ඕනෑම උපාංගයක ඩ්ර්යිවර් සොෆ්ට්වෙයාර්ස් ඉක්මනින් හොයා ගමු

ඔන්න තවත් අලුත්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක්.සමහර විට මේක ඔයාලා පාවිච්චි කරනවා වෙන්නත් පුලුවන්.හැබැයි මේක තමයි 2011 අලුත් සොෆ්ට්වෙයාර් එක.හරි එහෙනම් කතාව පටන් ගමු.

පරිගණකයට සම්භන්ධ කරන හැම උපාංග වලට ගැලපෙන ඩ්‍රයිවර්ස් මුද්‍රකාංග සකසා දෙන වැඩසටහනක් ඩ්‍රයිවර්කියෝ  (DriverCure) නමින් පැරෙටොලොජික් නම් මුද්‍රකාංග සමාගම විසින් හදුන්වලා දුන්නා.මේකෙ විශේෂත්වය තමයි මේ සොෆ්ට්වෙයාර් එක කම්පියුටරේ ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ කොම්පියුටරේට ඩුයිවර්ස් සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් නොකර ඊට සම්භන්ධව ඕනෑම උපාංගයක් ක්‍රියා කරවන්න පුලුවන්.කම්පියුටරේට පිටතින් සම්භන්ධ කරන ප්‍රින්ටර්ස්, ස්කෑනර්ස්, මීඩියා ප්ලේයර්ස්, ඩිජිටල් කැමරා හෝ පරිගණකයට සවිකරන වෙනත් විවිධ උපාංග වන මවුස්, සවුන්ඩ් කාඩ්, ග්‍රැෆික් කාඩ් ආදිය පරිගණක මෙහෙයුම් පද්ධතියට හදුනා ගැනීමට විශේෂ මුද්‍රකාංග අවශ්‍ය වෙනවා.ඩ්‍රයිවර්ස් කියල හදුන්වන්නේ එව්වට තමා.

පරිගණකයට යම් උපාංගයක් සම්භන්ධ කොට ක්‍රියාත්මක කරන්න ඒත් එක්ක දෙන සොෆ්ට්වෙයාර් සීඩී එක කම්පියුටරේට ඉන්ස්ටෝල් කරන්න ඕන වෙනවා.එහෙම කලේ නැත්නම් ඒ උපාංගය කම්පියුටරේට සම්භන්ධ කරපු ගමන් ඒ ඕන කරන සොෆ්ට්වෙයාර්ස් ඉල්ලනවා.තවත් එකක් තමයි ඒ උපාංගයත් එක්ක හම්බවෙන සොෆ්ට්වෙයාර් සීඩී එක නැති උනොත් හරි සීරිලා හරි කොහොම හරි පාවිච්චියට ගන්න බැරි තත්වයක තියෙනවනම් ඒ උපාංගය භාවිතා කරන්න බැරිවෙනවා. හැබැයි කම්පියුටරේ ඩ්‍රයිවර් කියෝ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරල තියෙනවනම් ඒ ගැන කිසිම ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නෑ.ඒ ඩ්‍රයිවර් කියෝ ඉක්මණින් මෙහෙයුම් පද්ධතිය හා අදාල උපාංගය එක්ක සම්භන්ධතා ගොඩ නගා ගන්නවා.ඩ්‍රයිවර් කියෝ කම්පියුටරේ ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ පරිගනකයට පිටතින් සම්භන්ධ කරන හෝ සම්භන්ධ කරන ඕනෑම උපාංගයක් මෙවලමක් සම්භන්ධ කරපු ගමන් ඒකට අදාල සොෆ්ට්වෙයාර් එක හොයල දීල විනාඩියක් වගේ පොඩි කාලයකින් ඒ උපාංගයත් එක්ක වැඩ කරන්න පුලුවන් තත්වෙට හදල දෙනවා.දැනට ඒ කියන්නේ 2011 වනකොට ඩ්‍රයිවර් කියෝ සොෆ්ට්වෙයාර් එකට සොෆ්ට්වෙයාර් 59780 ක් ඇතුලත් කරල තියෙනවා.තවත් කියනවනම් අලුතින් නිශ්පාදනය කෙරෙන ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර්ස් ඉන්ටර්නෙට් එක හරහා අප්ඩේට් කරගන්නත් පුලුවන්.ඒ වගේම කම්පියුටරේ තියෙන වයිරස් හොයාගෙන ඩිලිට් කරන්නත් මේ ගැජට් එකෙන් පුලුවන්.තව එතකොට හාර්ඩ්  එකේ තියෙන අනවශ්‍ය ෆයිල්ස් මකා දමමින් හාඩ් එකේ ස්පේස් එක ඉතුරැ කරගන්න පුලුවන් වන විදිහේ ගැජට් එකකුත් මේකෙ ඇතුලත් වෙලා තියෙනවා.තව එතකොට සීඩී හෝ ඩීවීඩී හෝ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් හරි කම්පියුටරේට සම්භන්ධ වුන ගමන් එකෙ වයිරස් තියෙනවද කියල ඉබේම ඒ කියන්නේ ඔටෝමැටිකලි සිද්ධවෙනවා.මේක ක්‍රියාත්මක වෙන්න ඉන්ටර්නෙට් පහසුකම් නම් තියෙන්නම ඕන.දැනට මේක ක්‍රියාත්මක වෙන්නේ XP වලයි Vista වලයි  Windows 7 වලයි විතරයි.
ඔන්න සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න.ලින්ක් එක උඩ ක්ලික් කරන්න.





4 comments:

  1. meke key eka nedda???

    ReplyDelete
  2. http://www.torrentbit.net/click/7/?get=http%3A%2F%2Fwww.torrentbit.net%2Fget%2F1014198&torrent=DriverCure+1+3+%2B+Patch

    ඔය ලින්ක් එකට ගිහිල්ලා පැච් එක ඩවුන්ලෝඩ් කරගන්න

    ReplyDelete
  3. oka wada karanne nahane

    ReplyDelete
  4. Anonymous said...

    වැඩ කරනවා යාලුවා

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement