RAR file එකකට පාස්වර්ඩ් එකක් දාන හැටි.



















මාතෘකාව දැක්ක ගමන් සමහර අයනම් කියවන්නෙත් නැතිවෙයි. අපෝ මේවා මොනාද කියලා. ඒත් මේක හරියට කරගන්න බැරි ගොඩක් අය ඉන්නව කියලත් ඒ අය දැනගන්න ඕනි. අන්න ඒක නිසයි මම මේක ලියන්නෙ. ඉතිං මේ වැඩේ කරන්න එච්චර ගේමක් දෙන්න ඕනි නෑ. කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක්. ටිකක් කීවට ටිකෙනුත් ටිකයි හොඳේ. එහෙනම් කතා නවත්තලා වැඩේට බහිමු.

මුලින්ම ඔයාගෙ පරිගණකයේ WinRAR install කරල තියෙන්න ඕනි. ඔයාගෙ පරිගණකයේ WinRAR නැත්නම් මෙතන click කරලා අලුත්ම 4.20 version එක Crack එකත් එක්කම Download කරගන්න. Download කරාට පස්සේ Windows Explorer භාවිතා කරලා .zip file එක Extract කරගන්න. දැන් ඒක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා 32bit හා 64bit සංසර්කරණ දෙකම. ඔයාගෙ පරිගණකයේ bit වර්ගය අනුව තෝරලා ඒක install කරගන්න.  ඊට පස්සේ REG කියන Folder එක open කරන්න. දැන් RARREG.key කියන එක copy කරගෙන ගිහින් ඔයා WinRAR Install කරපු තැනට ගිහින් Paste කරන්න.  ඊට පස්සේ වැඩේ හරි. 

දැන් ඔයාට Password එක දාන්න ඕනි Folder එක උඩ Right click කරන්න. ඊට පස්සේ 'Add to Archive...' කියන එක උඩ click කරන්න. 



දැන් පහත තියෙන පින්තූරෙ වගේ window එකක් ඔයාට පේයි. ඉස්සෙල්ලම 'Advanced' කියන tab එක උඩ click කරන්න. මොකද එතනින් තමයි Password එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ එතන තියෙන 'Set Password...' කියන එක උඩ click කරන්න.



දැන් ආයෙත් Pop-up window එකක් එයි. අන්න ඒ එන එකේ “Encrypt file names” කියන එක ඉස්සහ කොටුව click කරන්න. එතකොට ඒ කොටුව ඇතුලෙ හරි සලකුණක් වැටෙයි. දැන් ඔයාට අවශ්‍ය කරන password ලබා දෙන්න. තැන් දෙකටම එකම password එක ලබා දෙන්න. 



දැන් OK ලබා දෙන්න. ඊට පස්සේ වැඩේ හරි.



අලුත් Post එකකින් හම්බවෙමු එහෙනම්. ජයවේවා..

18 comments:

  1. නියමයි. ඒත් ඔය password එක crack කරන්න පුලුවන්ලු

    ReplyDelete
  2. @Manoj Priyankara said...
    7/17/12 1:47 PM

    නියමයි. ඒත් ඔය password එක crack කරන්න පුලුවන්ලු
    ------------------------------------------------------------*

    ස්තූතියි යාලුවා. ඔව් පුලුවන්.

    ReplyDelete
  3. ඕක ක්‍රැක් කරන එක සිම්පල් යාලුවා

    ReplyDelete
  4. @Anonymous said...
    7/17/12 5:41 PM

    ඕක ක්‍රැක් කරන එක සිම්පල් යාලුවා
    ------------------------------------------------------------------*

    ඔව්. ඒත් හැමෝම Crack කරන්න දන්නෙත් නෑනෙ නේද

    ReplyDelete
  5. මේක නම් නියමයි! ස්තුතියි සහෝ!

    ReplyDelete
  6. @හිරුහිමාවී said...
    7/17/12 9:02 PM

    මේක නම් නියමයි! ස්තුතියි සහෝ!
    -----------------------------------------------------------*

    ස්තූතියි

    ReplyDelete
  7. @ගයාන් KG said...
    7/19/12 6:03 PM

    මරු
    ------------------------------------------------------------*

    ස්ථුතියි යාලුවා

    ReplyDelete
  8. BlogShan, RAR ෆයිල් එකකට දාපු පාස්වර්ඩ් අමතක වුන වෙලාවක ක්‍රැක් කරන්නෙ කොහොමද?

    ReplyDelete
  9. thanks machan mama meka serawatama danagena heteyee na.godak thanks ubata keyala dunnata

    ReplyDelete
  10. @Anonymous said...
    7/21/12 10:10 AM

    thanks machan mama meka serawatama danagena heteyee na.godak thanks ubata keyala dunnata
    -----------------------------------------------------------*

    ගොඩක් සතුටුයි ඔයාගෙ වචන වලට. ස්තූතියි

    ReplyDelete
  11. @FOX Creationz said...
    7/19/12 11:58 PM

    BlogShan, RAR ෆයිල් එකකට දාපු පාස්වර්ඩ් අමතක වුන වෙලාවක ක්‍රැක් කරන්නෙ කොහොමද?
    -----------------------------------------------------------------*

    ඒකත් පෝස්ට් එකකින්ම කියල දෙන්නම් මචං

    ReplyDelete
  12. Ela machan! ikmanata ekath dapan, math hira welaa inne...

    ReplyDelete
  13. mokakda bn masekata withara eka post ekak daanne... Dahanko bn tikak wadipura post.. Blog eka paalui...

    ReplyDelete
  14. Machan mage odesk job eke post eka mokada parakku?

    ReplyDelete
  15. අනේ බ්‍රෝ...මේකනම් මට හරියට ආවේ නෑ.....!

    ReplyDelete
  16. හිතවත් මිතුරේ.... වැඩේ හරි ගියා තැන්ක්ස් ..

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement