දිලුම් මචං!! මේ දුක අපි විඳගන්නේ කොහොමද?

අද උදේම මුහුණුපොතට ලොග් උනේ හිතේ සතුටකින්.අදත් අලුත් දවසක්නේ කියල හිතලා. ඒත් ෆේස්බුක් එකට ලොග් වෙලා තත්පර තිහක්වත් ගියෙ නෑ. මට උබේ වෙන්වීම අහන්න ලැබුනා මචං. ඇත්තම කිව්වොත් මට කර කියා ගන්න දෙයක් නැතිඋනා. මගෙ ඇස්වලට කඳුලු ආවා උබ වගේ හොඳ ඉලංදාරියෙක් අපිට නැතිඋන එක ගැන.
මම උබ ගැන වැඩිය දන්නෙ නැති එක ගැන ඇත්ත. ඒත් අපි සයිබර් සිහින සැණකෙළියෙදි හම්බවුනා උබට මතක ඇති. මමවත් උබවත් හිතන්න නැතිවඇති උබට මේ වගේ දෙයක් මෙච්චර ඉක්මනින් වෙයි කියලා.
   අපිට ආයෙ කවදා උබෙ කවි සිතුවිලි බලාගන්න හම්බවෙයිද? කවදා උබෙ ඔය විහිලු ටෝක්ස් අහන්න ලැබෙයිද? කවදා උබ වගේ මිත්‍රෙයක් ආශ්‍රය කරන්න හම්බවෙයිද? සත්තයි මචං මේ දුක උබට නෙමේ. මේ දුක දැනෙන්නේ අපිටයි. හිතපු නැති වෙලාවක හිතපු නැති දෙයක් වුනාම ඒ කනස්සල්ල ,දුක ලේසියකින් පහව යන්නෙ නෑ මචං. ඇත්තටම උබ හොඳ යාලුවෙක්.
   ජීවිතේ කියන්නෙ ඕකට තමයි මචං. උබ එදා සයිබර් සැණකෙලියට ආවෙ උබට ඔපරේෂන් එකක් කරන්න තියෙද්දියි. ඒත් උබ අපිට ඒක කිව්වෙ නෑ.  ඒ උබ අපේ සතුට ගැන හිතපු නිසා වෙන්න ඇති. ඒත් අපි හැමදෙනාම හිතුවේ උබේ සතුට ගැන. ඒ උබව සනීප කරලා ආයෙත් ඉලංදාරියාගේ වැඩ කිඩ ටික බලාගන්න.
 අනිත්‍ය වූ දිවිය පුරා නිත්‍ය වන ඒතම කාරණය.... මරණය මචං.... උබ අද....අපි හෙට වෙන්න පුලුවන්..ඒත් උබ අපේම එකෙක් වගේ.ඒකයි අපිට දුක වාවගන්න බැරි.


දුප්පත් - පෝසත් බේද සලකන . . . හීන කුල - රදළ කුලගොත් ඉහමුදුනේ තබා වන්දනාමාන කරන . . . සිංහල - දෙමළ ජාති බේද නමින් කා කොටා ගන්නා . . . මේ සජීවි ලෝකයෙන් අපි විතැන් වී ගොස් සුවඳ හමන ආත්මයට විතරක් ප්‍රේම කරන මළවුන්ගේ ලෝකයකදී පමනක් අපි යලි මුන ගැසෙන්නට පාරමී දම් පුරමු . . . . 

මචං උබට නිවන් සුව!!!!!!!

11 comments:

  1. ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

    "මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

    සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
    ඔබට ප්‍රීතිමත් චාරිකාවක්.......

    ReplyDelete
  2. දිලුම් සොයුර ඔබට නිවන්සුව!

    ReplyDelete
  3. ඇත්තටම අපිට මෙහෙම දුක බෙදාගන්නවා මිස වෙන කරන්නට දෙයක් නෑ!! හැමෝටම පිං!

    ReplyDelete
  4. ඔබට නිවන් සුව !!!!!

    ReplyDelete
  5. හොද මිනිස්සුන්ට වැඩිකල් ජීවත් වෙන්න වරම් නැත්තේ ඇයි...??????????

    ReplyDelete
  6. ~~~~~~~~~~~~~~ Jivithaya Mathakayak Pamani~~~~~~~~~~

    ReplyDelete
  7. දිලුම් අයියේ ඔබට නිවන් සුව !!!!

    ReplyDelete
  8. :'(
    :'(

    දිලුම් ඔබට නිවන් සුව !!!!

    ReplyDelete
  9. macho me post 1nam niyamai , mamath 25 kandy town 1ke innakota eka paratama dekka macho dilumge poster 1k mawa sithala wela giyamacho... mama me post liyana kauruwath meet wela wathne, ea mama army 1ke hitiya nisa.. eth saho mama godak try kara dilimge wedeta help 1k karanna eth mata niwadu hambaune ne... mata mara upset.. hoda sahodarayek...

    macho dilum uba hoda mithurek.. hoda gajayek ...
    mathu upadina hema bawayakama mewan akal maranayak nowewaa..... """"

    ReplyDelete
  10. දිළුම්ට මොකද උනේ ? මම දන්නවා එයාගෙ ස්නායු ප්‍රශ්නය... එත් ජිවිතෙන් සමුගන්න තරම් මොකද උණේ... කවුරු හරි දන්නකෙනෙක් මට කියන්න.....

    ReplyDelete
  11. @uthsuka
    දිලුම්ට ඔප්රේෂන් එකක් තිබ්බා.. අන්න ඒකෙන් පස්සේ තමා නැතිවෙලා තියෙන්නේ කියලයි කියන්නේ

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement