Exodus from the Earth

මෙන්න නියම ගේම් එකක් බිලොකා ගෙනාවා.නියමයි කියන්නේ සුපිරිම සුපිරි.හරි හරි.වැඩි කතා බහ නැතිව කෙලින්ම කතාවට එන්ටර් වෙමු.

මේ පරිගණක ක්‍රීඩාවේ නම තමා සෝඩස් ෆ්රෝම් දී අර්ත් (Exodus from the Earth). මේකෙ කෙටිම හැදින්වීම තමයි පෘථිවියෙන් පිටත විශ්වයේ පිහිටි ඕනෑම ග්‍රහලෝකයක පිහිටි පරිසරයක ජීවත් වීමට හැකි වන ලෙස මිනිසාගේ සිරැර සකස් කරනු ලබන එන්නතක් ගැන සහ ඒ ගැන තොරතුරැ හොයාගෙන යන ඇමරිකානු රහස් ඔත්තු මේවයේ රහස් පරීක්ෂකයෙකු ගැනයි තමා මේකෙන් කියවෙන්නේ.
2016දී විද්‍යාඥයින් පිරිසක් කරන පරීක්ෂණයකින් හෙලි වෙනවා ඒ වන විට සූර්යයාගේ රස්නය වැඩිවෙලා තියෙන හින්දා තව වසර විස්සකින් සූර්යයාගේ ආසන්නයේ තියෙන ග්‍රහ ලෝක හැම එකක්ම පාහේ විනාශ වෙලා යනවා කියලා.මේ විනාශයෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය සූර්යයාගෙන් ඈතින් පිහිටි වෙනත් ග්‍රහ ලෝකයක් දෙවන පෘථිවිය විදිහට භාවිතා කරන එක කියලා ලෝකවාසීන් පිළිගන්නවා.ඊට පස්සේ එතන ඉදන් පරීක්ෂකයෝ වෙහෙසෙන්නේ ඒකට ගැලපෙන විදිහේ නොයෙක් යෙදුම් හොයා ගන්නයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකානු ආයතනයක් විසින් විශේෂ එන්නතක් හොයා ගන්නවා.ඒ එන්නත මිනිස් සිරැරට ඇතුලු කරාට පස්සේ ඒ මිනිසාට විශ්වයේ තියෙන ඕනම කටුක ග්‍රහ ලෝකෙක ජීවත්වෙන්න පුලුවන්.ඒ අනුව ඉස්සරහට තීරණය කරන ග්‍රහ ලෝකයේ හොදින් ජීවත්වීම සදහා ඒ එන්නත මිනිස්සුන්ට විකුණන්න ඒ ආයතනය සූදානම් වෙනවා.මේක ගැන දැන ගන්න ඇමරිකානු රහස් ඔත්තු සේවය මේ එන්නත ගැන සියලුම තොරතුරැ හොයන්න විශේෂ මෙහෙයුමක් පටන් ගන්නවා.මේ මෙහෙයුම සදහා ඔවුන් තෝරාගනු ලබන්නේ ෆ්‍රැන්සිස් රික්සෝන් කියන දක්ෂ රහස් පරීක්ෂකයාවයි.
මේ ගේම් එකේදී පරිගණක ක්‍රීඩකයාට ක්‍රියා කිරීමට සිදුවන්නේ ඇමරිකානු රහස් පරීක්ෂක ෆ්‍රැන්සිස් රික්සොන් විදිහටයි.ෆ්‍රැන්සිස් ඉතාමත් රහසිගතව එන්නත හදපු ආයතනයේ මූලස්ථානයට රිංග ගන්නවා.එතන ඉදන් එන්නත ගැන විස්තර හොයන්න පටන් ගන්නවා.එහිදී එම මෙහෙයුම සූක්ෂමව කරන විදිහ සහ සිදුවන ගැටුම් කාරී තත්වය මේ ගේම් එකේදී අත්විදින්න පුලුවන්.මෙහිදී එන්නත හදපු මූලස්ථානයේ සිතියමක්ද ෆ්‍රැන්සිස්ට ලැබෙන අතර ඒක උපයෝගී කරගෙන ගොඩනැගිල්ලේ ආරක්ෂාව සලසා ඇති විදිහ, විශේෂ ස්ථානවලට ඇතුලු වෙන්න තියෙන ලෙහෙසි පහසු ආරක්ෂාකාරී මාර්ග ගැන අධ්‍යනය කරමින් මේ මෙහෙයුම රහසිගතව සිදු කරන්න ඕන.විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලේ කිසිම කෙනෙක්ට දැනෙන්නේ නැති විදිහට තොරතුරැ හොයාගන්න ඕන වගකීම ද භාරවෙන්නේ පරිගණක ක්‍රීඩකයා වන ඔබටයි.මේ ගොඩනැගිල්ල අතිනවීව තාක්ෂණික උපකරණ සහ දක්ෂ ආරක්ෂකයින් යොදාගෙන ආරක්ෂ කර ඇති තැනකි.මෙහිදී ෆ්‍රැන්සිස්ව මෙහෙයවන පරිගණක ක්‍රීඩකයා විදිහට ඒ සියලු ආරක්ෂක උපක්‍රම මග හරිමින්, එන්නත හදන තැන, ඒක හදන වට්ටෝරැව, එන්නත අත්හදා බලන ආකාරය,ඒකෙන් ඇතිවෙන අහිතකර ප්‍රථිඵල සහ තවත් ගොඩක් දේවල් පරිගණක ක්‍රීඩකයාට හොයාගන්න සිදුවෙනවා.මේ සදහා ෆ්‍රැන්සිස් ඉවසීමෙන් , බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා.ෆ්‍රැන්සිස් ගාව යම් තාක්ෂණික උපකරණ සහ දියුණු අවි ආයුධ තිබුනට ඒවා සුදුසු තැන්වලදී භාවිතා කරන්න වෙන වගකීමත් පැවරෙන්නේ පරිගණක ක්‍රීඩකයාටයි.
එහෙන්ම් ඔන්න හැදින්වීම ඉවරයි.ගේම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එකෙන්.හැබැයි ඒක ටොරන්ට් ෆයිල් එකක්.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ටොරන්ට් වලින් වැඩ කරන හැටි දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).ආ තවත් එකක්.ඔන්න වීඩියෝ එකකුත් දැම්මා.









About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement