Android Phones වලට හොඳම Antivirus Programs 5ක්!





අලුත්ම තත්වය අනුව Google smartphone OS එක වන Android OS එක දැන් වඩාත් සීඝ්‍රෙයන් ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. ඉතිං මේ ජනප්‍රියතාව නිසා මෙයට නොයෙකුත් බලපෑම් ඇතිවෙනවා. මීට පෙර ඔයාලට මම දුන්නා Android ජංගම දුරකථන වලට හොඳ Web browser ටිකක්. ඒක බලන්න ඇති කියලා හිතනවා. ඉතිං මේ Android භාවිතයේදී සහ ඕනෑම OS එකක් සමඟ වැඩ කරද්දී අපගේ පද්ධතිය ආරක්ෂා කරගන්න වෙනවා. ඉතිං අපිට හොඳ Antivirus program එකක් දාල අපේ පද්ධතිය ආරක්ෂා කරගන්න පුලුවන්. මම මේ අද දෙන්න යන grads වලින් ඔයාට Black arrows වලින් ඔයාගෙ ජංගම දුරකථනය ආරක්ෂා කරගන්නත් පුලුවනි.



ඉතිං ඊයෙ දීපු post එකට comment වැටිල තිබුනේ දෙකක් උනාට ඒක ගොඩක් අය බලපු වගනම් හොඳට පේනවා.    කොහොම උනත් ඉතිං අපි සැලෙන්නෙ නෑනේ. කොහොම හරි ඔයාට දෙයක් කියල දෙන්න තමයි බලන්නේ. ඔන්න එහෙනම් අද කියල දෙන් යන්නේ තවත් වැදගත් දෙයක් ගැන. ආහ්. එය අතරේ මට පොඩි දෙයක් මතක් උනා. Nokia එකෙන් 41MP mobile එකක් ගහලා. ඇත්තටම මට ඒක ගන්නකම් හදිස්සියි. ඔන්න ඒකෙ රෑපයකුත් මම පල්ලෙහායින් දානවා එහෙනම්. ඒක නම් කරල තියෙන්නේ Nokia 808 PureView කියලා. 


කතාවෙන් පිටපනිද්දිම පටස් ගාල ආයෙත් පාරට ඔන්න දාගත්තා. හරි එහෙනම් අපි අද post එක බලමු.


01. AVG Free 


AVG කියන නම එයාලට ගොඩක් හුරැපුරැදු ඇති කියලා මම හිතනවා. මොකද ගොඩක් අය මේ ගාඩ් එක පරිගණක වල භාවිතා කරනවා. මමත් පාවිච්චි කරන්නේ දැන් AVG තමයි. කොහොම උනත් මේ ගාඩ් එක PC එකේ මෙන්ම Mobile එකෙත් හොඳට වැඩ කරනවා. ඔවුන් මේ වන විටත් Android භාවිතා කරන අයට ඔවුන්ග් සමාගමෙන් AVG Android mobile edition නිකුත් කර හමාරයි. ඉතිං ඔයාලට ඒක Android market එකෙන් Download කරගන්න පුලුවන් නොමිලයේම. ඒනිනම් ඉතිං AVG site එකෙන් උනත් download කරගන්න පුලුවන්. AVG mobile edition එකේ anti-virus සහ anti-spyware, link scanner, මොන link එකද හොඳ හෝ නරක කියා සොයා බැලීම යන ප්‍රධාන කරැණුද ඇතුලුව තවත් නොයෙකුත් විශේෂ ගති ගුණ පිහිටා තිබෙනවා. ඔයාට තවත් හොඳ දේවල් ලබා ගන්න පුලුවන් ඔයා AVG Mobile edition එකේ premium එක ලබා ගත්තනම්.




02. Lookout Mobile Security


මේක තවත් ශක්තිමත් Antivirus app එකක්. මේකෙන් පුලුවන් ඔයාගෙ mobile එක දවස ගානෙ හෝ සතිය ගානේ scan වෙන්න ඉබේම දාන්න. මේකෙදී ඉබේම backup එකක් තියාගන්නවා ඔයාගෙ files වල. මොකද හදිස්සියක් උනොත් ඔයාට ආයෙත් restore කරගන්න පුලුවන් නිසා. මේකෙ විශේෂත්වයක් වන්නේ GPS යොදාගනිමින් ඔයාගේ දුරකථනය තිබෙන තැන හොයාගන්න පුලුවන් වීමයි. හදිස්සියකදී ඔයාගෙ දුරකථනය නැතිවුනොත් ඒක කවුරැ හරි අහුලගෙන බැරි වෙලාක්වත් internet ගියොත් ඔයාට පුලුවන් ඔයාගෙ mobile එක තියෙන තැන හොයාගන්න. ඉතිං මේකත් නොමිලේ ලබා දෙන්නක් වන අතර මේක Android market එකෙහි වැඩියෙන් download කරගත්තු app අතරට එකතු වෙලා තියෙනවා.




03. SmartGuard Mobile Security


මේකත් ගොඩක් හොඳ නොමිලේ ලබා දෙන antivirus program එකක්. මේ app එකෙන් ඔයාගෙ mobile එක හැම වර්ගයකම malware වලින් ආරක්ෂාව ලබා දෙනවා. මේ app එකත් ඔයාට උදව් වෙනවා නැතිවුනු දුරකථනය GPS හරහා සොයාගැනීමට. මෙහි අන්තර්ගතය වන්නේ antispam, call block, remote lock, application lock, audio ping, remote silent, simCard guardian සහ තවත් බොහෝ දේ තියෙනවා. 




04. Norton Anti-virus Security


මේකත් Antivirus නාම අතර ගොඩක්ම ශක්තිමත් නාමයක්. මටනම් මේක පාවිච්චි කරන්න හම්බවුනේ නෑ. නමුත් මගේ යාලුවෙක් මේක පාවිච්චි කරා. මේකත් ඔයාගෙ PC එක ආරක්ෂා කරනවා වගේම ඔයාගෙ mobile එකත් ආරක්ෂා කරනවා. මේකෙදී හැම පහසුකමක්ම තියෙනවා ඔයාගෙ ජංගම දුරකථනය සොරාගත්විට සොයාගැනීමට හා සොයාගන්නා තුරැ ඔබේ ජංගම දුරකථනය සිදු කල යුතු දේ කිරීමට. ඒ වගේම Call screeing option, anti virus, anti spyware, සහ තවත් නොයෙකුත් අංග මෙයට ඇතුලත් වෙලා තියෙනවා. මොනව උනත් මම ඔයාලට දෙයක් කියන්නම්. ඔවුන්ට ඔබව කලකිරවීමටනම් අවශ්‍ය තාවයක් නෑ.




05. Droid Security


මේකත් AVG එකෙන් නිකුත් කරන ලද සංස්කරණයකින් ලබා ගත් කොටසක්. හැබැයි මේකත් AVG හා සාපේක්ෂව හොදට වැඩ කරනවා. මේක තමයි ඇන්ඩ්රොයිඩ් ජාල හිමියන් විසින් බොහෝ දුරට සාක්ච්ඡා උනු ආරක්ෂක App එක. ඉතිං මේකේ නොමිලයේ ලබා දෙන සේවයේ බොහෝ දේවල් ඇතුලත් වෙලා තියෙනවා. හොරන්ගෙන් ආරක්ෂාවට, Antivirus, සතියක් ඇර සතියක් හෝ දවස ගානේ scan වීමට, SMS protection, Internet Security, සහ තවත් නොයෙක් දේවල්. Market එකේ හොයල බලන්න. ඔයාට මේක download කරගන්න පුලුවන්. 




ඉතිං ඔන්න එහෙනම් ඒකත් ඉවරයි. ඔයාට කැමතිනම් තව තව ආරක්ෂක විදි භාවිතා කරන්න පුලුවන්. හැබැයි මම මේ දීල තියෙන්නේ නොමිලයේ ලබා දෙන හොඳ antivirus guards පහ. ඔබ මේ මොනව හරි app එකක් පාවිච්චි කරලා තියෙනවනම් අනිත් අයත් එක්ක එබේ අදහස් හුවමාරැ කරගන්න අමතක කරන්න එපා. එහෙනං ඉතිං ඔන්න මම ගියා. අලුත් post එකකින් හමුබවෙමු.



1 comment:

  1. Mcn Avast ehemath ela... oya kiyana hama ekakma thiyenawa

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement