Internet Money - 02 කොටස

හොදයි එහෙනම්.අපි දෙවෙනි කොටස පටන් ගමු.ඉස්සෙල්ලා පාඩමෙන් අපි ඉගෙන ගත්තා බක්ස්.ටූ එකෙන් ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන හැටි.අපි අද බලමු Aleartpay Account එකක් හදාගන්නේ කොහොමද කියලා.


මම මුලින්ම පැහැදිලි කරන්න ඕන විදිහ පැහැදිලි කරල දීලා ඊට පස්සේ යටින් ලින්ක් එකක් දාන්නම්.ඒකෙන් ගිහිල්ලා ඔයාට රෙජිස්ටර් වෙන්න පුලුවන්.එක්කො මෙතනත් එකක් දාන්නම්කෝ.කුතුහලය අවුස්සන්නේ මොකටද නේද?
                                                  Signup to AlertPay today
මුලින්ම ඔයා මම පල්ලෙහායින් දීල තියෙන ලින්ක් එක හරි උඩින් දීල තියෙන ලින්ක් එක හරි ක්ලික් කරලා ඇලර්ට්පේ එකවුන්ට් එකට යන්න ඕන.ඊට පස්සේ Sign up button එක click කරන්න.ඊට පස්සේ ඔයාගේ screen එකට එනවා Select your account type කියල එකක්.එතනදී ඔයා සිලෙක්ට් කරන්න ඕන Personal starter කියන button එක.එක තෝරලා ඊට පස්සේ යට තියෙන Next step කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඒකෙ එන ෆෝම් එක හරියටම පුරවන්න.එතනදී ඔයාට පේයි Region හා Post code කියලා පුරවන්න තියෙන හිස් තැන් දෙකක්.ඒකේ   Region  කියන්නේ ඔයා අයත් වන පළාත. Post code කියන එකට 0094 දෙන්න.ඊට පස්සේ ඔක්කොම හරියට පුරවලාද කියල බලලා Next step ලබා දෙන්න.ඊට පස්සේ එනවා Fill the account information කියලා.Transaction pin එකෙන් කෙරෙන්නේ ඔයාගේ එකවුන්ට් එක ඔයාගේ පාස්වර්ඩ් එකට අමතරව තවත් හොදට ආරක්ෂා කර ගන්න පුලුවන්.ඒක හින්දා ඒකට ලබා දෙන කෝඩ් එක හොදට මතක තියාගන්න.මෙහි Third party information කියන තැන No කියල දෙන්න.ඊට පස්සේ Final step කියන බට්න් එක ප්රෙස් කරන්න.




මෙන්න ඇලර්ට්පේ ලින්ක් එක.ගිහිල්ලා කියල දීල තියෙන විදිහට රෙජිස්ටර් වෙන්න.

දැන් අපි බලමු ඇලර්ට්පේ එකෙන් සල්ලි ගෙන්න ගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාගේ Alertpay account එකේ තියෙන Withdraw කියන tab එක click කරන්න.එතනදී ඔයාට ක්‍රම තුනකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.
 01. බෑන්ක් එකවුන්ට් එකකට
 02. චෙක් එකකින්
 03. ක්රෙඩ්ට් කාර්ඩ් එකට

අපි පළමුවෙන්ම බෑන්ක් එකවුන්ට් එකට ගෙන්න ගන්න විදිහ බලමු.
Bank account --> Electronic F.P --> Bank Transfer 

අපි දෙවනියට බලමු චෙක් එකකින් සල්ලි ගෙන්න ගන්න විදිහ.
Bank account --> Check 
(මෙහිදී චෙක් ආකාරයෙන් ගෙන්න ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ඇලර්ට්පේ එකවුන්ට් එකේ අවම වශයෙන් $20ක් තිබිය යුතුය).

දැන් අපි බලමු ක්රෙඩිට් කාර්ඩ් එකකට සල්ලි ගෙන්ව ගන්න හැටි.
Bank account --> Check --> Credit Card 



හොදයි එහෙනම්.අපි ආයෙත් ඉන්ටර්නෙට් මනී 03 වෙනි කොටසත් එක්ක හම්බෙමුකෝ.ඔයාල කියවලා කමෙන්ට් පාරකුත් දාන්නකෝ.


37 comments:

  1. පට්ට කොල්ලා, හරිම වෑදගත්, දිගටම කරන් යන්න, අපි එනවා කියවන්න,

    ReplyDelete
  2. තෑන්ක්ස් චූටි මල්ලයෝ!

    ReplyDelete
  3. එල වේවා... මම කරපු ගොන් වැඩක් නිසා මම දැන් යූස් කරන ඊ මේල් එක උන් ගන්න බෑ කිවුව.. :/ බොරු එකක් දුන්න.. අවුලක් නෑතිවෙයි නෙ...

    ReplyDelete
  4. සුළගිල්ල, බොරැ එකක් දුන්නටනම් එවුලක් නෑ. ඒත් සමහර විට හදිස්සියේ ඔයාගේ එකවුන්ට් එකට මොනව හරි වෙලා මේල් එකක් එව්වොත් තමා අවුලක් වෙන්නේ!


    තැන්ක්ස් කමෙන්ට් එකට

    ReplyDelete
  5. mamath ekak haduwa balamu oya innawane digatama udau karanna neda

    ReplyDelete
  6. අනිවා. අවුලක් උනොත් කියන්න. පුලුවන් උදව්වක්නම් කරල දෙන්නම්

    ReplyDelete
  7. ayye alertpay account 1k aluthin open karama eka verified karanna onida?verified karanne mokatada?verified karanne nathuva bank account 1ta salli dannath,eken salli gannath yaddi prashna mathuveyda?

    ReplyDelete
  8. @Anonymous
    වැරිෆයි කරනවා කියන්නේ ඊමේල් වැරිෆයිඩ් එකනම් කරන්නම ඕනි.

    ReplyDelete
  9. ane ayye tharaha nathuva Email verified karanne kohomada kiyala kiyannako?????????

    ReplyDelete
  10. Email verified karanava kiyanne account 1 open karanakota alertpay eken mage Email ekata evana mail 1e thiyena Link 1 kLic karala mage alertpay account 1ta yana ekaneda?????

    ReplyDelete
  11. @Anonymous
    අදාල සයිට් එකෙන් සයිග්න්අප් වෙලා ඊමේල් එක වැරිෆයි කරන්න කියලා කිව්වට පස්සේ ඔයාගේ මේල් එකට යන්න. ඊට පස්සේ ඒ වෙබ් සයිට් එකෙන් එවලා තියෙන මෙයිල් එක ඕපන් කරගන්න. ඊට පස්සේ එතන තියෙයි වැරිෆයි ලින්ක් එකක්. අන්න ඒක කිල්ක් කරන්න. එතකොට හරි.
    ඕනිම ප්‍රශ්ණයක් තියෙනවනම් අහන්න. දන්න දෙයක්නම් කියල දෙන්නම්.තරහ ගන්න දෙයක් නෑ.

    ReplyDelete
  12. Godak pin ayya....ethakota e serama kalata passe
    account ekata login unama account 1 athule thiyanavane verified karanna kiyala krama 3k.(1:Bank Transfer or Bank Wire (SWIFT) Deposit,2:Credit Card Validation,3:Phone Validation mobile phones only)mevayin kerenne mokadda ayya.

    ReplyDelete
  13. ane ayya mata alertpay ginumen lankave banku ginumata salli daganna hati kiyannako.ayya ihathin liyala thiyena tika pahadili madi.thava tikak vistharathmakava kiyanna..plzzzzzzzzzz

    ReplyDelete
  14. @Anonymous
    මුලින්ම ඔයාගේ Alertpay account එකේ තියෙන Withdraw කියන tab එක click කරන්න.එතනදී ඔයාට ක්‍රම තුනකට සල්ලි ගෙන්න ගන්න පුලුවන් වෙනවා. පලවෙනි ක්‍රමේ තමයි සල්ලි ඔයාගේ ලංකාවෙ තියෙන බැංකු ගිණුමකට ගෙන්ව ගන්න විදිහ. දැං ඔයත් අහල තියෙන්නේ බැංකු ගිණුමකට සල්ලි ගෙන්වගන්න විදිහනේ. ඔයා මුලින්ම බෑන්ක් එකවුන්ට් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනික් එෆ්.පී කියන එක ක්ලික් කරලා බෑන්ක් ට්‍රාන්ස්ෆර් කියන එක දෙන්න. ඊට පස්සේ එතනින් ඉල්ලන තොරතුරැ දෙන්න. ඊට පස්සේ හරි

    ReplyDelete
  15. @Anonymous
    මෙතනින් ඔයාට වැදගත් වෙන්නේ එකයි දෙකයි විතරයි. එතනින් ඔයාට දෙන්න තියෙන්නේ ක්රෙඩිට් කාඩ් එකක් තියෙනවනම් ඒ අදාල අංකය ලබා දෙන්න. නැත්නම් බැංකු ගිණුම ලබා දෙන්න.

    ReplyDelete
  16. අනෙ මට කියන්නකො ඔය Alertpay ගිනුම හදන්න වයස කියක් ඔනද කියලා???

    ReplyDelete
  17. @Anonymous
    වයස අවුරැදු දහඅටක් වෙන්න ඕනි (18+)

    ReplyDelete
  18. machan alertpay walin money withdraw karana kota bank account ekakata genna ganne nathuwa,e money spend karanna barida?i mean e-bay walin badu genna ganna ehema???

    ReplyDelete
  19. Anonymous said...

    කිසි ප්‍රශ්ණයක් නෑ. එහෙම කරන්න පුලුවන්.

    ReplyDelete
  20. Bank Transfer form eke okkoma fill karanna oneda, api dan nathi ewa ta mokada karanne,

    ReplyDelete
  21. Anonymous said...

    ඔක්කෝම fill කරන්න ඕනි නෑ යාලුවා. අපි නොදන්න ඒවා උනාට ඒකෙ අනිවාර්්‍යය කරල තියෙනවනම් ඒවා අනිවාරයෙන්ම පුරවන්න

    ReplyDelete
  22. machaoo...man lagadi me blog eka dakke..hugak ewa man kiyewwa,,danuth kiyawana gaman...wade nam supiri....me karan yana wadeta nam kohoma thanks karannada kiyala be....
    math meke widiyatama alertpay accout ekak hadala wade patan ganna baluwa...eth machan alertpay eken Bank Transfer eka lankawata support karan naluuu....credit card ekath credit card withdrawals are temporarily unavailable lu..e kiyanne mata mekata karanna kisima kramayak ne...puluwannam machan,mekata wisadumak deepan..matath puluwan ethakota net ekema kalakanni wena eka nawaththa ganna...ikmanatama uththarayak deepan machan...waiting for ur reply....

    ReplyDelete
  23. Anonymous said...

    මෙහෙමයි මචං. දැන් Alertpay එවුන් ලංකාවට සල්ලි එවන්නෙ නෑ කියල කතාවක් තියෙනවා. කොහොම උනත් දැන් තියෙන එකම ක්‍රෙම් තමා payple වලට බහින එක. පේපල් එක ලංකාවෙ විදිහට හරි පිටරට විදිහට හරි හදන්න. පිටරට විදිහට හැදුවොත් නම් ඔයාට පොඩි පොඩි වාසි ටිකකුත් හම්බවෙනවා. හැබැයි ඔයාට සල්ලිනම් ගෙන්ව ගන්න බැරිවෙයි. මොකද ලංකාවට මේ මොනවත් දැං සපෝර්ට් නැති නිසා. හැබැයි ඔයාට Ebay, Amazing.com වලින් වගේ සයිට් වලින් ඔයාට බඩුනම් ගෙන්ව ගන්න පුලුවන් ඒ තියෙන මුදල් යොදවලා

    ReplyDelete
  24. Thanks machan reply kalata ikmaninma...ehenam ehemawath try ekaka denna baklanawa...blog eka digatama karan yanna...hadawathinma suba pathanawa..machoo..ube blog ekak hadana hati post eka dakala ,matath ekak hadana adhasa awa...aththatama hugak wadagath..aluth dewal danna..math digatama radi innawa machan...Thanks....

    ReplyDelete
  25. mchn mata uba meken money aran thiyenawada real ?? uba nam real porak mchn good luck for your future.

    ReplyDelete
  26. paypal account eka wena ratakata haduwoth thiyena wasi monawada ?

    ReplyDelete
  27. Anonymous said...

    ඔව්.ඒත් දැන් සල්ලි ගෙන්වන්න දෙන්නෙ නෑ

    ReplyDelete
  28. Anonymous said...

    Paypal රට විදිහට හැදුවොත් ඔයාට ලංකාවෙ බලාගන්න බැරි විශේෂාංග දෙක තුනක් හම්බවෙනවා. සමහරක් අය ලංකාවෙ එකවුන්ට් එකට සල්ලි දෙන්නෙ නෑ.ඒකයි රට එකකට තියෙන විශේෂත්වය

    ReplyDelete
  29. yaluwa ape bank acc eka RS ne ithin ekata $usd gennaganna puluwanda?

    ReplyDelete
  30. macho bank account ekakata details dana widiya liyala lipiyak ne ne

    ReplyDelete
  31. bux to eka rejister venne www.bux.to kiyana web ekenda mama eken rejister venna baluva form ekath hari okkoma hari habai rejister venna ba

    ReplyDelete
  32. kohomada ban meke salli hoyanne ?

    ReplyDelete
  33. kohomada ban meke salli hoyanne ?

    ReplyDelete
  34. @කුඩු සරාගේ බ්ලොග් ඉසව්ව said...
    bux to eka rejister venne www.bux.to kiyana web ekenda mama eken rejister venna baluva form ekath hari okkoma hari habai rejister venna ba

    Reply 5/1/12 7:12 PM
    -------------------------------------------*

    අදාල කැප්ච එක හරියට ගහලද බලන්න.
    ඔයා මීට කලින් ඒකෙ ඔය ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙලා තියෙනවද බලන්න.

    ReplyDelete
  35. @you want a help said...
    kohomada ban meke salli hoyanne ?

    Reply 5/3/12 3:22 PM
    -----------------------------------------*

    තුන්වෙනි කොටස කියවන්න
    http://blogshansi.blogspot.com/2011/03/internet-money-03.html

    ReplyDelete
  36. machan lankawata money gennawa ganna puluwan kramayak nadda? Pay pal, alert pay wage. Payza walin puluwanda? Umbawa cotact karaganna puluwan mail ekak tiyenawada?

    ReplyDelete
  37. @machan lankawata money gennawa ganna puluwan kramayak nadda? Pay pal, alert pay wage. Payza walin puluwanda? Umbawa cotact karaganna puluwan mail ekak tiyenawada?
    --------------------------------------------------------------------*

    ලන්කාවට සල්ලි ගෙන්න ගන්න විදිහක්නම් දැන් නෑ. Alertpay එකෙන් ඉස්සර දුන්නා. දැන් ඒකෙනුත් දෙන්නෙ නෑ. සමහර විට Debit card හෝ Master card එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන් වෙයි. හරිහමන් සයිට් එකක් හම්බවුනොත්.

    ඔයාට මාව සම්භන්ධ කරගන්න පුලුවන් යාලුවා උඩම තියෙන Contact Me කියන ටැබ් එක මඟින්.

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement