Windows register එක hack කරමු | නියමයි..



ඔයාලට මම කලිනුත් මේ වගේ පෝස්ට් එකක් දුන්නනේ. හැබැයි ඉතිං ඒක කොටස් දෙකකට තමා දෙන්න උනේ. ඒව බැලුවෙ නැත්නම් පළවෙනි කොටස බලන්න මෙතන click කරන්න. දෙවෙනි එක බලන්න මෙතන click කරන්න. ඉතිං මට හිතුනා තවත් ඒ වගේම පොඩි tricks ටිකක් ඔයාලට කියල දෙන්න. ඔයාල සමහර විට දන්නෙ නැති වෙන්නත් පුලුවන් windows registry එක අපිට ඕනි විදිහට වෙනස් කිරීම මඟින් අපේ මෙහෙයුම් පද්ධතිය අපිට ඕනි විදිහට සකසා ගන්න පුලුවන් කියලා. 'හැකිං ද රෙජිස්ට්‍රි (hacking the registry)' කියල තමයි මේක සාමාන්නියෙන් සුද්දො එහෙම හදුන්වන්නේ. සුද්දෝ කීවට ඔය computer පිළිබඳ උගත් අය එහෙමත් කියන්නේ ඕක තමයි. ඉතිං මේක කරා කියල මේක නීති විරෝධී වැඩක් නෙමේ. ඉතිං මම මේ post එකෙන් ඔයාලට පොඩි trick එකක කියල දෙන්නම්. (වෙලාව තියෙන විදිහටනේ ඕව කියල දෙන්නත් වෙන්නේ)

එහෙනම් මුලින්ම ඔයා registry එකට යන්න. registry එකට යන හැටිනම් මම පළවෙනි post එකෙන් කියල දීල තියෙන නිසා මේකෙ අමුතුවෙන් සඳහන් කරන්න ඕනි නෑනේ. 

 Windows Media Player එකේ title bar එක වෙනස් කරන හැටි..
මුලින්ම රෙජිස්ට්‍රියට ගිහිල්ලා ඒ අදාල වින්ඩෝ එක ලබා ගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනි වෙන්නේ, ඒකෙ HKEY_CURRENT_USER කියන ලයිස්තුවට පිවිසෙන එකයි. ඒකට HKEY_CURENT_USER කියන එක ඉස්සරහින් ඇති ධන (+) ලකුණ click කරන්න.  windows seven වලනම් තියෙන්නේ ඊතලයක්. ඒ අය ඒක click කරන්න. මම මෙතනදී ඊතලය කියන එක භාවිතා කරන්නම්. මොකද රෑප සටහන් වල පෙන්නුම් කරන්න වෙන්නේ ඊතලය සහිත රෑපට සටහන් නිසා. 

එතකොට අනිත් 'keys' (folders ආකාරයට දිස්වෙන ඒවා) දිස්වෙන අතර, එයින් software ඉදිරියේ ඇති ඊතල ලකුණ clcik කරන්න. එවිට එහි ඉදිරියේ ඇති ඊතල ලකුණ ඉවත් වේ. ඒ තුළ ඇති කීස් වලින් Policies කියන එක ඉදිරියේ ඇති ඊතල ලකුණද, click කර පහළින් ඇති Microsoft කියන කී එක select කරන්න. 


ඊලඟට කරන්න ඕනි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකට අලුත් key එකක් හදාගැනීම. ඒකට registry editor window එකේ දකුණු පස දැක්වෙන ස්ථානයේ හිස් තැනක් තුල Right click කරලා ලැබෙන menu එකෙන් New කියන එක click කරන්න. ඊට පස්සේ Key කියන එක තෝරන්න. 
එතකොට කලින් select කරපු Microsoft කියන key එකට යටින් New Key #1 ලෙස අලුත් key එකක් ලැබෙයි. 


දැන් ඒකෙ Right click කරලා ලැබෙන menu එකෙන් Rename තොරලා WindowsMediaPlayer කියන එක හිස්තැනක් ගහන්නෙ නැතිව type කරන්න. හැබැයි වින්ඩොස් සෙවන් වලනම් ඕක කරන්න ඕනි නෑ. ඒකට කෙලින්ම අදාල WindowsMediaPlayer කියලා එතන type කරානම් හරි.


ඒ විදිහට හදාගත්තු WindowsMediaPlayer කියන key එක select කරලා, Registry Editor window එකේ දකුණු පැත්තේ හිස්තැනක් උඩ right click කරලා ලැබෙන menu එකෙන් New ---> Staring value කියන එක click කරන්න. 
එතකොට New Value #1 ලෙස අලුත් කොටසක් ලැබෙයි. 


ඒක උඩ right click කරලා ලැබෙන menu එකෙන් rename කියන එක තෝරලා දීලා TitleBar කියල type කරන්න. 
ඒ විදිහට ඔයා ඇතුලත් කරපු value එක double click කරන්න. ඊට පස්සේ ඔයාට Edit String කියලා ඩයලොග් බොක්ස් එකක් ලැබෙනවා. ඊට පස්සේ ඒ ඩයලොග් බොක්ස් එකේ තියෙන Value data කියන තැනට ඔයාට කැමති නමක්, දෙයක් type කරන්න. ඊට පස්සේ OK බොත්තම click කරන්න.


දැන් ඔයාගෙ computer එක restart කරල windows media player එක open කරලා බලන්න.ඔයා හරියටම කරානම්  title bar එකේ ඔයා ඇතුලත් කරපු නම තියෙනවා දකින්න පුලුවන් වෙයි. 







About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement