The Green Hornet නවතම චිත්‍රපටිය

ඔන්න මම ඔයාලට ගෙනාවා ටිකක් විතර වෙනස් කතා තේමාවක් ඇතුලත් වු චිත්‍රපටියක්. හාස්‍යජනක මෙන්ම ත්‍රාසය හා කුතුහලය ඇතිකරමින් ලොව පුරා සාර්ථක අන්දමින් තිරගතවු මෙම ක්‍රියාදාම චිත්‍රපටිය පසුගිය දිනවල ලංකාව තුලද තිරගතවුනා. එක නිසා මේ ෆිල්ම් එක බලන්න ඔයාලා හැමෝම ආසවෙන් ඉන්නවා ඇති.

මයිකල් ගොන්ඩ්‍රි විසින් අධ්‍යක්ෂණය කරන ලද ග්‍රීන් හෝනෙට් නම් වු මෙම චිත්‍රපටිය, සති කිහිපයක්ම බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහල ස්ථානයක රැදි සිටින්න හැකිවුනා. එයට හේතුව විධියට මම හිතන්නේ, මේ චිත්‍රපටියේ ඇති විචිත්‍රබව කියලා. කොහොමහරි මේ චිත්‍රපටියේ නිෂ්පාදන වියදම ඇ.ඩො. මිලියන 120 ක් වනවා. විනාඩි 119 පුරා දිවයන මෙම චිත්‍රපටිය තිරගතවු පලමු දිනයේදිම ඇ.ඩො. මිලියන 11 මුදලක් උපයාගැනිමට හැකිවුනා. එමෙන්ම එම සති අන්තය තුලදි එම ආදායම ඇ.ඩො. මිලියන 33 දක්වා ඉහල ගියා. මේවනවිට මෙම චිත්‍රපටිය ඇ.ඩො. මිලියන 223 ක ආදායමක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වි ඇත්තේ, හොලිවුඩයේ දක්ෂ කොමඩි නළුවෙක් වන සෙත් රෝගන් (Seth Rogen), ජේ චවු (Jay Chou), හොලිවුඩයේ සිටින රූමත් නිළියන් අතර තවත් සුරුපී නිළියක් වන කැමරන් ඩියැස් (Cameron Diaz),  ටොම් විල්කින්සන් (Tom Wilkinson), ඩේවිඩ් හාබර් (David Harbour), ක්‍රිස්ටෆර් වොල්ට්ස් (Christoph Waltz) යන නළුනිළි පිරිස විසිනි.දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්.මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2011 වසරේ ජනවාරි 14 වැනිදා. මේ චිත්‍රපටිය Action | Comedy | Crime යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating  6.4/10 (17,907 votes) අරන් තියනවා.මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්,
මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රියාදාම හා කොමඩි කැලි තියන නිසා එල ෆිල්ම් එකක්. දැනට නිකුත්වෙලා තියෙන්නේ R5 පිටපතක් තමයි, විඩියෝ, ඔඩියෝ තත්වය හොදයි.දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.බ්‍රීට් රීඩ් කියන්නේ, "ද ඩේලි සෙන්ටිනල්" නම් වු පුවත්පතේ කතුවරයාගේ එනම්, ජේම්ස් රීඩ්ගේ පුත්‍රයායි. බ්‍රීට් රීඩ් ගැන වෙන විධියකට කිව්වොත් මහ කම්මැලි කිසිම වගකිමක් නැති සෙල්ලක්කාර ජිවිතයක් ගතකරන තරුණයෙක්. නමුත් මේ සියළුම හති පැවැතුම් වෙනස් වන්නේ, තම පියාගේ අභිරහස් මරණයත් සමගයි. මේ සිදුවිමෙන් පස්සේ ඔහු තම පියාගේ සේවකයෙකු වන කැටෝ සමග එක්වි ලොස් ඇන්ජලිස් නුවර සිදුවන අපරාධ මර්ධනය කිරිමට උත්සහ කරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ?ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්න.ඔන්න පල්ලෙහායින් ලින්ක් එක දැම්මා.හැබැයි මේක torrent file එකක්. torrent වලින් වැඩ කරන්න ඔයාලා දන්නවනේ(ටොරන්ට් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් සිංහල වීඩියෝ එක මෙතනින් බලන්න).මේකේ තියෙන්නේ 346.72MB විතරයි.නියම කොලිටියි.ඔයාලම බලන්නකෝ.


                         










No comments:

Post a Comment

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement