චිත්‍රපටි Download කරනවනම් මෙව්වත් බලන්න!!



ඔයා ඉන්ටනෙට් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඕනි නම් ඒකෙ නේම් එක බලලා හරි description එකේ තියෙන මේ කෙටි යෙදුම් ටික බලලා හරි තේරුම් ගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලාගන්න.



CAM / CAMrip – මේවා හඳුන්වන්නේ කැමරා කොපි කියලා. මේ චිත්‍රපටි හඳන්නේ ෆිල්ම් හෝල් එකේ ප්‍රදර්ශණය වන චිත්‍රපටිය ඒ තිරයෙන් පේන ආකාරයට වීඩියෝ කරලා. ගොඩක් වෙලාවට නිතරම කැමරාව හෙලවෙනවා දකින්න පුලුවන්. රූප හා ශබ්ද වල තත්ත්වය අන්තිමයි. ‍ශාලාවෙ ශබ්දත් ඇහෙනවා. රූප පැහැදිලිත් නෑ.


• TELESYNC (TS) – තිරය රූගත කිරීමෙන් හැදුවත් ශබ්දය ලබාගන්නෙ ආසන වල ඇති headphone socket එකෙන්. ඒ නිසා ශබ්දය ටිකක් හොඳ උනත් බාහිර ශබ්ද හා නිරෝධනය වී ඝෝෂා ඇති කරන්න පුලුවන්. සමහර ඒවා හිස් සිනමා ශාලාවකදී රූගත කිරීම නිසා තත්ත්වය ටිකක් හොඳයි. ඒත් බොහෝ විට මේ නමින් එන්නේ වැරදියට ලේබල් කල CAMrip බව මතක තියා ගන්න.

• TELECINE (TC) – සිනමා පටය (reel එක) කොපි කල හැකි යන්ත්‍රයක් භාවිතයෙන් ලබාගත් එකක්. (මේ වගේ යන්ත්‍ර වලින් තමයි සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්වීමට සකස් කරන්නේ) මෙම යන්ත්‍ර සාමාන්‍යයෙන් දුර්ලභ නිසා මෙම වර්ගයත් ටිකක් දුර්ලභයි.

• SCREENER (SCR) – චිත්‍රපටය එලිදැක්වීමට කලින් ප්‍රචාරණය සඳහා ලබාදෙන VHS පටි. මේකේ තිරය මත විවිධ අකුරු, දැන්වීම් දකින්න තියෙනවා කරදරයක් වෙන තරමට. මේවා බොහෝදුරට නිකුත් කරන්නේ චිත්‍රපට කුලියට දෙන ආයතන සඳහා. රූප/ශබ්ද තත්ත්වය නම් සෑහෙන්න හොඳයි. ඒත් රූප ප්‍රමාණය ඉතා කුඩායි (letterbox).

• DVD-SCREENER (DVDscr) – කලින් කියපු ජාතියමයි, හැබැයි DVD වලට ගහලා.

• VHSRip – ඔරිජිනල් VHS tape එකෙන් ලබාගත් වීඩියෝ එකක්. දැන් මේ ආකාරයට චිත්‍රපටි එනවා ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන්නේ ක්‍රීඩා සහ අසභ්‍ය වීඩියෝ.

• TVRip – මේවා රූපවාහිනියේ යන චිත්‍රපටියක් හෝ කතා මාලාවක් capture card එකක් මගින් ලබාගත් ඒවා. තත්ත්වය ඉතින් capture card එකේ quality මත රඳා පවතිනවා.

• Asian Silvers / PDVDrip – ඔබ දැක තියෙනවා නේද එක dvd එකේ චිත්රටපට 4ක් 5ක් තියෙනවා. ඒවා ඔරිජිනල් dvd නෙමෙයිනේ. ඒවාට තමයි Silvers කියන්නේ. මේවා ආසියාවට ආවේනිකයි ! ඒවායින් හදපු වීඩියෝ තමයි මේ. තත්ත්වය සාපේක්ෂයි. එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම්විට PDVDrip යටතේ CAM ඒවත් එනවා.

• WORKPRINT (WP) – චිත්‍රපටියේ සංස්කරණයේ දී ලබාගත් පිටපතක්. රූප ශබ්ද තත්ත්වය හොඳ වෙන්න පුලුවන් උනාට මේකෙ දර්ශන කොටස්,සංගීතය අඩු වෙන්න පුලුවන්. මොකද තවම චිත්‍රපටිය අසම්පූර්ණ නිසා. උදාහරණයක් විදියට Men in Black හි ජනතාව අතර ප්‍රචලිත වු මෙ‍ම වර්ගයේ පිටපතේ පිටසක්වල ජීවීන් වෙනුවට එහි සිට ඇත්තේ නලුවන්. ඒ ත්‍රිමාණ රූප ඊට එකතු කිරීමට කලින් ලබාගත් WP එකක්.

• DVDRip – මේක තමයි හොඳම එක. ඔරිජිනල් dvd එකෙන් හදපු වීඩියෝ එක. වීඩියෝ එකේ වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් සමස්තයක් විදියට අනර්ඝයි.

• BRRip - මේක තමයි ඉස්තරම්ම එක. කිසි හැල හොල්මනක් වෙනස් වීමක් වෙන්නෙ නෑ. ඔර්ජිනල් එක වගේම තියෙනවා.


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. මට කරන උදව්වක් විදිහට ෆලෝ පාරක් එහෙම දාන්න හොඳේ.

20 comments:

  1. BR-Rip thamai hodama eka. quality eka uparimai....

    ReplyDelete
  2. ඔව්. ඒක ඇත්ත

    ReplyDelete
  3. එල කියන්නෙ එලම කිරි ....... නියම ලිපියක් .......

    ReplyDelete
  4. @කල්හාර දිසානායක-
    thanxx bro...

    ReplyDelete
  5. ස්තූතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  6. @පිණිබිඳු... Thanxx


    @Free education lk Thanxx

    ReplyDelete
  7. ela macho elatama thiyanawa digatama karahan

    :D

    ReplyDelete
  8. මේකනම් වටිනවා මොකද පැය ගානක් බලන් ඉදලා movie එකක් ගත්තාම ඒක වැඩක් නැති එකක්...
    එතකොට XviD කියන්නෙ මොකක්ද?.

    ReplyDelete
  9. XviD කියන්නේ DivX ෆයිල් සිස්ටම් එකටම ලගින් යන වර්ගයක්

    ReplyDelete
  10. සිරා පෝස්ට් එකක්..!

    ReplyDelete
  11. තෑන්ක්ස් මහසෝණා... ඔයත් ෆිල්ම් බ්ලොග් එකක් කරනවා නේද? එහෙනම් ඔයාටනම් නියමෙට ගැලපෙනවා මේක

    ReplyDelete
  12. mekan godak watinawa mcn thanxx

    etha kota HDrip kiyanne mokadda BRRrip walatamada?

    ReplyDelete
  13. @Probod Manjith
    එච්ඩීරිප් කියන්නේ එර්ජිනල්ම එක. බීආර්රිප් එක කොපියක්නේ.. ඒත් මේකෙන් වෙන්නේ තියෙන ඔර්ජිනල්ම සීඩී එකෙන් කොපියක් ගහන එකයි

    ReplyDelete
  14. aluthinma apu film ekaka screener ekak download karaganna puluwanda?
    kavi

    ReplyDelete
  15. Anonymous said... (kavi)

    පුලුවන්

    ReplyDelete
  16. niyamai macho... nodanna (hariyata)dewal godak dena gaththa.. thanks

    ReplyDelete
  17. @Chaminda said...
    niyamai macho... nodanna (hariyata)dewal godak dena gaththa.. thanks

    Reply 11/24/11 9:42 PM
    -----------------------------------*
    නියමයි නියමයි

    ReplyDelete
  18. @ireshmw said...
    maru maruuuu...........

    Reply 4/21/12 3:53 PM
    ----------------------------------------------*

    ස්තූතියි

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement