BuySellAds site එකෙන් ලේසියෙන්ම Approve කරගන්න.



ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ BuySellAds ඇයි එයාලගේ sites ඇතුලු කරගන්නෙ නැත්තේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඉස්සෙල්ලා දාපු තමන්ගේ බ්ලොග් එකෙන් සල්ලි හොයාගන්නේ මෙහෙමයි කියන post එකේ මේක මම අඩංගු කරල තිබුනා. ඉතිං මට ගොඩක් අය කිව්වා මේක වැඩ කරන්නෙ නෑ කියලා. අන්න ඒක නිසා මට හිතුනා ඇයි එහෙම කරන්න හේතුව කියලා ඔයාල හැමෝටම කියල දෙන්න. ඒ වගේම පහළ මම දීල තියෙන ක්‍රම සියල්ල තියෙනවනම් ඔයාලගේ සයිට් එකට ලේසියෙන්ම buysellads ඇප්රූ කරගන්න පුලුවන්.






01. ඔයාගෙ site එකේ domain එක අනිවාරයෙන්ම හොඳ තත්වයේ එකක් විය යුතියි. (උදාහරණ - www.yourname.com)


02. ඔයාගෙ site එක හොඳ තත්වයෙන් යුතු හොඳ නිමාවකින් යුතු එකක් වෙන්න ඕනි. කොටින්ම කීවොත් හොඳට active ගතියක් තියෙන්න ඕනි.


03. අඩුම ගානෙ ඔයාගෙ site එකේ post 100ක්වත් තියෙන්න ඕනි.


04. කිසිම වැඩිහිටියන්ට පමණක් සීමා වූ දෙයක් අඩංගු වෙලා තියෙන්න බෑ. ඒ කියන්නේ ඒ ගොල්ලන්ට ඒවා තිබුනොත් ප්‍රශ්ණ ඇතිවන නිසා ඒවා නොතිබුනොත් ඔයාලගේ ඉල්ලීම තවත් ටිකක් හොඳට සලකා බලනවා.


05. මෙතන තමයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ. මොකද ඔයාගෙ site එක අනිවාරයෙන්ම English වලින් ලියල තියෙන්න ඕනි. මොකද එයාල කියල තියෙනවා එයාලට තවමත් පහසුකම් නෑලු අනික් භාෂා සමඟ වැඩ කරන්න. (sorry, we’re just not able to provide support in other languages right now)


06. ඔයාගෙ site එකේ වැඩක් නැති ads හෝ විශ්වාස කරන්න බැරි ads තිබුනොත් ඔවුන් කියන විදිහට ඔවුන් ඔයාගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.


07. මෙයාල තව දෙයක් කියනවා. ඒක තමයි මොවුන් ගොඩක්ම ඇප්රූ කරන්නේ tech / web design / development / freelancer කියන දේවල් අඩංගු වෙලා තියෙන සයිට්ස්ලු. මොකද ඒවටලු දෙන්න ඇඩ්ස් ගොඩක්ම තියෙන්නේ.


08. තව නොයෙකුත් extensions , widget ආඳියෙන් ඔයාගෙ සයිට් එකේ යම් යම් errors ඇති වෙලානම් ඒවටත් දෙන්නෙ නෑ කියල කියනවා.


ඉතිං මේවා තමයි දැනට සපුරගන්න ඒනි අවශ්‍යම දේවල්. මීට අමතරව තියෙනවනම් කරුණාකරලා comment කරලා අනිත් අයටත් එක්ක දැනගන්න කියන්න කියලා ඉල්ලනවා. අලුත් post එකකින් හම්බවෙමු.



5 comments:

  1. නියමයි සහෝ. මමත් ඔයාට මැසේජ් එකක් දැම්මා FB එකෙන් ඔය ගැන. ස්තූතියි මේ ගැන දැනුවත් කරාට.

    ReplyDelete
  2. ඔන්න මාත් බැලුව හොද ...

    ReplyDelete
  3. Anonymous said...

    ආහ් එහෙමද?.. නම මොකක්ද කියන්න බලන්න. ඒවගෙන් දැන් වැඩක් නෑනෙ. ඔන්න ඕනි කරන දේ දුන්නනේ. එලාය. ස්තූතියි කමෙන්ට් එඑකට.

    ReplyDelete
  4. priyan said...

    බොහොම ස්තූතියි යාලුවා

    ReplyDelete
  5. Jackpot City Hotel & Casino, San Francisco - Mapyro
    Find the best prices on 전주 출장안마 Jackpot City Hotel & 천안 출장마사지 Casino, San 구미 출장안마 Francisco (SAL). Mapyro and other 의왕 출장샵 reliable local guides. 춘천 출장안마

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement