තමන්ගෙ පින්තූරේ කිසිම software එකක් නැතිව ලස්සන කරගන්න




කවුද අකමැති තමන්ගේ පින්තූරේ ලස්සන Edit කරලා අනිත් අයට පෙන්වන්න.සමහර විට මේ කියන්න යන දේ සමහරක් අය දන්නවත් ඇති.හැබැයි මේක කියන්නේ ඒ ගැන දන්නැති අයට.මොකද ෆේස්බුක් යන අය ගොඩක් කැමතියි තමන්ගෙ පින්තූරෙට පට්ට වැඩ කෑල්ලක් දාලා profile picture එකට හරි photo album එකක් හදල හරි තමන්ගේ පට්ට ෆොටෝ ටික අනිත් අයට පෙන්වන්න.මෙන්න ඒකට ගැලපෙන නියම සොෆ්ට්වෙයාර් එක.හරි එහෙනම් අපි කතාවට බහිමු.

ඇත්තම කිව්වොත් මේක සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි.මේක යම් කිසි වෙබ් සයිට් එකකනි කරන දෙයක්.හැබැයි මේකට කිසි මුදලක් වැය වෙන්නෙ නෑ.ඒ ගැන තඹ දොයිතුවක සැකයක් තියාගන්න එපා.ඉස්සෙල්ලම මේක කරන විදිහ මම කියල දීල පල්ලෙහායින් ලින්ක් එක දාන්නම්.ඒකට කමක් නෑනේ.ඉස්සෙල්ලාම මම පල්ලෙහායින් දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ වෙබ් සයිට් එකට යන්න.ඊට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ ඒ ඒ පින්තූර ස්ටයිල්ස් ඒ සයිට් එකට අප්ලෝඩ් කරපු දවස් දාල තියෙනවා.ඒව ලින්ක් විදිහට තියෙන්නේ.ඒකක් ක්ලික් කරපුවහාම වෙනම පහර ස්ටයිල්ස් වගයක් එනවා.ඔයා කැමති ස්ටයිල් එකක් උඩ ක්ලික් කරන්න.ඊට පස්සේ ඔයාගේ හරි වෙන මොකක් හරි ඔයාට කැමති පින්තූරයක් choose file කියන බට්න් එක ක්ලික් කරලා තෝරගන්න.ඊට පස්සේ create your picture කියන බට්න් එක ක්ලික් කරපුවහාම ඔයාගේ ෆොටෝ එක ඔයා තෝරපු ස්ටයිල් එකේ විදිහට හැදෙන්න පටන් ගන්නවා.ඔයාගේ කොම්පියුටරෙන් තෝරපු ෆයිල් එකේ සයිස් එක අනුව ඒ පින්තූරේ හැදෙන්න යන වෙලාව වෙනස් වෙනවා.කොහොම හරි ඔයාගේ පින්තූරේ හැදිලා ඒ සයිට් එකේම ලොකුවට ඔයාගේ ඒ හැදුනු පින්තූරේ පෙන්නනවා.ඊට පස්සේ ඕනනම් ඔයාගේ කම්පියුටරේ සේව් කරගන්න පුලුවන්.මේක විශේෂ දෙයක් කියන්නේ ඔයාගේ වෙබ් සයිට් එකේ ඔයා හදපු පින්තූරේ අප්ලෝඩ් කරන්න URL එකක් ලබා දෙනවා.තවත් ඕනනම් ඒ පින්තූරේ ෆේස්බුක් හරි ටුවිටර් යන සයිට් වලට ෂෙයාර් කරන්නත් පුලුවන්.
ඔන්න එහෙනම් ඒ ලින්ක් එක.



2 comments:

  1. එළ එළ සහෝදරයා දිගටම ලියන්න

    ReplyDelete
  2. Lilanka Ravinath - බොහොම ස්තූතියි

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement