කාලය කාගන්නෙ නැතිව හිතුන ගමන් වචන දාන්න {Photoshop Text effects 10ක්ම psd විදිහට බාගන්න}



කොහොමද කස්ටිය ඉතිං... ඔන්න ඉතිං දවස් කීපයකට පස්සේ ආයෙත් ආවා ඔයාලට අලුත් දෙයක් දෙන්න. කොතනින්ද පටං ගන්නෙ කියල මේ කල්පනා කරන්නේ.... ආ.. හරි හරි... :D... Photoshop වලින් වැඩ කරන අයට ගොඩක් වැදගත් වෙන කොටස් කීපයක් තියෙනවනේ. ඒ අතරින් ඒ හදන image එකට දාන text එකටත් ඉතිං කවුරු උනත් කැමතිනේ නිකම්ම Text එකක් විදිහට නොදා අලුත් විදිහට පොඩි වැඩකෑල්ලක් දාල ටිකක් ලස්සන කරගන්න. මීට කලිනුත් මම දුන්නා
Ghost Text Effect එකක් ලේසියෙන්ම කරගන්න විදිහ. ඒක බලන්න මෙතන click කරන්න. 

ඉතිං අද දෙන්න යන්නෙත් ගොඩක් උවමනා කරන PS Text effect 10ක්. ඇත්තටම ගොඩක් ලස්සන Effects ටිකක්.
මේවා අපි එක එක අපිම හදන්න ගියොත් අඩුම ගානේ විනාඩි 15ක්වත් යනවා. ඒත් ඉතිං මොකටද එච්චර මහන්සි වෙන්නේ. මොකද මම අද මේ 10ම ඔයාලට Download කරගන්න දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට ඕනි Effect එක තෝරලා අරගෙන ඒකට ඔයාට ඕනි Text එක type කරන එක විතරයි.

හරි එහෙනම්... පොඩ්ඩක් මේකෙ අන්තර්ගතය ගැන බලමුකෝ. මේකෙ Effects 10ක් ඇතුලත් වෙලා තියෙනවා කියල මම කලින් කීවනේ. උඩ මම දාල තියෙන පින්තූරෙ ඒ text effects 10ම ඇතුලත් කරල තියෙනවා. ඒක පැහැදිලි නැත්නම් පහල පින්තූර වලින් බලාගන්නකෝ.

01. Matte







 02. Shiny







03. Copper






04. Scrached




05. Gold








06. Holed







07. Clean







08. Rusty







09. Carbon






10. Floor







දැක්කනේ නේද උඩ මම දාල තියෙන පින්තූර වලින් ඒ ඒ text වල හැටි. ඉතිං මේකෙන් ඔයාට අදාල effect එක තෝරලා ගන්න විදිහ මම කියන්නම්.
ඔයාට මුලින්ම මේ මම දීල තියෙන File එක download වෙන්නේ RAR file එකක් විදිහට. ඉතිං ඔයා මුලින්ම ඒක Extract කරගන්න.මේකෙ 8MB තියෙන්නේ Download වෙද්දී. ඒත් ඊට පස්සේ 24MB file එකක් Extract කරාට පස්සේ ඔයාට ලැබෙනවා. ඊට පස්සේ Awesome most wanted text effects කියලා PSD file එකක් තියෙනවා. ඊට පස්සේ ඒ file එක උඩ double click කරන්න. එතකොට ඔයාගෙ photoshop එකෙන් ඒ file එක open වෙනවා. ඊට පස්සේ පල්ලෙහා රූපෙ විදිහට තමයි පේන්නේ.       





ඉතිං මේ effect හරියට පැහැදිලි නැති නිසා Zoom Tool එක පාවිච්චි කරලා (Zoom Tool එක තියෙන තැන දන්නෙ නැත්නම් යතුරු පුවරුවේ 'Z' අකුර ඔබන්න) Actual Pixels කියන එක click කරන්න.  



දැන් ඉතිං ඔයාට ලස්සනට අගේට නියමෙටම පේනවා Effects ටික. දැන් කරන්න තියෙන්නේ ඉතිං ඔයාට ඕනි කරන Effect එක තෝරලා අරගෙන ඒ Effect එකට ඔයාට ඕනි කරන text එක එහෙමත් නැත්නම් වචනය ඇතුලත් කරන එකයි.

මුලින්ම ඉතිං ඔයාට ඕනි කරන Text effect එක තෝරගන්න වෙනවා. අපි හිතමුකෝ ඔයා GOLD කියන effect එක තෝරගත්තා කියලා. ඉතිං ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට ඒ Text effect එක දාන්න ඕනි පින්තූරෙ තෝරගන්න එක. ඒක ‍තෝරගෙන photoshop වලට ඇදල දාගන්න. ඊට පස්සේ ආයෙත් අර effects තියෙන panel එකට යන්න. ඊට පස්සේ Move Tool (Move Tool එක තියෙන තැන දන්නෙ නැත්නම් යතුරු පුවරුවේ 'V' ඔබන්න) කියන එක තෝරගන්න. ඊට පස්සේ LAYERS කියන කොටසේ Direction 1 කියන එකේ ඉස්සරහින් තියෙන ඇහ වගේ සලකුණට එහා පැත්තෙන් තියෙන ඊතල සළකුණ උඩ click කරන්න. එතකොට පහළට ඒ අඩංගු effects සේරම පෙන්වනවා. එතනින් ඔයා තෝරගත්තු effect එකේ නම උඩ click කරන්න. මම GOLD කියන එක තෝරගත්තු නිසා ඒ Effect එක උඩ click කරලයි තියෙන්නේ..



ඊට පස්සේ Scroll එක පහතට කරලා ඔයා‍ගේ ඒ effect එක හොයාගෙන ඒක උඩට mouse pointer එක අරන් ගිහිල්ලා mouse එක click කරගෙන ඔයා අර කලින් තෝරගත්තු image එකේ panel එකට ඇඳල දාන්න. ඊට පස්සේ ඔයා ඒ ඇඳල දාපු පින්තූරෙ තියෙන panel එකේ තමයි ඉන්නේ. දැන් Text Tool (Text Tool එක තියෙන තැන දන්නෙ නැත්නම් යතුරු පුවරුවේ 'T' අකුර ඔබන්න) එක click කරන්න. ඊට පස්සේ කලින් එකේ වගේ LAYERS කියන කොටසට යන්න. එතකොට ඔයාට පේයි ඔයා තෝරලා ඇඳල දාපු effect එකේ file එකක් තියෙනවා. දැන් ඔයා තෝරගත්තු effect එක ඉස්සරහින් තියෙන ඇහැ වගේ එකට එහා පැත්තෙන් තියෙන ඊතල ලකුණ උඩ click කරන්න. මම GOLD කියන එක තෝරගත්තු නිසා මම ඒක උඩ click කරනවා. එතකොට GOLD කියලා text කොටස් දෙකක් පහළට එනවා. ඉතිං ඔයාට දැන් තියෙන්නේ ඒ text කොටස් දෙකටම ඔයාට ඕනි කරන, ඔයා type කරන වචනය ඒ දෙකේම type කරන එකයි.                                                                             



ඊට පස්සේ ඉතිං ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ඕනි විදිහකට ඒ effects එකට text එක දාල ඔයාට ඕනි කරන Size එක අඩු වැඩි කරලා, කරකවලා ඕනි දෙයක් කොරලා ගානට වැඩේ බැලන්ස් කරන එකයි. 

ඔන්න ඉතිං එහෙනම් ඒ වැඩෙත් ඉවරයි. පල්ලෙහායින් Download කරගන්න. 8MB විතරයි තියෙන්නේ.




එහෙනම් මම ගියා. අලුත් වැඩකින් හම්බවෙමු. මොනව හරි ප්‍රශ්ණයක් තියෙනවනම් comment කරන්න. මම කියල දෙන්නම්. උදව්වක් උනානම් THANX පාරක් දාගෙනම යන්න. ඒ අස්සේ Follow පාරකුත් දාන්න හොඳේ...

7 comments:

  1. එල මචං .. බොහොම ස්තූතියි

    ReplyDelete
  2. thanks bro mama oyawa follow karana kenek ,digatama karagena yanna api oya ekka innawa ,mama photoshop igenaganna godak asai oyage post mata godak watinawa

    ReplyDelete
  3. @Anonymous said...

    එල මචං .. බොහොම ස්තූතියි
    Reply 5/19/12 8:32 PM
    ------------------------------------------*

    ස්තූතියි ප්‍රතිචාරයට!!

    ReplyDelete
  4. @Ishan sankalpa said...

    niyamayi
    Reply 5/19/12 8:35 PM
    --------------------------------------------------*

    ස්තූතියි ප්‍රතිචාරයට!!

    ReplyDelete
  5. @Nissanka Gunarthne said...

    thanks bro mama oyawa follow karana kenek ,digatama karagena yanna api oya ekka innawa ,mama photoshop igenaganna godak asai oyage post mata godak watinawa
    Reply 5/19/12 9:12 PM
    ------------------------------------------*

    බොහොම ස්තූතියි මේ කමෙන්ටුවට ඔයාගෙ. දිගටම ඉන්න. දැනට පොටෝෂොප් පාඩම මඟදි නවත්වලා තියෙන්නේ. ඒකත් ලඟදිම පටං ගන්නවා... ස්තූතියි

    ReplyDelete
  6. mchan link eke error ekak banna be..

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement