පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා අනෙකුත් ගැටලුවලට පිලිතුරැ - 02 කොටස

අද පෝය දවස හින්දා ඔන්න හැමෝටම තෙරැවන් සරණයි!! වැඩි කතා ඕනි නෑ. පළවෙනි කොටස බැලුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ලා බලන්න.


2. පරිගණකය ක්‍රියාත්මකව තිබී ටික වේලාවකින් නැතව ඕෆ් වීම - සිස්ටම් යුනිට් එකෙහි යම් දෝෂයක් නිසා පද්ධතිය ක්‍රියාත්මක වී ස්වල්ප වේලාවකින් නැවත ස්වයංක්‍රීයව ඕෆ් විය හැක. මෙයට හේතුව කේසින් එකෙහි පවර් ස්විචය සිරවී තිබී නැවත ටික වෙලාවකින් එම සිරවීම ඉවත්වී ස්විචය සම්භන්ධ වීමයි. නැතහොත් මව් පුවරැවේ හෝ රැම් එකෙහි අභ්‍යන්තර දෝෂයක් නිසා ද මෙය දිසු විය හැක. මෙම දෝෂය මඟ හරවා ගැනීම සඳහා මෙම දෝෂය මඟ හරවා ගැනීම සඳහා ස්විචය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේදැයි බැලි යුතුය. ස්විචය හොඳ තත්වයේ තිබේනම් රැම් කාඩ්ස් වැනි අභ්‍යන්තර උපාංග පිරිසිදු කර නැවතත් සවිකර පරීක්ෂා කල හැක. එවිටත් දෝෂය සමනය නොවේ නම් මව්පුවරැවේ හෝ පවර් සප්ලයි එකෙහි දෝෂයක් තිබේ යැයි සැක කල හැක. 

3. සිස්ටම් යුනිට් එකෙහි දෝෂ නිසා දර්ශන තිර නොලැබීම - මෙවිට මොනිටරයේ පවර් බල්බය තැඹිලි පැහැයෙන් දැල්වේ. එය කොළ වර්ණයෙන් දැල්වෙන්නේ මොනිටරය වෙත සංඥා ලැබේ නම් පමණි.

මෙවැනි අවස්ථාවලදී තිබෙන දෝෂය සොයා ගැනීමට පහත දැක්වෙන උපක්‍රම අනුගමනය කල හැක.

1. සිස්ටම් යුනිට් එක ඔන් වීමේදී බීප් හඬක් ලැබෙන අවස්ථාව - පරිගණකය ඔන් වීමේදී සාමාන්‍යයෙන් බීප් හඬක් ලැබෙන අතර ඉන් පසුව මොනිටරය මත මූලික දර්ෂන තිරය ලැබිය යුතුය. බීප් හඩක් ලැබේනම් සහ මොනිටරයේ පවර් බල්බය කොල පැහැ වේ නම් දැන් පරිගණකයේ දර්ෂණ තිරය ලැබිය යුතුය. එහෙත් බීප් හඬ ලැබෙන නමුත් මොනිටරයේ ඩේටා කේබලය හරි හැටි සවි වී තිබේ දැයි එය නිසි පරිදි තිබේ දැයි ද පරීක්ෂා කළ යුතුය. 

2. සිස්ටම් යුනිට් එක ඔන් වීමේදී බීප් හඩක් නොලැබෙන අවස්ථාව - මෙවිට මුලින්ම පරිගණකයේ ස්පීකරය නිවැරදිව තිබේදැයි මල්ටිමීටරයක් යොදා ගෙන මල්ටිමීටරය හරහා ධාරාවක් ගමන් කරන්නේ දැයි පරීක්ෂා කල යුතුය. ස්පීකරයට මල්ටිමීටරය සම්භන්ධ කල විට විදුලි ධාරාවක් පෙන්වයි නම් ස්පීකරයේ දෝෂයක් නැත. දැන් නිසැකවම දෝෂය ඇත්තේ මව්පුවරැවේ හෝ ප්‍රොසසරයේය. මෙම දෝෂ තත්වය මඟ හරවා ගැනීමට මුලින්ම කල යුත්තේ මවුපුවරැවට සම්භන්ධ උපාංග ගලාව මවුපුවරැව හොඳින් පිරිසිදු කර සීමෝස් බැටරිය ද ගලවා මඳ වේලාවක් තබා නැවත සවි කර රැම් කාඩ්ස් ඩිස්ප්ලේ ඇඩැප්ටර් යනාදිය පමණක් සවිකර පරිගණකය ක්‍රියාත්මක කර බැලීමයි.

3. එවිටත් මොනිටරයෙන් මූලික දර්ෂන තිරය නොලැබේ නම් දැන් මවුපුවරැව හා ප්‍රොෙසසරය වෙනත් පරිගණකයකට සවි කර පරීක්ෂා කර බැලැය යුතුය. එවිට දෝෂ සහිත උපාංගය කුමක්දැයි හඳුනාගත හැක. එය අලුතින් යෙදිය යුතුය. 

4. සිස්ටම් යුනිට් එක ඔන් වීමේදී වරින් වර බීප් හඩක් ලැබෙන අවස්ථාව - මෙසේ බීප් හඩ ලැබෙන තාලය අන්ව පරිගණකයේ ඇති දෝෂය තීරණය කල හැක. මෙසේ බීප් හඩ ලැබෙන තාලය සහ එයට අදාල දෝෂය එක් එක් පරිගණකය වර්ගය අනුව වෙනස් වේ.

5. එසේම මව්පුවරැවේ බයෝස් චිපය අන්වද ලැබෙන බීප් නාදවලින් දන්වන පණිවිඩය වෙන් වේ. එහෙත් පොදුවේ ඕනෑක පරිගණකයකින් නැගෙන බීප් හඩ රටා අනුව පරිගණකයේ දෝෂය හඳුනාගැනීමට පහත දැක්වෙන වගුව උපයෝගී කර ගත හැක.


ඔන්න එහෙනම් ඉවරයි. ඉතිං අලත් පෝස්ට් එකකින් හම්බවෙමුකෝ...

1 comment:

  1. mother board 1 pirisidu kirimata mowada use karanna puluwan???water hoda nane machan????

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement