කැමති විදිහට සර්ච් එන්ජින් වෙල්කම් තිරය සකසන අලුත්ම The Page

සමහර විට මේක ඔයාල දන්නවත් වෙන්න පුලුවන්.දන්නෙ නැතිව මේක කොහොමද කරන්නේ කියලා හොය හොයා හිටියා වෙන්න පුලුවන්.එහෙනම් කතාවට බහිමු.

මේක ඇවිල්ලා වෙබ් අඩවියක්.සර්ච් එන්ජිමේ ප්‍රධාන නම වෙනුවට තමන් කැමති ඕනෑම නමක් යොදමින් එය සකසා ගැනීමට පුලුවන්කම මේ වෙබ් සයිට් එකෙන් සපයනවා.එහෙනම් අපි ක්‍රියා පටිපාටිය බලමු.

ඉස්සෙල්ලම මේක ක්ලික් කරලා සයිට් එකට යන්න.ඊට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ උඩ තියෙනවා My Settings කියලා.ඒ ලින්ක් එක ක්ලික් කරන්න.ක්ලික් කරාට පස්සේ please click here to sign up කියන ලින්ක් එක ක්ලික් කරලා ඒකෙදී අහන තොරතුරැ හරියට පුරවලා send කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකවුන්ට් එකට එවල තියෙන ලින්ක් එක ක්ලික් කරලා එකවුන්ට් එක ඇක්ටිව් කරගන්න.ඊට පස්සෙ ඔයාට පෙන්වනවා ඔයා කැමතිම ලින්ක් හයක්.ඒකට හයම දාන්න ඕන නෑ.ඕනනම් නොදා ඉන්නත් පුලුවන්.දානවනම් Name කියන එකට ඔයා කැමති සයිට් එකේ නම දාලා Link කියන එකේ ඒ ඔයා කැමති සයිට් එකේ ඇඩ්රස් එක දාන්න.
   උදා- Name  - Google
           Link  -  www.google.com
ඊට පස්සේ ඔයාගෙ දකුණු අත පැත්තේ තවත් වැඩ කෑලි ටිකක් තියෙනවා.ඒවනම් ඔයාට බලපු ගමන් තේරෙනවනේ.ඔයා ඒ වෙනස් කරපු එව්වා preview button එක ක්ලික් කරලා බලන්න පුලුවන්.ඔයා ඔයාට ඕන විදිහට හදල ඉවරනම් Save and exit කියන බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාට දැකගන්න පුලුවන් ඔයා හදපු ඒ ටෙම්පලේට් එක.ඒකෙ තියෙන පින්තූරෙ වෙනස් කරන්න පුලුවන් දකුණු අත පැත්තෙ උඩින් තියෙන පොප් අප් මෙනු එකෙන්.ඒකෙන් කැමති එකක් සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ.අර ඔයා දුන්නු ලින්ක් ඔයාගේ වම් පැත්තේ උඩින් තියෙනවා ඔයාට බලාගන්න පුලුවන්.ඔන්න එහෙනම් මගෙ සර්ච් එන්ජින් එකේ පින්තූරෙකුත් දානවා.

පැහැදිලිව පේන්නෙ නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න


No comments:

Post a Comment

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement