart කරන්න. Patch එක run කරන්න. ඊට පස්සේ එයාගෙ පරිගණකයේ පවිත්‍ර කරලා ඉවර උනාට පස්සේ YES කියන එක ලබා දෙන්න.

03. දැන් නැවත Norton 2011 Install කරන්න.

04. ඊට පස්සේ "Miscellaneous Settings" වලට ගිහිල්ලා Norton guard එක Off කරන්න. නැත්නම් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. 

05. දැන් Norton Trail Reset එක run කරන්න. මේ කොටස කරන්න ඉස්සෙල්ලා තහවුරු කරගන්න ඕනි Norton guard එකෙන් කිසිම දෙයක් scan වෙනවද, නැත්නම් Update වෙනවද කියලා බලල ඉන්න. එහෙම වෙනවනම් ඒවා නවත්වලා Norton Trail Rese එක RUN කරන්න.

06. Install උනාට පස්සේ ඔයාගෙන් අහයි Norton Account එකක් හද්නද කියලා. ඔයාට කැමති දෙයක් එතනට ලබා දෙන්න. අකමැතිනම් Account එකක් හදන්නෙ නැතිව ඉන්න.

07. ඊට පස්සේ ඔයාගෙ පරිගණකය Restart කරලා ඉවර වෙලා Update කරන්න. ඊට පස්සේ ඉතිං Scan පාරක් දාල බලන්න ගොඩද කියලා.

**. ඔබට Norton Trail Reset Uninstall කිරීමට අවශ්‍යනම් Uninstall යන විධානය මඟින් එය කර ගත හැක.**


දැන් බලමු Norton 2012 products වලට මේක ඇතුලත් කරන විදිහ.

Norton 2012 (Norton 360 v6.0 සඳහා)

I. ඔයා දැනටමත් Norton 360 v5.0 හෝ Norton 360 v6.0 භාවිතා කරනවනම් කෙලින්ම UPGRADE කියන එක තෝරලා දෙන්න.
II. ඊට පස්සේ Norton 360 v6.0 දවස් 30 Trail එක පාවිච්චි කරන්න.
III. අවසානයේදී අවසාන දවස් හතේ Trail එක expire වෙන්න ලඟයි කියන පණිවිඩය එද්දී පහළ තියෙන ක්‍රිමය අනුගමනය කරන්න.

01. Norton 360 v6.0 මෘද්‍රකාංගය RUN කරන්න.

02. Settings කියන එක තෝරන්න.

03. Eliminate Checklist එකේ තියෙන "tamper NORTON PROTECTION" කියන එක OK කරලා Norton එක close කරන්න.

04. "Norton Trial Reset 3.3.1" කියන එක දැන් RUN කරලා Install කරන්න.

05. ඊට පස්සේ ක්‍රියාත්මක වෙනකම් ඉන්න. දැන් ඔයාලට දිගට හරහට Errors එන්න ගනියි. අපි ඉතිං කොරන්න ගියොත් ඔහෙම එකක් එනවමනේ. ඒ එන error එකක්වත් ගනන් ගන්න එපා.

06. ඉබේම Tray එකේ තියන Norton icon එක නැතිවෙලා යාවි. ඊට පස්සේ එයාගෙ පරිගණකය restart කරන්න.

07. දැන් ආයෙත් ඔයාට Norton 360 v6.0 දවස් 30 trail එක නැවත ලැබේවි.


                      

ඔන්න එහෙනම් පල්ලෙහායින් දානවා. කිසි අවුලක් නැතිව Download කරගන්න.



Norton 360 2012 v6.0.1.2 Full Upgrade Installer With BOX NTR Mediafire Hotfile UploadOrb| Full softwareNorton 360 2012 v6.0.1.2 Full Upgrade Installer With BOX NTR Mediafire Download

Norton Trail Reset is you can use for all Norton 2011 products (Norton Internet Security 2011, Norton Antivirus 2011, Norton 360 v5.0)Tested for NORTON 360 v6.0 (30 Days Trial Reset) (Tested: 01-03-2012)Norton did not detect this as virus NTR (Tested by me), but not necessarily other antivirus.








Searched Tags-
Norton 360 Updater+key
Norton 360 v6 full download
Norton 360 2012 v6.0.1.2 Full

Angry Bird Space (2012) Full PC Game (Mediafire Link) | එනර්ජි බර්ඩ් අලුත්ම එක 'ස්පේස්' ගහමු.











ගොඩක් අය දන්නවනේ Angry Bird ගැන. ගොඩක් අය සෙල්ලම් කරලත් ඇතිනේ. ඒකෙ තිබුනු ප්‍රසිද්ධිය හැටියට ගොඩක් අය නෙමෙයි මේක බලන හැමෝම වගේ ඒ game එක play කරල ඇති. ඉතිං ගොඩක් අයනම් දන්නවනේ මේ game set එකේ අලුත් version එකක් නිකුත් වුනා කියලා. ඒක තමයි Angry Bird Space කියන්නේ. ඉතිං මට හිතුනා මේ game එකට ආස කාට කාටත් මේක ලබා දෙන්න. මේක ඉතිං ලොකු ලොකු තැන්වලින් ගන්නවනම් සල්ලි දීල තමා ගන්න ඕනි. ඔන්න මම නිකං දෙනවා හොඳේ.. 


අවසානයට ඉතිං නැතිවුනු බිත්තර ටික හොයාගන්නවනේ. ඊට පස්සේ මේ game එකේදී ඔවුන් වෙනම ග්‍රහ ලොවකට ගෙනියනවා. ගෙනියන්නේ අභ්‍යවකාශ ඌරෝ.. :D... ඉතිං මේ අභ්‍යවකාෂය තුලදී ඇත්තටම අපේ මේ කුරුල්ලන්ට මාර බලයක් තියෙනවා. 


මේ game එකේදී අලුත් අලුත් වැඩකෑලි ටිකකුත් හදුන්වලා දීල තියෙනවා. ඒ අතර slow motion, විදුලි වේගයෙන් යන කුරුල්ලන් යන ඒවා විශේෂත්වයක් ගන්නවා. ඒ මේ game එකට අමුතුම ආකාරයේ අලුත් ජවයක් එකතු කරමින්. 


ඔන්න එහෙනම් පල්ලෙහායින් දානවා game එක. Download කරගන්න. Download කරගෙන පහලින් දාල තියෙන විදිහට කරගන්න.

01. මේක Download වෙන්නේ RAR File එකක් විදිහට. ඒක නිසා මුලින්ම RAR file එක Extract කරගන්න. 

02. AngryBirdsInstaller_1.0.0.exe කියන එක උඩ double click කරලා run කරන්න.

03. Game එක Install වෙලා ඉවර උනාට පස්සේ AngryBirdsSpace.exe කියන එක Crack folder එකෙන් copy කරගන්න.

04. Angry Birds Space Game එක ඔයා install කරපු folder එක විවෘත කරගෙන ඒ folder එක ඇතුලට paste කරන්න.

05. ඊට පස්සේ game එක run කරන්න.

06. Active Full Game කියන එක තෝරන්න.

07. ඊට පස්සේ game එක සෙල්ලම් කරද්දී ඔයාගෙන් Serial එකක් ඉල්ලයි. එතනට download කරපු file එකේ තියෙන serial එක දෙන්න.






Angry Bird Space (2012) Full PC Game (Mediafire Link)

The chase is on! After a giant claw kidnaps their eggs, the Angry Birds chase it into a wormhole and find themselves floating in a strange new galaxy – surrounded by space pigs! Luckily the Angry Birds have super powers of their own.Angry Birds Space introduces you to new adventures on planets and in zero gravity, resulting in spectacular gameplay ranging from slow-motion puzzles to lightspeed destruction. With brand new birds, brand new superpowers, and a whole galaxy to explore, the sky is no longer the limit!
Also featuring the DANGER ZONE, the most difficult Angry Birds levels ever! Can you master the Danger Zone?





Searched Tags-
Angry Bird Space (2012) Full PC Game (Mediafire Link)
Angry Bird Space Full Game + Crack
Angry Bird Space Full Game + Serial

AVG Internet Security 2012 Latest + Serial Till 2018(2018 වෙනකම්ම සීරියල් එක) | කැත නැතිව Net serf කරමු.

AVG Internet Security 2012 Build 4890 Latest + Serial Till 2018 Mediafire Hotfile Links



අලුත් අවුරුද්දත් ඔන්න හෙට පටං ගන්නවා. අලුත් අවුරුද්ද ආරම්භ වෙන්න ඉස්සෙල්ලා කට්ටියටම තෑග්ගක් දෙන්න කියලා හිතුනා. ඒක නිසා ඔන්න අද එයාලගේ computer එක ආරක්ෂා කරගන්න තවත් අලුත් දෙයක් දෙන්නයි යන්නේ. මාතෘකාවනම් දැක්ක ගමන් ඕනි කෙනෙක්ට හිතාගන්න පුලුවන්නේ අද දෙන්න යන්නේ AVG Internet Security කියලා. ඇත්තටම ඔව්. 2012 නිකුත් වෙච්ච අලුත්ම සංස්කරණය තමයි මේ. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම මේකත් එක්ක දෙන්න යන Serial එක 2018 වෙනකම්ම කිසි අවුලකින් තොරව පාවිච්චි කරන්න පුලුවන් ඔයාට. 
මාත් මේ වන විට පාවිච්චි කරන්නේ මේ software එක තමයි net එකෙන් ආරක්ෂා වෙන්න. හරි පොඩි විස්තරයක් මම මේ soft එක ගැන එයාලට කියන්නම්කෝ.

අන්තර්ජාලයෙන් පැමිණෙන Worms, Viruses, Trojans, Spyware සහ Adware යන නරක වැඩසටහන් වලින් ආරක්ෂා වෙන්න හොඳම software එක විදිහට දැනට මේ මම දෙන්න යන software එක හඳුන්වලා දීල ඉවරයි. මේ වන විට windows පද්ධතියේ Internet ආරක්සක පද්දතියට මේ AVG Internet security එක හොඳයි කියලා ගොඩක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ගොඩක් අය අත්හදා බලල හොඳ ප්‍රතිඵල ලබා ගත් දෙයක්. මේක ඇත්තටම ඔයාගෙ නිවසේ පාවිච්චි කරන පරිගණකයට හා ඔබගේ කුඩා කාර්යාලයට හොඳටම ගැලපෙන මෘද්‍රකාංගයක් කියලා කියන්න පුලුවන් කිසිම බයක් නැතිව. 


මේ අලුත් සංස්කරණයට පරණ සංස්කරණ වලදී තිබුනේ නැති අලුත් අලුත් වැඩ කෑලි රාෂියක් ඇතුලත් කරලා තියෙනවා. මෙම ආරක්ෂක පද්ධතිය ඔබ භාවිතා කරන විට සමහරක් අන්තර්ජාල ආරක්ෂක පද්ධති මෙන් ඔයාගෙ පරිගණකය හා අන්තර්ජාලය භාවිතය slow වෙන්නෙ නෑ. ඒ වගේම ඔයා වැඩ ගොඩක් කරන විට RAM එකට හා PROCESSOR එකට දරා ගන්න බැරි ධාරිතාවයක් ආපුවහම පරිගණකය ඉබේම slow වෙනවා. එතකොට මේ ආරක්ෂක මෘද්‍රකාංග නිසා ඔබට කිසිම වැඩක් වෙලාවකට සිඳු කරගන්න බැරි වෙනවා. හැබැයි මේ මෘද්‍රකාංගය මඟින් ඔයාගෙ පරිගණකයට දරාගන්න බැරි බරක් වැටෙද්දී , ඒ කියන්නේ අපේ වචනෙන් කීවොත් slow වෙන්න stuck වෙන්න ලංවෙද්දී ඔයාලට පණිවිඩයක් දෙනවා පරිගණකයේ තත්වය ගැන. ඉතිං ඒ පණිවිඩයට එයාලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත්නම් ඒ කියන්නේ විවෘත කරල තියෙන folders හෝ නොයෙකුත් අනවශ්‍ය දේවල් close කරලා නොදැම්මොත් හෝ නවතා නොදැම්මොත් මෙම ආරක්ෂක පද්ධතිව විසින් ඉබේම ඒ ඔයා පාවිච්චියට ගන්නෙ නැති වැඩසටහන් නවත්වනවා. 

ඔන්න පල්ලෙහායින් Screen Shot  එකකුත් බලාගන්න.



එහෙනම් ඔන්න පහලින් දානවා. බය වෙන්නෙ නැතිව හෙමීට බාගන්න හොඳේ..


AVG Internet Security 2012 Build 4890 Latest + Serial Till 2018 Mediafire Hotfile Links
AVG Internet Security 2012 Latest + Serial Till 2018
Get complete protection from the most dangerous threats on the internet - worms, viruses, trojans, spyware, and adware.Antivirus and antispyware protection for Windows from the world's most trusted security company. Use the Internet with confidence in your home or small office.AVG Antivirus is one of the most complete programs we have found to date. It includes many new options to make it one of the most effective virus scanners on the market. It is still plagued by horrible slowdowns at times. Even things so simple as just typing an IM can be stopped for several seconds for some reason. If you can get passed the occasional slowdowns of your computer, the scanning functionality of AVG Antivirus 8 is top of the line. With the rewrite of the scanning engine, AVG includes multi-processor support. That dual core processor you bought is actually going to start getting.



Searched Tags-
AVG Internet Security 2012 Latest + Serial Till 2018
AVG Internet Security 2012 Latest +  Serial
AVG Internet Security 2012 Latest + Crack
Mediafire: AVG Internet Security 2012 Latest + Serial 
Mediafire: AVG Internet Security 2012 Latest + Crack
AVG Internet Security 2012 full download

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement