Conan the Barbarian චිත්‍රපටිය සිංහල උපසිරැසිත් එක්කම බලන්න!!



ඔන්න ඔයාලට අද ගෙනාවෙනම් Movie එකකට subtitles (උපසිරැසි) දාලයි. නිකම්ම උපසිරැසි නෙමෙයි. සිංහල උපසිරැසි. මේ Movie එකේ නම තමයි Conan the Barbarian. මේක Action ගනයට සහ Adventure ගනයට වර්ග කරන්න පුලුවන්. කොටින්ම කීවොත් මේක නියම අපේ භාෂාවෙන් කීවොත් පට්ටම පට්ට film එකක්.


ඉතිං මම ඔයාලට කලිනුත් Rascals කියන හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසි යොදලා ඔයාලට දුන්නා. ඒක විශාල ප්‍රමාණයක් Download කරගෙන තිබුනා. ඇත්තම කීවොත් ඊයේ හවස වෙද්දී 288ක් ඒ උපසිරැසි download කරගෙන තිබුනා. කොහොම හරි ඉතිං ඔන්න මේක මගේ දෙවෙනි උපසිරැසි යෙදුම.. පළවෙනි එකේ අඩුපාඩු තිබුනනම් ඒකෙ අඩුපාඩු මඟ ඇරල එහෙම තමයි මේක තියෙන්නේ..

අනික මේක මගෙන් ඔයාලට නත්තලට පොඩි තෑග්ගත් හොඳේ...

චිත්‍රපටිය ගැන කෙටියෙන් කියනවනම් සිමේරියන් යන වර්ගයා ජීවත් වෙන ගමකට සතුරන් පහර දෙනවා. එහිදී කුඩා දරැවෙක් වන කෝනන්ගේ පියා කෝනන් ඉදිරියෙහිම මරෙන්නට ඉඩ හැර ඔහුව බැඳ දමා යනවා. කෙසේ හෝ කෝනන්ගේ පියා ජීවිතක්ෂයට පත්වෙනවා. අන්තිමේදී කෝනන් තමන්ගේ පියා මරපු ඒ පිරිස සොයාගෙන තමන්ගේ පළිගැනීම කිරීමට ආරම්භ කරනවා. ඕක තමයි තේමාව. හැබැයි මේ චිත්‍රපටයේ තවත් වෙස්මුහුණක කතාවකුත් ගෙතෙනවා. එම වෙස්මුහුණට බලය දීමට යම් කිසි ගැහැණු ලමයෙක්‍රෙග් ලෙය උවමනා වෙනවා. කෙසේ හෝ මේ ගැහැණු ලමයා කෝනන් සමඟ පෙම් පටලවිල්ලකද නියලෙනවා...

ඔන්න ඕක තමයි කෙටිම කතාව.. අන්තිමේදී ඉතිං කෝනන් තමාගෙ සතුරන් මරා ජයග්‍රහණය කරනවා..


සමහර විට ඔයා මේක Download කරල වෙන්නත් පුලුවන් තියෙන්නේ. මේක කිව්වේ චිත්‍රපටිය. ඉතිං එහෙම වෙද්දී මේ උපසිරැසි ගොනුව නිකම්ම එතනට දැමුවොත් වැඩ හරියන්නෙ නෑ. ඒකට පොඩි වැඩක් කරන්න ඕනි.

මම මේකනම් කියල දෙන්නේ දන්නෙ නැති අයට. දැං ඔයාල Download කරගෙන ඉන්න film එකේ නම Conan the Barbarian 2011 3D කියල නම තියෙනව කියලා හිතමුකෝ. ඉතිං මම ඔයාලට දීල තියෙන උපසිරැසි file එකේ තියෙන්නේ Conan-the-Barbarian-720p කියලා. දැං ඔහොම නම් දෙක දෙවිදිහක් තියෙද්දී ඔය උපසිරැසි වැඩ කරන්නේ නෑ. ඉතිං ඒකට කරන්න තියෙන්නේ ඔය files දෙකේම නම් දෙක සමාන කරන එක. ඒකට ඔයාගෙ film එකේ නම copy කරගෙන උපසිරැසි file එක ඒ නමින් Rename කරන්න. නැත්නම් ඒකෙ අනිත් පැත්ත කරන්න. කොහොම හරි එකම නම දෙකේම තිබුනොත් තමයි මේක වැඩ කරන්නේ..

එහෙනම් Movie එකේ trial එක බලලම ඉන්නකෝ!


එහෙනම් ඉතිං ඔන්න පල්ලෙහායින් Subs file එක download කරගන්න.


-->


          Click Here to Download Subtitle file        

Mediafire password - www.blogshansi.blogspot.com
RAR password - blogshan

මෙතන පහළින් film එක download කරගන්න.

Click Here to Download Conan the Barbarian Film

නැත්නම්
Click Here to Download Conan the Barbarian Film


එහෙනම් ඔන්න මම ගියා. හැමෝටම සුභම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේක මම නත්තලට කලින් දවසේ දෙන්නං කියලයි හිතාන හිටියේ. ඒත් ඉතිං මට ඒ දවස් වලට පොඩි පොඩි වැඩ ටිකක් යෙදුනා. මොනා කරන්නද කියලා ඉතිං ඔහේ දුන්නා. එහෙනම් ඔයාලට ජය!!


මොනා හරි ප්‍රශ්ණයක් මේ download කිරීම් වල තියෙනවනම් comment කරන්න. හොඳ නරකත් කියන්න.
 ඒ වගේම තාමත් Facebook එකේ fanpage එක Like කරේ නැත්නම් like එකකුත් මෙතනින් ගිහින් දාගෙනම යන්න..

14 comments:

  1. ඔන්න ඉතින් මමත් Download වෙන්න දැම්ම
    බොහොම ස්තුතියි

    ReplyDelete
  2. tx machan sub welata...........

    ReplyDelete
  3. baluwa machan kalinma, film eka na. nathnam aye balanna thibba. ela wadak.

    ReplyDelete
  4. මරු මචෝ තෑන්ක්ස් සබ්වලට.
    ඉස්සරහට තව ෆිල්ම්වලට සබ් දාපං...

    ReplyDelete
  5. මිට පස්සේ සබ් දාන බයිස්කෝප් එක ගැන කලින් සදහනක් දාන්න..නැත්තම් කලින් බලනවනේ...මේකත් මම බැලුවා..අපරාදේ..කලින් කිවුව නම සබ් දාන කම් ඉන්නවනේ...

    ReplyDelete
  6. Tharindu Darshana (විකියා) says:

    එල. එහෙම කරන්නම්...

    ReplyDelete
  7. Tharindu Darshana (විකියා) says:

    ස්තූතියි comment කරාට!

    ReplyDelete
  8. චරිත් යශෝද/Charith Yashoda says:

    එල එල. ස්තූතියි comment කරාට යාලුවා!

    ReplyDelete
  9. Anonymous says:

    නියමයි. ස්තූතියි මචෝ comment එකට!

    ReplyDelete
  10. පිස්සු පුසා says:

    එල එල. අවුලක් නෑ. ආය film එක හම්බවුනොත් subs බාගෙනම බලන්න. ස්තූතියි comment එකට!

    ReplyDelete
  11. උදාර says:

    අනිවාරයෙන්ම තව movies ටිකක subs දානවා. ස්තූතියි comment එකට!

    ReplyDelete
  12. Anonymous says:

    එල එල.. ස්තූතියි comment කරාට!

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement