MP3 එක අපේ යටතට ගමු!

හරි එහෙනම් අද දෙන්න යන්නේ MP3 ෆයිල්ස් ඉඩිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් MP3 ෆයිල් එකට ඉමේජ් එකක් පවා ඇඩ් කරන්න පුලුවන්.


අද මාතෘකාවට බහින්න ඉස්සෙල්ලා කියන්න ඕනි පොඩි දෙයක්. ඒක තමයි මගෙ www.blogshan.tk කියන ඇඩ්රස් එක පොඩි අවුලක්. පොඩි අවුලක් කිව්වට ඒක ලොකුම ලොකු අවුලක් වෙලා. ඒකෙන් ඕන කෙනෙක් මේකට එන්න හැදුවට එහෙම පේජ් එකක් නෑ කියනවා. ඒ හින්දා අලුතෙන් එකක් හදාගන්නකම් ආයෙත් පරණ ඇඩ්රස් එකට බහින්න උනා. ඒක තමයි www.deshanblog.blogspot.com කියන එක. ( මේ වන විට නැවතත් ඩොමේනය යතා තත්වයට පත් කර ඇති බැවින් ඔබට නැවතත් www.blogshan.tk හරහා මෙම අඩවියට ලොග් විය හැක) හරි එහෙනම් අද කතාවට බහිමු.

අද දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් MP3 එකක තියෙන සියලුම පාහේ පිටතින් ඇතුලත් කරල තියෙන ඩේටාස් වෙනස් කරන්න. ඒ කිව්වේ ඔයාල MP3 ෆයිල් එකක් ප්ලේ කරද්දී මීඩියා ප්ලේයර් එකෙන් පේනවනේ MP3 එකට පින්තූරයක් දාල තියෙනවනම් ඒක හරි නැත්නම් යම් යමම් නම්, එතකොට කොපිරයිග්ට්ස්.... සහ ඔය වගේ දේවල්. ඉතිං අද දෙන්න යන එකෙන් මේ ඔක්කොම වෙනස් කරගන්න පුලුවන්. අනික මේක වින්ඩෝස් ඕනිම ඔපරේටින්ග් සිස්ටම් එකක් එක්ක වැඩකරනවා. එහෙනම් ඉතිං ඔන්න ඒකෙන් වැඩ කරන හැටි වීඩියෝ එකකින්ම බලාන පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙගාබයිට් 2.33 තියෙන්නේ.


ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.

ඔයාලට මේක වැදගත් උනානම් ෆලෝ පාරක් එහෙම දාන්න. ප්‍රශ්ණයක්, හොඳ නරක තියෙනවනම් කමෙන්ට් කරන්න. 



9 comments:

  1. තෑන්ක්ස් .......
    තව තවත් අලුත් සොෆ්ට්වෙයාර් ගැන දැනුවත් කිරීමට හැකියාව හා ධෛර්යය ලැබේවා ............

    ReplyDelete
  2. @පන්සල් හංදිය
    බොහොම ස්තූතියි යාලුවා...

    ReplyDelete
  3. ශාන් මේකම කරන්න පුළුවන් මම හිතන්නේ ජෙට් වලින්
    http://119sinhala.blogspot.com/2011/07/jet-audio.html
    හැබැයි මේකත් ගොඩක් හොදයි

    ReplyDelete
  4. ළහිරු හිමේෂ් said...
    වෙන්න පුලුවන්. ඒත් ජෙට් ඕඩියෝ එකේ තරම් සංකීර්ණ(සංකීර්ණ කිව්වේ ගොඩක්ම සංකීර්ණ නෙවේ) සහ වෙනත් ඇඩෝනයක පිහිට මේකට පතන්න වෙන්නෙත් නෑ. අනික ජෙට් ඕඩියෝ කියන ප්ලේයර් එකනම් මම අඩුම ගානෙ ඒකෙ නමවත් අහන්න කැමති නෑ...

    මොනව උනත් කමෙන්ටුවට ස්තූතියි

    ReplyDelete
  5. බොහොම ස්තූතියි යාලුවා!

    ReplyDelete
  6. @Wageesha said...
    sira macha

    Reply 5/13/12 5:54 PM
    ------------------------------------------------*
    එල එල.

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement