Facebook Photo Zooming ගැජට් ඒක ඔයාලත් දාගන්න!

ඔන්න අද දෙන්න යන ගැජට් එක තමයි Facebook Photo Zooming කියන එක. මේකෙන් වෙන්නේ facebook එකේ තියෙන ෆොටෝස් අපිට විශාල කරල පෙන්වන එකයි.

ඉතිං ඔය ගැන කියන්නට කලින් දෙයක් කියන්නත් තියෙනවා. ඒක මෙතනින් ගිහිල්ලා බලලම එන්න.  හරි එහෙනම් අද කතාවට බහිමු. අද මේ දෙන්න යන සොෆ්ට්වෙයාර් එකෙන් වෙන දේ මම ඉස්සෙල්ලම ඔයාලට කියල දෙන්නම්කෝ.
කතාව පටං ගන්න ඉස්සෙල්ලා තව දෙයක් කියන්න ඕනි මේ ගැන. ඒක තමයි මේ අද දෙන්න යන්නේ එක්ස්ටෙන්ෂන් එකක්. ඉතිං මේක වැඩ කරන්නේ Google Chrome Browser එකෙයි Mozilla Firefox වල විතරයි. හැබැයි firefox වලනම් මම දාල බැලුවේ නෑ. එහෙනම් පටං ගමු.
ඔන්න ඔයා facebook එකේ ඉද්දී ඔයා දකිනවා ලස්සන ෆොටෝ එකක්. ඉතිං දැං ඕක ඔයාට ලොකුවට පැහැදිලිව බලාගන්න ඕනිනම් ඒක උඩ ක්ලික් කරන්න ඕනි. ඊට පස්සේ Facebook theatre එක ලෝඩ් වෙනකම් ඉන්න ඕනි.(Facebook Theatre එක ලෝඩ් වීමට වෙලා යන නිසා එය නැති කිරීමට තියටර් එක ලෝඩ් වෙ විටම F5 ඔබන්න) ඉතිං ඊට පස්සේ ඕක ලෝඩ් වුනාට පස්සෙයි ඔන්න අපිට බලාගන්න පුලුවන් වෙන්නේ. ඉතිං බලන්න ඔය ක්‍රියාවලියේ කොච්චර දේවල් කරන්න තියෙනවද? 
හැබැයි මේ ගැජට් එක ඔයාලගේ බ්‍රව්සර් එකට ඉන්ස්ටෝල් කරාට ඔයාලට පුලුවං ඔයාලට ඕනි පින්තූරය මත මව්සය තත්පර කිහිපයක් තියාන ඉදපුවහම ඒ පින්තූරය විශාලව පැහැදිලිව ඒ විදිහටම බලාගනන්න පුලුවන්. ඔන්න එහෙනම් පල්ලෙහායින් පින්තූරත් බලාගන්නකෝ..

සාමාන්‍යයෙන් තියෙන පින්තූරය

පින්තූරය මත මවුසය තත්පර කිහිපයක් තබාගෙන හිටපුවහම වන ක්‍රියාවලිය


ඉතිං ඔන්න ඔයාලම දැක්කනේ වෙනස. එහෙනම් ඉතිං ඔන්න ඔයාලත් ඔයාලගේ Browser එකට මේක add කරගෙන බලන්න..

Add Facebook Photo Zooming Extension For Your Google Chrome Web Browser 
   - Click Here -

Add Facebook Photo Zooming Extension For Your Mozilla Firefox Browser
   - Click Here

එහෙනම් ඔන්න අදට යනවා. ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනානම් බ්ලොග් එක Follow කරලා යන්න. ප්‍රශ්ණයක්, නැත්නම් කියන්න වෙන දෙයක් තියෙනවනම් හරි Comment කරලම යන්න.

5 comments:

  1. තැන්ක්ස් මචෝ මමත් හොය හොය හිටිය එකක් මේක

    ReplyDelete
  2. ටිකක් පරණයි, හැබැයි මචං දන්නැති එකෙක්ට පට්ටට වටිනවා!

    ReplyDelete
  3. BAWANTHA said...
    ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  4. මලියා said...
    ඔව්.ඔයා හරි . මේක ටිකක් පරණයි තමයි. ඒත් ඕක දන්නෙ නැති අයත් ඉන්න පුලුවන් හින්දයි දුන්නේ! ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  5. thanks machann.Fattai

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement