Jumper Movie - හිතපු ගමන් ඕන තැනකට යන්න පුලුවන් කෙනෙක්!!

ගොඩක් දවසකින් පෝස්ටුවක් දාන්නත් බැරිඋනා. ඔන්න ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් වගේම ෆිල්ම් එකක් ගැන කිව්වෙ නෑනේ. ඔන්න අද දෙන්න යන්නේ Jumper කියන ෆිල්ම් එක ගැන..


ඉතිං මේක නියම Film එකක්. මාත් ඩවුන්ලෝඩ් කරගත්තා දැකපු ගමන්ම. මේකෙඩිරෙක්ටර් තමයි Doug Liman කියන කෙනා. ඉතිං මම කතාවේ විස්තර ටිකකුත් කියන්නම්කෝ..
ඩේවිඩ් කියලා කොල්ලෙක් ඉන්නවා. මෙයාට ඉන්නේ තාත්තා විතරයි. අම්මා මේ දෙන්නව දාල ගිහිල්ලා. ඒ අතරේ ඩේවිඩ් මෙලී කියලා කෙල්ලෙක්ට ආදරේ කරනවා. ඉතිං ඉස්කෝලෙ ඉවර වෙලා ඩේවිඩ් මෙලීට තෑග්ගක් දෙන්න ගේනවා. ඒක වීදුරැ බෝලයක්. ඒක ඇතුලේ ප්ලාස්ටික් මොනවදොත් තියෙනවා. ඉතිං මේක මෙලීට දෙනකොට එතනට වෙනත් කොල්ලෙක් එනවා. තව දෙයක්. ඒ දවස හොඳටම හිම වැටිලා. ඉතිං අර කොල්ලා ඩේවිඩ් මෙලීට දුන්නු තෑග්ග අරං විහිලු කරන්න පටං ගන්නවා. මෙලීට මේක ඉවසගෙන ඉන්න බැරිම තැන අර අනිත් කොල්ලට කියනවා තරහිනන් ඕක ආපහු දෙන්න කියලා. අර කොල්ලා කරන්නේ හිම මිදුනු වැවකට වගේ එකකට ඒක විසික් කරනවා. මෙලීට තියෙන ආදරේට ඩේවිඩ් ඒක ගේන්න යනවා අර හිම මිදුනු වැවක් වගේ එකකට. ඒ කියන්නේ ඩේවිඩ් දැං ඇවිදං යන්නේ වතුර උඩිං. කොහොම හරි ඩේවිඩ් ඒ තෑග්ග අරං අනිත් පැත්ත හැරිලා එන්න හදද්දිම එක පාරටම හිම කඩං වැටිලා ඩේවිඩ් වතුර ඇතුලට වැටෙනවා. ඉතිං ඩේවිඩ් හිම අස්සේ ගහගෙන යනවා. ඒක පාරටම වතුරේ විශාල කැලබීමක් එනවා. එක පාරටම ඩේවිඩ් පුස්තකාලයකට වැටෙනවා. ඒ අර පුස්තකාලයේ රාක්ක තුන හතරකම තියෙන පොත් වතුරෙං විනාශ කරගෙනමයි. කොහොම හරි ලැජ්ජාවෙන් ඩේවිඩ් ගෙදර යනවා. ඩේවිඩ් ගෙදර යද්දී රෑ වෙලා. ඉතිං තාත්තා බනින්න පටං ගන්නවා. ඩේවිඩ් ලගට තාත්තා ඇවිල්ලා ඩේවිඩ්ව අල්ලද්දී ඩේවිඩ් තනිකරම සීතලයි. ඇඳම් තෙත් වෙලා. මොකද උනේ කියලා ඇහුවට ඩේවිඩ් මොනවත්ම කිව්වෙ නෑ. මෙයා කෙලින්ම කාමරේට ගිහිල්ලා දොර වහගත්තා. තාත්තා ඒත් දොර කඩාන ඇතුලට එන්න හැදුවා. ඒ වෙද්දී ඩේවිඩ් හිත හිතා ඉන්නේ කොහොමද එක පාරටම පුස්තකාලෙට ඔහු ගියේ කියලා. ඉතිං තාත්තා එනකොටම ඩේවිඩ් හිතාගන්න බැරි විදිහට අතුරැදහන් වෙනවා. ඉතිං ඩේවිඩ් ආයෙත් අතුරැදහං වෙලා යන්නේ අර මතක තිබුනු පුස්තකාලේ අර වතුර පිටිම්ම වැටුනු කොටසටයි. ඉතිං ඩේවිඩ් කාමරේ නැති හින්දා ඩේවිඩ්ගේ තාත්තා පොලිසියට කියනවා. ඩේවිඩ් ගෙදර ආයෙත් ඇවිල්ලා බලද්දී ඒක දැක්කා. ඉතිං ඩේවිඩ් හංගගෙන හිටපු සල්ලි වගයකුත් අරං රටං පිටවෙනවා. ඔහොම යද්දී ඩේවිඩ් එක හෝටලයක නතර වෙනවා. ඩේවිඩ් දැං තමන්ගේ ඒ දක්ෂතාවය පුරැදු වෙන්න අනිත් දවසේ උදේම යනවා. කොහොම හරි ඔහු ඒ ක්‍රෙම් තේරැම් ගන්නවා. එතකොට තමා ඔහු දකින්නේ බැංකුව. මොහු බැංකුව ඇතුලට යන්නේ පාරිභෝගිකයන්ගේ වැසිකිලිය පෙන්වන ලෙස එහි සිටින ආරක්ෂකයාට කියමින්. ඉතිං ඒ යන අතර තුර බැංකුවේ මුදල් තැන්පත් කරන සේප්පුව දකිනවා. මොහුට මුදල් තන්හාවක් ඇති වෙනවා. එදා රෑම මොහු ඒ භෘරදූර වැඩේට අතගහනවා. ඔහු සාර්ථක වෙනවා. ඉතිං බැංකු මංකොල්ලයට පස්සෙ දවසේ උදේ දැං බැංකුවේ සල්ලි අඩුයි කියලා හොයන්න පටං ගන්නවා. ඒ අතරේ NSA කියලා විශේෂ බලකායක් මේ වැඩේට අතගහනවා. ඉතිං එතන ඉදං ඩේවිඩ්ගේ වැඩයි, ඔහුට තමන්ගේ ආදරය හිමි වන හැටියි, සහ නොයෙකුත් විත්‍රමයන් බලාගන්න පුලුවන්. ඔන්න එහෙනම් මම යටින් වීඩියෝ ට්‍රයල් එකක් දානවා. බලලම බාගන්න.
ආහ්.... තවත් දෙයක්. මේක ඩිරෙක්ට් ලින්ක් එකක්. මෙගාබයිට් 500යි තියෙන්නේ. කොලිටිය බ්ලූරේ 720පී. ඉතිං එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.





ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට මේක උදව්වක් උනානම් ෆලෝ කරන්න. අදහස් උදහස් තියෙනවනම් කමෙන්ට් කරන්න.. අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.


6 comments:

  1. එළ එළ මචෝ

    ප්ලීස් ෆොලෝ මී

    www.pasan1997.blogspot.com

    --පසන් කනිශ්ක නිශ්ශංක--

    ReplyDelete
  2. එල මචන් මම මේක බලලා තියෙනවා

    ReplyDelete
  3. මන් මෙක ආපුදවස්වලම වගේ බැලුව. පට්ට. ඇ මචො උබ දැන් ෆිල්ම් ගැනද ලියන්නේ

    ReplyDelete
  4. @PN කොල්ලා
    ස්තූතියි යාලුවා

    ReplyDelete
  5. @පිස්සු පුසා
    නියම ෆිල්ම් එක නේද? ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  6. @පිස්සු පුසා
    නියමයි නේද?
    නෑ සහෝ... මේකට ෆිල්ම්ස්සුත් දැම්මා. ගොඩක් කාලෙකින් එකක් දාන්න බැරි උන හින්දයි එකක් දැම්මේ.. ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete

දයාබර ප්‍රේක්ෂකය! මෙම අඩවියෙහි සඳහන්ව ඇති Download links නිවැරිදි ආකාරයෙන් ක්‍රියාත්මක නොකරයිනම් කරුණාකර මා හට දන්වන්න. නැතිනම් එම අදාල ක්‍රියාත්මක නොකරන Link ඇති පිටුවෙහි Comment එකක් යොදා ඒ බව දැනුම් දෙන්න. එම අදාල වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ලබනු ඇත.

About Me

Powered by Blogger.

Blog Archive

අපගේ සියළුම මෘද්‍රකාංග හා අනිකුත් දේවල් පාහේ මීඩියාෆයර් සර්වර් එකට අප්ලෝඩ් කර ඇත. නමුත් මේ වන විට ඔවුන් මාගේ එකවුන්ට් එක අත්හිටුවා ඇති බැවින් සමහර බාගත කිරීම් ක්‍රියාත්මක නොවිය හැක. මා හට එම දේවල් නැවත අප්ලෝඩ් කලද නොහැක. කිමද මා සතුව ඒවා මේ වන විට නොමැති හෙයිනි. සිදුවන දෝශයට සමාව ඉල්ලමි.

Popular Posts

Labels

Followers

Advertisement