එක ක්ලික් එකෙන් බුකියෙ පින්තූර, වීඩියෝ ඇල්බම් පිටින්ම බාමු.

ඔයාට කවදාක හරි Facebook එකේ තියෙන ඔයාගෙ කාගෙ හරි යාලුවෙක්ගෙ පින්තූර Album එකක් Download කරගන්න ඕනි උනාද? ඒත් ඒක කරන්න ගොඩක් අමාරුයි. මොකද අපිට බෑ බුකියේ තියෙන කිසිම ඇල්බම් එකක් එහෙම් පිටින්ම බාගන්න. අපිට ඒ ඇල්බම් එක ඕනිනම් අපිට කරන්න තියෙන්නෙ එක එක පින්තූරය ගානෙ open කරගෙන ඒ එක එක පින්තූරෙ තමයි Download කරගන්න වෙන්නෙ. ඕක ඉතිං හෙනට කම්මැලි වැඩක්නේ. ඉතිං ඕය ප්‍රශ්ණෙට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මේ කියල දෙන්න යන එකෙන් ඔයාට පුලුවන් බුකියෙ තියෙන වීඩියෝස් පවා බාගන්න. අද කියල දෙන්න යන්නේ ඒ ගැන.

PICK&ZIP කියන්නේ මෙන්න මේ වැඩේ ඒ කියන්නේ බුකියෙ තියෙන පොටෝස් ඇල්බම් පිටින් බාගන්න පුලුවන් සයිට් එකක්. මේකෙන් පුලුවන් ඔයාගෙ තියෙන ඕන පින්තූරයක්, ඇල්බම් එකක් බාගන්න. ඒ වගේම වෙන කාගෙ හරි profile picture සෙට් එකම, එතකොට කාගෙ හරි සේරම පින්තූර වගේම Facebook page වල තියෙන පින්තූර පවා මේකෙන් Download කරගන්න හැකියාව ලබා දීල තියෙනවා. ඉතිං මේ පහසුකම ඔයාටත් භාවිතා කරන්න ඕනිනම් ඔයාට තියෙන්නේ මේ Site එකට ගිහින් ඔයාගෙ facebook account එකෙන් log වෙන එක විතරයි. කිසි දේකට බයවෙන්න එපා.. මේකෙන් ඔයාගෙ එකවුන්ට් එකට කිසිම හානියක් වෙන්නෙ නෑ.


PICK&ZIP එකේ විශේෂතා ටිකක් කියන්නම්කෝ.

  1. Profile Pictures Download කරගන්න පුලුවන්.
  2. ඔයාව Tag කරපු Photos Download කරගන්න පුලුවන්.
  3. Facebook ඒකේ තියෙන Photos Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ හැම Photo එකක්ම)
  4. Facebook එකේ තියෙන හැම Photo Album එකක්ම Download කරගන්න පුලුවන්. (යාලුවන්ගේ තියෙන Album වලින් තෝරාගත් ඒවා)
  5. Facebook Group වල තියෙන Photos Download කරගන්න පුලුවන්. (මේකෙදිනම් පුලුවන් ඔයාගෙ යාලුවන් දාපු Photos විතරයි Download කරගන්න)
  6. Facebook Page වල තියෙන Photos Download කරගන්න පුලුවන්.
  7. ඔයාල Download කරගන්න Photos Save වෙන්න ඕනි ආකාර දෙකකින් ලබා දෙනවා. ඒ කියන්නේ ඔයා Download කරන Photos 'ZIP' ආකාරයෙන් හෝ 'PDF' ආකාරයෙන් Save කරගන්න පුලුවන් ඔයාගෙ PC එකේ.

දැන් බලමු කොහොමද මේ පින්තූර බාගන්නේ කියලා.

01. ඉස්සෙල්ලම PICK&ZIP සයිට් එකට යන්න. සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ "Login With Facabook" කියන එක උඩ click කරන්න.


02. ඊට පස්සේ හැම Permission එකක්ම එයාල ලබා දෙන Application එකට ලබා දෙන්න.

03. දැන් ඔයාට පුලුවන් වම් පැත්තේ තියෙන තීරුවේ තියෙන ඔයාගෙ යාලුවන්ගේ නමක් උඩ ක්ලික් කරාම දකුණු පැත්තෙ තියන තීරුවේ ඒ යාලුවාගේ තියෙන පින්තූර පෙන්නනවා. ඉතිං මේකෙ 'TAGGED' කියල තියෙන කොටසේ පෙන්වන්නේ ඔයාව ඒ යාලුවා විසින් Tag කරපු පින්තූරයි.



04. 'ALBUM' කියන කොටසෙන් පෙන්නන්නේ 'FRIENDS' කොටසින් අපි තෝරලා තියෙන යාලුවාගේ සියලුම Photo Album ටික. ඔයාට Download කරගන්න ඕවි පින්තූර නැත්නම් ඇල්බම් Select කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුලුවන් ඔයාට ඒ අදාල පින්තූරය උඩ click කරන්න. නැත්නම් කෙලින්ම පින්තූරය උඩට mouse එක අරන් ගියාම ඒ පින්තූරයේ යටම දකුනු පැත්තේ අයින්නේ පෙන්වන Download Button එක උඩ Click කරන්න.



05. ඔයාට ඕනි කරන පින්තූර select කරාට පස්සේ 'DOWNLOAD' කියන එක උඩ click කරන්න. දැන් ඔයාට පේයි කොටස් දෙකකින් Download කරගන්න විදි තියෙනවා කියලා. 'Download my selection' කියන එක Click කිරීම මඟින් වෙන්නේ ඔයා select කරපු පින්තූර විතරක් Download වෙන එකයි. අනිත් එක ඒ කියන්නේ 'Download all photos' කියන එක click කරොත් හැම පින්තූරයක්ම Download කරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා Select කරපු නැති ඒවත් එක්කම.

06. ඔය දෙකෙන් මොන ක්‍රමය ඔයා තෝරගත්තත් ඔයාට Download වෙන්න ඕනි Format එක අහනවා. මමනං කියන්නේ ZIP ක්‍රමයට Download කරගන්න කියලයි. කොහොම හරි ඔයාට ඕනි Format එක උඩ click කරන්න.

07. ඊට පස්සේ Application එක ඒ ඔයා තෝරපු හෝ ඒ අවශ්‍ය සියලුම පින්තූර එක තැනකට එකතු කරගන්නවා. ඒකට ටික වෙලාවක් ගත වෙනවා. ඔයා තෝරන පින්තූර අනුව වෙලාව වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාට පින්තූර ටික Save කරගන්න කියලා වැටෙයි. ඊට පස්සේ ඉතින් Save කරගන්න තමා තියෙන්නෙ.

එහෙනම් වැඩේ හරියට කරානම් ගානකට තිතට නූලට පින්තූර ටික බෑවෙනවා. එහෙනං මම ගියා. මොකුත් අවුලක් එහෙම තිබ්බොත් කියන්නකෝ. වැඩක් උනා කියල හිතෙනවනං කමෙන්ට් පාරක් දාලම යන්න.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement