උබුන්ටු මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සෙටිංස් හදාගන්න බැරිව දගලනවද?

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ ඩෙස්ක්ටොප් එකෙහි ඉහළින් පෙනෙන Places මෙනුවට පසුව ඇත්තේ System මෙනුවයි.ඒක උඩට මවුසය ගෙන ගිය විට ලැබෙන හරහා ගිය විට ලාබෙන ඩ්‍රොප්ඩවුන් මෙනුවේ එක් එක් උප මාතෘකා තියෙනවා. එහි Preferences හරහා ගිය විට ලාබෙන ඩ්‍රොප්ඩවුන් මෙනුවේ විවිධ යෙදුම් ගණනාවකි.
පරිගණකය භාවිතා කරන්නාගේ කැමැත්ත අනුව උබුන්ටු ඕඑස් එක සකස් කර ගැනිමට ඒවායින් පුළුවන. එනම් උබුන්ටු කස්ටමයිස් කරන්නේ මෙතැනිනි. මෙහි Network Connetions,Network Proxy සහ PalmOS Devices යටතේ කළ හැකි විවිධ සෙටිංස් ගැන මෙහි දී සලකා බැලේ.





Network Connetions
උබුන්ටු සහිත පරිගණකයක දී භාවිතා කළ හැකි සම්බන්ධතා සියල්ල මෙතන දී පෙන්වයි. ඊට අමතරව වෙනත් ජාල සම්බන්ධතාවක් සකසා ගැනීමට වුවමනා නම් මෙහි ඇති Add බට්න් එක ක්ලික් කොට සෙටිංස් සැකසිය හැක. දැනට භාවිතාවේ ඇති බ්‍රෝඩ්බැන්ඩ් ඉන්ටර්නෙට් මොඩම් එකක් හෙවත්  ඉන්ටර්නෙට් ඩොන්ගලයක් උබුන්ටු සහිත පරිගණකයකට සම්බන්ධ කළ විට එය ස්වයං ක්‍රීයව හඳුනාගනී.ඉන්පසු වෙල්කම් තිරය ලැබේවි. එහිForward බොත්තම ක්ලික් කල විට Service Provide තිරය ලැබෙන අතර එය තුළින් අදාල රට තොරා දිය හැකිය. එවිට එම රට තුල දී මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන ආයතන දිස්වේ.
මේ අතරතුරදී ලැබෙන Summery ඩ‍යලොග් බොක්ස් එකෙන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නා පිළිබඳ ලබා දුන් තොරතුරු නැවත වරක් තහවුරු කළ හැක. ඉන්පසුව එහි ඇති Apply බොත්තම ක්ලික් කල විට මොඩමය ඉබේම ඉන්ස් ටොල් වේ.මේ අනුව මේ සඳහා වෙනමම ඩ්‍රයිවස් ඉන්ස්ටොල් කිරීම වුවමනා නැත. මෙසේ ඉන්ස්ටෝල් වු ජාල සම්බන්ධතාවය උබුන්ටු ඩෙස්ක්ටොප් එකෙහි ඉහළ දකුණු කෙලවරේ පෙන්වයි. එම ලැයිස්තුවෙන් අදාල සම්බන්ධතාව මත ක්ලික් කළ විට පමණක් අදාල සම්බන්ධතාවය සක්‍රීය වනු ඇත.


Network Proxy 
මෙම පරිගණකය නිවසේ හෝ කාර්යාලයේ ඇති පරිගණක ජාලයකට (LAN) සම්බන්ධව ඉන්පසු ඉන්ටර්නෙට් සමඟ සම්බන්ධ වන්නේ නම් Proxy Configuration යටතේ විස්තර ඇතුළත් කළ යුතුය. ප්‍රොක්සියක් (Proxy)යනු පරිගණක දෙකක් අතර සන්නිවේදනයේ දී අතරමැදිව පවතින පරිගණකයක් හෝ පරිගණක වැඩසටහනක් විය හැකිය. අදාළ වෙබ් පිටුව හෝ ෆයිල්ස් වේගයෙන් භාවිතයට අවස්ථාව සැලසීම,නරක වැඩසටහන් හෙවත් මැල්වෙයාර්ස් පැතිරීම පාලනය කිරිම යනාදී කටයුතු රැසක් ප්‍රොක්සියක් මඟින් කරයි. මෙම පරිගණක කෙළින්ම ඉන්ටර්නෙට් සේවා සපයන්නෙක් හරහා (ISP) අන්තරජාලය සමඟ සම්බන්ධ වන්නේ නම් ප්‍රොක්සි විස්තර ඇතුළත් කළ යුතු නැත.

අලුත් ලිපියකින් එහෙනම් හම්බවෙමු.

2 comments:

  1. එල මොනව උනත් මට වටිනවා,
    පුලුවන්නන් රියල් ටයිම් සිංග්ලිශ් ටයිප් කරන RSinglish මුදුඇදුම දාන හැටිත් දාන්න

    ජය!

    ReplyDelete
  2. තඑලස්.. මම ට්‍රයි එකක් දෙන්නම්. තෑන්ක්ස කමෙන්ට් එකට

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement