Internet Money - 08 කොටස Final (02 කොටස)

ඔන්න ඉන්ටනෙට් මනී අවසාන කොටසේ දෙවෙනි කොටස තමා අද දෙන්න යන්නේ. ඉතිං ෆයිනල් පලවෙනි කොටස ඔයාල බලන්න ඇතිනේ. බැලුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල බලන්න. ෆයිනල් පලවෙනි කොටස අපි ඉවර කෙරේ අන්තර්ජාලයේ form fill කිරීම හෝ offer complete කිරීමට ඇති වෙනත් වෙබ් ආයතනයන් කියන මාතෘකාවෙන්. එහෙනම් අද එතැන ඉදන් වැඩ පටන් ගමු.
Buy and Selling Amazon.com (භාණ්ඩ මිළදී ගැනීම හා විකිණීම)

සාමාන්නියෙන් ශ්‍රී ලංකාව ඇතුලේ ඉලෙක්ට්‍රෝණික උපාංග යම් යම් ගණන් වලට තියෙනවා. Amazon.com කියන   නැමැති ආයතනයෙන් වෙන්නේ තමන්ට අවශ්‍ය කරන ඕනෑම භාණ්ඩයක් ඉතාම අඩු මුදලකට සාධාරණ විදිහට වඟකීමක්ද සහිතව ගෙදරට ගෙන්න ගන්න පුලුවන්. මේකෙදී සමහරක් Ebay  වල ඇති භාණ්ඩ වලට මෙන් මෙහි ඇති කිසිදු භාණ්ඩයකට නිවසට ගෙන්වා ගැනීමේදී මුදලක් ගෙවිය යුතු වන්නේ නෑ(free shipping)  ඔබ මිළදී ගන්න භාණ්ඩ සාමාන්‍යය තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න පුලුවන්. ඒත් ඔයාට ඕනිනම් DHL/ fedex/ TNT/ EMS.... යන ආයතනයන් වලින්ද මේ භාණ්ඩ ගෙන්න ගන්න පුලුවන්. තවත් දෙයක් කියනවනම් ආරක්ෂාව තහවුරැ කරගන්න ඕනිනම් රක්ෂණයක් කර ගෙන්වා ගන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට 32GB Kingston drive එකක් අපිට මේ ආයතනයෙන් රැ.3000කට විතර ආසන්න මුදලකට අපිට මිළදී ගන්න පුලුවන්. ඒත් ලංකාවේදී මෙය රැ.10000කට වැඩි මුදලකට අලෙවි කරනවා. ඔයාල ඉස්සෙල්ලම මේ ආයතනයේ රෙජිස්ටර් වෙන්න ඕනි. එම වෙබ් අඩවියට යෑමට මෙතන ක්ලික් කරන්න. රෙජිස්ටර් උනාට පස්සේ තමන් මිළදී ගැනීමට අවශ්‍ය දෙය සොයාගෙන ඒ භාණ්ඩය තෝරාගැනීමයි. ඊට පස්සේ Add to cart ලෙස තෝරලා  procced check out කියන box එක මත ක්ලික් කර ATM කාඩ් එකක් මගින් මුදල් ගෙවන්න. ඊට පස්සේ ඔයාට ඒ භාණ්ඩය ගෙන්වගන්න ඕනි ලිපිනය සඳහන් කරන්න. සාමාන්නියෙන් ඔයා යම් දෙයක් මිලදී ගැනීමක් සිදුකරාට පස්සේ ඒ භාණ්ඩය ගෙදරට එන්න දින 7-15ත් අතර කාලයක් යනවා. 

Email යැවීම මඟින් මුදල් ඉපෙයීම
මේකෙදී ව්‍යාපාර කටයුතු සඳහා විද්‍යුත් ලිපින සපයන ඉලෙක්ට්‍රෝනික ඩිරෙක්ටරියක් සොයාගත් ඊමේල් ලිපින වෙත දැන්වීම් යැවීමෙන් මෙම පාරිභෝගිකයින් දිනා ගැනීම කරන්න පුලුවන්. ඉස්සෙල්ලම ඔයා හදපු වෙබ් අඩවිය සඳහා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට ඊමේල් යැවීම සිදු කරන්න වෙනවා. මේ සඳහා ඔයාට ඊමේල් ලිපින ලබා ගන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනි වෙනවා. ( මේ මෘද්‍රකාංගය මම ඔයාලට ලගදීම ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා. එතකන් ඉවසන්න. නැත්නම් නෙට් එකේ පොඩ්ඩක් හොයල බලල ඩවුන්ලෝඩ් කරගන්න හොඳේ). මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට ඊමේල් යවන්න පුලුවන්. ඔයාගේ ඊමේල් එකේ තියෙන ලින්ක් එක හරහා ඔයාගෙ වෙබ් සයිට් එකට පැමිණෙන වාරයක් පාසාම page impression වැඩිවෙනවා. ඔයාගේ වෙබ් සයිට් එකට ඇවිල්ලා ඇඩ්ස් ක්ලික් කරන හැම වාරයක් වාරයක් පාසාම ඔයාගේ ගිණුමට මුදල් වැටෙනවා. ඔයාට පල්ලෙහා දීල තියෙන විදිහට ඊමේල් යවන්න පුලුවන්. 
ක්ලික් එකකට = රැපියල් 20 බැගින්
Email 100        යැවීමේන් ----> ක්ලික් 100      = රැ.20 x 100 (සීයයි) = රැ.2000
Email 1000      යැවීමෙන් ----> ක්ලික් 1000    = රැ.20 x 1000(දහස) = රැ. 20000
Email 10000    යැවීමෙන් ----> ක්ලික් 10000  = රැ.20 x 10000(දහ දහස) = රැ. 200000

ඉහත දැක්වෙන පරිදි මේ ක්‍රමයෙන් වෙබ් අඩවිය නරඹන්නන් විසින් ඔබගේ ගිණුමට මුදල් බැරවෙන ආකාරය පිළිබඳ පැහැදිලි වෙනවා. 

ඊලග කොටසින් අපි හම්බවෙමු එහෙනම්. මට කරන උදව්වක් විදිහට ෆලෝ පාරක් එහෙම දාන්න එහෙනම් හොදේ.

19 comments:

  1. හොද වැඩක් සහෝදරයා. දිගටම කරගෙන යන්න. මම හිතන්නේ ඇඩ් ක්ලික් කරනවට වඩා වටිනව odesk වගේ සයිට් එකක වැඩ කරන එක. මමත් ඒකෙන් සල්ලි හොයනවා. නිකන් චැට් කර කර ඉන්නවට වඩා ඒ වගේ දෙයක් කරන එක සාක්කුවටත් හොදයි. මමත් odesk ගැන දැනගත්තෙ සිංහල කොල්ලෝ ලියපු මේ වගේ ලිපි වලින්. දිගටම කරගෙන යන්න.
    ඉක්මනට අර ඊමේල් යවන මෘදුකාංගය දීපන් මචෝ...

    ReplyDelete
  2. සහෝ ඉබේයි එකට වඩා විස්වාසවන්තද ඇමේසන් එක...??? ගොඩක් අය ඉබේයි එකන ගැන කථා කරනවා ඒත් ඇමේසන් ගැන අහන්න ලැබෙන්නේ කලාතුරකින්නේ...

    ReplyDelete
  3. @maxsongz- අනිවාරයෙන්ම මචං

    @lankahart - තෑන්ක්ස්

    @සූරි... - මෙහෙමයි. මම දන්න විදිහට නම් ඊබේ එකේ 8ජීබී පෙන් එකක් කියලා 4ජීබී එකක් එවන වෙලාවල් තිබුනා.නමුත් මේකෙදී එහෙම වෙන්නේ නෑ. අනික රක්ෂණයක් පවා කරල ගෙන්වගන්න පුලුවන්. මම හිතන විදිහටනම් ඊබේ එක කට්ටිය කතා උනාට ඇමේසන් සයිට් එක හොඳයි

    ReplyDelete
  4. අර මෘදුකාංගය ගන්න පුඔවන්ද

    ReplyDelete
  5. @අන්තර්ජාලය හරහා මුදල් ලංකාවෙන්ම
    අනිවාරයෙන්ම දෙන්නම්. මට පොඩි කරදරයක් උන නිසයි ඒක දෙන්න කල් ගියේ

    ReplyDelete
  6. ප්‍රථමයෙන්ම මම ඔයාට ස්තුති වන්ත වෙනවා.....යහලුවේ මම දෙයක් අසන්නම්......ඔයා වැඩියෙන්ම භාණ්ඩ ගෙන්වා ගෙන තියෙන්නේ Amazon එකෙන්ද? නැත්නම් Ebay එකෙන්ද? ඔයාට හිතෙන විදිහට එම ආයතන 2න් වඩාත්ම හොද කුමක්ද?
    ඊට අමතරව ඔබේ එම පිලිතුරට හේතු දක්වන්න...ඊට අමතරව ඔයා ඒ අයතන ගැන දේවල් ටිකක් (වැඩි විස්තර) දෙන්නකෝ(ඔයා එම ආයතන සමග ගනු දෙනු කරන විට යම් යම් අපහසු තා වලට පත් වුවා නම් ඒවත් සදහන් කරන්න)

    ReplyDelete
  7. @DASUN
    මම ගොඩක්ම ගෙන්වගෙන තියෙන්නේ කියල කියන්න අමාරැයි. ඇමසන් එකෙන් දැනට බඩු තුනක් විතර ඇරන් තියෙනවා.ඊබේ එකෙනුත් තුනක්, හතරක් විතර ගෙනත් තියෙනවා.මට ගොඩක්ම විස්වාස ඇමසන් එක. මොකද ඒකට හේතුව උදාහරණයකින් මම ඉස්සෙල්ලා කමෙන්ට් කරලා තියනවා. ඊබේ එකෙන් යම් කිසි භාණ්ඩයක් ඒ කියන්නේ මම ඉස්සෙල්ල උදාහරනෙම ගන්නම්. 8ජීබී පෙන් එකකට 4ජීබී පෙන් එවපු වෙලාවල් තිබුනා. සමහරක් විට ඩැමේජ් උන ඒව පවා එවනවා.ඒක මාරැ කරලා දෙනවා.. නමුත් තැරෙව් කරැවන් මඟින් සිදුවෙද්දී ගොඩක් වෙලාවට ඇති වෙන ප්‍රශ්ණයක් තමයි මේ විදිහට වැරදි දෙයක් එවපුවහම මාරැ කරගන්න තියෙන අපහසුතාවය. සමහර වෙලාවටනම් කරදරයක් නැතිව එ්වා මාරැ කරගන්න පුලුවන්. නමුත් ඇමසන් එකේදී තැරෙව් කරැවන් මඟින් භාණ්ඩ ඉදිරිපත් වූවත් එම භාණ්ඩ එවනු ලබන්නේ ඇමසන්හි විශේෂ කමිටුවක් විසින් වීම විශේෂයි

    ReplyDelete
  8. Thank you very much for teaching.........

    ReplyDelete
  9. @DASUN
    අයියෝ ඔක මොකක්ද...

    ReplyDelete
  10. මම ඊබේ එකෙන් නම් බර ගානක බඩු ගෙනල්ල තිබෙනවා. ඊබේ වල ඉන්නව ගොඩාක් චීන, කොරියානු, සිංගප්පූරු වෙලෙන්දො, ඉතින් ගණං ගොඩාක් අඩුයි. නමුත් ඇමසෝන් එකේ ඉන්නෙ යුරෝපීය, ඇමරිකානු වෙළෙන්දො ගොඩක්, ඉතින් බඩි ගොඩක් ගණං වැඩී. ඊබේ වල කිසිම රිස්ක් එකක් නෑ. මම ගෙන්නපු ඒවයින් 3ක් ආවෙ නැතිව සෙලර් රිෆන්ඩ් කළා, නමුත් පහු වෙලා 2ක් ආඵු නිසා මම ආපහු පේ කළා. එක ආපු එකක් හරියට වැඩ කළේ නැති නිසා සෙලර් රිෆන්ඩ් කළා.
    අවුල් බඩු නැහැ කියන්න බෑ. පරිස්සමින් සෙලර්ව තෝරගත්තම හරි.

    ReplyDelete
  11. macho mata loku prashnayak thiyenawa mekata uththarayak denna puluwan nam loku deyak api E-mail yawala A kattiya ape web ekata ena traffic eka anuwada apita lebena salli thiranaya wenne neththam A kattiya ape web ekata ewilla add ekak click kirima anuwada.

    ReplyDelete
  12. My Test Web Site said...

    මෙහෙමයි යාලුවා. Email එක යවලා ඔයාගෙ site එකට traffic ලබාගෙන මුදල් උපයන්නත් සයිට් ඕනතරම් Google වල search කරානම් තියෙනවා. නමුත් මෙතනදී කියල තියෙන්නේ Email එකක් යවලා එයාල ඔයාගෙ සයිට් එකට ඇවිත් ad එකක් click කරපුවහම මුදල් ලබා ගන්නා අයුරැයි...
    හැබැයි මේ වැඩෙන් ඔයාගෙ site එකට පැමිනෙන visitorsලා ගාන වැඩි වීමෙන් ඔයාට නොදැනුවත්ම ඔයාගෙ site එකේ traffic ඉහළ යන්න පටං ගන්නවා

    ReplyDelete
  13. shan mata kiyanna traffic walin salli hoyanna puluwan hoda web site ekak oyath ehema salli hoyanawada godak hoyanna puluwanda reply ekak denna shan

    ReplyDelete
  14. @Saman says:

    www.google.com/AdWords
    www.conduit.com
    www.bux2get.com

    ඔන්න ඔය සයිට්ස්නම් මට විශ්වාසයි. ට්‍රැෆික් වලින් සල්ලි හොයනවා කියන එකේ තේරැම තමයි ඇඩ් පල කරලා නැත්නම් වෙන මොනයම් හරි ලින්ක්ස් පල කරලා වගේ ඒවගෙන් ඒ පැමිනෙන අය ඒව ක්ලික් කරපුවහම ඔයාට සල්ලි හම්බවෙනවා කියන එකයි. හැබැයි තව දෙයක් තියෙනවා. ඔයාගෙ සයිට් එකෙන් හොඳට හොයන්න පුලුවන් දවසට traffic 5900කට විතර වැඩියෙන් තියෙනවනම්..
    ජය

    ReplyDelete
  15. traffic 5900k yanuwen adahas karanne mokadda shan

    ReplyDelete
  16. Traffic 5900ක් කියල අදහස් කරන්න ඇත්තෙ Daily Page Views 5900ක් කියන එක වෙන්නැති. ඒත් මෙහෙම අමුතු ගාණක් කිව්වෙ ඇයි කියල මට ලිපිය කියවනකොට හිතුන. :)

    හොඳ රටවල් වලින් 100 දෙනෙක් ඇවිල්ල දවසට ඇඩ් එකක් දෙකක් ක්ලික් කළත් හොඳ ගාණක් හොයන්න පුලුවන්. එහෙමම, එච්චර ඇඩ් වලට සල්ලි නොදෙන රටවල් වලින් 10000ක් ඇවිල්ල ඇඩ් 1000ක් ක්ලික් කළත් ලැබෙන්නෙ පොඩි ගානක් වෙන්න පුලුවන්.
    විශේෂයෙන්ම ලංකාවෙ වගේ අය ඇඩ් ක්ලික් කරන්නෙම නෑනෙ. :)

    ReplyDelete
  17. http://www.facecut.weebly.com

    ReplyDelete
  18. aiya mata me loku prashnayak thiyenawa mata udau karanna puluwannam coll me 078 9859237

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement