ලස්සන Contact Me Width එකක් ඉක්මනින් හදාගමු! නියමයි..


ඔන්න අද දෙන්න යන්නේ Blog ලියන අයට වැදගත් වන දෙයක්. ඒක තමයි Contact Me ෆෝම් එකක් කිසිම ගේමක් නැතිව ලස්සන විදිහට හදාගන්න හැටියි කියල දෙන්න යන්නේ.  ඉතිං මේ වැඩේ සිඳුකරන්නේ Contact Me කියන වෙබ් අඩවියෙන්. ඔයාලට මේකෙ Register වෙන්නෙ නැතිව මේ වැඩේ කරගන්න පුලුවන්. 
එහෙනම් අපි මේ වැඩේ කරන හැටි බලමු.

ඉස්සෙල්ලම මෙතන click කරලා අදාල සයිට් එකට යන්න. ඔයාල අදාල සයිට් එකට ගියපුවාහ බලාගන්න පුලුවන් එක පැත්තකින් form එක සකසන්න කොටසක් තියෙනවා. අනිත් පැත්තේ ඒ අපි වෙනස් කරන ඒවගේ Preview එක බලාගන්න පුලුවන්. ඔයාල මේකෙදී කරන්න ඕනි වෙනස් කම් කියල දෙන්නම්.
  • Business Name - මෙතනට ඔයාලගේ blog site එකේ නම ලබා දෙන්න. කෙටියෙන්ම කිව්වොත් මෙතනට දාන්නේ Title එකයි.
  • Business Logo - මෙතනට ඔයාලගේ blog එකේ හෝ නැතිනම් web site එකේ logo එක ලබා දෙන්න. ඒ සඳහා upload කියන බොත්තම ඔබන්න.
  • Email form results to*: - මෙතනට ලබා දෙන්න ඕනි ඔයාලගේ Email ලිපිනය. හේතුව තමයි කවුරැ හරි ඔයාලගේ Contact Form එකෙන් ඔයාලට පණිවිඩයක් එව්වොත් ඒ එවන පණිවිඩිය එන්න ඕනි තැන තමයි මෙතනින් කියන්නේ. ඔයාලට ඔයාලගේ Email Address එක පෙන්වන්න ඕනිනම් Hide my email කියන එක ඉස්සරහින් වැටිලා තියෙන ටික් එක අයින් කරන්න. පෙන්වීමට අවශ්‍ය නැත්නම් Hide my email කියන එක ඉස්සරහින් තියෙන කොටුවේ ටික් එක සඳහන් වෙලා නැත්නම් සඳහන් කරන්න.
  • My Contact Information - මෙතනින් ඔයාලට පුලුවන් ඔයාලගේ ඇඩ්රස් එක දෙන්න, එතකොට ඔයාලගේ Phone නොම්බර් එක දෙන්න. නමුත් මේවා එතරම් වැදගත් වෙන්නේ නෑ. හැබැයි මෙතනදී ඔයාල යම් කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඒ අදාල තීරැව මුලින් තියෙන ටික් එක අයින් කරන්න. ඔයාලට මෙතනදී වැදගත් වෙනවා Add Social Profiles කියන එක. ඒ හින්දා Add Social Profiles කියන එකට මුලින් තියෙන ටික් එක සඳහන් කරන්න. එතනදී ඔයාලට ඔයාලගේ එම අදාල එකවුන්ට් වල අදාල URL එක අදාල කොටුව නැතිනම් හිස්තැන මත ලබා දෙන්න. 
  • Form Settings - මෙහි ඇති Add Captcha Spam Protection කියන එක ක්ලික් කරන්න. මොකද මෙය යොදපුවහම Spam වීම වලක්වන්න පුලුවන්.  
  • Manage Form Fields - මේවා අදාල ලෙස වෙනස් කරගන්න. වෙනස් කරන ඒවා Preview ලෙස බලාගන්න පුලුවන් වෙනවා. මෙයට තවත් ෆීල්ඩ් එක ඇඩ් කරන්න උවමනානම් Add another field කියන එක ක්ලික් කරන්න.
  • එතනින් යට තියෙන ඒවා අපිට කරන්න බෑ. මොකද එතනින් පහල තියෙන ඒවා කරාට අපේ බ්ලොග් එකට හරි මොකේට හරි ඇඩ් කරද්දී ඒක එහෙම්ම තියෙනවා. හේතුව තමයි අපි මේ වැඩේ කරන්නේ නොමිලේ. ඒක නිසා අනිත් සෙට් එකේ තියෙන ඒවා කරගන්නනම් අපිට සල්ලි දෙන්න වෙනවා.
  • ඊට පස්සේ Save Form කියන එක click කරන්න.
  • ඉන්පසු ලැබෙන කොටුවේ Free කියන එක යටතේ පහලින් ඇති Select කියන එක click කරන්න.
  • ඉන්පසු එහිදී Embed Code එකක් ලබා දෙන අතර එය copy කරගෙන ගිහිල්ලා ඔයාලගේ Site එකේ Add Width කියන එකේ තියෙන Java Script එකකට මේක දාල සේව් කරන්න.
  • ඊට පස්සේ ඔයාලට පහළ රෑපයේ තියෙනවා වගේ ඔයාලගේ Site එකේ පැත්තකින් Contact Me කියලා බට්න් එකක් තියෙනවා.

ලේසි වෙන්න ඔන්න මම Video එකකුත් දැම්මා. මේකෙන් උඩ පින්තූරේ වගේ සයිඩ් එකට ෆෝම් එක දාන හැටි බලාගන්න.


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. ඔයාලය මේක වැදගත් උනානම් Follow පාරක් දාගෙනම යන්න.


8 comments:

  1. අමරේ අයියා8/17/11, 11:38 AM

    එල එල තැන්ක්ස් වේවා

    ReplyDelete
  2. අමරේ අයියා said...

    බොහොම ස්තූතියි මචං

    ReplyDelete
  3. නියමයි ඔන්න මමත් දාගත්තා ... මරේ මරු ...

    ReplyDelete
  4. sanjaya සිතුවිලි said...

    නියමයි සහෝදරයා.. ස්තූතියි

    ReplyDelete
  5. එල කිරි සහ ජලය වගේ ආ.. නියමයි.. :D

    ReplyDelete
  6. ගොඩාක් ස්තුත්යි යාලුවා... මම මේක කලින් දැන ගෙන උන්නත් ඇත්තටම අමතක වෙලා තිබුනේ, ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete
  7. රසිකයා said...

    බොහොම ස්තූතියි යාලුවා!!

    ReplyDelete
  8. සල්ලි ගෙවන්නේ නැතිව දිගටම තියා ගන්න පුලුවන් නේද

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement