කැරැක්ටර් මැප් එකට අපි කැමති අලුත් කැරැක්ටර්ස් එකතු කරමු! අත්සන උනත් පහරටම හදාගන්න.





වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී හමුවන කැරැක්ටර් මැප් යනු අක්ෂර සහ සංඛේත ගබඩා කරල තියෙන ඇප්ලිකේෂන් එකක්. මේකෙ විවිධ භාෂාවලට අයිති අකුරැ, සංඛේත, හැඩතල ආඳිය තියෙනවා කියලා ඔයාල දන්නවනේ. Start ---> All Programs ---> Accessories ---> System Tools ---> Character Map ඔස්සේ කැරැක්ටර් මැප් වැඩසටහන අපිට විවෘත කරගන්න පුලුවන්. නැත්නම් ඉතිං ලේසියෙන්ම යන්න පුලුවන් Character Map කියලා Search Box එකේ ගැහුවනම්. ඉතිං මේ වැඩසටහන open උනාට පස්සේ අපිට ඕනි කරන character එක copy කරගෙන MS Word වලට හරි නැත්න්ම් වෙන මොනයම් software එකකට හරි ඇරගෙන ගිහින් Paste කරලා ඔයාට ඒ අවශ්‍ය කැරැක්ටර් එක ලබා ගන්න පුලුවන්.




ඇඳ ගත්තු සංකේත, හැඩතල හෝ අකුරැ මේ කැරැක්ටර් මැප් application එකට එකතු කරගැනීමේ හැකියාව ලබා දීල තියෙනවා. මේ සඳහා මුලින්ම Start menu එකට ගිහින් Run option එක තියෙන තැනට ගිහින් , ජනෙල් 7නේම් ඉතිං ස්ටාර්ට් මෙනු එක ඔබපු ගමන්ම යට තියෙනවා සර්ච් කරන්න. කොහොම හරි ඔය දෙක පාවිච්චි කරන අය ඔය Option එකට ගිහින් ඒ තියෙන text box එකේ educedit කියල type කරල ok කරන්න. ජනෙල් 7 අයටනම් ඉතිං මෙනු එකෙන්ම අදලා පිළිතුර පෙන්නනවනේ. තියෙන්නේ ඊට පස්සේ ඒක click කරලා ඕනි එක open කරගන්න. ඉතිං දැං මම මේ කිය කිය ඉන්නේ කැරැක්ටර්ස් නිර්මාණය කරන app එක open කරගන්න විදිහනේ. ඔය කියල තියෙන විදිහට කරපුවහම කැරැක්ටර්ස් හදාගන්න පුලුවන් Private Character Editor කියලා පොඩි window එකක් open වෙනවා. ඒ එන box එකේ Select code කියල තියෙන ඩයලොග් බොක්ස් එකක් OPEN වෙලා තියෙනවා. එතනදී OK කියන option එක click කරන්න.




එතකොට windows වලදී චිත්‍ර අදින්න දීළ තියෙන paint application එකට සමාන වැඩසටහනක් open වෙනවා. ඊට පස්සේ ඉතිං කරන්න තියෙන්නේ ඒකෙ තියෙන tools පාවිච්චි කරලා දකුණු පැත්තේ තියෙන තිරයේ ඔයාට ඕනි කරන සංකේත, අකුරැ, සළකුණු ඇඳ ගන්න එක තමයි. තව දෙයක්. මෙතනදී ඔයාගෙ අත්සන උනත් හදාගන්න පුලුවන් ටිකක් උත්සාහ කරොත්. කැරැක්ටර් එක ඇදල ඉවර උනාට පස්සේ Edit ---> Save Character ගිහින් save කරගන්න.






ඊට පස්සේ RUN text box එකට යන්න. ජනෙල් හතේ අය search වලට යන්න :D... එතනට ගිහින් charmap කියල type කරල Enter key එක ඔබන්න. එතකොට Character map application එක open වෙනවා ඔයාට බලාගන්න පුලුවන් වෙයි. ඊට පස්සේ එතන තියෙන Fonts ලෙස සඳහන් කොටස ඉස්සරහින් තියෙන DropDown list එකෙන් All Fonts (Private Character ) කියන එක තෝරන්න. එතකොට ඔයා හදාගත්තු character එක පොඩි කොටුවක පෙන්වයි. ඒ ඔයා හදපු එක භාවිතයට ගැනීම සඳහා ඒ කොටුව උඩ click කරලා ඒකෙ පහළ තියෙන Select කියන එක click කරන්න. ඊට පස්සේ Character map එක close කරලා Copy කියල තියෙන බොත්තම click කරන්න.




ඊට පස්සේ character map එක close කරලා ඔයා copy කරගත්තු Character එක ඔයාලට අවශ්‍ය තැනට paste කරගන්න. එතකොට ඔයා හදාගත්තු කැරැක්ටර් එක දකින්න ලැබේවි.

ඔන්න මම ගියා. අලුත් post එකකින් හම්බවෙමු. සැමට ජය!!


Related Tags

Increase Character Map
How to add symbol to character map

2 comments:

  1. එල. නියමයි මචෝ. අලුත් ටෙම්පත් පහර.. නියමයි නිමයි. පට්ට පට පට

    ReplyDelete
  2. @Anonymous said...

    බොහොම ස්තූතියි යාලුවා ඔයාගෙ ප්‍රතිචාර වලට. ජය වේවා!

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement