Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 05 කොටස

කොහොමද කස්ටිය...?.. ඔන්න ගෙනාවා පස්වෙනි කොටස පොරොන්දු උන දේවල් අරගෙන. කතා නවත්තලා වැඩේට බහිමු.

ඉස්සෙල්ලම සිලෙක්ට් මෙනු ගැන බලමු.

මේක ප්‍රධාන තීරැවේ දකින්න තියෙනවා. 
select --> Alt (Ctrl + A)

සම්පූර්ණ රෑපයක්ම එකපාරටම සිලෙක්ට් කරගන්න පුලුවන්.
select --> De select (ctrl+ l)

සිලෙක්ෂන් ඉවත් කර ගන්න පුලුවන්.
select --> re select

අවසන් වරට ඩී සිලෙක්ට් කරගත් දෙයක් ආයෙත් ලබා ගන්න  select --> Inverse 

සිලෙක්ට් කරගත් කොටසෙහි ඉතිරි කොටස ලබා ගන්න පුලුවන්. එනම් ප්‍රථමයෙන් සිලෙක්ට් කරගත්තු කොටස වෙනුවට ඉතිරි කොටස සිලෙක්ට් වීම සිදුවෙනවා.
සිලෙක්ට් -- කලර් රේන්ජ්

කිසිම සිලෙක්ෂන් ටූල් එකක් භාවිතා නොකොට සිලෙක්ට් කරගන්න පුලුවන්. මැජික් වෝන්ඩ් ටූල් ආකාරයට සිලෙක්ෂන් ලබා දෙනවා. කලර් රේන්ජ් ඩයලොග් බොක්ස් ආධාරයෙන් අවශ්‍ය ඔප්ෂන් ලබා දෙන්න.
සිලෙක්ට් -- ෆෙදර් 

සිලෙක්ෂන් එකක් සදහා ෆෙදර් ලබා දෙන්න බැරි උන අවස්ථාවකදී මෙය භාවිතා කරන්න පුලුවන්.
සිලෙක්ට් -- මොඩිෆයිව් -- බෝඩර්

මෙමගින් ඕනෑම සිලෙක්ෂන් එකක් වටා දෙනලද පික්සල් ප්‍රමාණයකින් බෝර්ඩර් එකක් ලබා ගන්න පුලුවන්.
සිලෙක්ට් -- මොඩිෆයිව් -- ස්මූත්

රෙක්ටෑන්ගල් සිලෙක්ෂන් නම් රවුන්ඩඩ් කෝනර් සාදා ගනී. වෙනත් සිලෙක්ෂන් එකක් නම් එහි කඩතොලු ස්වභාවය නැතිකර ගනී.
සිලෙක්ට් -- මොඩිෆයිවි -- එක්ස්පෙන්ඩ්

දෙන ලද පික්සල් ප්‍රමාණයකින් සිලෙක්ෂන්හි ප්‍රමාණය වැඩි කරගනී.
සිලෙක්ට් -- ග්රෝව්

මූලික සිලෙක්ෂන් හදුන්වා දුන්පසු එද වර්ණයට සමාන ආසන්නයේ ඇති වර්ණ සිලෙක්ට් කරගනී. 
සිලෙක්ට් -- ස්මයිලර්

මූලික සිලෙක්ෂන් හදුන්වා දීමෙන් පසු එම වර්ණයට අදාල සියලුම වර්ණ සිලෙක්ට් කරගනී.
සිලෙක්ට් -- සේව් සිලෙක්ෂන්

ඕනෑම සිලෙක්ෂන් එකක් සේව් කරගන්න පුලුවන්. ඒ කියන්නේ එකම ඉමේජ් එකක් මත ඇති සිලෙක්ෂන් කිහිපයක් වූවද සේව් කරගන්න පුලුවන්.
සිලෙක්ට් -- ලෝඩ් සිලෙක්ෂන්

සේව් කරගත්තු සිලෙක්ෂන් එකක් ඕනම  අවස්ථාවකදී සිලෙක්ට් කරගන්න පුලුවන්.

ක්රොප් ටූල්

මෙම ටූලය භාවිතා කිරීමෙන් ඉමේජ් එකක කොටසක් කපා ඉවත් කරන්න පුලුවන්. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය කරන කොටස ලබා ගන්න පුලුවන්. ට්‍රාන්ස්ෆෝම් සිලෙක්ෂන් ආකාරයට රොටේට් කිරීම හෝ ෆ්රීසයිස් කරන්න පුලුවන්. මෙය භාවිතා කරන විදිහ වන්නේ ටූල් බොක්ස් මගින් මෙම ටූලය තෝරාගෙන ඉමේජ් මත අවශ්‍ය කරන කොටස ආවරණය වන සේ ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කිරීමයි.
තමාට අවශ්‍ය නිශ්චිත අගයකට ක්රොප් කර ගැනීමටනම් ඊට පෙර දැනට ඉමේජ් එක පවත්නා ප්‍රමාණය දැනගන්න වෙනවා. ඒ සදහා ෆ්රවුන්ඩ් ඉමේජ් යන්න ක්ලික් කල යුතු වේ. එවිට ඉමේජ්හි දිග පළල පෙන්නුම් කරයි. එහි ඇති හයිග් සහ විඩ්ත් සදහා අගයන් ලබා දීමෙන් එම ප්‍රකාශයට ඉමේජ් ක්රොප් කරගත හැක. ක්රොප් වන කොටස පැහැදිලිව බලා ගැනීම සදහා කලර් යන ස්ථානයට අවශ්‍ය වර්ණය ලබා දෙන්න. මෙසේ ලබා දෙන වර්ණයෙහි වර්ණ ප්‍රතිශතය වෙනස් කිරීමට ඔපාසිටි භාවිතා කල යුතුය. මෙහිදී වර්ණය ලබා දිය යුත්තේ ක්රොපින්ග් ඒරියා ලබා දීමෙන් පසුවය. 
ක්රොපින්ග් ඒරියා ඇප්ලයි කර ගැනීම සදහා ඒරියා තුල ඩබල් ක්ලික් කිරීම හෝ එන්ටර් කිරීම කල හැක. නැතහොත් රයිට් ක්ලික් කර ක්රොප් යන්න ලබා දෙන්න.
ක්රොපින්ග් ඒරියා ඉවක් තිරීමට අවශ්‍ය නම් ක්රොපින්ග් ඒරියා මත රයිග්ට් ක්ලික් කර කැන්සල් කරන්න. 

එහෙනම් අපි ඊලග ටූල්ස් ගැන ඊලග පොස්ට් එකේදී කතා කරමු.

7 comments:

  1. igena ganna photoshop thiyenna epaye. berida PS CS5 hari CS2hari ganna????????????

    ReplyDelete
  2. දෙන්නම් කොල්ලෝ! අනිවාරයෙන්ම හෙට අනිද්දම දෙන්නම්...

    ReplyDelete
  3. මචෝ,

    මොකක් හරි ඉමේජ් එකක් ලයිටින් ඉෆෙක්ට් එකක් තියෙන විදියට ෆිල් කරගන්න විදියක් නැද්ද? එක පැත්තක් ලා අනික් පැත්ත තද පාටට එක පාරින් ෆිල් කරන්න පුලුවන්ද?

    ReplyDelete
  4. මචෝ! මෙන්න උබ හින්දම පෝස්ට් එකක් දැම්මා. ගිහිල්ලා බලාගන්ඩකෝ!

    http://deshanblog.blogspot.com/2011/04/photoshop-light-effect.html

    ReplyDelete
  5. පොටොසොප් ඩිංගක් ගොඩදාගන්න තැනක් හොය හොය හිටියෙ... දැන් දෙන්නං ඇට්ටි හැලෙන්න..

    පිං සිද්ධ වෙච්චාවෙ......

    ReplyDelete
  6. ඉහලින් ඇති ඇනෝ කමෙන්ට් එක මගේ. අවාසනාවකට ලොග් නොවී කමෙන්ට් කරලා.

    බොහොමත් ස්තුතියි පෝස්ට් එකට. මගෙ ජීව විද්‍යා බ්ලොග් එකේ වැඩකට අවශ්‍යම කරන එකක් මේක.

    ReplyDelete
  7. බොහොම පිං ඇනෝ තමන් කියල පිලිගත්තට! ඒකෙන් කාරි නෑ.
    ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement