Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස

යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..

මේ දවස් වල ගොඩක් අය මේ ගැන කතා උන හින්දා මේ ගැන පොඩි හැඳන්වීමක් දාන්න හිතුනා.Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතිනවා.


ඔයා භාවිතා කරන පරිගණකයේත් මෙවැනි ‍වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්වන්න පුලුවන්. එහෙමත් නැතිනම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,
Start > All Programes > Accessories > System Tools > Character Map

නමුත් මේ ආකාරයට ටයිප් කෙරුවත් ඒවාත් හසු කරගත හැකි මෙවැනි වැඩසටහන් දැන් තිබෙනවා.. ඉතින් අපි ඊළගට බලමු කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා..

මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගන්න පුලුවන්. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා ‍පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යන්න පුලුවන්. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගන්න පුලුවන්. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..


LastPass Extension - මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න
Chrome Portable -  මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න.
Puppy Linux Portable -  මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න.
Wikipedia - මෙයට යෑමට මෙතන ක්ලික් කරන්න.
මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..

9 comments:

  1. thank mewage thorathuru kiyadunnata

    ReplyDelete
  2. @TL LANKA WEB
    ඔබටත් බොහොම ස්තූතියි යාලුවා කමෙන්ටුවක් දැමීම ගැන. මම මේක හැදුවෙත් මම දන්න දේ අනිත් අයට කියාදෙන්න

    ReplyDelete
  3. එල එල මාව ෆොලෝ කරන්නකෝ

    www.pasan1997.blogspot.com

    ReplyDelete
  4. @PN කොල්ලා
    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete
  5. ස්තුතියි මෙම ලිපියට

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement