වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? 02 කොටස


කොහොමැයි ඉතිං. ඔන්න මේකෙ දෙවෙනි කොටසත් ගෙනාවා. ඔයාලා මුලින් එක ඒ කියන්නේ 01වෙනි පෝස්ට් එක බලන්න ඇති කියල හිතනවා. බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. දේකෙනම් ඉතිං කියල දෙන්නෙ නෑ කොහොමද රෙජිස්ට්‍රියට යන්නේ කියලා. මොකද ඒක මීට ඉස්සෙල්ලා එකේ කියල දීල තියෙනවා. ඔන්න එහෙනම් අනික ඒ කියන්නේ දෙවෙනි කොටස පටන් ගමු.
මේකෙදී බලන්නේ සීඩී එකක් ඔටෝ රන් වීම වළක්වා ගන්න හැටියි.

වින්ඩෝස් එක්ස්පී, විස්ටා , සෙවන් ඔය ඕන එක්ක තියෙන සීඩී එකක් ඔටෝ රන් වෙන පහසුකම අවලංගු කරන්න හරි නැවත ක්‍රියාත්මක කරන්න වින්ඩෝස් රෙජිස්ට්‍රියෙන් කරගන්න පුලුවන් තවත් ක්‍රියාකාරකමක්.
ඒක කරන්න රෙජිස්ට්‍රියේ HKEY_LOCAL_MACHINE කියන එක ඉස්සරහ තියෙන (+) ලකුණ හරි ඊතලේ හරි ක්ලික් කරන්න. (01 රෑපය)
01 රෑපය
ඊට පස්සේ ඒ ෆෝල්ඩර් තුළ තියෙන SYSTEM කියන එක ඉස්සරහ තියෙන (+) ලකුණ හරි ඊතලේ හරි ක්ලික් කරන්න.(02 රෑපය)
02 රෑපය

එතකොට ඒකට අදාළ ෆෝල්ඩර් එක දිගහැරෙනවා. ඒකෙ තියෙන Current ControlSet කියන එකෙත් (+) හෝ ඊතල ලකුණ ක්ලික් කරන්න. (03 රෑපය)
03 රෑපය
එතකොට ලැබෙන අනික් ෆෝල්ඩර් වලින් Service කියන එක ඉස්සරහින් තියෙ (+) හෝ ඊතල ලකුණ ක්ලික් කරන්න. (04 රෑපය)
04 රෑපය
එතකොට ඒකට අදාල කොටස් දිග ඇරෙන අතර ඒකෙ තියෙන Cdrom කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට සීඩී රොම් එකට අදාල කොටස් Registry Editor වින්ඩෝ එකේ දකුණු පැත්තේ බලාගන්න පුලුවන්.(05 රෑපය)
05 රෑපය

ඒකෙ AutoRun කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට ඒකට අදාළව Edit DWORD Value ඩයලොග් බොක්ස් එක ලැබෙනවා.(06 රෑපය)
06 රෑපය

ඒකේ value data කියන තැන දැනට 1 තියෙනවනම් එය බිංදුව(0) ලෙස ලෙස වෙනස් කරලා ඩයලොග් බොක්ස් එක ඕකේ කරලා කම්පියුටරේ රීස්ටාර්ට් කරන්න. ( මේකෙ සාමාන්‍යෙයන් 1 ලෙස දක්වලා තියෙන්නේ ඔටෝරන් වන අවස්ථාවයි. එසේ නොවන අවස්ථාව ලෙස 0 ලෙස සැලකේ.)

තව දෙය්ක. ඔයාලගේ සීඩී හරි ඩීවීඩී රොම් එකේ නම රීනේම කරන්න බෑනේ රයිට් ක්ලික් කරලා. අන්න ඒක කරන්න වෙන්නේ මේ රෙජිස්ට්‍රියෙන් තමා. ඒකට එතනම තියෙන DisplayName කියන එක උඩ ඩබල් කිලික් කරලා ඒ්කෙන් එන ඉඩිට් ස්ටියරින්ග් ඩයලොග් බොක්ස් එකේ තියෙන CD-ROM Driver කියන එක මකලා ඔයාලට ඕනි එකක් ටයිප් කරලා ඕකේ කරන්න.(07 රෑපය)
07 රෑපය


ඔන්න එහෙනම් ඒකත් ඉවරයි. මේක වැදගත් උනානම් කමෙන්ටුවක් දාගෙනම යන්ඩෝ!!!





6 comments:

  1. lowth na sahooo..... ela ela :) thawa dapan hode :)

    ReplyDelete
  2. දාන්නම්. තෑන්ක්ස් චානක කමෙන්ට් එකට!

    ReplyDelete
  3. එල එල, ඉන්ටනෙය් මනී එක දිගටම කරන් පලයන් මචෝ, මගේ සුබ පැතුම්

    ReplyDelete
  4. තැන්කියු වේවා එනිමවුසානනි

    ReplyDelete
  5. mata puluwan weida internet money wadeta athagahanna.....mata thawama 18 na

    ReplyDelete
  6. @Anonymous
    පුලුවන්. 18 සම්පූර්ණනම් පුලුවන්

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement