හාඩ් ඩිස්ක් එකේ තොරතුරැ වෙන හාඩ් ඩිස්ක් එකකට කොපි කරන්න ගිහිල්ලා කෙල උනාද?

හාඩ් ඩිස්ක් එකක තියෙන තොරතුරැ සාමාන්‍ය ෆෝල්ඩර් එකක් කොපි කරනවා වගේ සම්පූර්ණයෙන්ම තවත් හාඩ් ඩිස්ක් එකකට කොපි කලත් දෙවෙනි හාඩ් ඩිස්ක් එකේ තියෙන ෆයිල්ස් මුල් එකේ තිබ්බ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ටාට් වෙන්නේ නෑ. ඒකට හේතු වෙන්නේ මොනවද කියල බලමු.

මුලින්ම කියන්න ඕනි ලබන්නාවූ අලුත් අවුරැද්ද කස්ටියටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා.ඔන්න එහෙනම් පටන් ගමුකෝ.හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කරද්දී ඒක සිද්ධ වෙන්නේ සිස්ටම් ඒරියා ( system area ) සහ ඩේටා ඒරියා ( Data Area ) විදිහට නම් කරන කොටස් දෙක්කයි. සිස්ටම් ඒරියා පාටිෂන් කිරීම ගැන තොරතුරැ ( partition information) හා  boot partition අඩංගු වෙනවා. එසේම බූට් වීමේදී අදාල මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරල තියෙන පාටිෂන් එකේ බූට් සෙක්ටර් (boot sector) නම් කොටසෙ තුල (boot strap) බූට් ස්ට්‍රැප් නම් කුඩා වැඩසටහනක් අඩංගු වෙන අතර ඒක පිහිටවන්නේ වින්ඩෝස් සෙටප් එක මගින්. හාඩ් ඩිස්ක් එකක් තවත් හාඩ් ඩිස්ක් එකකට කොපි කිරීමේදී සිද්ධ වෙන්නේ මුල් හාඩ් ඩිස්ක් එකේ ඩේටා ඒරියා එකේ තියෙන තොරතුරැ පමණක් දෙවෙනි හාඩ් ඩිස්ක් එකකට කොපි වෙන එකයි. මේකෙදී සාමාන්‍යෙයන් බලාගන්න පුලුවන් වෙන්නේ හාඩ් ඩිස්ක් එකේ තියෙන ඩේටා ඒරියා එක විතරක් වන අතර අනෙක් පද්ධති තොරතුරැ  ( system information) පරිගණකය භාවිතා කරන කෙනාට පෙන්නන්නේ නෑ. මේ හින්දා සාමාන්‍ය ක්‍රමයට හාඩ් ඩිස්ක් එක්කට කොපි කරපුවහම ඒ හාඩ් ඩිස්ක් දෙකම එකම විදිහට පිටතින් පෙනුනත් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරල තියෙන හාඩ් ඩිස්ක් එකේ බූට් සෙක්ටර් නැත්නම් බූට් ස්ට්‍රැප් එක අඩංගු කොටස දෙවෙනි හාඩ් ඩිස්ක් එකේ අඩංගු වෙන්නේ නෑ. ඒ හින්දා කොපි උන හාඩ් ඩිස්ක් එකෙන් කම්පියුටරය බූට් වෙන්නේ නෑ.
මේ තත්වය මග ඇර ගන්න ' Hard Disk Imaging Software ' එකක් භාවිතා කරන්න පුලුවන්. නොර්ටන් ගෝස්ට් ( Norton Ghost ) කියන්නේ ඒ වගේ සොෆ්ට්වෙයා එකක්.
මේ සොෆ්ට්වෙයා එකෙන් හාඩ් ඩිස්ක් එකේ දත්තයන්ට අදාළව ඉමේජයක් සකස් කර ගැනීම, හාඩ් ඩිස්ක් එකේ සියලු පාටිෂන් ( බෙදන ලද කොටස් ) වල ඇති දත්ත තවත් හාඩ් ඩිස්ක් එක්කට හෝ වෙනත් පාටිෂන් එකකට ඒ ආකාරයෙන්ම පිටපත් කිරීම (ක්ලෝන් කිරීම) වැනි දේ ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්.  ඒ වගේම පරිගණක ජාලයක් තුලදී නම් , එක් පරිගණකයක සිට තවත් පරිගණකයක් වෙත දත්ත පිටපත් කරන්නත් පුලුවන්. මේකෙ පෙන්නලා තියෙන්නේ නෝටන් ගෝස්ට් භාවිතයෙන් හාඩ් ඩිස්ක් එකේ එක් පාටිෂන් එකක හෝ පාටිෂන් සියල්ලෙහිම ඇති සියලු තොරතුරැ ක්ලෝන් කරන්න විදිහයි. නෝටන් ගෝස්ට් භාවිතයෙන් දැනට පවතින හාඩ් ඩිස්ක් එකේ දත්ත පිටපත් කරන්නේ නම්, වඩාත් යෝග්‍ය වෙන්නේ තවත් හාඩ්ඩිස්ක් එකක් සවි කර ඒ තුලට දත්ත ක්ලෝන් කිරීමයි. ඒත් අමතර හාඩ් ඩිස්ක් එකක් නැත්නම් දැනට තියෙන හාඩ් ඩිස්ක් ඒකේම වෙනත් පාටිෂන් එකක් වෙත අදාළ දත්ත ක්ලෝන් කරන්න පුලුවන්. මේ සදහා තියෙන්න ඕනි මූලික අවශ්‍යතාවය වෙන්නේ ඔයාගේ කම්පියුටරේ නෝර්ටන් ගෝස්ට් ( Norton Ghost ) සොෆ්ට්වෙයා එකේ ඕනෑම සංස්කරණයක් ඉන්ස්ටෝල් කරල තිබීමයි.
දැන් Start ---> All programs හරහා Norton Ghost වෙත යන්න පුලුවන්. නෝටන් ගෝස්ට් සොෆ්ට්වෙයා සංස්කරණ ගණනාවක්ම තියෙනවා.  ඒවා අතර මූලික ක්‍රියාකරකම අතින් වෙනස් කම් අඩුයි. මෙහි අලුත්ම සංස්කරණය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
සීරියල් කී:-  1. ) Serial: 00-4406-5475-736471     Name: Tim
                   2.) Serial: 04-4406-8750-508516       Name: Tim Norton Ghost 

මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරපුවහම ලැබෙන වින්ඩෝවේ වම්පැත්තේ තියෙන  Norton Ghost නම් තීරැවේ සොෆ්ට්වෙයා එකෙන් කරන්න පුලුවන් වැඩ පෙන්නලා තියෙනවා. මේ වින්ඩෝවේ දකුණු පැත්තේ , වම් පස ඇත් විස්තර යටතේ කල හැකි වැඩවල අදාළ තවත් විස්තරයකි. දැන් මේ වින්ඩෝවේ වම්පැත්තේ තියෙන Norton Ghost නම් තීරැවෙන් Norton Advanced කියන එක උඩ ක්ලික් කරන්න. ඒතකොට ලැබෙන බොක්ස් එක මගින් ක්ලෝන් කරන්න ඕනි හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකක් හෝ පාටිෂන් එකක් තෝරලා දෙන්න පුලුවන්. මේකෙදී source නම් ස්ථානයේ තියෙන්නේ අපි ක්ලෝන් කරන්න බලාපොරොත්තු වෙන දත්ත ඇති හාඩ් ඩිස්ක් එක හෝ පාටිෂන් එක තෝරා දීම සදහායි. ඒ සදහා අදාළ තනි පාටිෂන් එක හෝ අදාල ඩිස්කයම තොරලා දෙන්න. මෙහිදී සම්පූර්ණයෙන්ම ඩිස්ක් එකම තෝරනවනම් Disk1, Disk2 ආදී වශයෙන් ඩිස්ක් එක දැක්වෙන ස්ථානය ක්ලික් කරන්න. එවිට අදාල සියලුම පාටිෂන් කොටස් සිලෙක්ට් වෙනවා ඔයාට බලාගන්න පුලුවන්. එසේ නොමැතිනම් තනි පාටිෂන් එකක් උඩ ක්ලික් කර ඒක විතරක් සිලෙක්ට් කරගන්නද හැකියාවක් ලබා දීල තියෙනවා. එතකොට එසේ සිලෙක්ට් කරපු පාටිෂන් හැර අනිත් පාටිෂන් එකේ තිබුනු සියලුම දේ , ක්ලෝන් කරන්න ඕන ඩිස්ක් පාටිෂන් එක තෝරලා නෙක්ස්ට් ක්ලික් කරන්න. ඉන්පසුව ඉදිරියට යෑම සදහා ආයෙත් පාරක් නෙක්ස්ට් බට්න් එක ක්ලික් කරන්න. ඒකෙන් පස්සේ ඩොස් මෙහෙයුම් පද්ධතියෙන් කම්පියුටර් එක රීස්ටාර්ට් වෙලා ක්ලෝන් වීමේදී දැක්වෙන තිරයේ ආදර්ශයක් පෙන්වනවා. ඒකෙන් ඉදිරියට යන්න නෙක්ස්ට් ක්ලික් කරන්න.
ඊලගට ක්ලෝන් කිරීම ගැන සාරාංශයක් ඉදිරිපත් වෙනවා. ඒකෙ ඇති විස්තර කියවලා බලලා අදාල විස්තර හරිනම් එක පාරක් Run Now කියන බට්න් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනයෑම සදහා කම්පියුටරේ රීස්ටාර්ට් කරන්න ඕනි බව කියලා පණිවිඩයක් ලැබෙනවා. ඒකට කිසි බයක් සැකක් නැතිව රීස්ටාර්ට් වෙන්න ඉඩ දෙන්න. කම්පියුටරය රීස්ටාර්ට් වීමේදී ඩොස්  වෙත පැමිණ අදාල ක්ලෝන් කිරීම සදහා පළමු විකල්පයත්, ක්ලෝන් කිරීම මගහරින්නේ නම් ඒ කියන්නේ කැන්සල් කරනවනම් දෙවන විකල්පයත් තෝරන්න කියලා දන්නනවා. මේ වෙලාවේදී කීබෝඩ් එකේ කිසිම කී එකක් ප්‍රෙස් කරන්නනම් එපා. එතකොට ඩොස් තිරයක් මතුවෙලා නොර්ට්න් ගෝස්ට් මගින් තෝරාදුන් දත්ත ක්ලෝන් කිරීම සිදුවෙනව පෙනෙයි. මේ කටයුතු සම්පූර්ණ උනාට පස්සේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් කම්පියුටරය ස්ටාර්ට් වෙනවා. දැන් අදාළ ඩිස්ක් පාටිෂන් විමසා බැලූ විට ඒ දෙකේම සමාන දත්ත තියෙනව බලාගන්න පුලුවන්.

ඔන්න එහෙනම් කොරලම බලන්නකෝ....



© 2011 - BlogShan

4 comments:

  1. මට කියල දෙන්නකෝ ghost එකෙන් c drive එකේ copy එකක් අරගෙන, c එක ෆොර්මැට් කරලා විනාඩි 5න් කලින් ගත්ත c drive එකේ copy එක c එකට දාගන්නේ කොහොමද අනේ මට කියල දෙන්නකෝ..
    email- kpggsameer@gmail.com
    fb- kpggsameer- Gayan Sameera

    ReplyDelete
  2. රුවන්ත

    ස්තුතියි සහෝ

    ReplyDelete
  3. sam said...

    හරි මම එව්වා

    ReplyDelete
  4. Anonymous said...

    රැවන්ත
    ස්තූතියි යාලුවා කමෙන්ටුවට

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement