ඔයා පාවිච්චි කරන්නේ DualCoreද? Core2Duoද? මේවගෙන් එකක්නම් අනිවාරයෙන්ම මේක බලන්න!

බොහෝ පුද්ගලයන්ට පරිගණකයක් මිලදී ගැනීමේදී හෝ  upgrade කිරීමේදි DualCore ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් හා Core2Duo ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක් අතර වෙනස අපැහැදිලිව අපහසුතාවයට පත්වේ. ඒ අපහසුතාවයෙන් බේරෙන්න  විදිහ අපි දැං බලමු.



පරිගණක අලෙවි නියෝජිතයන් Dual Core පරිගණකයක් ගැන කීවද ඇත්තටම Dual Core නමින් හඳුන්වන ප්‍රොසෙසරයක් හො පරිගණකයක් Intel සමාගම හඳුන්වා දීල නෑ. Dual Core කියන්නේ Intel සමාගම ‍එකම ප්‍රොසෙසරයක (Processor) මධ්‍යද සැකසුම් ඒකක දෙකක් (2 CPU-Central Processor Unit) භාවිතා කරන තාක්ෂණය සඳහා භාවිතා කරන තාක්ෂණික නාමයක්. ඒකියන්නේ ‍එකම පරිගණකයක Processor දෙකක හැකියාව යොදා ගැනීමයි. මේ අනුව Core2Duo ද අයත් වෙන්නෙත් Dual Core තාක්ෂණයටයි. තවත් මෙම තාක්ෂණය යොදා ගන්න Processor සඳහා උදාහරන ලෙස Core-Duo, Pentium Dual-Core , Celeron Dual-Core , Pentium-D and Athlon X2 ගන්න පුලුවන්.




ඒ හින්දා ඔය පරිගණකයක් මිලදී ගන්නා විට හෝ upgrade කිරීමට ‍ප්‍රොසේසරයක් තෝරා ගැනීමේදී Core2Duo ප්‍රොසෙසරය Core-Duo , Pentium Dual-Core , Celeron Dual-Core , Pentium D හෝ Athlon X2 ප්‍රොසෙසර් සමග සංසන්දනය කර බලන්න. එම සෑම ප්‍රොසෙසරයකම කෙටි විස්තරයක් පහත දී ඇත. සෑම විටම ඔබ මිලදී ගන්නා පරිගණකයේ අඩංගු ප්‍රොසෙසරයේ වේගය (GHz) වලින් දී ඇත , L2 Cache ධාරිතාව , Front Side Bus හා මිල සංසන්දනය කරන්න. මේවා සලකා බැලීමෙන් ඔබට වඩා හොඳ Core2Duo ප්‍රොසෙසරය බවත් Pentium Dual-Core වඩා Celeron Dual-Core පහතින් ඇති බවත් වටහා ගත හැක.


  Core-Duo
 CoreDuo ප්‍රොසෙසරය Intel සමාගම‍ ලැප්ටොප් වැනි මොබයිල් පරිගණක සඳහා dual-core තාක්ෂණය සහිතව සකස් කළ පළමු ප්‍රොසෙසරය වේ. විදුලි බලශක්ති භාවිතය අවම කළ dual-core තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නා අයුරින් නිර්මාණය කර ඇත. L2 cache-2MBළ Front Side Bus-667MHz




  Pentium Dual-Core
එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB, Front Side Bus-800MHz
  Celeron Dual-Core
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ.අවම බලශක්තියක් භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර සාපේක්ෂව අනෙක් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව හා මිල අඩුය. L2 cache-512MB, Front Side Bus-800MHz
  Pentium D
 එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. L2 cache-1MB,Front Side Bus-800MHz
  Core2Duo
  එකම සංඛ්‍යාතයක ක්‍රියාකරන හර (core) ප්‍රොසෙසර් දෙකක කාර්යක්ෂමතාව එක් භෞතික ප්‍රොසෙසරයක අඩංගු කර ඇත. එනම් Dual-Core තාක්ෂණය භාවිතා වේ. Dual-Core තාක්ෂණය භාවිතාකරන හොඳම ප්‍රොසෙසරය වේ. අනෙකුත් Dual-Core ප්‍රොසෙසර් වලට වඩා හැකියාව ඉහල අතර සාපේක්ෂව මිල අධික වේ. L2 cache-4MB,Front Side Bus-1333MHz

තව දෙයක් තියෙනවා. හැබැයි මේ දෙකේ 64බිට්ස් වල පොඩි වෙනස් කමක් තියෙනවා.ඒක මෙතන ක්ලික් කරලා බලන්න.

හොද නරකත් කියල යන්ඩෝ

12 comments:

  1. ela kiri kiwwa, celeron ekei atom ekai thiyanava, atom eka una 65k witara celeron eka 20gaanak, moko ee?

    ~Maliya~

    ReplyDelete
  2. හොඳ දැනුවත් කිරීමක්........

    ReplyDelete
  3. ඉතා වැදගත් ලිපියක්. කමෙන්ට් ගැන හිතන්න එපා. දිගටම ලියන්න. අපිත් මහන්සි වෙලා ලිවුවය කමෙන්ට් වැටෙන්නෙ නැති එක ගැන දුකයි. එත් සැලෙන්න එපා. දිගටම ලියන්න.

    ReplyDelete
  4. පෙන්ටියම් ඩුවල් කෝ........

    එතකොට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා.මයි කම්පියුටර් ----- ගියහම ලෝකල් ඩිස්ක් සී , ලෝකල් ඩිස්ක් ඩී වලට අමතරව ලෝකල් ඩිස්ක් කියු කියල එකක් තියනවා. ම්ම් ප්‍රොපටීස් ගියහම ඒකෙ මුකුත් නැහැ .නමුත් ෆුල්. ඕපන් කරන්නත් බැහැ..

    හැබෑට ඒ මොකක් ද?

    ReplyDelete
  5. Maliya මට පොඩ්ඩක් ප්‍රශ්ණෙ තව පැහැදිලි කරල දෙනවද?

    ReplyDelete
  6. කල්හාර දිසානායක
    බොහොම ස්තූතියි

    ReplyDelete
  7. ..ChAnDiKa.. බොහොම ස්තූතියි දිරි ගැන්වුවාට

    ReplyDelete
  8. සොඳුරු සිත - ඔතන වෙලා තියෙන්නේ හාඩ් එක පාටිෂන් කරද්දී සිදු වෙච්ච වැරදීමක් හරි නැත්නම් ඩ්‍රයිවර්ස් තැන්පත් කරන්න වෙනම හදපු පාටිෂන් එකක්. වෙනම ඩ්‍රයිවර්ස් තැන්පත් කරල පාටිෂන් එකක් හදපුවාම පරිගණකය ෆෝමැට් කරත් ඩ්‍රයිවර්ස් ආයෙත් දාන්න ඕනි නෑ.

    ReplyDelete
  9. machan mage machin eka mokakda kiyala hoyaganne kohomada(duel core da? naththam wena ekakda kiyala)

    ReplyDelete
  10. @nishan-
    මෙහෙමයි. වින්ඩෝස් 7වලනම් computer අයිකන් එක උඩ right click කරලා properties කියන එක ක්ලික් කරන්න. ඒ එන වින්ඩෝ එකේ processor කියන තැන ඔයාගේ මැෂින් එක ඩුවල් කොරද නැත්නම් වෙන මොකක් හරිද කියල හොයා ගන්න පුලුවන්. xp වලනම් my computer අයිකන් එක උඩ right click කරලා properties කියන එක ක්ලික් කරන්න. එතන යට ඔයාගේ මැෂින් එකේ වර්ගය තියෙනවා.

    ReplyDelete
  11. තැන්කු වේවා

    ReplyDelete
  12. ඉන්ටෙල් ආර් කියලා විතරයි බන් වැටෙන්නෙ

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement