...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::...



ගොඩක් අය දැන් Internet එන්නේ ජොලියක් ගන්න තමා. ඒත් ඒ ජොලිය ටික කාලයයි. ඊට පස්සේ ඉතිං අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒක පිටිපස්සෙම තමයි පටං ගන්නවා. මොනා කරන්නද ඉතිං. මේ ලෝකෙ සල්ලි නැතිව මොකවත්ම කරන්න බෑනේ. මොනා උනත් අපිට සල්ලි හොයන්න ක්‍රමනම් ගොඩක් තියෙනවා. ඔන්න අද කියල දෙන්න යන්නේ ඒ අතරින් පොඩි ක්‍රම ටිකක්. මේ කියල දෙන්න යන්නේ තමන්ගේ Site එකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා...___
.

මුලින්ම කියනවා ඔයාට සුභ නව වසරක් කියලා. අවුරැදු සරු ඇති මම හිතන විදිහට. කොහොම හරි මේ අවුරැද්දේ ඔන්න ඉස්සෙල්ලම දාන post එක සල්ලි ගැන. එහෙනං අපි post එක දිහාට යමු.

ගොඩක් මිනිස්සු blog වලින් සල්ලි හොයන්න හදනවා. එයාල හැම වෙලාවෙම අහන්නේ මොකක්ද හොඳම විදිහ blog එකකින් සල්ලි හොයන්න කියලනේ. සමහර මේක කියවන ඔයාටත් ඒ ප්‍රශ්ණෙම ඇති. ඉතිං අපිට පුලුවන් හොඳම සහ ලේසිම ක්‍රම ටිකක් අත්හදා බලන්න. මම මේක පුලුවන් තරම් ලේසි විදිහට තමා ඔන්න ලියන්නේ හොඳේ...

01. Advertising Programs ( දැන්වීම් ප්‍රචාරණය කිරීම මඟින් )


ගොඩක් අයගේ ක්‍රමේ තමා තමන්ගේ blog එකට ads එකතු කරලා සල්ලි හොයන එක. ඉතිං අපේ මේ Internet එක තුල ගොඩක් Advertising Programs තියෙනවා. මේවා අතරින් ගොඩක්ම ප්‍රසිද්ධයි AdSense කියන ක්‍රමය. ඉතිං ඔයාට ගොඩක් sites වල මේ AdSenes වලින් ප්‍රචාරය කරල තියෙන දැන්වීම් දැකල ඇතිනේ. ඒකට සමහරක් අයනම් කියන්නේ Google ads කියලයි. මේක තමයි දැන්වීම් ප්‍රචාරක කලාවේ මූලික අඩිතාලම උනේ. මොකද මේක ගොඩක් ලේසියි. ඔයාට ගොඩක් දේවල් කරන්න නෑ මේකෙ. අපිට තියෙන්නේ මේ වැඩසටහන අපේ site එකට එකතු කරලා අපේ site එක ආරම්භ කරන්න විතරයි. ඉතින් මේකෙන් ඔයාගෙ site එකට traffic වැඩිවීමකුත් සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් දුරට මේකෙන් මුදල් හොයන්න පුලුවන් වෙන්නේ ඔයාගෙ site එකට එන පාඨකයන් පිරිසේ ගාණ අනුව තමා. ඉතිං මේ විදිහට තවත් දැන්වීම් ප්‍රචාරය කරලා මුදල් හොයාගන්න පුලුවන් හොඳ sites ටිකක් ඔන්න මම පල්ලෙහායින් දානවා.
          i.Adsense
         ii Adbrite
        iii Chitika
        iv Bidvertiser

02. Affiliate Programs ( සම්භන්ධ කර ගැනීම මඟින් )


මේ ක්‍රමයනම් ඒකාකාරිව නෙමේ වැඩ කරන්නේ. මොකද මේක ගොඩක් විදිහට ක්‍රයාත්මක වෙනවා. ඔයාලට banner හදලා ඊට පස්සේ ඒව ඔයාගෙ blog එකට දාන්න පුලුවන්. ඉතිං ඔයාලගෙ blog එකට එන අයට පුලුවන් ඒ banner එක click කිරීම මඟින් ඒ අදාල ස්ථානයට පිවිසෙන්න. තව දෙයක් තමයි ඔයාල මොකක් හරි site එකක sign up banner එකක් දැම්මොත් ඒ banner එක click කරලා ගිහින් ඒ site එකේ register උනොත් ඔයාලට සල්ලි හම්බවෙනවා. ඉතිං ඔන්න මේ ක්‍රමෙනුත් මම ඔයාලට sites ටිකක් පහළින් දානවා.
             i Click Bank
            ii Commission Junction
           iii Linkshare

03.Sell product on your blog ( ඔයාගෙ blog එකෙන් යම් යම් භාණ්ඩ විකිණීම මඟින් )


ඔයාට යම් යම් භාණ්ඩ විකුණන්න පුලුවන් ඔයාගෙ site එකට හොඳ traffic එකක් තියෙනවනම්. ඔයාට අලුත්ස භාණ්ඩ විකුණන්න පුලුවන්. මිනිස්සුන්ට අවශ්‍යම දේවල් හෝ වෙනත් යමක්. උදාහරණයක් විදිහට ගත්තොත් E-books ඔයාට විකුණන්න පුලුවන්. තව software වගේ ඒවත් විකුණන්න පුලුවන්.

04.Sell advertising space On your blog ( දැන්වීම් ප්‍රචාරණය සඳහා ඔබගේ blog එකේ ස්ථාන විකිණීම මඟින් )


මේකනම් 100%ක් ෂුවර් ඉතිං. ආය කතා බතා මොකවත් මේ ගැන ඕනි නෑ. මේකත් ගොඩක්ම ලේසියි. හැබැයි එකක් තියෙනවා. ඔයාගෙ blog එකට හොඳ traffic එකක් තියෙන්න ඕනි. ඔයාට දැන්වීම් හදලා ඒවගෙ මුදල් ගණන් පවා ඔයාට පාලනය කරන්න පුලුවන්. ඔයාට පුලුවන් ඒ ඔයා විකුණන කොටස එක මාසෙකට විතරක් විකුණන්න. මාස දෙකකට. නැත්නම් සති දෙකකට. ඕන තරමකට ඔයාට පුලුවන්. ඉතිං මේ විදිහට ගොඩක් banners ඔයා දැම්මොත් ඔයාට ගොඩක් සල්ලි හොයාගන්න පුලුවන්.
      i. buysellads.com

05. Put PayPal donation button ( පේපල් පරිත්‍යාග බොත්තම blog එකට ඇතුලු කිරීම මඟින් )


ඔයාට පුලුවන් ඔයාගෙ blog එකට paypal donation button එක දාගන්න. ඇත්තම කිව්වොත් මේ ක්‍රමයනම් රැඳිල තියෙන්නේ traffic එක තුලයි. ඒ කියන්නේ Visitorsලාගේ ගාන අනුව තමයි. ඔයාල ලියන post එයාලට කොච්චර වැදගත් වෙනවද කියන එක යටතේ තමා ඔයාට එයාල මුදල් පරිත්‍යාග කරන්නේ. ගොඩකක් ලොකු මුදල් නෙමේ. පොඩි ඩොලර්ස් ගාණක්. සමහර විට ඩොලර් එකක් වගේ වෙන්නත් පුලුවන්. ඉතිං ඒ මුදල් ඊට පස්සේ ඔයාගෙ paypal account එකට යනවා.
 මම ඔයාලට ඉදිරියේදී paypal donation button එකක් දාගන්න හැටි කියල දෙන්නම්. එතකම් මේක ඉවසන්න. ඉවසන්න බැරිනම් ඉතිං හොයාගෙන කොරගන්න. :D



ඔන්න එහෙනම් මම අදට ගියා. ලඟදීම තවත් අලුත් post එකක් දෙන්නම්කෝ. මේ ගැන ඔයාලට ප්‍රශ්ණ එහෙම තියෙනවනම් කියන්න. පුලුවන් විදහට උත්තර දෙන්නම්. හොඳ, නරක, බැනුම් ඕනිම දෙයක් බාර ගන්නවා. කිසි භයක් නැතිව දාන්න. XD. ඔන්න මම ගියා...

15 comments:

  1. බොහොම වටිනවා ඔබගේ මේ ලිපිය..!!

    ReplyDelete
  2. Indranatha Thenuwara says:

    බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට!

    ReplyDelete
  3. එල එල.. තැන්කුයි වේවා...

    ReplyDelete
  4. නියමයි සහෝ...
    එල එල !!!

    ReplyDelete
  5. Anonymous says:

    ස්තූතියි කමෙන්ට් කරාට!

    ReplyDelete
  6. ට්‍රැෆික් නැතිව මුකුත් කොරගන්න බැහැ නෙව..

    ReplyDelete
  7. Thanks good post.kohoma hari kattiyawa danuwath karana aka watinawa.

    http://www.internetmoneylearningguide.com

    maga site akatath awilla yanna

    ReplyDelete
  8. yaluwa hoda lipiyal buysellads.com gana poddak pahadili karanawada?

    ReplyDelete
  9. eranda says:

    ස්තූතියි කමෙන්ට් එකට යාලුවා!

    ReplyDelete
  10. නියමයි ගොඩක් දේ දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා comment එකට!

      Delete
  11. niyamayi eth wadiya digata lyalaa naane.tikak digata liyanna.hondayi

    ReplyDelete
  12. watinawa kiyanne aye kiyala wadak na aiya

    mama tharaka
    www.gamedroidlk.com

    ReplyDelete
  13. ආයුබෝවේවා !!!
    මිතුර මිතුරියන් සියලු දෙනාටම ආයුබෝවන්.මුලින්ම කියන්න ඕනේ මම මේ කතාවට තවම අලුත්.(BLOG නිර්මානයට )ඒ නිසා වෑරද්දක් වෙනවනම් මට සමාවෙන්න.මම හා හා පුරාකියල කියන්න යන්නෙ ඔන්ලයින එකේ ඈඩ් පබ්ලිශ් කරල බොහොම අමාරුවෙන් ගානක් හොයාගන්න ඔයාලටයි මටයි වෑදගත් වන දෙයක්.(මම දන්නෙනෑ මීට ඉස්සෙල්ල වෙන කෙනෙක් මේ දේ කරන්න පටන්ගත්තද කියල ) එහෙම පටන්ගත්ත කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.
    හරි..එහෙනම් කියවල බලන්න.අපි හෑමෝම අපේම වෙබ් ස්යිට් එකක් හදාගෙන ඒකට ඈඩ් එකක් දාල අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගත්ත මතකයිනෙ.එදා ඉදන් මේ වෙනකන්ම අපි ට්‍රයි කරන්නෙ අපේ වෙබ් පිටුවට අමුත්තන් ගෙන්න ගන්න.ඉතින් ඒකට අපි මොනතරන්නම් මහන්සිවෙනවද ?.දන්න සෙල්ලම් හෑම එකක්ම දානව.එත් අමුත්තො ආවත් අපේ ඈඩ් එකක් කිලික් කරන්නෙ එයාලගෙන් කීයෙන් කී දෙනාද ?
    ඒ නිසා මම මෙහෙම යෝජනාවක් කරන්නම්.අපි හෑමෝම එකතු වෙමු.(PPC ADS PUBLISH කරන අය)අපි එකතු වෙලා හෑම දවසකම අපි සියලු දෙනාගෙම සයිට්වලට ගිහින් එක ඈඩ් එකක් ක්ලික් කරමු.හෑමෝම අවන්කව ඒ වෑඩේ කලොත් අපිට ද්වසකට ස්තිර ආදායමක් ගන්න පුලුවන්.ලංකාවෙ අපි ඈඩ් එකක් ක්ලික් කලහම ලෑබෙන්නෙ පොඩි මුදලක් තමයි.ඒ නිසා අපි අඩුම තරමින් 200ක සාමජිකයන් පිරිසක් එකතු කරගන්න උත්සහකරන්න ඕනෙ.එහෙම උනොත් අපිට ලොකු මුදලක් හොයාගන්න පුලුවන්.මෙහෙම කියනකොට ඔයාලට තවත් ගෑටලුවක් ඈතිවෙනව.ඒ Google Privacy & Terms ගෑන.එකටත් විසදුමක් තියෙනව.
    මෙහෙම හිතන්න.අපි 100 දෙනෙක් ඉන්නව.එයාල 100ගෙ වෙබ්සයිට් URL එක මම වෙනම වෙබ් සයිට් එකක ලිස්ට් එකක් විදිහට පිලිවෙලට හදනව.ඔයාලට කරන්න තියෙන්නෙ ඒ LINK එක කොපි කරල අරගෙන වෙබ් බ්‍රවුසර් එකෙ පේස්ට් කරල ඒ සියිට් එකට යන එක.එතකොට අපි ඒ සියිට් එකට යන්නෙ වෙබ් බ්‍රවුසර් එකක් හරහා.එතකොට ඒ ප්‍රශ්නෙත් විසදෙනව.
    අපිට මෙතනදි සාමාජිකයන් 1000 එකතු කරගන්න පුලුවන්නම් ඒ හොදටම ඈති.මොකද අපිට දවසකට වෙබ් පිටු 1000ට වඩා යන්න අමාරු නිසා.මෙක මගෙ අදහසක් උනාට,අපි හෑමෝටම වෑදගත් වෙයි කියල හිතෙනව.ඒ නිසා අපි මුලින්ම 50 දෙනෙක් එකතුකරගෙන වෑඩේ පටන්ගමු.ඒකට ඔයාල හෑමෝම සහයෝගය දුන්නොත් අපිට මේක ලගදිම පටන්ගන්න පුලුවන්.
    හරි ඔයාල හිතල බලන්න.ඔයාල කෑමතිනම් අපි වෑඩේ පටන්ගමු.ඔයාල කෑමතිනම් මේකට කොමෙන්ට් එකක් දාන්න.EMAIL එකත් එක්ක.

    ..ක්‍රියාවලිය..
    01 ඔබ මේහා සමග සම්බන්දවන්නට කෑමතිනම් මෙහි සදහන් ඊමේල් ලිපිනයට ඔබගේ වෙබ් පිටුවේ URL එක යොමුකරන්න.jntlanka@gmail.com

    02 ඔබගේ වෙබ් පිටුවේ URL එක මෙම http://jntlanka.yolasite.comවෙබ් අඩවියේ සාමාජිකවන අනුපිලිවෙල අනුව සටහන්වනු ඈත.

    03ඔබ සාමාජික වූ දිනයේ සිට මෙහි සියලුම සාමජිකයන් විසින් ඔබගේ වෙබ් අඩවියවෙත පිවිස ඔබගෙ ppc ads එකක් ස්තිර වශයෙන්ම click කරනු ඈත.

    04 ඔබද එලෙසින්ම එම ලිස්ට් එකෙහි ඈති සියලුම වෙබ් අඩවිවෙත පිවිස සාමාජිකයන්ගේ ppc ads click කලයුතුය.

    05 මෙයට ඔබගේ හදවතෙහි අවන්කත්වය ප්‍රයෝජනයට ගන්න.අවන්කව අපි වෑඩකරමු.එවිට අපිට අපගේ ඉලක්ක වෙත ලගාවන්නට පුලුවන් වෙයි ,නෙවෙයි,අපිට පුලුවන්...

    මේකට ඔයාලගෙ අදහස් තියනවනම් කියන්න.වෙනස්වෙන්න ඕනෙ තෑන්.අපි එකතුවෙලා හොද දෙයක් කරමු.ඔයාලට ජය !!!

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement